IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලක්ෂ 25 කන්න ගිහින් රිමාන්ඩ් බත් කයි

මාවනැල්ල ව්‍යාපාරිකයකුගේ බිරියගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කර රුපියල් ලක්ෂ 25ක කප්පමක් ඉල්ලූ බව කියන ඔහුගේම සේවකයයෙක් ලබන 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.

චරිත අනුරුද්ධ මැණික් ආරච්චි ඔහුය. ව්‍යාපාරිකයාගේ ලැප්ටොප් පරිගණකය හා අන්තර්ජාල සම්බන්ධතාවය ඇති කරන ඩොන්ගලය නැති වු බවත් ඉන්පසු දුරකතන ඇමතුමකින් කියා ඇත්තේ නැති වු ලැප්ටොප් පරිගණකය තමන් සතු බවත් එහි නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදා නොහරින්නම් කප්පම ගෙවන ලෙසත් කියා ඇති බවත් උසාවියේදී කියැවිණි.



අදහස් (0)

ලක්ෂ 25 කන්න ගිහින් රිමාන්ඩ් බත් කයි

අසංක Saturday, 06 June 2015 06:18 AM

දැන් මේ කාන්තාවට ගමේ කාන්තාවන්ගෙන් විසුමක් වෙන්නේ නැතිවෙයි (නි)

:       0       0

තමර Saturday, 06 June 2015 06:27 AM

අනේ මෙහෙම ආශාවක්? (නි)

:       0       0

සංජය කුමාර Saturday, 06 June 2015 06:52 AM

සමහරු ප්‍රතිචාර දාල තියෙන්නෙ නිවන් දැකලා වගේ. ලැප් ටොප් එකේ මොනවද තියාගන්නෙ කියන එක තමන්ගෙ කැමැත්ත. හැමෝගෙම අසාවල් වෙනස්, ඔය උපාසක මහත්තුරුන්ගේ ලැප් බැලුවොත් බලන්න පුලුවන් රඟේ (නදී)

:       0       0

ඉන්දික ක්‍රිෂාන්ත Saturday, 06 June 2015 07:13 AM

මට පේන්නේ මහත්තයා මානසික ලෙඩෙක් මොකද තමන්ගේ නෝනගේ නිරුවත් පින්තුර ලැප්ටොප් එකේ දාන්නේ (නදී)

:       0       0

පියලාල් Saturday, 06 June 2015 07:58 AM

ගොඩක් දෙනක් අහන්නේ ඇයි නෝනා ගේ නිරුවත ලැප්ටොප් එකට ගත්තේ කියලා. මම නම් හිතන්නේ වයසට ගියාම තරුණ රූපය බලලා සැනසෙන්න වෙන්න ඇති.(නදී)

:       0       0

ආනන්ද Friday, 05 June 2015 08:00 PM

නම චරිත වැඩ සුනඛ. (නදී)

:       0       0

චමල් Friday, 05 June 2015 08:34 PM

නොදන්නාකමටයි අහන්නේ. ඇයි දන්නේ නැහැ තමන්ගේ නිරුවත් ඡායාරූප අරගෙන ලැප්ටොප් වල තියාගෙන ඉන්නේ. (නි)

:       0       0

මගලී ‍ ෆොන්සේකා Saturday, 06 June 2015 10:22 AM

ලංකාවේ අයගේ ආසාව නිසා තමයි ගූගල් එකේ ලෝකයේම පළමු තැනට තේරිලා තියෙන්නේ සෙක්ස් කියල වචනේ හොයල (නදී)

:       0       0

නන්දලාල් Friday, 05 June 2015 10:05 PM

කොහොමද සේවකයා බොස්ගෙ පරිගණකයේ නිරුවත් පින්තූර තිබුන බව දැනගත්තේ?ඒක බොස්ගේම වැරැද්ද. මොකද එයා "පාස්වර්ඩ්" එකක් නොදැම්මේ? (නි)

:       0       0

පෙරේරා Friday, 05 June 2015 10:08 PM

බිරියගේ නිරුවත් ඡායාරූප මොකටද පරිගණකයේ තියාගෙන ඉන්නේ? (නි)

:       0       0

සෑම් Friday, 05 June 2015 10:10 PM

මමිනිස්සු මොන එහෙකට තමන්ගේ නිරුවත් පින්තූර පරිගණක වල තියාගන්නවාද?? මිනිසුන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් ගැන අපිට විවේචනය කරන්න අයිතියක් නැහැ. නමුත් සාමාන්‍ය සිහිබුද්ධියක් තියන අය මෙවැනි මෝඩකම් කරන්නේ නැහැ. (නි)

:       0       0

නාලනී Saturday, 06 June 2015 01:14 PM

මොන විදියේ පින්තූර තිබුනත් ඒවා නිරුවත් පින්තූර ලෙසට සකස් කළ හැකියි (නදී)

:       0       0

සමන්ති Saturday, 06 June 2015 12:22 AM

පරිගණකය පාවිච්චි කළයුත්තේ පරිගණකයෙන් කරගතයුතු වැඩ සඳහා පමණි.වැඩ තෝරා බේරාගැනීම අයිතිකරු සතු වගකීමකි. (නි)

:       0       0

සත්‍යයා Saturday, 06 June 2015 12:40 AM

ගෝත්‍රවාදී වනචාරියා නුතන තාක්ෂණ යුගයේත් හැසිරෙන්නේ සතෙක් වගේ. අතීත දේශපාලනය විසින් මේ සතුන්ට උගන්වා තිබුනේ වැදූ අම්මාව විකුණා හෝ මුදල් හොයන්නයි. යහපාලනයක් ඇති කරන්න නම් මේ අනවශ්‍ය පැළෑටි වල්නාශක යොදා හෝ වැනසිය යුතුයි. (නි)

:       0       0

යශෝද් Saturday, 06 June 2015 12:42 AM

හොඳ වැඩේ ඕනෑ නැති දේවල් කරන්න යනවට (නි)

:       0       0

භානු Saturday, 06 June 2015 12:49 AM

තාක්ෂනය භාවිත කල යුතු සීමාව දන්නේ නැති නිසා අපේ රටේ කී දෙනෙක් අමාරුවේ වැටෙනවාද ? මේ සේවකයාට හාම්පුතාගේ පරිගණකය භාවිතයට කිසිම දුරදිග බැලීමකින් තොරව ඉඩ දෙන්න ඇති. එයින් ව්‍යාපාරික ලිපි ගොනු කටයුතු කරන අතරේ මේ වැඩෙත් කෙරෙන්න ඇති. (නදී)

:       0       0

දුල්මි Saturday, 06 June 2015 12:52 AM

ව්‍යාපාරික බිරිඳගේ වෙලාව ටිකක් හොඳයි. නැතිනම් මේ සේවකයා මේ අසභ්‍ය පින්තුර තමන්ට ලැබුන විදිය කියන්නේ නැතිව ඒවා තමන් සන්තකයේ තිබෙන බව විතරක් කීවා නම් අර අහිංසක නෝනාට තමයි මහත්තයා ඇඟිල්ල දික් කරන්නේ. (නදී)

:       0       0

දයා න්නදසිරි Saturday, 06 June 2015 01:01 AM

මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 06 June 2015 01:10 AM

අනේ මෙහෙම ආශාවක්? ව්‍යාපාරිකයාගේ අලුත්ම ව්‍යවසායක්ද දන්නේ නැහැ. ඔලුව වෙනස් කරලා පින්තූර අළෙවි කරන්නත් පුළුවන්නේ. ජනප්‍රිය නිළියන්ගේ ඔලු එකතු කළොත් අපේ අයියලාත් උඩ පැන පැන ගනීවි. (නි)

:       0       0

සරසි Saturday, 06 June 2015 01:31 AM

සමහර ව්‍යාපාරිකයන් පෙනුමට ලැප්ටොප් අයි පෑඩ් බ්ලැක්බෙරි ෆෝන්ස් තියාගෙන ඉන්නවා. නමුත් ඒවා භාවිතා කරන අවම පිළිවෙලවත් දන්නේ නැහැ. මුරපදයක් භාවිතාකර ඒක තමන් සන්තකයේ විතරක් තිබිය යුතු දෙයක් බවවත් දන්නේ නැහැ. එහෙම නැත්නම් බැංකු කාඩ් එකේ සිට ඊ මේල් දක්වා මුරපද ඩයරියේ ලියාගෙන. මේවා උදේට පෙරළ පෙරළා බලනකොට තේ අල්ලන සේවකයා පවා ඔලුවට උඩින් එබිලා ඒවා බලාගන්නවා. (නි)

:       0       0

රංග Saturday, 06 June 2015 01:51 AM

නවීන තාක්ෂණික මෙවලම් වගකීම්සහගතව පරිහරණය දැනගත යුතුයි (නි)

:       0       0

ටිරෝන් Saturday, 06 June 2015 02:21 AM

මේ ව්‍යාපාරිකයාගේ ව්‍යාපාරය නිරුවත් ඡායාරූප විකිණීමද දන්නේ නැහැ. නැත්නම් ඇයි පරිගණක වල ඕවා දාගෙන ඉන්නේ? (නි)

:       0       0

ඉන්දු Saturday, 06 June 2015 02:27 AM

තාක්ෂණය දියුණුවුණාට මිනිසුන්ගේ ආකල්ප නම් දියුණුවෙලා නැහැ වගෙයි (නි)

:       0       0

ලසිත් Saturday, 06 June 2015 02:29 AM

සමහරවිට කලින් පින්තූර ගැන දන්නේ නැතුව ලැප්ටොප් එක සහ ඩොන්ගල් එක උස්සන්න ඇති. විකුණන්න කලින් ඒකෙ තිබෙන ෆයිල් මකන්න යනවිට පින්තූර දැකලා සිහි එළවාගන්න අපහසු වෙන්න ඇති. කොහොම වුණත් ලැප්ටොප් එක සඳහා මුරපදයක් තිබුනා නම් මේ ජරමර සිදුවෙන්නේ නැහැ. (නි)

:       0       0

ජයනි Saturday, 06 June 2015 02:33 AM

මේ පින්තූර මට නම් හිතෙන්නේ ගෙදර නෝනාගේ වෙන්න බැහැ. ව්‍යාපාරිකයන් කියන්නේ ඉතින් ව්‍යාපාරිකයන්ම තමයි. කසාදයත් කැඩෙන විදියේ අවුලක් නිසා තමයි මෙච්චර කලබලවෙලා දඟලන්නේ. තමන්ගේ නෝනාට ඔච්චර ආදරේ නම් මොකද මුරපදයක් නැති පරිගණකයකට එයාගේ අතිශය පුද්ගලික පින්තුර දමලා තියාගන්නේ. (නි)

:       0       0

චමල් Saturday, 06 June 2015 09:48 PM

ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න ගියාම ඔහොම තමයි (නි)

:       0       0

ඉඳුනිල් Saturday, 06 June 2015 02:50 AM

අනුන්ගේ දේවල් වලින් හරිහම්බ කරගන්න අයට මෙහෙම වෙලා මදි (නි)

:       0       0

මෙලනි Saturday, 06 June 2015 02:54 AM

මුරපදයක් නොයෙදීමේ මෝඩකම විතරක් නෙමෙයි ඒ සිද්ධවුණ අලකලංචියත් දැන් පොලිස් පොතෙන් එහාට ගිහින් හමාරයි. අර සේවකයාගේ නමත් පළවුණාම මේ ව්‍යාපාරික ස්ථානය මොකද්ද අදාළ හාම්පුතා කවුද, නෝනා කවුද යනාදී ඔක්කොම දේවල් ප්‍රසිද්ධ වේවි. දැනටත් පළාතේම බවලතුන් ගෙදරට ඇවිත් ඇති නෝනාගෙන් මොකද වුණේ දැනගන්න. (නි)

:       0       0

දුමින්ද Saturday, 06 June 2015 02:55 AM

අවි වෙළදාම වගේම දැන් නිරුවත් වෙළදාමත් ජනප්‍රියවෙලා (නි)

:       0       0

ජෙහාන් Saturday, 06 June 2015 02:55 AM

මේ ප්‍රවෘත්තිය දැකලා අපේ නෝනලාත් කලබලවෙලා අපේ ලැප්ටොප් ඇදලා බලයිද දන්නේ නැහැ. (නි)

:       0       0

මැණික් Saturday, 06 June 2015 03:02 AM

දැන් නෝනා ගෙදර තියන ඔක්කොම ලැප්ටොප්, මොබයිල් ෆෝන්, කැමරා පොළොවේ ගහලා ඇති. (නි)

:       0       0

ජනක Saturday, 06 June 2015 11:36 PM

සංජයගේ ලැප්ටොප් එකටත් මේ වගේ ජරමරයක් වුණාද මෙතන මේ අදහස් ලියපු පිරිමින්ට බනින්නේ? (නි)

:       0       0

නලීන් Saturday, 06 June 2015 03:37 AM

හොඳම හොඳ වැඩේ (නි)

:       0       0

මේනක Saturday, 06 June 2015 03:49 AM

නම චරිත වුණාට කරලා තිබෙන වැඩේ නම් අන්තිමයි. (නි)

:       0       0

චාන්දනී Saturday, 06 June 2015 03:54 AM

මේ සේවකයාට පෙම්වතියක් හෝ බිරිඳක්, සොහොයුරියක්, දියණියක් නැතිව ඇති.ඒත් මවක් ඇතිනේ. හරි නම් මෙවැනි පුද්ගලයන්ගේ පින්තූර ප්‍රසිද්ධ කරන්න ඕනෑ සියලුම දෙනාට දැනගෙන ප්‍රවේශම් වෙන්න (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 06 June 2015 04:12 AM

අද මිනිස්සු සත්තු හා සමානයි.මොකාගේ හරි බෙල්ල මිරිකලා හරි කමක් නැහැ තමන්ට සෙතක් වෙනවා නම් එච්චරයි.මෙහෙම වටපිටාවක් තියෙද්දී කොහොමද අනුන්ට සේවයක් කරන්නේ. (නි)

:       0       0

බිමල් Saturday, 06 June 2015 04:39 AM

තාක්ෂණයේ මුලික කාරණා සහ සීමාවන් නොදැන එය භාව්තය අතිශයින් භයානකයි. මේ වගේ කට්ටිය ෆේස් බුක් පාවිච්චි කළත් ඔච්චරයි. තමන්ගේ මධුසමයේ සිට දුවගේ කොටහළුව දක්වාම ඡායාරූප ප්‍රසිද්ධ කරනවා. කවුරුහරි බිරිඳගේ නැත්නම් දුවගේ මුහුණට ඇඟක් ගළපලා හැමතැනම ප්‍රසිද්ධ වුණාම දෙලෝ රත්වෙනවා. (නි)

:       0       0

දිලාන් Saturday, 06 June 2015 04:51 AM

අප්පච්චියේ! ව්‍යාපාරිකයෙක් කියලා සඳහන් වෙලා තියනවා දැක්කම අපේ අර අන්තර්ජාතික ව්‍යාපාරික පාඨක මහතාව මතක් වුණේ. (නි)

:       0       0

මංගල Sunday, 07 June 2015 01:44 AM

මම හිතන්නේ මිනිහට ගෙදර යන්න වෙලාවක් නැතුව ඇති. වැඩ කරන ගමන් මේකත් බල බල ඉන්නවා ඇති. (නදී)

:       0       0

චමල් Saturday, 06 June 2015 05:15 AM

මේ ගොඩක් අය මුර පදයක් ගැන කියවනවා. අපි හිතමු ලැප් ටොප් එක කැඩිලා ඒක හදන්න කාටහරි දුන්නා කියලා. ඒ කෙනාට ලේසියෙන් ලැප් ටොප් එකේ තියෙන ඒවා බලන්න පුළුවන්. මුර පද දාන එක පරණ ක්‍රමයක්. ඊට වඩා හොඳ නැද්ද තමන්ගේ නිරුවත් ඡායාරූප අරන් ලැප් ටොප් වල තියාගෙන ඉන්න ලෙඩේට බෙහෙත් ගත්තා නම් (නි)

:       0       0

කමල් Saturday, 06 June 2015 05:18 AM

මේ ලැප්ටොප් එක පිවිතුරු යහපාලගේ නෙමෙයි නේද? (නි)

:       0       0

ජිලෝ Sunday, 07 June 2015 02:35 AM

අනේ මම දන්නේ නැහැ හිතෙන්නෙම මේක පිවිතුරු ගේ ලැප්ටොප් එක කියලා මයි.(නදී)

:       0       0

ශලිනි Saturday, 06 June 2015 05:25 AM

මේ ලැප්ටොප් එක මොන විදියේ ව්‍යාපාරික කටයුතු වලට පාවිච්චි කළ එකක්ද කියලා සොයලා බලන්න වටිනවා. (නි)

:       0       0

විපුල Saturday, 06 June 2015 05:37 AM

දැන් හුඟක් අය තමන්ගේ, බිරිඳගේ පෙම්වතියගේ නිරුවත් පින්තූර ගන්නවා. සමහරු ඒවා ගන්නේ විනෝදයට. පස්සේ ඒවා මකාදානවා. නමුත් ගොඩ දෙනෙක් දන්නේ නැහැ රිකවරි මෘදුකාංගයකින් මකපු දේවල් පවා නැවත ගන්න පුළුවන් කියලා (නි)

:       0       0

මලික් Saturday, 06 June 2015 06:05 AM

මේක ඉතින් මේ සැමියාගේ නොසැළකිල්ල නිසා වුණ දෙයක්. ඕක සැමියාගේ මෝඩකමක් වුණත් එයාගේ මහා වැරැද්දක් කියලා මම හිතන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 206 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 190 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1402 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 362 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 797 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 518 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site