IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලක්ෂ 27 ක රන් කූර දොස්තර නැතුවම එළියට ගනී

රුපියල් ලක්ෂ විසි හතක් පමණ වටිනා  ඔප නොකල රන් කූරක් තම ගුද මාර්ගයේ  සගවාගෙන ඉන්දියාවේ දිල්ලි නුවර බලා යාමට  පැමිණි  ඉන්දියානු ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අද අළුයම  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු හතලිස් හැවිරිදි වියේ පසුවන බවත් ඔහු නේවාසික වීසා ලබාගෙන මෙරට මැණික් සාප්පුවක  සේවය කරන පුද්ගලයෙකු බවත් රේගුව කියයි.


ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර නිතර යාම් ඊම් සිදුකරන සැකකරු සතුව තිබී ඔප නොකළ රන්  වළල්ලක් සහ මුදු දෙකක්ද සොයා ගත් බව රේගුව කියයි. රන් කූර  උපත් පාලන කොපුවක බහා ගුද මාර්ගයේ සගවාගෙන සිටි බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබූ රන් වල බර ග‍්‍රෑම් 477  කි. 

සැකකරු ඊයේ අළුයම  එකයි තිහට පමණ එම්.ජේ 195 දරන  මිහින් ලංකා ගුවන්යානයෙන් ඉන්දියාවේ දිල්ලි නුවර වෙත යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී  නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශන ගුවන්තොටුපොළ රේගු අධයක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත සහකාර රේගු අධිකාරීවරුන් වන  එම්.ඒ අරුණ ශාන්ත, ඒ.එස් හේවාවිතාරණ, සී.පී කොට්ටහච්චි, එස්.සී ලොකු බාලසූරිය යන රේගු නිලධාරීහු සිදු කරති.


   

 



අදහස් (0)

ලක්ෂ 27 ක රන් කූර දොස්තර නැතුවම එළියට ගනී

ප්‍රදීප ඩුබායි Wednesday, 04 September 2013 08:56 PM

අනේ මන්දා මේ මිනිස්සු මේ වගේ භයානක වැඩ කරන්නේ ඇයි කියල,,ලැජ්ජාව පොඩ්ඩක් වත් නැහැ. (දී)

:       0       0

පද්මා Wednesday, 04 September 2013 09:08 PM

දෙයියනේ (දී)

:       0       0

සිරිපාල Thursday, 05 September 2013 10:47 AM

රුපවතිගේ ප්‍රතිචාර වලට හැමෝම හිනා වෙන නිසා රුපවති වෙන නමකින් එයාවම වර්ණනා කර ගන්නවා. අනේ රුපවති ඔයා මොකද ඔච්චරම හීන මානෙකින් පෙළෙන්නේ. සාමාන්‍ය විදිහට හිතන්න පුරුදු වෙන්න. එතකොට කව්රුත් හිනා වෙන එකක් නැහැ. (දී)

:       0       0

අස්මිත් Wednesday, 04 September 2013 01:34 PM

මේ මාර්ගයටත් පර්මිට් ගන්න නීතිය හැදුවා නම් ආණ්ඩුවට හොඳ අදායමක් හොයා ගන්න තිබුණා.රන් වළල්ල දාගන්න බැරිවෙන්න ඇති නේද? (ස)

:       0       0

ටනු Wednesday, 04 September 2013 09:19 PM

දොස්ටර නැතත් කුර කුරමනේ (දී)

:       0       0

විනු Wednesday, 04 September 2013 09:48 PM

ගුද මාර්ගයේ රන් පොලුම ගෙනයන්න ඕනද සල්ලි හම්බ කරන්න?(දී)

:       0       0

ලාල් Wednesday, 04 September 2013 02:17 PM

සියලුම ඉන්දියන් පකිස්ථානුවන් ගුවන් තොටු පොලේදී ගුවන් යානයට නගින්න පෙර සහ ආපසු එනකොට වස්ති කරන්න. එතකොට සෑහෙන රත්තරන් සහ කුඩු හොයාගන්න පුළුවන්. (ස)

:       0       0

මිනිපෙ Wednesday, 04 September 2013 10:03 PM

මේක මේ පුද්ගලික බස් යන මාර්ගයක් වගේ වෙලානේ දැන් (නි)

:       0       0

අනුර - නාවලපිටිය Wednesday, 04 September 2013 02:46 PM

කී දෙනෙක් ගිය මාස ටිකට ඇල්ලුවද? ඒත් නිසි දඩුවමක් ලැබෙන්නේ නැහැනේ? ඒ නිසා මොන මාර්ග වල ගෙනාවත් කරන්න දෙයක් නැහැ. (ස)

:       0       0

ජයසුරිය Thursday, 05 September 2013 11:50 AM

ගුදමාර්ග වැඩේ නැගල යනවා වගේ (දී)

:       0       0

ඩයනා Thursday, 05 September 2013 10:58 PM

ඔව් සේරම්,මම යෝජනා කරනවා ඒ තනතුර බන්දුල පෙරේරාට දෙන්න කියලා. (නි)

:       0       0

ඉෂාර Wednesday, 04 September 2013 03:02 PM

කූරේ හැඩේ දැක්කම හිනා යනවෝ...... (ස)

:       0       0

ජානි Thursday, 05 September 2013 11:03 PM

මං දන්නවා ගුද මාර්ග ඇමැතිකමට සුදුසු කෙනෙක් ගැන. (නි)

:       0       0

රුක්ෂාන් Wednesday, 04 September 2013 03:14 PM

ලංකාවේ හැමදේම ඇල්ලුවා කියලා නම් කියනවා. ඒත් ඒවාට කිසිම දෙයක් කරන්නේ නම් නෑ. හැමෝගෙම තියෙන්නේ බොරුව විතරයි. (ස)

:       0       0

අජිත් මාපා Wednesday, 04 September 2013 03:38 PM

හරිනේ ඔය කියන ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගන්නේ නැතුව අද අමාරුයි නේද බලන්න. (ස)

:       0       0

ඩයනා Wednesday, 04 September 2013 11:44 PM

ඔය පොල්ල හොඳට හෝදලාද මේසෙ උඩ තියල තියෙන්නේ?(නදී)

:       0       0

චානක Wednesday, 04 September 2013 03:52 PM

කරුණාකරලා ඔය නිතර එහාට මෙහාට යන එන අය ගැන තොරතුරු සොයා හොඳ අවදානයෙන් සිතියොත් ගොඩක් හොරකන් අල්ල ගන්න පුළුවන්. (ස)

:       0       0

දිසානායක Wednesday, 04 September 2013 04:09 PM

ඇමතිතුමාට දැනගන්න තියන්න එපා බද්දක් අයකරගනී .(අ)

:       0       0

ගජබා Wednesday, 04 September 2013 04:12 PM

අර අහවල් දේවගැතිතුමා හෙම ඉන්දියාවේ යන්න අවොත් මොකද කරන්නේ... මිනිහගේ ඇඟේ රත්තරන් කිලෝ බර ගානක් තියෙනවා නේද..?? (ස)

:       0       0

ලංකා ශ්‍රී Wednesday, 04 September 2013 04:13 PM

ගුද ප්‍රශ්නය එන්න එන්නම උග්‍ර වෙනවා.අනේ දැන් නම් පිටරට යන්නත් ලැජ්ජයි ගුද පරීක්ෂණ ඇතිනේ. (ස)

:       0       0

ලියනගේ Wednesday, 04 September 2013 09:39 AM

ඔය මාර්ගය පිරික්සන්න වෙනම පිරිසක් පත් කළොත් නරකද? (නි)

:       0       0

ලංකාසිරි Thursday, 05 September 2013 01:20 AM

චතුරිට නම් රේගු පරීක්ෂාව කරනකල්වත් ඉන්න වෙන එකක් නැහැ. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 04 September 2013 09:43 AM

බලනකොට ගුද මාර්ගයත් පොඩිපහේ ගබඩාවක් නෙමෙයි නේද? (නි)

:       0       0

ඉෂාර Wednesday, 04 September 2013 09:46 AM

ගුද මාර්ගයටත් දැන් චෙක් පොයින්ට් දාන්න වෙනවා (නි)

:       0       0

දිසානායක Wednesday, 04 September 2013 09:47 AM

දයා අලහකෝන්, නැතුව නැතුව මොන පොඩිද? (ස)

:       0       0

රනි Wednesday, 04 September 2013 04:27 PM

අතට වළලු ,..ඇඟිල්ලට මුදු,...වගේම ගුදයට පොලු සනීපයක් දැනෙනවා. හ්ම්ම්ම්ම් (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 04 September 2013 10:08 AM

සම්පුර්ණ ශරීර පරීක්ෂණ ස්කෑන් යන්ත්‍රයක අවශ්‍යතාවය පෙනෙනවා නේද? එතකොට ඔය එක එක මාර්ග පරික්ෂා කරන්න අවශ්‍ය නැහැ. මේවා දැන් බොහෝ ගුවන් තොටුපලවල තිබෙනවා. (ස)

:       0       0

ධම්ම Wednesday, 04 September 2013 10:10 AM

සමහර පාලකයෝ කතා කරන්නෙත් ඔය පැත්තෙන්නේ! (ස)

:       0       0

චතුරි Wednesday, 04 September 2013 04:44 PM

මම නම් ඔය රත්තරන් පොල්ල ගුදයට දමාගෙන,හොඳට සුදු ළූණු කිලෝ එකක් බිත්තර 5 කුත් කාලා තමයි යන්නේ. පොල්ල එලියට ගන්නකොට කස්ටම් එකේ කට්ටියට දුවන්න. (ස)

:       0       0

චන්දන Thursday, 05 September 2013 04:49 AM

ෆිල්ම් හෝල් වලට නොයා රන් කෙවිට බලන්න පුළුවන්.(නදී)

:       0       0

තබුක් සිල්වා Wednesday, 04 September 2013 10:54 AM

අපේ රටේ මොනතරම් අය ඉන්නවද නැව් මාර්ග ගුද මාර්ග වලින් බඩු ගේන. (ස)

:       0       0

රොෂාන් Wednesday, 04 September 2013 05:12 PM

රානී, එතකොට ගොඩක් හොදද? (නි)

:       0       0

සත්‍යා Thursday, 05 September 2013 06:22 AM

බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන යුගයක අපේ බීච් බෝයිස්ලාත් මේ හරහා විදේශ විනිමය උපයනවා. අනෙක ඉතින් ඕනෑම දෙයක් කරන්න මේ රටේ මිනිසුන්ට නිදහස තියෙනවානේ. ඉතින් සල්ලි හොයන්න ගුද මාර්ගය පාවිච්චි කිරීමේ ඇති වරද මොකක්ද? (නි)

:       0       0

චන්දි Wednesday, 04 September 2013 05:26 PM

චතුරි !!! ඔයාගේ අදහස නම් මරේ මාරු හොදේ (දී)

:       0       0

චන්දි Wednesday, 04 September 2013 11:12 AM

අනේ මන්දා මොනවා කියන්නද කියලා !!!කියන්න ඕන දේ ලීවට පල නොකරන බව දන්නා නිසා ලියන්නේ නැහැ .., ගුවන් තොටුපලේ දැන් දැන් හොඳ දේවල් වෙනවා ගොඩක් හොරකම් අල්ලනවා. ගොඩක් හොඳයි. ''ඒත්'' මේ කිසිවෙකුට දඩුවම් නුදුන් නිසා ඉදිරියටත් මෙවැනි දේ සිදු වෙනවාමයි. (ස)

:       0       0

සෙනරත් Wednesday, 04 September 2013 05:32 PM

අර මානව හිමිකම් කතා කරන අය, ඉන්දියාවට යන අයගේ ගුද මාර්ගය පරීක්ෂා කිරීමත් මානව හිමිකම් උල්ලංගනය කිරීමක් කියන්ට ඉඩ තිබෙනවා. (දී)

:       0       0

දිසානායක Thursday, 05 September 2013 01:30 PM

හැබැයි මේ ව්‍යාපාරයට ගැහැණු උදවිය සම්බන්ද කරගන්න එක වාසියක් තියනවා. දන්නවනේ ඒ මොකද කියලා.(නදී)

:       0       0

දුම්මලසූරිය. Wednesday, 04 September 2013 11:16 AM

රත්තරන් වුනත් කූරක්නේ....ඒ මිනිහා වාඩිවෙලා හිටියේ කොහොමද දන්නේ නැහැ. කරලා තියෙන වැඩේ කැත වුනාට .....ඒ වෙනුවෙන් පල කරලා තියන අදහස් දක්කම නම් හොඳටම හිනා යනවා.....ඉෂාර ඔබේ අදහස දැකලා මට හොදටම හිනා......ඒ වුනත් ඔබේ අදහසේ වැරද්දක් නැහැ. මේ අහන්න දකින්න වෙන දේවල්වල හැටියට. ගුවන්තොටුපොළ ආරක්ෂණ අංශයේ වෙනම පරීක්ෂණ අංශයක් ඒ වෙනුවෙන්ම (ගුදමාර්ග චෙක් පොයින්ට්) ආරම්භ කරන්න වෙයි වගේ නොදුරු දිනකම..... (ස)

:       0       0

හේමන්ත Wednesday, 04 September 2013 11:17 AM

දැන් ගුද මාර්ග පරික්ෂාවට වෙනම රෝ එකක් දාන්න වෙයි වගේ. වාසනාවට තවම කාන්තාවෝ මේක කරන්න පටන් ගත්තේ නැහැ. (නි)

:       0       0

සනත් අබේකෝන් Wednesday, 04 September 2013 11:29 AM

මේ මිනිස්සු දැන් ගුද මාර්ගයත් හොඳ ආදායම් මාර්ගයක් කරගෙන වගෙයි. (ස)

:       0       0

ගජබා Wednesday, 04 September 2013 11:33 AM

අනේ ඉතින් සමහරු මේවා උරච්චි කරලා පොඩි වුන්ගේ කටේ ගානවා. රන්කිරි කට ගානවා කියලා. හොඳ වෙලාවට අපේ අම්මට ඒක කරන්න සල්ලි තිබිලා නැහැ. ඒ අතින් බලන කොට මගේ කටේ අරව ගෑවිලා නැහැ.. (ස)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 04 September 2013 11:40 AM

හේමන්ත ඔයා මොනවද දන්නේ. කාන්තාවෝ තමයි මුලින්ම මේ ජංගම ගබඩාව පටන්ගත්තේ කීවට අමනාප වෙන්න එපා. එයාලට ගබඩා කැක්කුම තියෙනවා. (නදී)

:       0       0

සේරම් Thursday, 05 September 2013 01:54 PM

හෙට අනිද්දා අපේ ඇමති මණ්ඩලයට අලුත් ඇමති තනතුරක් හදාවි ගුද මාර්ගය පිලිබඳ ඇමති කියලා. මොකද දැන් කාලයේ ගුද මාර්ගය බොහෝ දේවලට පාව්ච්චි කරනවා. ගුද මාර්ගයෙන් රටට විදේශ විනිමය ගේන්න ක්‍රම සොයා බලන්න බීච් බෝයිස්ලා රට යවන්න . නැතිනම් සුද්දෝ ආවම බීච් බෝයිස් ල එක්ක ඉන්න නීති ගත කරන්න. ගුද මාර්ගයෙන් රත්රන් ගෙන ඒම නීති ගත කරන්න . මේ ගුද මාර්ගය පිලිබඳ ඇමති තුමාට පුළුවන්. (නදී)

:       0       0

අජිත් Wednesday, 04 September 2013 12:13 PM

දැන් පෙළ පොත් අලුත් කරන්ඩ වෙනවා . බඩු ප්‍රවාහන මාර්ග වලට ගුද මාර්ගයත් ඇතුලත් කරන්ඩ වෙනවා. (ස)

:       0       0

සරෝජ් ජයසේකර Wednesday, 04 September 2013 07:04 PM

දක්ෂ රෙගු නිලදාරින්ට මොන මාර්ගය උනත් හොඳට තේරෙනවා . පකිස් ඉන්දියානු දමිල සහ සමහර අපේම සිංහලයන් අධෝ මාර්ගය මගින් මත් කුඩු . විදේශ මුදල් රත්රන් පොලු ගසා රටින් පිකිරීමත් රටට ගෙන ඒමත් කරනවා . අපේ විශිෂ්ට රෙගු නිලදාරින්ට අපි ස්තුති වනවා ඔබ කරනා සේවය වෙනුවෙන් (දී)

:       0       0

බන්දුල Thursday, 05 September 2013 09:15 AM

සහතික ඇත්තමහත්තයෝ..ඔබතුමාම ඕක කොච්චර පාවිච්චි කරනවද කියල කොමෙන්ට්ස් බැලුවම පේනවනේ.(අ)

:       0       0

ලලිත් Wednesday, 04 September 2013 07:09 PM

නියම වික්‍රමයක් (දී)

:       0       0

ධනංජය Wednesday, 04 September 2013 12:40 PM

ශාහ් දැන් ලෝකේ ගොඩක් දියුනුයි වගේ, හැම දේකින්ම අලුත් අලුත් විවිධ ප්‍රයෝජන ගන්නවා.(නදී)

:       0       0

කිර්ති Thursday, 05 September 2013 09:29 AM

ශ්‍රී ලංකා ගුද මාර්ග පරීක්ෂණ මධ්‍යස්ථානයක් කියලා එකක් දාන්න වෙයි මෙහෙම ගියොත් (නි)

:       0       0

දිසානායක Wednesday, 04 September 2013 01:08 PM

රූපවති මේ ප්‍රවෘත්තිය දකින්න නැතුව ඇති. දැක්කනම් අපිට හොද දැනුමක් ලබදෙයි. ඇයගේත් අත්දැකීම් ඇතිනේ. මොනවා උනත් වියදමක් නැති ප්‍රවාහන මාර්ගවලට තමයි මේ කොටස අයිති වෙන්නේ. (නදී)

:       0       0

මුනියන්ඩි Wednesday, 04 September 2013 01:16 PM

අනේ හේමන්ත කාන්තාවෝ බඩු ගෙනියන්නේ වෙනත් තැනක.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 229 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 132 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1708 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1197 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 533 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1302 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33245 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23889 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site