රුපියල් විසි නම ලක්ෂ විසි නමදාස් හයසිය තිස් තුනක් වටිනා විදේශ මුදල් තොගයක් රැගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මහනුවර පදිංචි 46 හැවිරිදි වාහන අමතර කොටස් ව්‍යාපාරිකයෙකි.
ඔහු එමිරේටස් ගුවන් සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට කටුනායකට පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආවේෂණ රාජකාරියේ නියුතු නිලධාරීන්ට සැකකරු පිළිබඳව ඇති වු සැකයක් මත පරීක්ෂා කරද්දී ඔහුගේ කලිසම් සාක්කුවක තිබී මෙම මුදල් සොයාගෙන ඇත.
පසුව එම නිලධාරීන් විසික් සැකකරු හා එම විදේශ මුදල් ගුවන්තොටුපොළ රේගුවට බාර දෙනු ලැබීය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු ඇමරිකානු ඩොලර් 11145 සහ සෞදි රියාල් 39500 නීති විරෝධී ලෙස රැගෙන යාමට උත්සහ කර ඇති බවයි.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කර සැකකරුට රුපියල් පනස් දහසක දඩ නියම කොට එම විදේශ මුදල් තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක්ෂ 29 රාජසන්තකයි
ලුම්බිණි Friday, 10 July 2015 03:49 AM
ව්‍යාපාරිකයන් බොහොම දෙනෙක් මේ විදියට අහු වුණා නේද? (ම)
පියලාල් Friday, 10 July 2015 07:27 AM
මේ වගේ කෙනෙක් අහු වුනහම යුරෝපා රටවල කරන්නේ මුදල් පිට කිරීමෙන් රටට අහිමිවෙන විනිමය ප්‍රමාණයට දඩ මුදලක් නියම කර මුදල් සහ පුද්ගලයා නිදහස් කිරීමයි. (ස)