IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ලක්ෂ 30ක මුද්‍රිත පෝරම බොතල් පත්තර කඩේට විකුණලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මරදාන  ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික මුද්‍රණ ආයතනයකින් මුද්‍රණය කරන ලද රුපියල් ලක්ෂ තිහකට ආසන්න මුද්‍රිත පෝරම තොගයක් අදාල ආයතන වලට බාර නොදී බෝතල් පත්තර කඩවලට විකුණූ බව කියන එහි සේවකයෙකු අත්අඩංගුවට ගත් බව  කොළඹ වංචා විමර්ශන අංශය කියයි.

මුද්‍රණ කටයුතු සඳහා භාරදුන් ආයතනයක් විසින් ඔවුන්  ලබාදුන් ඇනවුම් වලට අනුව පොරොන්දු වූ දිනය ද ඉක්මවා ගියත් මෙතෙක්  පෝරම  තම ආයතනයට නොලැබුණු බව මුද්‍රණාලය හිමිකාරිය වෙත කරන ලද දැනුම්දීමකට අනුව හිමිකාරිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී මුද්‍රණාලය මඟින්  ලබාදුන් පෝරම තොගය  මරදාන බොරැල්ල ආදී ප්‍රදේශවලට බෝතල් පත්තර කඩවලට කිලෝ ගණනින් වරින්වර විකුණා රුපියල් රුපියල් 3000 ,4000 ආදී වශයෙන් වරින් වර රුපියල් විසි දහසක් පමණ  මුදලක් ලබා ගත් බවට අනාවරණය වී යැයි ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

ලක්ෂ 30ක මුද්‍රිත පෝරම බොතල් පත්තර කඩේට විකුණලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 171 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1056 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 487 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 292 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2873 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2063 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site