(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ට අයත් රුපියල් ලක්ෂ 300 ක් පමණ වටිනා ලෑන්ඩ් කූශර් වි එයිට් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය රුපියල් ලක්ෂ 30කට උකස් තැබූ නුගේගොඩ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි
එම ජීප් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. මාසිකව රුපියල් දෙලක්ෂ 80000 මුදලක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුව කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා දෙන ස්ථානයකට ලබාදුන් සුඛෝපභෝගී ජීප් රථය අස්ථානගත කර ඇතැයි රාජගිරිය ප්‍රදේශයේ මෘදුකාංග ව්‍යාපාරිකයකු පැමිණිල්ලක් කර තිබු බව පොලිසිය කියයි
එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා දෙන පුද්ගලයා සොයා පරීක්ෂණ පැවැත්වීමේදී ඔහු ප්‍රදේශය අත්හැර පලා ගොස් තිබූ අතර වාහන සවිකර තිබූ ජී පි එස් තාක්ෂණය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එය සෙල්ල කතරගම ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණ කර ගැනීමට පොලිසියට හැකි වී තිබිණි.
ඒ අනුව පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සෙල්ල කතර ගමට ගොස් අදාල ජීප් රථය සමග එය පැදවූ රියැදුරු පොලිස් භාරයට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී නුගේගොඩ ප්‍රදේශයේ වාහන අලෙවි කරන ස්ථානයක ව්‍යාපාරිකයෙකු දෙමටගොඩ සිය ආයතනය වෙත පැමිණ මෝටර් රථ පැවරීමේ පෝරමයක් සමඟ වාහනය ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 30 කට උකස් තැබූ බවට අනාවරණය වූ බව පොලිසිය කියයි
එම පුද්ගලයාගේ ප්‍රකාශ මත සුඛෝපභෝගී ජීප් රථයේ උගස් තැබූ බව කියන නුගේගොඩ වාහන අලෙවි ස්ථානයේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
බස්නාහිර පළාත පාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්,නියෝජ්‍ය පොලිස්පති අපරාධ සරත් කුමාර , බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර ,ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ,පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර පොලිස් සැරයන්වරුන් වන 40248 ප්‍රසන්න ,69598 අනිල් ,72979 චමින්ද ,පොලිස් කොස්තාපල්වරුන් වන 72338 ලලන්ත 84762 කුමාර මහත්තුරු පරීක්ෂණ පවත්වයි .
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලක්ෂ 300 ක ජීප් රථය ලක්ෂ 30 කට උකස් කරලා