IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලක්ෂ 40ක් තවමත් වැට උඩ

(සුජිත් හේවාජුලිගේ)

රටේ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව රජයේ බුද්ධි අංශ කළ සමීක්ෂණයකින් තොරතුරු අනාවරණයවී ඇත.

රජයේ බුද්ධි අංශ පසුගිය දිනවල ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණ කිහිපයක් රහසිගතව ගෙන් ගෙට ගොස් කළේය. මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ එම සමීක්ෂණවලදීය.

බොහෝ පිරිස් ඉදිරි මැතිවරණයේදී මනාපය පළ කරන අපේක්ෂකයා තෝරගන්නේ අවසාන සති කිහිපයේදී බවද එහිදී තොරතුරු හෙළිදරව්වී ඇත.

ඒ වන විට රටේ පවතින දේශපාලන තත්ත්වය, අපේක්ෂකයන්ගේ ජනප්‍රියභාවය, රට ගොඩනැගීමට ඇති හැකියාව යනාදී කරුණු කාරණා සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිය අපේක්ෂකයා තෝරාගන්නා බව එම සමීක්ෂණයට ලක් වූ පිරිසෙන් සියයට තිහකට වැඩි පිරිසක් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිය මුල්ම ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

තරුණ තරුණියන් ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් විදේශගතව සිටින අතර ඉන් වැඩි පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා නොවනු ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (15)

ලක්ෂ 40ක් තවමත් වැට උඩ

රංබොඩ Saturday, 03 August 2024 09:29 AM

මේ ලක්ෂ 40 හෝ ඊට වැඩි ඡන්ද දායකයින් තමයි තීරක බලවේගය. පක්ෂ බදාගෙන මංමුලා නොවී රට ගැන හිතන නියම ජාතික පවුර....!

:       0       18

123 Saturday, 03 August 2024 11:08 AM

අනුර තමයි ඉතින්...!

:       21       27

Akila Saturday, 03 August 2024 11:21 AM

කොට උඩ ඉන්න අයට දෙන්න තියෙන්නේ හරි සරල දැනුවත් කිරීමක්..., රට බංකොලොත් කරපු, රට ගැන කිසිම හැඟීමක් නැති මේ මජර දේශපාලනය මෙතැනින්ම ඉවරයක් කරලා දාමු... මේ හොරු රට වෙනුවෙන්වත් රටේ මිනිස්සු වෙනුවෙන්වත් කවදාවත් කිසිවක් කරන්නේ නැහැ..

:       9       37

Kamal Koyrala Saturday, 03 August 2024 11:53 AM

තරුණ තරුණියන් ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් විදේශගතව සිටින අතර ඔව්න්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීමට තානාපති කාර්යාල හරහා අවස්ථාව ලබා දිය යුතුයි.. විදේශ ගත අයගේ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන හොර ඡන්ද දැමීම වළක්වාලිය යුතුයි...

:       3       34

ගමේ එකාලා Saturday, 03 August 2024 01:43 PM

වසර 76ක් පුරාවටම මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවෝ කෙරුවේ ජනතාව රවට්ටපු එක විතරයි. අතීතයෙන් පාඩම් ගෙන, රටට යහපතක් කළ හැකි යැයි විශ්වාස කරන්න පුළුවන් ජාතික ජනබලවේගය ගැන පමණයි...

:       5       13

Kalagedihena Saturday, 03 August 2024 04:32 PM

අනේ අවුරුදු 76 ක් මාරුවෙන් මාරුවට කළා කිව්වාට දෙන්නෙක් ඕක කලේ නැහැ කියලා තේරුම් ගන්න අබමල් රේණුවක මොළයක් නැද්ද? ඔය අස්සේ නිදහස ගත්තු දිනයේ සිට කඩාකප්පල් කාරීන් කරපු දේ නිසා සංවර්ධනය කොතරම් පසුබෑමට ලක්වුනාද කියලා තේරුම් ගන්න බැරිද? දැන් අවුරුදු ගණනක් නුඹලා දරුවන්ට අධ්‍යාපනය නැතිකළා... ඒවා කියා නිම කරන්න බැහැ.. ඒක පැත්තකින් තියමු. දැන් ලෝක බලවතා වෙලා සිටින ඇමරිකාවේ තියෙන්නේ, එංගලන්තයේ තියෙන්නේ මාරුවෙන් මාරුවට බලයට පත්වෙන පක්ෂ දෙකක් පමණයි කියලා අහලාවත් නැද්ද? ඒ රටවල ඔහොම වර්ජනය මෙහෙයවා රට අගාධයකට ඇද දමන කාළකණ්නි නැහැ.. රටේ සංවර්ධනය වෙනවා. අඩුම තරමින් ජෙප්පෝ නැත්නම් මාලිමා අය සමග පෙරෙට්ටුවෝ කරන දූෂිත ක්‍රියාවන් අවුරුදු පහකට නවතා බලයට පත්වෙන රජයට ආණ්ඩුව කරන්න ඉඩදීපල්ලා... ඉන් පලක් නැත්නම් අපි නුඹලාට කැමැත්ත දෙන්නම්...!

:       8       7

රම්සිSunday, 04 August 2024 09:21 AM

මම ජෙප්පෝ හරියි කියන්නෙ නැහැ, ඒත් රට බංකොලොත් උනේ මේ දේසපාලුවන් බිලියන ගනනින් ජනතා මුදල් කොල්ලකාපු නිසා මිසක ජෙප්පෝ නිසා නෙවෙයි මහත්තයෝ.

:       0       1

Prabath Saturday, 03 August 2024 01:52 PM

හිතන්න දෙයක් නෑ. 71 ත්‍රස්තවාදය, 88/89 ත්‍රස්තවාදය, 22/23 ත්‍රස්තවාදය, ඒ නිසා හිතන්න දෙයක් නැහැ මාලිමාවේ බැටළු ගැලවිලා යන්න රට යථා තත්වයට ගෙනාපු කෙනාට දෙන්න.

:       24       5

විදුර Saturday, 03 August 2024 04:22 PM

අපෙ බදු සල්ලි වලින් පඩි ගන්නේ ඕවා කොරන්නද?

:       0       7

මාළු මාම Saturday, 03 August 2024 04:59 PM

හැබැයි අනුරයි, සජිතුයි දැනටම ජනාධිපති වෙලා ඉවරයි.

:       5       4

B Amarasinghe Saturday, 03 August 2024 06:21 PM

ඔය පදනමක් නැති වාර්තා ලොක්කා වෙනුවෙන් තමයි ඉතින්..!

:       1       7

videv nugawela Saturday, 03 August 2024 08:10 PM

ඉහත negative comment දාන්නේ කිසිම සදාචාරයක් දන්නේ නැති බොහොම පහත් තමන්ගේ බඩ රැක ගන්න සියලුම දේ පාවාදෙන පිරිසක් අනුරට බනින්නේ. කුහක මිනිස්සු හොරැන්ට තමන්ගේ අම්මව හරි දීලා බඩ පුරවා ගන්න .ඉහත ආත්මවල වලව් වල වලං හෝදපු පිරිසක් දුප්පත් පවුලක ඉගෙනගෙන රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගෙන විද්‍යාවේදී උපාධියක් සමග රටෙි දුක් විඳින ජනතාව වෙනුවෙන් අවු 35ක් දේශපාලනය කල පුද්ගලයෙක් අනුර .ඔහුටත් තිබුනා වීරවංශලා වගේ ඇමතිකමි අරන් සැපවිදින්න. එහෙත් දුප්පත් ජනතාව වෙනුවෙන් කරන සටන ඔහු අතහැරියේ නෑ . අද රටෙි බුද්ධිමත් ජනතාව අනුර ජනපකි කරන සටනේ පෙරමුනේ සිටින්නේ. ඒක හොදටම පේනවා නොබොදා පැවති ඉංජිනේරු වෘත්තීකයින්ගේ සමුලුවෙන්

:       0       1

VIDEV NUGAWELA Saturday, 03 August 2024 08:10 PM

මේකේ NPP එකට negative comments දාලා තියෙන උන්ගේ දෙමාපියන් අනිවාර්යෙන්ම කම්බ හොරු,අර රන්ජා කිව්වා වගේ රටෙන් බාගයක් හොරු වෙන කොට මාලිමාව උඩුගම් බලා පීනනවා.හොරෙගේ දරුවෙක් වෙලා හරි පාර දකින එකම විය සිදුරෙන් අහස දකින වගේ.එහෙම කොන්දක් තියෙන මිනිසුන් වෙන එක හැමෝටම බෑ .මේකේ කොටපු අවංක හොර හිත නැති දාඩිය මහන්සියෙන් හම්බ කරන මිනිසුන්ට මගේ ආචාරය

:       0       1

kalinga gananath Saturday, 03 August 2024 08:34 PM

මගේ ඇස්තමේන්තුව ඡන්ද 4.6 ක් පාවෙමින් තිබේ.

:       0       0

රනේ Sunday, 04 August 2024 06:57 AM

මාලිමාවෙන් දිසාව හොයාගන්න..! ජයවේවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 714 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 142 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3349 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1154 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2195 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30664 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23709 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 422 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 196 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site