IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලක්ෂ 40 ක් සිසුන් රක්ෂණය කරයි

 ‘ශ්‍රී  ලංකා ඉතිහාසයේ පළමු වතාවට පාසල් දරුවන්  හතලිස් ලක්ෂයක් රක්ෂණය කිරීමේ වැඩසටහන  ඔක්තෝබර් පළමුවැනිදා  ලෝක ළමා දිනයේදී ආරම්භ කරන බවත් එහි පළමු අදියර කොළඹ රාජකීය විද්‍යාලයයෙන් පටන් ගන්නා බවත්  අධ්‍යාපන සේවා අමාත්‍ය  දුමින්ද දිසානායක මහතා පැවසීය.

රුපියල් අට කෝටියක වියදමින් කොළඹ රාජකීය විද්‍යාලයයේ  ඉදි කෙරෙන මහල් හතරකින් යුත්  නව හරිත ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අද (12) පැවති උත්සවයේදී අමාත්‍යවරයා එසේ කීය.



අදහස් (0)

ලක්ෂ 40 ක් සිසුන් රක්ෂණය කරයි

සත්ත්‍යපාල Friday, 13 September 2013 02:44 AM

ඔය ඉතින් කරරොත් කරන්නෙ බුරැවැඩක් තමා.ඒක කරන්නෙත් සුපිරි පසලකට.අසරණ ලමයි දුෂ්කර පලාත්වල ඒමටයි (අ)

:       0       0

අචිනි Friday, 13 September 2013 12:53 PM

ලෝක සම්මත නීතියට අනුව වයස අවුරුදු 15ට අඩු අයව රක්ෂණය කරන්න බැහැ නේද? (නි)

:       0       0

හරිත් Thursday, 12 September 2013 06:40 PM

ගොවි රක්ෂණයට වෙලාතියෙන දේ දන්නවනේ. (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 12 September 2013 06:43 PM

කොළඹයි හම්බන්තොටයි ඉන්න දුල පුතාල හැරුනම අනිකුත් පළාත් වල ඉන්න පුත්තු? (දී)

:       0       0

චාන් Saturday, 14 September 2013 01:33 AM

ගොඩනැගිලි නම් ප්‍රයෝජනවත් (නි)

:       0       0

ගම්ලත් Friday, 13 September 2013 04:12 AM

අප්පුහාමිගේ කටට මසුරන් දාන්ඩ වටිනවා (අ)

:       0       0

හේරත් Friday, 13 September 2013 01:05 PM

ලුම්බිණි ඔයා දන්නේ නැති උනාට අපි දන්නවා. හැම පාසල් අලුත් වාරයකම ගෙදරට ලියවිල්ලක් එවල ළමයින්ව රක්ෂණය කරන රටක මම ඉන්නේ . මේකෙන් කරන්නේ ළමයින්ගේ පාසැල් කාලය ,මග තොටේ වෙන අනතුරු වගේම අද්‍යාපනය කඩාකප්පල් වීම් වලදී මැදිහත්වීම. මේක හරියට කරොත් හොඳ වැඩක්.(නදී)

:       0       0

ලක්ෂ්මන් Friday, 13 September 2013 06:03 AM

වැඩේ හොදයි. ඔය දවසෙම පළාත් මට්ටමෙන් ගම්වල පොඩි පාසලකිනුත් ඕක පටන් ගන්න. එතකොට වැඩේ වටිනාකම වැඩි වෙනවා (නි)

:       0       0

ජයසූරිය Friday, 13 September 2013 01:09 PM

වාරිකය කීයක් විතර දෙමව්පියන්ට ගෙවන්න සිද්දවෙයිද? (නදී)

:       0       0

අරුණ Thursday, 12 September 2013 07:14 PM

ඔව් රාජකීයේ ඉන්න ටික ඉස්සර වෙලා කරන්න.අනික් දුප්පත් දරුවෝ වතුර ඉල්ලුවත් වෙඩි තියල මරමු. (දී)

:       0       0

චන්දි Friday, 13 September 2013 07:30 AM

රටේම ළමුන්ට සමාන අධ්‍යාපනය දෙන්න ක්‍රමයක් යෙදුවොත් නරකද, මේ ලෝකේ නැති විකාර නොකර,(අ)

:       0       0

චාමි Friday, 13 September 2013 07:30 AM

රටේම ළමුන්ට සමාන අධ්‍යාපනය දෙන්න ක්‍රමයක් යෙදුවොත් නරකද, මේ ලෝකේ නැති විකාර නොකර,(අ)

:       0       0

අජිත් බෙන්තොට Friday, 13 September 2013 01:45 PM

මුල් වාරිකය ඇමතිතුමාගෙන්, ඊට පස්සේ දෙමාපියන් දිගටම ගෙවන්න වෙනවා, රෝයල් එකට මරු. අපිට ගිනි.කෙරෙන දෙයක් ද . වෙන මොකක් හරි කියන්න තිබුනේ. (නදී)

:       0       0

රුවන් Friday, 13 September 2013 08:24 AM

මේ රටේ විකුනන්න පුළුවන් හැම දේම විකුණලා ලාබ ලබන මේ පාලකයෝ දැන් පාසල් ළමයින්වත් ඉන්සුරන්ස් කරලා එකෙනුත් ලාභ ලබනවා පුදුම පාලකයෝ ටිකක් (අ)

:       0       0

උදේෂි Friday, 13 September 2013 08:29 AM

නැ ඕක හරි යන්නේ නැ. ඕක පටන් ගන්න ඕන රෝහණ රටෙන්.(අ)

:       0       0

මිනිපෙ Friday, 13 September 2013 08:55 AM

දැන් මේක දෙන්නේ නොමිලේද? ගෙවන්න ඕන නම්,එයට තමන් අකමැතිනම් නොකර නිකම් ඉන්න. මේක ලැබෙන්නේ නොමිලේ නම්,කටයි,අර ශරීරයේ පිට පැත්තේ, පිටට පහලින් තියෙන එකත් වහගෙන අරගන්න.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 12 September 2013 08:02 PM

ඔව්...ඔව් කන්න නැති වුනත් රක්ෂණය කරලා තියමු මොකද මේ අහිංසකයින් බැරි වෙලාවත් බොන්න වතුර ඉල්ලුවොත්.... (දී)

:       0       0

ගාමිණි Friday, 13 September 2013 08:58 AM

රජයේ සේවකයන්ට අග්‍රහාර රක්ෂණයක් කියලා තියනවා. ඒකෙ ප්‍රතිලාබ හම්බවෙන්නේ අහවල් ඉස්පිරිතාලේ නැවතුනොත් විතරයි ලු.ඉතින් අහිංසක රජයේ සේවකයන්ගේ සල්ලි ආපහු රජයටමයි.මේ රක්ෂණයත් ඒ වගේ වෙයි.ළමයකුට කීයක් අය කරයිද දන්නේ නැහැ. (ස)

:       0       0

රුවන් Friday, 13 September 2013 08:58 AM

මේ වගේ උදවියට අධයාපනය හදන්න දුන්නම කරන්නේ ඔහොම පිස්සු වැඩ තමයි. (ස)

:       0       0

රත්නයක් Thursday, 12 September 2013 08:04 PM

මෝඩ වැඩක් (දී)

:       0       0

අනුර Thursday, 12 September 2013 08:18 PM

ළමයි වෙනුවෙන් ඒ කල වැඩේ බොහොම වටිනවා (දී)

:       0       0

රොකී Friday, 13 September 2013 09:48 AM

ළමයින්ට ඕනේ කරන්නේ අද්‍යාපනය මිසක් රක්ෂණය නොවෙයි. මේක ළමයින් වෙනුවෙන් ගානක් හූරාගන්න දාන උප්පරවැට්ටියක් වගෙයි පෙනෙන්නේ.(නදී)

:       0       0

අප්පුහාමි Thursday, 12 September 2013 09:21 PM

රක්ෂණය හොඳයි. ඒත් ඇමතිතුමා ඔය විද්‍යාලයේ ඉන්න හැම ළමයෙක්ම වගේ දෙමවු පියන්ගේ මාර්ගයෙන් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ රක්ෂණය වෙලා ඇති කියල හිතෙන්නේ නැද්ද? උතුරු මැද පළාතේ පාසල් කොපමණ තියෙනවද පාසැල් දරුවන්ට බීමට ජල පහසුකම් නැති. ඔබ තුමා ඒකට සැලැස්මක් හදල රටට දැනුම් දුන්නොත් කීදෙනෙක් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරන්න ඉතිරිපත් වෙයිද. ඒ පිනම ඇති . (දී)

:       0       0

සි.කේ.ඩි Thursday, 12 September 2013 09:26 PM

ලෝක ළමා දිනය වෙනුවෙන් ආබාදිත දරු දැරියන් සොයා ඔවුනට ජය මාවතේ යාමට පියවර නගන්න. සමහර ආබාදිත දරුවන්ට රෝද පුටු පවා නොමැති නිසා දෙමාපියන් දුක් විදිනවා. රෝහල් වල ළමා වාට්ටු වලින් අහලා විස්තර ගන්න. මෙවැනි දෙයක් කරනවා නම් ඔබ තුමාට විදෙස් වල සිටින උදවියත් උදව් කරවී(දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 13 September 2013 03:11 PM

වෙඩි වැදිලා මිය යන ළමයින්ටත් මෙම රක්ෂණය වලංගුද? (ස)

:       0       0

ඩන්ස්ටන් Thursday, 12 September 2013 09:27 PM

සද්ද දාල පටන් ගත්තට ගොවි විශ්‍රාම වැටුපට මොකද උනේ .වර්ත මානයේ කොයි වැඩෙත් ඒ වගේ තමයි (අ)

:       0       0

නිමල් ජයසිංහ Friday, 13 September 2013 10:15 AM

වැඩේ හොඳයි.විශ්ව විද්‍යාලවලට ඇතුලත් වන විටම ජීවිත රක්ෂණයක් අනිවාර්යය කරන්න. (ස)

:       0       0

අමිත් Thursday, 12 September 2013 09:41 PM

මෙතන තියෙන සමහර අදහස් දෙකකම ලැජ්ජා හිතෙනවා .රාජකීය විද්‍යාලය කියන්නේ රජයේ පාසල් අතර තිබෙන ඉහලම තත්ත්වයේ පාසැල.එය තවදුරටත් ඉහල පැලැන්තියේ මිනිස්සුන්ටම වෙන්වුන පාසලක් නොවේ.එත් සමහර කුහක මිනිස්සු එයාලගේ ළමයින්ව රාජකීය විද්‍යාලයට දාගන්න ලැබුනේ නැහැ කියල රාජකීය දරුවනට වෛර කරනවා.දුමින්ද දිසානායක ඇමතිතුමාගේ දේශපාලන දර්ශනය කුමක් වුවත් එය ආදී රාජකීයයෙක් විදියට තමුන්ගේ පාසලට ආදරය කරන්න අයිතියක් සහ යුතුකමක් තියෙනවා.එක නිසා එයාගේ වැඩසටහනක් ලංකාවේ ප්‍රමුකතම පාසලවන රාජකීය විද්‍යාලයෙන් පටන ගන්න හිතන්න ඇති.අනික වසරකට රාජකීය විද්‍යාලයෙන් බිහිවන වෛද්‍ය ශිෂ්‍යයෝ ප්‍රමාණයම ඇති රාජකීය විද්‍යාලය ලංකාවේ ප්‍රදාන පාසැල වන්න. (දී)

:       0       0

කමලාවතී Friday, 13 September 2013 10:29 AM

මේ වගේ බහුබූත වැඩ වලට නම් දරාපු රටක්නේ අපේ රට. (ස)

:       0       0

ජගත් ලියනගේ Thursday, 12 September 2013 10:24 PM

ළමයින්ව රක්ෂණය කරාම ළමයට වේන වාසිය මොකක්ද? රක්ෂණය කරන සමාගම මොකක්ද? පැහැදිලි මදි. (දී)

:       0       0

yawana Friday, 13 September 2013 11:03 AM

එස්කොලේට දාගන්ඩ වියදම් කල මුදල බලනකොට ළයින්ට රක්ෂණය කරන්න ආණ්ඩුවෙන් දෙන්නම වෙනවා . නැතිනම් දෙමුපියන්ට අයෙත් නයවෙන්න වනවා .(අ)

:       0       0

තුෂා Thursday, 12 September 2013 10:34 PM

අමිත් ඔයාගේ මොලේ හොද නැද්ද මම අහල නැහැ වෛද්‍යවරු රාජකීය විද්‍යාලයෙන් බිහි වෙනවා නොදන්නා නිසයි අහන්නේ රාජකීය කියන්නේ වෛද්‍ය පිටියක්ද (දී)

:       0       0

ලුම්බිණි Friday, 13 September 2013 11:24 AM

මට නම් තේරෙන්නේ නැහැ මෙතන මොකද්ද වෙන්නේ කියලා. මේකෙන් වෙන්නේ මේ ළමයින්ට/දෙමවුපියන්ට අදායම නැතිකමින් අධ්‍යාපනය කඩාකප්පල් වෙන එක නැවත්වීම කියල මම හිතනවා. රක්ෂණ වාරික ගෙවන්නේ ආණ්ඩුව වෙන්න ඇති? ළමයින්ට දෙන්නේ ජීවිත් රක්ෂණයක් නම් ඒක වෙනම එකක්. මම අහල නම් නැහැ මේ වගේ එකක් වෙනත් දියුණු රටවල. (නදී)

:       0       0

කළණ Thursday, 12 September 2013 05:15 PM

අනේ රක්ෂණයට වඩා දුප්පත් ළමයි ඉන්නවා පොත් ටික ගන්න නොහැකිව, කෑම ටික ගන්න නොහැකිව. අපිත් ඉගෙන ගත්තා. එහෙත් රක්ෂණ ඕනෑ වුණේ නැහැ (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 12 September 2013 05:20 PM

ඔය වැඩේ කරන්න ඕනෑ ඉතාම දුෂ්කර පිටිසර ගම්මානයක ඉදලා (නි)

:       0       0

රෂීඩ් Thursday, 12 September 2013 11:40 PM

මොනවා හරි අලුතෙන් දෙයක් කරන්න ගියාම ලංකාවේ මෝඩ මිනිස්සු හිතන්නේ ඒක මෝඩ වැඩක් කියල.. ඉහලින් ඇති අදහස් වලින් ඒක පේනවා... (දී)

:       0       0

මාටින් Thursday, 12 September 2013 05:59 PM

අනුරාධපුරේ දරුවන්ගේ ‍ලොකු අඩුවක් සම්පූර්ණ වුණා (නි)

:       0       0

කසුන් Thursday, 12 September 2013 06:11 PM

බොහොම හොද වැඩක් (දී)

:       0       0

බුලත්සිංහල Friday, 13 September 2013 02:10 AM

ලංකාවේ ඉන්න දොස්තර්ලා බහුතරය අදක්ෂයි. කොච්චර මිනිසුන් හැමදාම මැරෙනවද? අපේ දොස්තරලා හරි කම්මැලියි. ඒකයි... (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 13 September 2013 02:14 AM

අපි ඉගෙන ගත්තේ රක්ෂණය වෙලා නොවේ. මේ දේවල් නැතුව දුප්පත් ඉස්කෝල ළමයින්ට ඉස්කෝලේ දාන්න සපත්තු දෙකක් අරන් දුන්නා නම් හොදයි.ක්‍රීඩා තරග වලට යන්න සපත්තු දෙකක් නැතුව කොච්චර ළමයි ඉන්නවද?සමහර අය අදහස් දාලා තියෙන්නේ ලංකාව ගැන දන්නේ නැහැ වාගෙයි (නි)

:       0       0

ප්‍රිය Friday, 13 September 2013 02:14 AM

හැමදේටම වියදම් කරනවා. අනේ මේ රට වහල්කමට යන ගැහැනුන්ට මොකක්හරි ජීවත් වෙන්න මාර්ගයක් රට ඇතුලේදීම හොයලා දෙන්නකෝ. කෝටි 40 යොදලා මොකක්හරි පටන් ගෙන රස්සාවල් දෙන්න තිබුනා. ඕනෑම දේ සංවර්ධනය වෙලා නැහැ. පවුල් ඒකකය කඩා වැටිලා (නි)

:       0       0

මනෝජ් Friday, 13 September 2013 02:20 AM

රට යන අයත් රක්ෂණය කරනවා සල්ලි අරන්. ඒ වුණාට අතරමං වුණහම මොනවත් නැහැ (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Thursday, 12 September 2013 06:31 PM

රක්ෂණය කරන්න යන්නේ හැමොමද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 152 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 55 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1060 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 418 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1086 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 217 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30048 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23664 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site