IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ලක්ෂ 5 ක අල්ලසකට පොඩි ලැසීට දුරකතන පහසුකම්

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කරුවෙකු පොඩි ලැසී නැමැත්තාට දුරකථන පහසුකම් සැපයූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.

සැකකාර කොස්තාපල්වරයා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදල් ලබාගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

කොස්තාපල්වරයා එම මුදලින් ලබා ගත් බව කියන රන් මාලයක් හා දුරකථන පහසුකම් සැපයීමට යොදාගත් ජංගම දුරකථනයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

අවි ආයුධ හා මමත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන පොඩි ලැසි නැමැත්තාට සැකකාර කොස්තාපල්වරයා විසින් අවස්ථා ගණනාවක දී දුරකථන පහසුකම් සපයා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් ලද රහසිගත තොරතුරකට පසු සිදුකළ විශේෂ විමර්ශනයකදී ඒ බව සනාථ වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

38 හැවිරිදි කොස්තාපල්වරයා කහටගස්දිගිලිය පදිංචිකරුවෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (8)

ලක්ෂ 5 ක අල්ලසකට පොඩි ලැසීට දුරකතන පහසුකම්

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 25 November 2020 06:45 PM

අම්මපා .. සල්ලි වලට ඕනෑම පාහර වැඩක් කරනා මිනිසුන් ඉන්න රටක් තමයි මේ රට. මේ වැනි වැඩ නිසා රහස් පොලීසියත් අර සතාගේ තත්වයට තමයි වැටෙන්නේ. වහාම මේ වැනි දේ සිදු නොවීමට වගබලා ගැනීම වගකිවයුතු අංශවල වගකීමක්. රටේ උත්තරීතර යැයි කියනා රජවාසලේත් ඉන්නා සමහර දෙනා හොරකම්, මැරකම් වලට කප් ගහපු අයනේ ඉන්නේ. ලොකු කකුළුවන් ඇදේට යන ගමන් පොඩි අයට කෙළින් යන්න යි කියලා වැඩක් නැහැ. ඉස්සෙල්ලා ලොකු අය කෙළින් යායුතුයි. ඒ කෙසේවෙතත්, මේ කොස්තාපල් කළ මේ දේ ගැන පාර්ලිමේන්තුවේ සැරට කතා කරාවි. ඔහුට උපරිම දඬුවම් දේවි. ලොකු කෙනාට ඒක නීතියක්. පොඩි එකාට තවත් නීතියක්. ඒ වුණාට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්නේ. නැද්ද මං අහන්නේ...?

:       1       3

Perera Wednesday, 25 November 2020 10:50 PM

රටේ දූෂණය නැති කරන්න හෝ පාලනය කරන්න නම් රටේ නායකයෝ දූෂණයෙන් තොර විය යුතුයි.

:       2       3

sharm warn Thursday, 26 November 2020 04:17 AM

කුඩු වෙළඳාමෙන් හරි හම්බකරගත්ත තෝරු, මෝරු නිදහසේ පීනනවා. කොහෙවත් යන කාරල්ලෝ, හාල්මැස්සෝ නිකන් නහිනවා. බොරදියේ මාළු බාන්න ගිහිල්ලා. තවමත් මේ මෝඩ හරක් දන්නේ නැහැ බොර දියේ ඉන්නේ ගැට කිඹුලන් විතරයි.. මාලු නෙමෙයි කියලා. හොඳ වැඩේ.

:       4       9

Jay Thursday, 26 November 2020 06:38 AM

කරුණාවෙන් කරදර වෙන්න එපා. ලබන අවුරුද්දේ නොවැම්බර් 26 වෙනකොට බලන්න පුළුවන් මහත්මයා අප සිටින ස්ථානය. ස්තූතියි මහත්මයා ..!!! 

:       0       1

Rata Perata Thursday, 26 November 2020 07:24 AM

මේ වගේ පොඩි මිනිහෙක් අල්ලලා කතාවත් දානවා. රාජපක්ෂලා එක්ක සම්බන්ධකම් තියෙන කුඩු කාරයෝ ගැන කිසි කතාවක් නැහැ.

:       2       4

සුරංග Thursday, 26 November 2020 09:18 AM

ඇයි දෙයියනේ.. සී.අයි.ඩී එකේ හිටිය පරණ දූෂිතයින් ටික අයින් කරලා සුපිරි සෙට් එකක් අළුතෙන් බැස්සුවා කිව්වා නේද? මට පේන්නේ ඒකෙ අනිත් පැත්ත වගේ වෙලා තියෙන්නේ...

:       0       5

naagahananda Friday, 27 November 2020 03:11 AM

ඔය ආයතනයේ වැඩ කරන්නේ හොරු. අල්ලස් පප්පලා විතරද?

:       0       0

Kamal Koyrala Monday, 30 November 2020 07:01 AM

කෝ දැන් සර්... එක්ක සෙල්ලම් බැහැ කියපු නන්දිකඩාල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකා සිසුන්ට සිංගප්පූරු උපාධි ගන්න ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 24 0

උසස් අධ්‍යාපන සහයෝගීතාවන් උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්


ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 170 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 227 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 108 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 108 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


ආර්ථික සංගණනයක් කරන්න යයි
2025 අප්‍රේල් මස 29 234 0

ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1042 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 445 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site