IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලක්ෂ 50 වඩා සතුට ලොකුයි

පොසොන් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රීත ස්ථාන බොහෝමයක දන්සල් බොහෝවිය. කිරිබත්ගොඩ මාකොල පාරේ දුල්ෂාන් පෞද්ගලික ආයතනය බත් දන්සැලක් හා පළතුරු දන්සැලක් පැවැත්වීය. 12 වැනි වරටත් පැවැත් වූ එහි ව්‍යාංජන 12 කින් සමන්විත බත් දන්සලක්ද, පළතුරු වර්ග 12 ක පළතුරු දන්සැලක්ද රස වර්ග කීපයකින් සමන්විත අයිස්ක‍්‍රීම් දන්සලක්ද විය. ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර යන මහත්වරු දන්සැල විවෘත කිරීමට පැමිණියහ. දුල්ෂාන් ෆැෂන් ආයතනයේ අධිපති කරුණා කොඩිතුවක්කු මහතා පැවැසුවේ මෙය තමන්ගේ පෞද්ගලික වියදමෙන් සිදු කරන බවයි. මේ සඳහා රුපියල් ලක්‍ෂ පනහකට වඩා මුදලක් වැය වූවත් ඉන් ලබන සතුට මුදලට වඩා වටිනා බවත්ය.



අදහස් (0)

ලක්ෂ 50 වඩා සතුට ලොකුයි

හරේන් Tuesday, 05 June 2012 06:44 AM

මහජන මුදල් හොරාකන අයට ඔබතුමා ආදර්ශයක්.

:       0       0

අසින්ත Tuesday, 05 June 2012 05:24 PM

මේ ලක්ෂ 50න් යුද්ධෙන් අවතැන් උනු අයට ගෙවල් 10 ක් හදලා දුන්නනම් ඔබතුමාට මීට වඩා පිං....

:       0       0

කොල්ලා Tuesday, 05 June 2012 05:39 PM

ඔබතුමාට වැඩි වැඩියෙන් ලැබේවා.....

:       0       0

ලියොන් Tuesday, 05 June 2012 06:21 PM

ඔබ කරගත් මහගු පිනෙන් වැඩි වැඩියෙන් ලැබේවා....

:       0       0

ලන්කා ශ්‍රී Tuesday, 05 June 2012 05:48 PM

වැඩේ නම් ලස්සනයි. ඉමහත් පිං.. නමුත් දො‍ළොස් වාරෙකට ලක්ෂ 50 බැගින්... මැති ඇමතිවරැත් ආව...හ්ම්... හ්ම්....

:       0       0

සම්පත් Tuesday, 05 June 2012 09:02 AM

මේ සල්ලි වලින් සල්ලි නැති පවුල් 20කට විතර ගෙවල් හදලා දුන්නා නම් කොච්චර ලොකු පිනක්ද?

:       0       0

හර්ෂණ Tuesday, 05 June 2012 08:23 AM

ඔබතුමා වැනි උතුම් බෞද්ධයෙක් සිටීම පිළිබද ආඩම්බරයි. මේ දන්සැල් පුරුද්ද තියෙන්නේ ලංකාවේ විතරයි

:       0       0

රත්නායක Saturday, 09 June 2012 01:05 PM

එයාලට ගොඩක් පිං

:       0       0

ප්‍රදිප් Tuesday, 05 June 2012 09:21 AM

සල්ලි තියනවනම් මොනව කරන්න බැරිද .මොනව උනත් වැඩේ හොදයි.

:       0       0

සඳුන් Tuesday, 05 June 2012 09:02 AM

නූතන බෝධිසත්වයෙක්...

:       0       0

ප්‍රීනා Tuesday, 05 June 2012 09:43 AM

පුළුවන නම් රිජ්වේ ළමා රෝහලේ සැත්කම් වලට මුදල් නැතුව සිටින දුප්පත් දරුවන් කිහිප දෙනෙක්ට උදවු කරන්න.ඔබට ගොඩක් පින් ලැබෙයි

:       0       0

කුමාරි Tuesday, 05 June 2012 10:07 AM

දන්සල් එපා වෙන සෝයා මීට්, පරිප්පු, ලුනු සම්බෝලේ සහ පෙගුන පපඩම් සංස්කෘතියෙන් මිදී වැඩක් කල ඒ මහතාට පින් .

:       0       0

අභිමන් Thursday, 07 June 2012 11:00 PM

බෙන්, කෙනෙක් හොද වැඩක් කළාම ඒක අගය කරන්න පුරුදු වෙන්න

:       0       0

සුරේෂ් Tuesday, 05 June 2012 10:18 AM

පිනට කරපු දේවල් පෙන්නන්න එපා අයියා.කළ පිනත් නැතිවෙලා යයි

:       0       0

ආචාර්ය සෑම් අයියා Tuesday, 05 June 2012 07:00 PM

ලක්ෂ 50ක් කජ්ජක් නොවන බව දැනටමත් ඔය කැලණිය පැත්තේ ආචාර්‍ය දන්නවා ඇති. පරිස්සම් වෙලා හිටියොත් හොඳයි....

:       0       0

කපිල කටුනායක Tuesday, 05 June 2012 07:01 PM

මීට වඩා හොද නැද්ද ඔය සල්ලි වලින් නැති බැරි අයට ඉන්න ගෙවල් 2ක් 3ක් හදල දුන්නනම්

:       0       0

අනුර Tuesday, 05 June 2012 10:22 AM

කුසල් සිතට නැඹුරු වන පුද්ගලයා මුදල් පසුපස නොයයි

:       0       0

බන්ගලියා Tuesday, 05 June 2012 09:49 AM

කොතරම් අඩුපාඩු තිබුණත් හිතේ ලැදියාවෙන් කෙනෙකුට කන්න දෙන්නේ සිංහලයා විතරයි

:       0       0

අමල් Tuesday, 05 June 2012 09:49 AM

සල්ලි තියෙන අයට කරන්න දෙයක් නෑ වගේ.අනේ මහත්තයෝ, ඔබතුමා දන්නවද තවමත් මේ පුණ්‍ය භුමියේ නිවාස නැති කී දෙනෙක් ඉන්නවද කියලා?

:       0       0

දයා,saudi Tuesday, 05 June 2012 10:33 AM

වැඩේ හොදයි.ඒත් මේ මුදලින් ගෙයක් දෙකක් හදලා දුන්නනම් කාටහරි ඒ ගැන හිතලා ජීවිත කාලෙම සතුටු වෙන්න තිබුණා

:       0       0

සන්ජීව Tuesday, 05 June 2012 09:53 AM

බොහොම හොද වැඩක්.ඒත් මෙච්චර වියදම් කරලා ඇමතිවරු ගෙන්නලා මෙහෙම කරද්දි අපිට දෙපාරක් හිතන්න වෙනවා. මොකද මීයක් කඩන්නේ අත ලෙව කන්න නෙමෙයිනේ

:       0       0

සන්ජය Tuesday, 05 June 2012 10:43 AM

ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි

:       0       0

නිශා Tuesday, 05 June 2012 10:51 AM

මේ සල්ලි වලින් දුප්පතුන් 10කට ගෙවල් 10ක් හැදුවනම් ඒවා ඔහුගේ මරණින් මතුත් ඉතිරි වී තියෙයි.නමුත් ආහාර රැදී තියෙන්නේ එක් දිනක් පමණයි

:       0       0

චන්දිම Tuesday, 05 June 2012 10:55 AM

සේවකයන්ට දෙන මාසික වැටුප ටිකක් වැඩි කරල දෙන්න.එහෙමත් නැත්නම් පොසොන් එකට බෝනස් එකක් වත් දෙන්න. මොන දන්සල දුන්නත් ඒ අය වැඩ කලොත් තමා හැමදෙයක් ම. කොහොම උනත් මමත් ඒ පින අනුමෝදන් වෙනවා. සාදු......

:       0       0

සුගත් Tuesday, 05 June 2012 10:58 AM

තමන්ට පුළුවන් විදියට දන්සැල් දෙන එක අගය කළ යුතුයි.කුමාරි මොනවද දීලා තියෙන්නේ?සෝයා මීට්, පරිප්පු, ලුනු සම්බෝලේ සහ පෙගුන පපඩම් කන්න නැති අයත් අද රටේ ඉන්නවා

:       0       0

තුෂාර Tuesday, 05 June 2012 10:23 AM

ගොඩාක් හොද වැඩක්‍. ඊටත් වඩා හොදයි ගෙයක් වගේ දෙයක් ඒ මුදලින් කලා නම් නේද?

:       0       0

ඉන්දික Tuesday, 05 June 2012 11:05 AM

ජීවිත කාලෙදි කරපු පිනක් විතරයි ඉතුරු වෙන්නේ.ඔබට ජය

:       0       0

කීර්ති-Dubai Tuesday, 05 June 2012 11:07 AM

මේ පින් බලෙන් ඔබටත් ඔබේ දෙමාපියන්ටත් යහපතක්ම වේවා!

:       0       0

බෙන්10 Tuesday, 05 June 2012 10:37 AM

ඔය ලක්ෂ 50න් දන්සැලක් දීලා ප්‍රසිද්ධියක් ලබා ගන්නවට වඩා හොද නැද්ද රුපියල් 2500 ගාණේ දුප්පත් පවුල් 2000කට දීලා මහත් පිනක් ලබා ගන්න එක

:       0       0

සරත් Wednesday, 06 June 2012 11:19 AM

මේක හොඳ වැඩක් ,ප්‍රසිද්ධ වෙන්න .නමුත් ලක්ෂ 50 කින් මීට වඩා කොච්චර හොඳ පිනක් කර ගන්න තිබුණද...සැමදා පවතින්න.

:       0       0

ප්‍රනීත් Tuesday, 05 June 2012 11:24 AM

චන්දිම මහත්මයා, මම හිතන්නේ ඔබතුමාට ව්‍යාපාර සම්බන්දව දැනීමක් නැහැ කියල. මෙහි පැහැදිලිව කියල තියෙනවා ඔහුගේ පුද්ගලික දානයෙන් කියල

:       0       0

බදු එකතු කරන්නා Tuesday, 05 June 2012 11:47 AM

ඔබ සියලු TAX වලින් නිදහස්.........

:       0       0

ප්‍රසන්න Tuesday, 05 June 2012 11:47 AM

මොන හොද වැඩේ කළත් අකුල් හෙලන මිනිසුන් ඉන්නවා.. මේව කරන්නෙ ඒ අයගෙ සද්ධාවෙන්. ඔයාල යෝජනා කරන දේවල් ඔයාල කරන්න. එහෙම ‍හොදයි නේද? කටින් බතල හිටවන්න එපා..

:       0       0

ලකී Monday, 11 June 2012 10:15 AM

ඔබ තුමාට බොහොම පින්,,,ඔබෙ අයතනයටද හොදක්ම සිද්ද වෙවා!

:       0       0

ඇලෙක්ස් Tuesday, 05 June 2012 11:16 AM

කවුරුහරි හොඳ වැඩක් කරාම ඒකෙත් මොකක්හරි අඩුවක් කියන්ට මොන තරම් කට්ටිය ඉන්නවද? ඒ ගැන නම් කලකිරෙනවා!

:       0       0

රෝහන Tuesday, 05 June 2012 08:13 PM

ලංකාවේ ඉන්න ලොකු සල්ලිකාරයින්‍ට මේව හොඳ පාඩම්..මෙන්න වැඩ..ඔබට තෙරුවන් සරණයි.

:       0       0

මංඡුල බ්රැට් Tuesday, 05 June 2012 11:22 AM

දන්සැල් ලග ෙපාලිම් වල ෙසාපාකලා සතර අමා ගිනි නිෙවනාදා සුදහ ගින්දරේ බලා හිදින්ෙනා.

:       0       0

ප්‍රසන්න ධම්මික Tuesday, 05 June 2012 08:32 PM

චේතනාහං භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කා‍යේන වාචාය මනසා ''මහණෙනි, චේතනාවම කර්මය වෙයි"

:       0       0

උපාලි Tuesday, 05 June 2012 11:35 AM

අන්තිමේ අරන් යන්නේ අපි කළ පින් විතරයි

:       0       0

සජී Tuesday, 05 June 2012 12:27 PM

මේ සසරෙන් එතෙර වීමට නම් තමාම තමාගේ ගැළවුම් කාරයා විය යුතුය

:       0       0

ලසන්ත Tuesday, 05 June 2012 12:30 PM

දෙන දේ අත දිගෑරල දෙන කෙනාට තමා පින වැඩි. ඔබ එය කරගෙන තියෙනවා. එකෙ තේරැම ඔබ විශාල මුදලක් අතහැරියා කියන එකයි. අතහැරීම තුල තමා සතුට වැඩි. ලබන සැරේ ඔය මුදලින් පවුල් 4 - 5 කට නිවාස හදල දෙන්න. ඔබට තවත් කුසල් රැස්වේවි. ඔන්න මමත් පින් අනුමෝදම් වුනා.. සාදු සාදු අනුමෝදාමි ! තෙරුවන් සරණයි !

:       0       0

මහේෂිකා Monday, 11 June 2012 10:58 AM

ගොඩක් පිං.

:       0       0

ෂෙරීෆ් Tuesday, 05 June 2012 08:54 PM

බොහොම හොඳ ක්‍රියාවක්. ඡන්දෙ ඉල්ලන්න අදහසක් එහෙම තියනවද දන්නෑ !!!!

:       0       0

විමුක්ති Saturday, 09 June 2012 06:47 AM

සුජිත් නිශාන්ත හේවගේ මහතා වෙත මේ පුද්ගලයා මානසික අබාධයකින් පෙළෙන්නෙකි. ඔහු සමහර විට අසභ්‍ය වචන කොමෙන්ටු වල සඳහන් කරයි. අසභ්‍ය ලිංගික දේ කියමින් කාන්තාවන්ට විද්‍යුත් තැපැල් පණිවිඩ යවයි. එසේම ඔහු තමාගේ දුරකථන අංකයද කොමෙන්ටු වල සඳහන් කරමින් මානසික උපදේශනයේ දී සිටියි. යම් දිනක ඔහු අතින් රෝගියෙකුට අතවරයක් සිදු වුහොත් ඔබලාගේ මාධ්‍යටද යම් දිනක නරක නාමයක් එනු ඇත. මේ පිළිබඳව සලකා බලන්න. සත්‍ය ඇති සැටියෙන් පවසන මේ කොමෙන්ටුව ගැන සිතන්න

:       0       0

වසන්ත රත්නායක Tuesday, 05 June 2012 12:36 PM

එක එක්කෙනා පින්කරන ක්‍රමය වෙනස්. ඒ මහතාගේ කැමැත්ත දන්සැලක් දී පින් කර ගැනීමයි. ඒ ගැන විවේචනය කිරීම සුදුසු නැහැ. බුදුන්ගෙ කාලෙත් වෙනසක් නැහැ. අනේපිඩුසිටු තුමා ජේතවන කුමාරයාගෙන් ජේතවනාරාමය සෑදීමට ඉඩම ගත් සැටි බලන්න. ඒ මුදලින් දුප්පතුනට ගෙවල් හදලා දෙන්න කියා බුදුන් වහන්සේ අනේපිඩුසිටු තුමාට කියා නැහැ. ජේතවන කුමාරයා අසාධාරණ ලෙස මුදල් ගත්තා කියා දේශනා කලේත් නැහැ.

:       0       0

විජේසුන්දර Tuesday, 05 June 2012 12:43 PM

මේ සල්ලි වලින් ගම්බද දරුවන්ට පොත්පත් ටිකක් දුන්නනම් හොද නැද්ද?

:       0       0

ආර්.එම්.එස්.කේ. Tuesday, 05 June 2012 12:52 PM

හොද මහත්ම ගතිගුණ ඇති මහත්මයෙක් ඔබට සුභ අනාගතයක්..

:       0       0

සංජීව ටී.එම්. Tuesday, 05 June 2012 01:06 PM

දන්සැල් දෙන එක හොදයි තමයි.. ඒත් ඒක අර්ථවත් වෙන්න ඕන.. හොදට ගෙවල්වල කන්න තියන උදවිය විනෝදෙට ඇවිත් කනවා.. ඒක් ඇති ආනිසංසයක් නැහැ. කන්න බොන්න නැති අඩුපඩු තියෙන අය බඩගින්න නිවන එක තමයි නියම දානයක් වෙන්නෙ... නැත්නම් නියම භක්තියෙන් වන්දනාවෙ යන අයට මහන්සිය දුරැවෙන්න කෑම දෙන්න ඕන.. මේකෙ ආනිසංසවලට වඩා ගොඩක් අය කියනවා වගේ බම් අගලක් නැති අසරණ පවුලකට ගෙයක් හදල දුන්නනම් ඒ මිනිස්සු ජීවිත කාලෙම පිං දෙනවා...

:       0       0

අනුරන්ග Tuesday, 05 June 2012 12:28 PM

මෙන්න කරනවනම් වෑඩ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 04 June 2012 04:34 PM

හොඳ දේ කවුරු කළත් හොඳයි.අනේ ගොඩාත් හොඳ පින්කමක්..සාදු සාදු සාදු

:       0       0

ලාරා Monday, 04 June 2012 05:16 PM

චේතනාව හොඳනම් ගොඩක් පින්....

:       0       0

ෂාන් Tuesday, 05 June 2012 01:12 PM

මීට වඩා හොද නැද්ද දුප්පත් ඉ‍ගෙන ගන්න දක්ෂ ළමයින්ට උදව් කරානම්

:       0       0

ලාල් ගලබඩ..ඉතාලියෙන්... Monday, 04 June 2012 04:48 PM

දැන්වත් මිනිසුන් මිනිසුන් ලෙස සිතන්න පෙලබෙන්නේ නම් කෙතරම් අගනේද,ඔහු ගේ ක්‍රියාව ඇත්තක්‌ නම් අපිද අගේ කරමු.නමුත් පසුව මහා භාණ්‌ඩාගාරයෙන් මුදල අතයටින් ලැබේනම්.......

:       0       0

ප්‍රභාත් Monday, 04 June 2012 05:31 PM

මෙන්න ආදර්ශමත් දන්සැල්...මේවා හොඳට හිතට ගන්න.

:       0       0

අනුර Monday, 04 June 2012 05:37 PM

දුල්ෂාන් ෆැෂන් ආයතනයේ අධිපති කරුණා කොඩිතුවක්කු මහතාණෙනි වටින පිනක් කරන්න අනිත් අයටත් ආදර්ශයක්.. ඔබට බුදු සරණයි...

:       0       0

Monday, 04 June 2012 05:00 PM

වෙන කොයි රටේද මෙහෙම එව, කව, බොව කියල කන්න බොන්න දෙන්නේ? අපේ ශ්‍රී ලංකාවේ ඇරෙන්න, මහා පින්කමක්, සාදු, සාදු

:       0       0

විරාජ් ලියනගේ Tuesday, 05 June 2012 01:44 PM

දුප්පත් පවුලකට නිවසක් ඉදිකර දුන්න නම් මීට වඩා පළදායී සේවයක් වෙනවා,ඉතා උතුම් මහත්මයෙක්. ඔබට දීර්ඝායු වේවා !

:       0       0

ගයාන් පෙරේරා හිරු Saturday, 09 June 2012 10:27 PM

හොඳ වැඩක් මෙයට සහය උන සියල්ලන්ටම පිං ලැබේවා..!

:       0       0

රක්ජිත් Monday, 04 June 2012 05:54 PM

ඉතා හොද වැක්.. කරගෙන යන්න. බුදු සරණයි.!!!

:       0       0

සම්පත් එස්. අල්විස් Monday, 04 June 2012 05:58 PM

මේ ලක්ෂ 50 වියදම් කරලා ගෙවල් 10ක් හදල දුන්නනම් මීට වඩා පිං.

:       0       0

ආනන්ද Monday, 04 June 2012 06:07 PM

මම හිතන්නේ නම් වියදම් උණ මුදලින් දුප්පත් පවුලකට නිවසක් ඉදිකර දුන්න නම් මීට වඩා පළදායී සේවයක් වෙනවා.. එහෙම කෙනෙක් ඔය පැත්තේ නැත්නම් අපේ රටේ ඕනතරම් ඉන්නවා.. ඉල්ලන්න කෙනෙක් නැති දුක කියන්න කෙනෙක් නැති හදවතින් හඩා වැටි වැටී ඉන්න ජීවිත්වෙන්න මහ පොළො‍වෙ අගලක් උරැම නැති අසරණ පවුල්.. එවැනි සත් ක්‍රියාවක් කළොත් ඔබගේ මුළු ජීවිත කාලයටම දකින්න ලැබෙනවා. එය දකින වාරයක් පාසා ඔබේ සිත සතුටු වෙන නිසා හැම මොහොතක්ම පාසා ඔබට අත්වන කුසල් අනන්තයි. අප්‍රමාණයි. මතු උපදින ජාතිවලත් ඔබ ධනවතෙක් වෙයි..එසේම වේවා!

:       0       0

මර්වින් Monday, 04 June 2012 06:14 PM

මේක හොදයි. ඒත් හැමෝටම සල්ලි නෑ.. දුප්පත් අසරණ පවුලක් අධ්‍යාපනය දී නගා සිටුවන්න කටයුතු සිදුකළානම් මීට වැඩිය හොදයි නේද?

:       0       0

දිලාන් Wednesday, 06 June 2012 12:02 AM

මෙයා වැඩ කරන ගෑනු ලමයින්ට පඩි දෙන්නැති එක්කෙනෙක්. ඒ ළමයින්ට පඩි වැඩි කරන්න.

:       0       0

රෝහන දිලිප් ඩකා නුවර සිට Monday, 04 June 2012 05:42 PM

අපිත් හරි ආසයි දන්සල් වදින්න. පිට රට ඉන්නකොට තමයි මේ‍වයෙ අගේ දන්නෙ. හොද වැඩක්...

:       0       0

බුද්ධි Thursday, 07 June 2012 11:23 AM

ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබේවා..........

:       0       0

දිනේෂ් Monday, 04 June 2012 05:48 PM

සතුට‍ට වැඩිය ඔබට ලැබෙන පින උතුම්.. කවදා හරි හැමදේම දාල යන දවසට ඉතුරැ වෙන්නෙ ඒක විතරයි..

:       0       0

ආර්.එම්.එස්.කේ. Monday, 04 June 2012 06:30 PM

හොඳ මහත්මා ගති ඇති මහත්මයෙක්....ඔබට සුභ අනාගතයක්...

:       0       0

නිතමා සෞදි Monday, 04 June 2012 06:04 PM

හිත ගිය තැන මාලිගාව කියන්නෙ මේකටනේ...

:       0       0

තුෂා Monday, 04 June 2012 06:09 PM

වැඩි වැඩියෙන් ලැබේවා... බුදු සරණයි

:       0       0

ඇන්ටන් Monday, 04 June 2012 06:30 PM

වැඩි වැඩියෙන් ලැබේවා මේ කරන පින්කම් වලට..

:       0       0

පෙරේරා Monday, 04 June 2012 07:19 PM

මහත්මයාණෙනි ඔබට බුදුන් දැක නිවන් දකින්න පින් ලැබෙනවා.

:       0       0

බන්දුල Tuesday, 05 June 2012 02:09 PM

නුඹට සහ පවුලේ අයට නිදුක් නිරෝගී සහ දීර්ඝායුෂ ලැබේවා..

:       0       0

පැතුම්... Sunday, 10 June 2012 12:05 AM

මේ ආකාර මිනිසුන් මේ මව්බිමේ තව තවත් ඉපදේවා.. සාදු... සාදු..සාදු...

:       0       0

නසාර් Tuesday, 05 June 2012 02:19 PM

ගෙවල් 10 ක් හදල දුප්පත් මිනිස්සුන්ට දෙන්න ලබන අවුරුද්දේ...ගොඩක් පින්..

:       0       0

සිල්වා Monday, 04 June 2012 07:36 PM

ඔබතුමාට බොහොම පිං මේ කරන උතුම් ක්‍රියාවට.

:       0       0

ප්‍රියන්ගා Monday, 04 June 2012 07:45 PM

බොහොම පින්......

:       0       0

නිමල් ජයන්ත Monday, 04 June 2012 08:51 PM

ඉතා උතුම් මහත්මයෙක්. ඔබට පින්.

:       0       0

ප්‍රාන්හසන් Monday, 04 June 2012 08:51 PM

මෙන්න නියම බෞද්ධයෝ... ඔබට පින්.. දීර්ඝායුෂ ලැබේවා...

:       0       0

අයි. කැලුම් Tuesday, 05 June 2012 03:25 PM

මිහිදු මහරතන්වහස්සේ ලංකාවට වැඩමකරලා දේශනා කළේ මීට වඩා උතුම් ධර්මයක්..

:       0       0

ගයනි Tuesday, 05 June 2012 03:32 PM

අද උදේ මාකොල පාරෙ මේ දන්සැල පැවැත්වුණු තැන කිලෝමීටර් දෙකක් විතර දුරට පාර දෙපැත්ත කඩදාසි පිගන්, පළතුරැ කෑලි ගෙවල්වල මිදුල්වලත් දාල ගිහිංත දන්සැල් කන මිනිසුන් තමන් ගැන විතරක් හිතල පරිසරය අපවිත්‍ර කරන්නේ ඇයි?

:       0       0

නිසාර් Monday, 04 June 2012 08:26 PM

නියම ධානපතයෙක් ,වැඩි වැඩියෙන් ලැබේවා....

:       0       0

ප්‍රියන්ත Monday, 04 June 2012 08:32 PM

මෙම මහත්මයා බුදුන් දැක නිවන් දකීවා...බුදු සරණයි....

:       0       0

ප්‍රසාදිනි Friday, 08 June 2012 09:46 AM

බුදුහාමුදුරුවොත් කිවුවට දානය උතුම් දෙයක් කියලා ඔහොම පෝළිම් හදලා ඇයි මහ මග කන්න දෙන්නේ? ඔය පෝළිමි වල ඉන්න අයගෙන් 95%ක්ම හොදට කන්න තියෙන අය ඉන්නේ.ඒ නිසා හිතලා බලලා අරුත් ඇති දෙයක් කෙරුවනම් නේද හොද?

:       0       0

ඉන්දිකා ගංගානාත Monday, 04 June 2012 09:20 PM

ඉතා දුර්ලභ පවුලක්..

:       0       0

මහගමයා Monday, 04 June 2012 08:44 PM

සෞඛ්‍ය ඇමතිතුමත් ඉන්නෙ..

:       0       0

කරනේලිස් ගොයියා Monday, 04 June 2012 09:08 PM

සාදු සාදු සාදු ..තව තව වැඩි වැඩියෙන් පහළවේවා .සැමට දිර්ඝායු .

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 05 June 2012 03:21 PM

ඔබ කරගත් පින සතුටින් අනුමෝදන් වන අතර, සුහද සිතින් යෝජනාවක් කරන්න කැමතියි. සමහර විට මෙය ඔබ අතින් මීට පෙර සිදු වෙලාත් ඇති. ටිකක් වැඩිපුර සල්ලි අතේ ගැවසේ නම්, දිව පිනවා පසුදාම පසට එක්වෙන ආහාර වලින් මිනිසුන්ට සැලකුවාක් මෙන්ම , රටේ තියෙන දුප්පත් පාසල් කිහිපයකට පොත්පත් ටිකක්, රජයේ රෝහල්වලින් නොකෙරෙන ප්‍රතිකාර වලට මුදල් හිඟය නිසා පිළියම් නැතිව සිටින කුඩා දරුවෙකුට පිළිසරණක්, එසේ නැතිනම් වෙනත් ඒ වගේ පින් කමක් කලොත් එය ඔබට මීටත් වඩා මහත්ඵල මහානිසංස වෙන බව නිසැකයි. දිළිඳු පවුල් වලට ගෙවල් හදාදීම නම් මමත් එතරම් ප්‍රමුඛතා කරුණක් හැටියට දකින්නේ නැහැ, මොකද තම පවුලට ඉන්න හිටින්න තැනක් සපයාදීම අනුන් කරන තුරු නොසිට කරගැනීමට පවුලක් ගොඩනගා ගැනීමට පෙර මිනිසුන් උනන්දු විය යුතු නිසා.

:       0       0

ලක්ෂි Wednesday, 06 June 2012 03:40 AM

ගෙවල් හදල දුන්නනම් හොදයි හැබැයි මේ තරම් ප්‍රචාරයක් ලැබෙන්නේ නැති වේවි..

:       0       0

සචින් Monday, 04 June 2012 09:21 PM

ඔහු සැබෑ වනුෂ්‍යයෙක්.. ඔහුට දීර්ඝායුෂ ලැබේවා. මේ මුදල් දුප්පත්ම මිනිස්සු 100කට 50000 ගානෙ අවුරැද්දකට එක වතාවත් දෙනවනම් ඒ මිනිස්සු ජීවිත කාලෙම කෑම කයි කියල හිතනව. එක එතුමට සදා කාලික සතුටක් වෙයි. එතුමට බුදු සරණයි...

:       0       0

සචින් Monday, 04 June 2012 09:27 PM

එතුමාට දීර්ඝායු වේවා !

:       0       0

දුලන ලියනගේ Monday, 11 June 2012 08:11 PM

නමෝ බුද්ධාය! යහපත් චේතනාවෙන් කරන්නාවූ දෙය මහත් පල මහානිසංශ වෙනවා. මෙතුමාට ගොඩක් පින් ලැබේවා !

:       0       0

හසී Monday, 04 June 2012 09:58 PM

මාර දන්සැලක් කලින් දන්නවනම් අපිත් යනවා.....

:       0       0

කුමුදුමලී Thursday, 07 June 2012 12:36 PM

සන්ජීවගේ අදහස් මම අනුමත කරනවා.අද කාලේ අනවශ්‍ය වියදම් අවම කරගත යුතුයි

:       0       0

ලක්ෂිත Tuesday, 05 June 2012 04:07 PM

දුල්ශාන් ෆැෂන් එකේ බඩු ගණන් ,හැබැයි වැඩේ නම් නියමයි...

:       0       0

කැළුම් Monday, 04 June 2012 10:52 PM

‍‍ගොඩක් පින් අතේ වැඩක්.. නමුත් මීට වඩා සතුටක් ලබන්න පුළුවන් වැඩ ගොඩ්ක් කරන්න පුළුවන් ඔය සල්ලිවලින් ... අපේ ලංකාවෙ අසරණ නැතිබැරි මිනිසුන්ට උදව්වක් කරලා..

:       0       0

හසිත Monday, 04 June 2012 11:05 PM

ඔබට සැමදා ජය නියතයි මහත්මයෝ...වැඩි වැඩියෙන් ලැබෙවා...

:       0       0

කුමාර Thursday, 07 June 2012 02:09 AM

ඔබ තුමාට ගොඩක් පින්. අපි හම්බකරන දේවල් වලින් අපිත් මොනවහරි කරන්න ඕන.එතකොට තමයි තව ලැබෙන්නේ...

:       0       0

නයනා Tuesday, 05 June 2012 12:43 AM

සාදු සාදු සාදු !!! .............

:       0       0

මංගල Tuesday, 05 June 2012 12:04 AM

ඔබගේ ව්‍යාපාර කටයුතු තව තවත් දියුණු වේවා .අන් අය මෙය ආදර්ශයට ගනිත්වා.....

:       0       0

සරත් Tuesday, 05 June 2012 01:39 AM

ගෙවල් නැති අයට ගෙවල් 10 ක් හදල දුන්නනම් ඔබ තුමාට ජීවිත කාලෙම මීටත් වඩා සතුටු විය හැකියි....

:       0       0

නලින් Tuesday, 05 June 2012 02:08 AM

ඔන්න දෙනවනම් දන්සැල්....හිතටත් සතුටුයි.පිනත් වැඩියි...

:       0       0

රොෂාන් කොඩිකාර Tuesday, 05 June 2012 04:50 PM

ලක්ෂ 50ක් නෙවෙයි අඩුම ගානෙ රැපියල් 50ක් වත් දෙන්නේ නැති අය මේ වගේ කතා කියන්න එපා.. තෙරැවන් සරණයි.

:       0       0

අලිබබා Tuesday, 05 June 2012 02:16 AM

හිමීට මදිගොඩටයි අත දාන්නේ. හා හා බලාගෙන.

:       0       0

සදුන් Friday, 08 June 2012 11:28 AM

බඩගින්න දුප්පත් පෝසත් කාටත් එකයි.දන්සැලකට යන්නේ හොදට කාලා බඩ පුරෝගන්න.හැමදාම දන්සැල් නෑනේ

:       0       0

රංගා ශානි. Tuesday, 05 June 2012 03:32 AM

ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි.

:       0       0

රොෂාන් Tuesday, 05 June 2012 03:00 AM

ඔබ මනුස්සකම ලොවට කියාදෙනව වගේම අනුන්ගෙ දුක දන්න කෙනෙක්.. දීර්ගායුෂ ලැබේවා.. බුදු සරණයි!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 3 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 80 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 342 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 437 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 266 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 155 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site