රුපියල් හැත්තෑ අට ලක්ෂ විසිපන් දහස් හාරසිය විසි හයක් වටිනා විදේශ මුදල් සහ මැණික් රැගෙන ඉන්දියාව බලා යාමට උත්සහ කළ චීන ජාතිකයෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවෝ 26 සහ 59 වියේ පසුවන බවත් ඔවුහු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ දිල්ලි නුවර බලා යාමට පැමිණ ඇති බවත් රේගුව කියයි..
මොවුන් දෙදෙනාගේ ගමන් මලුවල තිබී ඇමරිකානු ඩොලර් 59,690 ක්, තායිලන්ත බාත් එක් ලක්ෂ තිස්තුන් දහස් හාරසීයක් සහ රුපියල් හාර ලක්ෂ පනස් දෙදාස් අටසීයක් වටිනා මැණික් ගල් තොගයක්ද අත් අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු රේගු අධිකාරී සමන් බාලසුරිය, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් ඩන්කන් හෙට්ටි ආරච්චි, අචල ජයරත්න, කේ. සෝමසිරි, කේ.පී.ඩී.යු කරුණානායක, ජේ.ඩබ්ලිව්.කේ.ජී ප්‍රසාන්ජිත්, ජේ.යු අහංගම, එම්.එස් කණකරත්න යන නිලධාරීහු සිදු කරති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක්ෂ 78 ක රට සල්ලි සහ චීන්නු දෙන්නා සැකපිට
ගෞරියෙල් Saturday, 15 August 2015 03:57 PM
අපේ රටට එන ඕනෑම කෙනෙක් හරිම ඉක්මණට පුරුදුවෙනවා හොරකමට (නි)
සම්පත් Sunday, 16 August 2015 12:33 AM
රේගු නිලධාරීන්ට අපේ ප්‍රණාමය! (නි)