(වී.ඒ. නිශ්ශංක)
හොර පාරෙන් අමෙරිකාවේ සිට ගුවනින් ගෙනා ග්‍රෑම් 1150ක් වන, මුදලින් ලක්ෂ 80ක් පමණ වටිනාකමක් ඇති කුෂ් මත්ද්‍රව්‍ය බහාලූ ගුවන් භාණ්ඩ පාර්සලයක් සීදූව ප්‍රදේශයේ පිහිටි රේගු භාණ්ඩ මුදාහරින රේගු ගුදමේදී අද(10) එහි නිලධාරීන් සිය බාරයට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් විසින් ඉතා සුරක්ෂිතව සිසිල් බීම වර්ග සාදන කුඩා යන්ත්‍රයක් සමග සගවා එවා තිබියදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සොයාගෙන තිබේ. එම යන්ත්‍රය ලෑලි පෙට්ටයක දමා එම ලෑලි පෙට්ටියේ හොර ලාච්චුවක් වැනි කුඩා කුටියක සැක නොසිතෙන ලෙස සගවා කොළඹ ප්‍රදේශයේ එක්තරා ව්‍යාජ ලිපිනයකට එය එවා තිබිණි. එම භාණ්ඩ රැගෙන යාමට කිසිවෙක් පැමිණ නැති බවද අනාවරණය වේ.
එම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට භාරදීමට කටයුතු පිළියෙල කර තිබු අතර වැඩිදුර පරීක්ෂණ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් සිදුකරනු ඇත.
මෙම මත්ද්‍රව්‍ය මේ වනවිට විවිධ ක්‍රමවේද භාවිතා කර ශ්‍රී ලංකාවට ගෙන්වුවද මොන ක්‍රමවේදයට පැමිණියත් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් පැය විසිහතර පුරා දිවා රාත්‍රී කැපවී කටයුතු කරණ බව ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අජිත් දුමින්ද මහතා පැවසීය.
මේ වනවිට තරුණයන් අතර මෙම මත්ද්‍රව්‍ය වේගයෙන් පැතිරී යන බවත් මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් රුපියල් 4,000 සිට 10,000ක පමණ මුදලකට අලෙවි වන බවත් වෙළදපොලේ දැඩි ඉල්ලුමක් ඇති හෙයින් නොයෙකුත් ක්‍රම මගින් මෙරටට ගෙන්වන බවත් ඒ සියලුම මාර්ග හඳුනාගෙන ඇති බවත් එන සෑම ක්‍රමවේදයක්ම අභිබවා ගොස් ඉදිරියේදී මෙවන් වැටලීම් සිදු කරන බවද ඒ මහතා පැවසීය.
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය පාර්සලයක් රේගු ගුදමකදී අල්ලයි
විජේ Wednesday, 10 February 2021 10:17 PM
හරියට ගත්තොත් බෙහෙතක්, දන්නෝ දනිති. සමාජයේ ගොඩක් වගකිවයුතු අය බොහොම එළිපිට පාවිච්චි කරන දෙයක්. පාලකයන් එහි බලය ජනතාව සතුකර ගැනීමට බියෙන් කරන මර්දනයක් දෝයි වරෙක සිතේ...