( ෂේන් සෙනෙවිරත්න )
මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ක මුදලකට ව්‍යාජ මුදල් දමා එම ව්‍යාපාරිකයා පොලිසියට හසුකොටදී ,මුදල් කොල්ලකෑමට උත්සාහ කළ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හතර දෙනකු මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
මහනුවර මූලස්ථාන පොලිසියේ හදිසි ඇමතුම් අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ව්‍යාජ මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට යන බව පවසා රාජකාරී ගමනක් යොදාගෙන කොල්ලකරුවන් සමග එකතු වී කොල්ලය සිදු කිරීමට සැලසුම් කොට ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
ව්‍යාපාරිකයාගේ මුදල් නෝට්ටුවලට මාරු කිරීමට ගෙන ආ බව කියන ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු තොගයක්ද පොලිස් බාරයට ගෙන තිබේ. සැකකරුවන් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ .
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක්ෂ 80 කොල්ලය වරදී:පොලීසියේ දෙකක් ඇතුළු හතරක් මාට්ටු
Senarath Thursday, 16 May 2024 04:00 PM
මේ තත්වය ඉතාම භයානකයි. සාමාන්‍ය මනුස්සයෙක් මේ දූෂිත නිලධාරීන්ට කොටු වුනා නම් මුදලුත් නැතිකරගෙන, හොරෙක් විදියට නමකුත් පටබැදගෙන හිරෙත් යන්න වෙනවා... ඒ නිසා මේ දුෂිතයන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ.
KASUN Thursday, 16 May 2024 04:34 PM
පර පොලිස්කාරයෝ .. මේවගේ කීයක් නම් ඉන්නවද පොලිසියේ . පර හැත්ත. මේවගේ හොර පොලිස් කාරයන්ට සහා උන්ගේ පවුලේ උන්ට හොදක් නං වෙන්න එපා . ශාප වේවා !
සෙනෙවිරත්න Thursday, 16 May 2024 05:23 PM
යුක්තිය මෙහෙයුමක් වගේ, ඕකුන් හදන්න බැහැ, ලොකු කකුළුවෝ දැන් හරියට යන්න හැදුවාට කලින් ඇදේට ගිය බව රටම දන්නවා. බන්දු සහ ටිරාන් පිට කහගන්නවා දෙන්නට දෙන්නා. ටිරාන් ගුවන්තොටේ වීසාවලට කරපු මගඩිය එක්ක බලනකොට මේ මොකක්ද? එහෙම අයගේ උපදෙස් පිළිගනීද ගෝල බාලයෝ?
Perera Friday, 17 May 2024 12:34 AM
නම් දරාපු අපරාධකාරයෙක් පොලිසියේ ලොකු පුටුවක ඉන්නකොට පහළ අය ගැන මොන කතාද?
රේණුක කරුණාරත්න Friday, 17 May 2024 05:17 AM
ලක්ශ 80 ඒ මිනිසුන්ට නැති වුනා වගෙ ද ,අහිංසක මිනිසුන්ට හිරේ යන්න වුනොත් සහ අපකීර්තිය