IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලක්ෂ 9 යත් නැහැ, ගෙදර යන්නත් නැහැ

රුපියල් ලක්ෂ නමයක් ඒජන්තවරයෙකුට පුද කොට නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාව බලා ගොස් වසර 3 ක් එහි තැන තැන රැකියා කළ ශ්‍රී ලාංකිකයෙක් එරටින් පිටුවහල් කොට  ආපසු  මෙරටට එවනු ලැබ සිටියදී  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු 2012 ජුනි 14 වෙනි දා තවත් 27 දෙනෙකු සමග බෝට්ටුවක නැගී ඕස්ට්‍රේලියාව බලා ගොස් තිබේ.

මේ සදහා ඔහු ඇතුළු පිරිස රුපියල් ලක්ෂ නමය බැගින් උඩප්පුව ප්‍රදේශයේ ඒජන්තවරයෙකුට ගෙවා ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.

ඕස්ට්‍රේලියාවට ගිය පසු කණ්ඩායම වෙන් වී ඇති අතර සැකකරු  එතැන් සිට එහි  නිවෙස් වල විවිධ වැඩ කරමින් වසර තුනක පමණ කාලයක්  එහි ගතකර ඇත. පසුව එහි  ගෙවන ජීවිතය පිළිබද කළකිරී නැවත ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බව ඔහු එරට බලධාරීන්ට දැන්වීමෙන් අනතුරුව මෙලෙස ආපසු මෙරටට පිටුවහල් කර තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපරේතමේන්තුව මේ  පිළිබද කරන ලද මුලික විමර්ශණ වලින් අනතුරුව සැකකරු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

ලක්ෂ 9 යත් නැහැ, ගෙදර යන්නත් නැහැ

ජයන්ත Friday, 05 June 2015 06:12 AM

බෝට්ටුවෙන් ආ උදවියට ටික කලක් යනවිට ආ හැටි මතක නැතිවෙනවා. මෙහෙම ආ හාදයෙකුට අපි අනුකම්පා කරලා අන්තිමට අපේ අසල්වැසි ඉන්දියානු තරුණියක පස්සෙන් ගිහින් අපි අසල්වැසියන්ගේ හොඳකමට පොලිසි නොගිහින් බේරුනේ. අපි හොඳ පාඩමක් ඉගෙනගත්තා (නි)

:       0       0

මොහාන් Friday, 05 June 2015 06:27 AM

හිතවත් ජගත්, ඔබ වැඩ අරගෙන පොඩි ගණනක් දෙන්නේ එයා ලංකාවේ කෙනෙක් නිසාද? නැත්නම් ඔයා ලංකාවේ කෙනෙක් නිසාද? (නි)

:       0       0

ලසිත Friday, 05 June 2015 06:52 AM

මෙහෙම පැමිණි තරුණ කාන්තාවකට අනුකම්පා කළ අපි දන්නා පවුලක තරුණ දුවට තව පොඩ්ඩෙන් තමන්ගේ සැමියාවත් නැතිවෙනවා. ඒ නිසා අපි දැන් බෝට්ටුවෙන් එන කට්ටියට උදව් කරන්නේ දෙතුන් පාරක් හිතලා. (නි)

:       0       0

ඉදුනිල් Friday, 05 June 2015 03:39 PM

බෝට්ටුවෙන් එන හැමෝම එක වගේ නැහැ. අපිත් උදව් කරලා තිබෙනවා රැකියා දීල. ඒ මිනිස්සු මහන්සි වෙලා වැඩය හොඳින් කළා. නැති බැරි කමටනේ එන්නේ. ලංකාවේ සමහරුන්ට ලංකාවෙන් එන අයට ගරහන්නේ නැතුව ඉන්නම බැහැ. වැඩි දෙන කියල තිබුනේ දේශපාලුවන්ගේ මරණ තර්ජන නිසා ආව බවයි. ඉතින් බොරු නොවෙයිනේ.(කේ)

:       0       0

කුමාර Friday, 05 June 2015 07:11 AM

නීත්‍යානුකූලව ආ බොහෝ අය විඳවන විඳවිල්ල දන්නවා නම් කවුරුත් මෙහේ එන්න උත්සාහ කරන්නේ නැහැ. චීනුන්ටයි, ඉන්දියන් අයටයි, අප්‍රිකානු රටවල අයටයි මේවා සුරපුරවල්. ලංකාවේ මිනිසුන් අතර රැකියාව, දේපල, කුලය පිළිබඳ මහන්තත්තකම දුරුවුණ දවසට ප්‍රශ්න බොහොමයකට පිළිතුරු ලැබේවි. (නි)

:       0       0

නාමල් Friday, 05 June 2015 07:23 AM

මේ අයට අනුකම්පා කලයුතුයි. මෙහෙම යන්නේ ලංකාවේ රැකියාවක් නැතිව දුක්විදින නිසා. මොහු වියදම් කල ලක්ෂ 9 ආපිට හොයාගන්න ඇතියි කියල හිතනවා. කරන්න ඔනෑ නීත්‍යානුකූලව රට ගිය අය මේ අයට ගරහන එක නෙමේ. ලංකාවේ අයට රැකියා අවස්ථා ලබාගන්න උදවුකරන එක. ලංකාවෙන් නිදහස් අධ්‍යාපනය ලබා පලවන ලෝකයේ රටවලට සංක්‍රමනය වුනු බොහෝ දෙනෙක් අපේ රටට සතයකවත් අයෝජනයක් කරන්නෑ. (ර)

:       0       0

යශෝද් Friday, 05 June 2015 07:35 AM

කොච්චර කිවුවත් වැඩක් නැහැනේ! (නි)

:       0       0

විජයබාහු Friday, 05 June 2015 07:38 AM

ජගත්, ජයන්ත, ලසිත කියන කතාව ඇත්ත. ලංකාවේ මිනිසුන්ට තියන ලොකු ප්‍රශ්නයක් තමයි කාලගුණය අමතකවීම. ගොඩක් රටවලදී ඕක වෙනවා. (නි)

:       0       0

නිලංග Friday, 05 June 2015 07:50 AM

නාමල් නිකන් කරුණු නොදැන කතා කරන්න එපා. අපි ලංකාවේ කරන අපයෝජන සමාජ සත්කාර අපි අඬ බෙර ගසමින් කරන්නේ නැහැ. මේ බෝට්ටුවෙන් එන කට්ටිය ලංකාව ගැන මෙහෙ සංක්‍රමණ නිලධාරීන්ට කියන අමුලික බොරු ඔබ දන්නවා නම් ඔහොම කියන්නේ නැහැ. (ර)

:       0       0

ලලිතා Friday, 05 June 2015 08:02 AM

කියන්න තියෙන්නේ මෙච්චරයි . බෝට්ටුවෙන් එන කට්ටිය කරන්නේ මෙහෙ ඉන්න ලංකාවේ සිසුන් කරන අර්ධ කාලින රැකියා අඩු ගානට කරන්නම් කියලා ඒ ළමයින්ගේ ජොබ් එකට විදිනවා . රජයේ දීමනාවෙන් බාර් ගානේ බිලා කලබල කරනවා. සමාජගත වුන විට හැසිරෙන පිළිවෙල අන්තිමයි. මේ ලඟදි අපේ පැත්තේ කෙනෙක් හොර උපාධි සහතිකයක් මගින් රැකියාවකට ඉල්ලලා සම්මුඛ පරීක්ෂණයේදී අහු වෙලා. මේවගේ අයටද උදව් කරන්න කියන්නේ ? (ස)

:       0       0

නිෂේන් Friday, 05 June 2015 08:11 AM

නාමල් අපි එවන සල්ලි , වෙනත් ආධාර තියනවද කියලා බැංකු ටික පෙරලලා බලලද ඔය කියන්නේ . අපි දේශපාලුවෝ වගේ උත්සව තියලා මාධ්‍ය කැඳවලා ඔය දේවල් කරන්නේ නැහැ. කරන සමාජ සේවයක් නිහඬව අප්‍රසිද්ධියේ කරනවා මිසක්. (ස)

:       0       0

නාමල් Friday, 05 June 2015 08:25 AM

නිලංග මමත් ඉන්නෙ මෙල්බර්න් වල තමා.. මට මෙහෙ ඉන්න ලාංකිකයො ගැන උගන්වන්න හදන්න එපා... මේ අය ලංකාව ගැන බොරු කියල හරි බෝට්ටුවෙන් පනින්න හදන්නේ මම ඉහත කී හේතු නිසා...බොරුවට දගලන්නේ නැතිව මා ලියා ඇති දේ ආයෙත් කියවන්න (බ)

:       0       0

නාමල් Friday, 05 June 2015 08:25 AM

නිලංග මමත් ඉන්නෙ මෙල්බර්න් වල තමා.. මට මෙහෙ ඉන්න ලාංකිකයො ගැන උගන්වන්න හදන්න එපා... මේ අය ලංකාව ගැන බොරු කියල හරි බෝට්ටුවෙන් පනින්න හදන්නේ මම ඉහත කී හේතු නිසා...බොරුවට දගලන්නේ නැතිව මා ලියා ඇති දේ ආයෙත් කියවන්න (බ)

:       0       0

ලුම්බිණි Friday, 05 June 2015 09:05 AM

ඒ කාලේ බෝට්ටු ව්‍යාපාරය කරගෙන ගිය ප්‍රසිද්ධ උදවිය මේ අය ලංකාවට ආවට පස්සේ උදවු කළ යුතුයි. (ම)

:       0       0

අශේන් Friday, 05 June 2015 09:56 AM

ඩන්ඩ්නොන්ග් කියලා ප්‍රදේශයක් තියනවා . ඒ පැත්තේ බෝට්ටු කාරයෝ හරියට වැල්ලේ වගේ රණ්ඩු වෙන්නේ. ගෙවල් වල ගැහැණු අය මිදුල් වලට බැහැලා රණ්ඩු වෙනවාලු. (ර)

:       0       0

සශි Friday, 05 June 2015 10:13 AM

අපි අනන්තවත් ලංකාවෙන් සංක්‍රමණය වුන කට්ටියට උදව් කරලා තිබෙනවා. හැබැයි කනගාටුයි කියන්න බෝට්ටුවෙන් ආපු කට්ටියට උදව් කරන්න ඕන බොහොම ප්‍රවේශමෙන්. ඔය නාමල්ට හරි ලේසි ඇති මෙහෙ ඉන්න උගත් ලාංකිකයන්ට දොස් කියන්න, හැබැයි ඒ මිනිස්සු නිසා තමයි ලංකාවේ හොඳ නම මෙහෙමවත් තියෙන්නේ. නැති නම් අපේ රට බෝට්ටුවෙන් එනමිනිස්සුන්ගේ බොරු නිසා ගෝත්‍රික රටක් ගානට වැටිලා. (ර)

:       0       0

විභූති Friday, 05 June 2015 05:18 AM

අපිට නම් මේ රටේ හිඟාකෑවත් සැපයි (නි)

:       0       0

ජනක Friday, 05 June 2015 05:17 AM

නීත්‍යානුකුලව වෘත්තීය සුදුසුකම් ඇතුව එහි ගිය අයටත් රැකියාවක් එකපාරට සොයාගන්න අමාරුයිලු. මේ විදියට එහෙ එන්න එපා කියලා හැම පැත්තෙන්ම දැනුවත් කළත් මේ මිනිස්සු තවමත් මෝඩකම් කරනවා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Friday, 05 June 2015 05:29 AM

බොරු පොරොන්දු වලට රැවටෙනවා.හොරුන්ට අහුවෙනවා. අන්තිමට සල්ලිත් නැහැ. මවපු සිහිනත් සැබෑ වී නැහැ.ඒ සල්ලි ටික තියාගත්තා නම් ලංකාවේ මොනවාහරි කරලා ජීවත්වෙන්න තිබුනා. මේවා ඔය වාගේ දේවල් කරන්න යන අයට හොඳ පාඩම්. (නි)

:       0       0

මේනක Friday, 05 June 2015 05:37 AM

ඕස්ට්‍රේලියාවේ අපි දන්නා කෙනෙක් කිව්වා ලාංකික දොස්තර කෙනෙක් රැකියාවක් නැතුව මහලු නිවාසයක සාත්තුකාරයෙක් විදියට වැඩ කරනවාලු. ඒ උදවියටත් එහෙම නම් මේ වගේ මෝඩ මිනිස්සු ගැන කවර කතාද? (නි)

:       0       0

ලංකා Friday, 05 June 2015 05:54 AM

'අපිට නම් හිඟාකෑවත් සැපයි' ලු. මොහු මව්බිමේ විභූතිය හඳුනා නොගත්තෙක්. (නි)

:       0       0

ජගත් Friday, 05 June 2015 05:57 AM

දැන් ඔස්ට්‍රලියාවට මේ විදියට එන අයට කරන්න කිසිම දෙයක් නැහැ. අපිත් ලංකාවේ කමට අනුකම්පා කරලා අපේ ගෙවල් වල වත්ත පිටියේ වැඩ වලට එයාලව අරගෙන පොඩි ගානක් ගෙවනවා. එත් නිත්‍යානුකුලව එයාලට වැඩ කරන්න බැහැ. ඒ නිසා බෝට්ටුවලින් මෙහෙ එන එක කරන්න එපා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 599 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 317 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1647 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 427 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2539 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site