(විමුක්ති එස් රුද්‍රිගු, ගයාන් තිවංක සහ කවිඳු දිල්ෂාන්)
නවසීලන්තයේ අධ්‍යාපනය සඳහා පැමිණෙන විදේශ සිසුන් අයත් ප්‍රධාන රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් වන බවත් ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන ශිෂ්‍යයන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව නවසීලන්ත දේශපාලන අධිකාරිය මෙන්ම නවසීලන්ත විශ්ව විද්‍යාලද සතුටෙන් පසුවන බවත් මෙරට නවසීලන්ත මහා කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා පසුගියදා පැවති වටමේස සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
වැඩි වශයෙන් පැමිණෙන්නේ පශ්චාත් උපාධි සඳහා වුවත් ඉදිරියේදී උපාධි අපේක්ෂාවෙන් සිටින සිසුසිසුවියන් දක්වා එම ප්‍රවණතාව වර්ධනය කර ගැනීමට අදහස් කරන බව ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන සිසුන් නවසීලන්තයේදී අගය කොට සළකන බවත් නවසීලන්ත මහා කොමසාරිස් කාර්යාලයේද සහයෝගය ශ්‍රී ලාංකික සිසුන්ට ලැබෙන බවත් මහා කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
නවසීලන්තයේ අධ්‍යාපනය හදාරන්නන් සඳහා මේ වනවිට මාර්ගගත කණ්ඩායමක් පිහිටුවා තිබෙන බවත් එහිදී සියල්ල මුණ ගැසෙන බවත් කොමසාරිස්වරයා පැවැසුවේය.
දෙරට අතර භාණ්ඩ මෙන්ම සේවාද ප්‍රවර්ධනය කිරීමට මහා කොමසාරිස් කාර්යාලය බලාපොරොත්තු වන බවත් ඒ යටතේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන අංශ කීපයක් තිබෙන බවත් ඩේවිඩ් පයින් මහතා ප්‍රකාශ කළේය.
ඉන් ප්‍රධාන තැනක් දෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා හිමිවන බව ඔහු පැවැසුවේය.
රුපියල් කෝටි 15000කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණය වංචාව නාස්තිය සහ කල් මැරිල්ල හේතුවෙන් අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව
තලවිල සිට මීගමුව දක්වා ගමන් ගත් පිරිසක් රැගත් ත්‍රිරෝද රියක් මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් මවක සහ දියණියන් දෙදෙනෙකු මියගොස් ඇති බ
කොළඹ - මහනුවර මාර්ගයේ මහනුවර දෙසට ධාවනය වූ සැකසහිත ලොරි රථ දෙකක් පරීක්ෂාවට ලක් කිරීමේදී එම රථ තුළ තිබී කිලෝ 1460 ක බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත
මුදල්, කර්මාන්ත සහ ධීවර යන විෂයන් ඇතුළත් අමාත්‍යංශ එකතුව උතුරු පළාත තුළ නව කර්මාන්ත සැළසුමක් සහ ආයෝජන රැසක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් දිගින් දිගටම අධිකරණ නියෝගය මගහරින්නේ නම් ඔහුගේ දේපොළ තහනම් කිරිමට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1008 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන අතර දී අද (9) පස්වරුවේ පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ලක් සිසුන්ගේ හැදියාව ගැන නවසීලන්තය සතුටින්
Neel Sunday, 09 March 2025 03:11 PM
අහන්නත් සතුටුයි.
ලයනල් Sunday, 09 March 2025 04:12 PM
හැදියාව බලන්න තිබුණා ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල ජවිපෙ සහ පෙරේට්ටන්ගේ අනුග්‍රහයෙන් රඟ දක්වන අමානුෂික නවක වදය දුටුවා නම්. ඒ විෂබීජ දෙක විසින් තරුණයින්ගේ අධි වේගය ඔවුන්ගේ දුෂ්ට අරමුණු වෙනුවෙන් භාවිතා කර ඇති අන්දම අවබෝධ කරගත්තා නම්. එසේම, පාසල් මහා ක්‍රිකට් තරග සමයට කොළඹ සහ අනෙක් නාගරික පළාත්වල සැරිසැරුවා නම් පාසල් දරුවන්ගේ විනයගරුක බවත් දැක ගන්න පුළුවන්. වෙලාවක් තිබේ නම් ටියුෂන් පන්ති පැත්තෙත් ගිහින් බලන්න...
බකල ජයා Sunday, 09 March 2025 05:21 PM
ගුණාත්මක භාවය කියන්නෙ හැදියාවද (ගුණගරුක බව) එහෙම නැත්නම් ශිෂ්‍යයන් විදිහට දක්වන දක්ෂතාවයද කියලා දන්න කෙනෙක් කියනවාද?
චතුරි Sunday, 09 March 2025 07:16 PM
මොනවා වුණත් පරිස්සමින්. කැනඩාවේ. ජපානයේ. පවුල් පිටින් මැරුවේත් ඔය වගේ... අය ඉස්සර නම් හිටියා ලන්කාවේ මිනිස්සු. රත්තරන්... දැන් ඉන්න කට්ටිය අන්තර්ජාලයත් සමග නිතරම ඉන්න නිසා. වහා ඇවිලෙන සුළුයි. විශ්වාස කරන්නත් අමාරුයි.