IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලොකු අයියා ලංකාවෙ නව රජයට කැමතියි

නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ  අමාත්‍ය මංගල සමරවීර   අද  (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී න්දීය අගමැති නරේන්ද්‍ර මෝදි  හමුවිය.

කලාපීය හා ජාත්‍යන්තර අවධානය යොමු වූ මැතිවරණයක් සාමකාමීව නිම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාව ඇගයීය යුතු බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ හා  රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ජයග්‍රහණයට සුබපැතුම් එක් කරන බවත් ඉන්දීය අගමැති  මෝදී  ප්‍රකාශ කළේය.

ජනතාව දුන් ඡන්දය ශ්‍රී ලංකාවට එක්සත් බව හා වෙනසක් ඇති කරනු ඇති බවත් මෝදී කීවේය.

ජනපතිගේ ජයග්‍රහණය අසල්වැසි රට හා සෑම අවස්ථාවකම සත්‍ය මිතුරෙකු වූ ශ්‍රී ලංකාවට  ප්‍රතිසන්ධානය, සාමය හා සංවර්ධනය ගෙන එනු ඇතැයි ද ඒ සඳහා සෑම අවස්ථාවකම ඉන්දීයාවේ සහයෝගය  දීමට සූදානම් බව ද ඉන්දීය අගමැති කීවේය.

සෑම ජන කොටසක්ම නියෝජනය වන පරිදි ඇමැති මණ්ඩලය පත් කිරීම ද මෝදි අගය කළේය.

දෙරටේ සංචාරයකට කළ ඇරැයුම නායකයන් දෙදෙනාම පිළිගත් බව ඉන්දියා මාධ්‍ය කියයි.

391040-01-02



අදහස් (0)

ලොකු අයියා ලංකාවෙ නව රජයට කැමතියි

ගයාන් Tuesday, 20 January 2015 06:27 AM

ජෝන් ,ඔයා මොනවද දන්නේ? මාතර නෙමෙයි මුළු රටම හැදුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි. (නි)

:       0       0

ගමගේ Monday, 19 January 2015 10:30 PM

සත්‍යපාල නිවැරදියි (නි)

:       0       0

හෆීල් Monday, 19 January 2015 11:12 PM

ඉන්දියාවට 13 අමතක වෙන්නෙම නැහැනේ. 13 ගැන ඇහුවත් කියන්න තියන්නේ 13ට වඩා 19 ශක්තිමත් කියලයි. (නි)

:       0       0

චාමින්ද Monday, 19 January 2015 11:31 PM

විශ්ව විද්‍යාලයේ කතාවක් තියනවා "හලෝ චෙරියෝ' කියලා. ඉන්දියාව කියන්නේ දැක්කහම හලෝ කියලා ගෙදරට ගන්නේ නැතුව ආශ්‍රය කරන්න ඕනෑ යාලුවෙක්. අතේදුරින් තියාගන්න තරමට වඩා හොඳයි. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 20 January 2015 12:29 AM

මෙහෙමත් කීකරුකමක්! (නි)

:       0       0

සත්‍යපාල Monday, 19 January 2015 12:55 PM

කවුරුත් ඕනවට වඩා විශ්වාස කරන්නටවත් අනුන්ට චරිත සහතික දෙන්නටවත් හදන්න එපා. ලොකු අයියල එයාලගේ වැඩ කරගන්නේ එයාලට වාසි වෙන්න. පොඩි මල්ලිත් දැනගන්න ඕනේ තමනුත් හැමදාම අයියා අයියා කියමින් තොත්ත බබාලා නොවී ලොකු අයියලාගෙන් ලොසින්ජර ඉල්ලමින් නොසිට කොහොමද මස්සිනා කියන ගානට පෞර්ෂයක් ගොඩනගාගන්න. කරුණාකර ලොකු අයියා කියමින් මගේ රටේ අයගේ පෞර්ෂය බිඳ දමන එක දැන්වත් නවත්වන්න. අපි පොඩියි,දුර්වලයි,යටහත්,අපිට බෑ කියන තැනට ආපසු රට ගෙනයන්න එපා. ජාතියක් ලෙස අභිමානයක් ඇතිව ජීවත්වන්නට මිනිසුන්ගේ හිත් ශක්තිමත් කරන්න බලන්න. කාලයක් යුද්දය දිනන්න බෑ කියන තැනට අපි පත් කරෙත් මෙලෙසයි. කරුණාකර මේ වරද අදින් පසුවවත් නතරකරන්න. (නදී)

:       0       0

ක්‍රිස්ටෝපෙර් Monday, 19 January 2015 01:08 PM

ලොකු අයියා කැමති නොවී කොහොමද ?. වැඩියෙන්ම බර ඇද්දේ එහෙන් නොවැ (නදී)

:       0       0

ශාම් Monday, 19 January 2015 01:09 PM

මේවා හොද දේවල්. අසල් වැසි රටවල් එක්ක හොඳ සහයෝකගයකින් වැඩ කළ යුතුයි. සුබ අනාගතයක් ශ්‍රී ලංකාවට (නදී)

:       0       0

සත්‍යපාල Tuesday, 20 January 2015 12:59 AM

“මම කියන දේ අහනවද? “ඔව්..” එහෙනම්.... ?? (නි)

:       0       0

නිපුණ Tuesday, 20 January 2015 08:32 AM

මෙතැන අදහස් දක්වා ඇති අය විදෙස් සම්බන්ධතා ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ. (නි)

:       0       0

ජෝන් Monday, 19 January 2015 01:45 PM

අපි කොච්චර බැන්නත් එක දෙයක් ඇත්ත. මාතර අද තියෙන සංවර්දනයට මුල මෙයා තමයි. ගාල්ල දකුණේ අග නගරය වෙලත් මාතර තරම් දියුණු නැහැ. හරි බඩුවක් මුට්ටුවක් ගන්න, රජයේ වැඩක් කරගන්න මාතරටම එන්න ඕනා. (නදී)

:       0       0

බංඩාර Monday, 19 January 2015 02:04 PM

ලොකු අයියා උනේ කොහොමද? මම දන්නේ නැති නිසයි අහන්නේ. (නදී)

:       0       0

අසංක Monday, 19 January 2015 02:47 PM

අනේ කරුණාකරලා දැන්වත් නිදහස් වෙමු. ඉන්දියාවට තියෙන ගැතිකම් අත් හරිමු. නිදහස් නිවහල් රටක් ජාතියක් විදිහට හිතන්න පුරුදු වෙමු. (නදී)

:       0       0

කුමාර Tuesday, 20 January 2015 03:09 AM

මේවා දකින , අහන අපිටම බැනගන්න ඕනෑ. දේශපාලනයේ ඇත්ත තමා ඔය දකින්නේ. රටේ අභිමානය අපි අපිම නැතිකරගන්න නරකයි (නි)

:       0       0

මුත්තු Monday, 19 January 2015 03:59 PM

මැති ඇමැතිවරුන් ඕන රටකට ගියත් පදිංචි උනත් කමක් නැහැ.මේක නිදහස් නිවහල් රටක්.(දිල්)

:       0       0

කුමාර Monday, 19 January 2015 04:14 PM

මේ හැමදෙයකම ප්‍රතිපල ශ්‍රී ලංකික අපි හැමෝටම අනාගතයේ අමතක නොවන්න. වගේම කරගන්න මෝඩකම් වලට පරම්පරා ගණනකට දුක් වෙන්න (දිල්)

:       0       0

ඩයස් Tuesday, 20 January 2015 03:55 AM

මින් ඉදිරියට ලංකාව පාලනය වෙන්නේ අල්ලපු රටේ ලොකු අයියාට ඕනේ විදිහට තමයි. ලංකාවට දෙවියන්ගේම පිහිටයි.(හේ)

:       0       0

මාතර Monday, 19 January 2015 04:42 PM

මංගල ගියා කියන්නෙ ඕනෑම වැඩක් ගොඩ කියන එකනෙ. (ස)

:       0       0

දිනේෂ් Monday, 19 January 2015 05:01 PM

අපි කවදාද මේ ගැතිකම් අතහැර නිදහස් රටක් වෙන්නේ (නි)

:       0       0

මංගල Monday, 19 January 2015 05:17 PM

අනේ ඇත්තට එක්කෙනෙක් ඉන්දියාවෙ කෝවිල් ගානෙ ගිහින් නැත්තට නැති උනා. මෙයාලත් ඔන්න පටන් ගත්තා. කරුණාකරලා සිංහල ජනතාවගේ ඡන්ද බාල්දු කරන්න එපා. කොහොමත් මේ යූඑන්පී සහ ශ්‍රීලංකා යන පක්ෂ දෙකේම අයගේ තියෙන ගැතිකම් නම් තවම ඇරිලා නැහැ. ඉන්දියාව 1505න් පස්සේ ලංකාවට කිසිම අතකින් උදව් වෙලා නැහැ. උඩින් මිතුරු යටින් හතුරු මිසක්. (නදී)

:       0       0

රසිකා Monday, 19 January 2015 05:59 PM

ලොකු අයියා සතුටෙන් පිනාගිහින්. (නි)

:       0       0

රත්නායක Tuesday, 20 January 2015 04:59 AM

ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නයි?ඔය ලොකු අයියා එන්නේ අපිට ආදරේට නම් නොවෙයි?13 සාක්කුවේ දාගෙන ඇති? (බ)

:       0       0

ප්‍රියන්ත Monday, 19 January 2015 06:13 PM

මංගල මහත්තයා අව්වේ ඉදලම කලු වෙලා (නදී)

:       0       0

සල්ගාදු ප්‍රංශය Monday, 19 January 2015 06:18 PM

නරේන්ද්‍ර මෝඩි අගමැති හිටපු මන මෝහන් සින්ග් වාගේ නොවෙයි කෙලින් කතා කරන කෙලින් වැඩ කරන කෙනෙක්. ඔහුගෙන් ලංකාවට යහපතක් මිස අවැඩැක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

රාජා ගුණවර්ධන Tuesday, 20 January 2015 05:44 AM

ඉන්දියාව අපි දියුණු වෙනවට කැමති නැහැ. ඒ නිසයි එයාලා මහින්ද මහත්තයාට අකමැති. දැන් ඔලුව අතගෑවට ප්‍රවේශමෙන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 747 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 273 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1453 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2670 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 216 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1537 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site