IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ලෝක ආර්ථික සමුළුවට අගමැති යයි

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා (16) ස්විට්සර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

ජනවාරි 17 සිට 21 දක්වා ස්විට්සර්ලන්තයේ ඩෙවොස් නගරයේ දී ලෝක ආර්ථික සමුළුව පැවැත්වේ. ඒ සඳහා රටවල් 40කට අධික ප්‍රමාණයක නායකයෝ එක්වෙති. අගමැතිවරයා ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින් හා ජාත්‍යන්තර ව්‍යවසායකයින් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතය. අගමැතිවරයා සමග මුදල් ඇමැති රවී කරුණානායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම හා විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ටද මේ සඳහා ආරාධනා ලැබී ඇත.



අදහස් (0)

ලෝක ආර්ථික සමුළුවට අගමැති යයි

තිළිණ Sunday, 15 January 2017 01:46 PM

කපිල, හැමදේම පුද්ගලික අංශයට විකුණලා ලාබ ගන්නනම් ආණ්ඩුවක් ඕනේ නැනේ..බලයට එන්න කලින් ඕව කීවානම් ඉවරය්නේ. (බ)

:       0       0

දහම් Sunday, 15 January 2017 01:50 PM

ලෝකේ රවුම් කියල තාම තේරුනේ නැද්ද? එහෙනම් තව යන්න. දෙන්නත් එක්ක තරගෙට. (බ)

:       0       0

මංජුල Sunday, 15 January 2017 01:51 PM

කපිල,මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ පුද්ගලික කරනවාට ,නමුත් මම විරුද්ධ රටට අවාසියක් වෙන විදියට විකුණන් කනවට, යුරෝපයේ තහනම් කරන කර්මාන්ත ආසියාවේ පටන්ගැනීම තුලින් පරිසරයට සිදුවන විනාශය පහසුකම් නොමැතිනිසා අපිට අවම කරගැනීමට නොහැක. (බ)

:       0       0

අංගොඩ ලාල් Sunday, 15 January 2017 03:01 PM

අශාන් ඔබ හරියටම හරි . ලෝකයේ දියුණුයි කියල පිළිගන්න හැම රටකම ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නේ පුද්ගලික අංශයේ දායකත්වයෙන් මිසක් රාජ්‍ය මැදිහත්වීමෙන් නොවෙයි . රජය කරන්නේ මේ පුද්ගලික ආයෝජනවලට පහසුකම් සකස් කිරීම සහ නියාමනය කිරීම .සුබසාධන ගැන වැඩි බලාපොරොත්තුවක් තියෙන අපේ රටේ ආර්ථික ව්‍යුහය තුල මේවා ක්‍රියාත්මක කිරීම දුෂ්කර කාර්යක් වුනත් යථාර්ථය නම් ඉතා ඉක්මනින්ම අපි මේ අභියෝගයට මුහුණ නොදුන්නොත් අපිට අනාගතයක් නැහැ කියන එක (බ)

:       0       0

අශාන් Sunday, 15 January 2017 05:20 PM

මට නම් බයයි. අපිවත් විකුණලා ඒවිද දන්නේ නැහැ (නි)

:       0       0

සිරි Sunday, 15 January 2017 08:01 PM

මෙයාලා බැලුවොත් ඉන්නේ උඩුගුවනේමනේ. (නි)

:       0       0

කෝනාර Sunday, 15 January 2017 08:25 PM

අගමැතිතුමනි, ඔබට සුබ ගමන්! (නි)

:       0       0

ශානක Sunday, 15 January 2017 10:18 PM

ආසියාවේ හොඳම මොළය එතන ඉන්නම ඕනෑ. (නි)

:       0       0

ලුම්බිණි Sunday, 15 January 2017 11:53 PM

බොහොම හොඳයි. අගමැතිතුමා ජනවාරි වල තවම කොහෙවත් ගියේ නැත්තේ මොකද කියලයි මම බල බලා හිටියේ. (නි)

:       0       0

බන්දුල Monday, 16 January 2017 10:57 AM

ඩිගිටල් අලුත් බැලුන් අරන් එවි නේද.? (ර)

:       0       0

ජනහිත Monday, 16 January 2017 03:43 AM

ඕකෙන් පස්සේ නම් අපේ ආර්ථිකය හොදටම වර්ධනය වෙනවා. දැන් තියනවටත් වඩා. (ම)

:       0       0

සමන් Sunday, 15 January 2017 08:00 AM

ලොක්කෝ දෙන්නගේ වැඩේ මාරුවෙන් මාරුවට ලෝකේ වටේ යන එකනේ (බ)

:       0       0

මිස්සක Sunday, 15 January 2017 07:58 AM

තවත් විකුණන්ට පුළුවන් මොනවද කියල බලාගෙන එන්ට වෙන්න ඇති (බ)

:       0       0

ගයාන් Sunday, 15 January 2017 08:13 AM

අගමැතිතුමා ලංකාවේ ඔක්කොම ආයතන ටික විකුණන්නේ කොමද කියල ඉගෙන ගන්න යනවා ඇති. (බ)

:       0       0

ඇසළ Sunday, 15 January 2017 08:42 AM

යන කට්ටියට අඩු මහේන්ද්‍රන් විතරයි.කොහොම වුනත් නිකමටවත් එහෙ තියන මහා බැංකුව පැත්තේ එහෙම යන්න එපා. (බ)

:       0       0

අශාන් Sunday, 15 January 2017 08:49 AM

කට්ටිය නොදන්නා කමට කෑ ගැහුවට අපි ජීවත් වෙන දියුණු රටවල හැමදෙයක්ම පවතින්නේ පුද්ගලික අංශයේ තමයි.එ්කෙන් රජයට විශාල මුදලක් ඉතුරු වෙනවා වගේම ඒ මුදල් සුබසාදන කටයුතුවලට යොදවන්න පුළුවන්. ඒ වගේම පුද්ගලික ආයතනවල කාර්යක්ෂමතාවයත් ඉහළයිනේ (බ)

:       0       0

ලක්විදු Sunday, 15 January 2017 08:54 AM

ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ..........(බ)

:       0       0

රම්සි Sunday, 15 January 2017 08:55 AM

හරිනුත් යනවද? හ්ම් ....හ්ම් .....! (බ)

:       0       0

සිංහ Sunday, 15 January 2017 09:03 AM

පොදු දේපල වෙලදාම් මුදලාලියෙක් මොකටද ආර්ථික සමුලුවලට යන්නේ.ලංකාවේ තව ඉඩම් තියනවා,කැලෑ තියෙනවා ඒවා ටික මැනගන ගියානම් තමයි හොඳ (බ)

:       0       0

මංජුල Sunday, 15 January 2017 09:38 AM

හොඳින් මතක තියාගන්න ලෝකයේ දියුණු රටවල් කැමති නැහැ අාසියාවේ රටවල් දියුණු වෙනවාට. අපි රජ වෙනකොට යුරෝපයේ රටවල මිනිසුන් හිටියේ ගල්ලෙන් වල සතුන්ගේ ලොම් ඇඳගෙන (නි)

:       0       0

ශෂී Sunday, 15 January 2017 10:04 AM

යනවා එනවා ,අාපහු යනවා මොනවද රටට කළේ? අපිට ගහන්න ඕන (බ)

:       0       0

ප්‍රියාන් Sunday, 15 January 2017 10:20 AM

තව මොනවද විකුණන්නේ කියල අදහස් අරන් එන්න වෙන්න ඇති මේ යන්නේ..(බ)

:       0       0

රත්න Sunday, 15 January 2017 10:30 AM

අනේ අගමැතිතුමෝ, ඔබ යුරෝපයේ ඉන්න වෙලාවේ තව මර්සිඩිස් බෙන්ස් හරි වොල්වෝ හරි ෆියට් හරි ෆැක්ටරි එකක් ලංකාවේ අරින්න කතා කරගෙන එන්නකෝ. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවත් කොට උඩ ගිය නිසා.(බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 15 January 2017 11:21 AM

මේ සැරේ සිංහරාජෙටත් ලංසුවක් තියාවි වගේ. සිංහරාජේ විකුණුවොත් මුළු ඇමති මණ්ඩලයම ගොඩ. පසුකාලීනව විල්පත්තුවේ සහ යාල ඉන්න දිවියෝ, අලි සහ මුව පොව්වෝ ටික විකුණන්න පුලුවන්නේ. අනතුරුව සීගිරියත් ගූගල් සමාගමට බැලුන් අරින්න විකුණන්න පුලුවන්. ඩිජිටල් ඇමති ආර්ථික සමුළුවේ සෑහෙන වෙනසක් කරයි වගේ (නි)

:       0       0

වින්සන්ට් Sunday, 15 January 2017 11:24 AM

හිටපු අය නෑගම් ගියා වගේ මේ අයත් නෑගම් යනවා. ඒගොල්ලෝ උකස් කරලා කොමිස් ලැබුවා වගේ මේගොල්ලෝ විකුණලා එය ලබනවා. මේ කාගේත් පිනට පව කරගසන අයට කවදාවත් මේක දැනෙන්නෙත් තේරෙන්නෙත් නැත. (නි)

:       0       0

කපිල Sunday, 15 January 2017 11:49 AM

මංජුල, අපි රජකමෙන් ගල්ගුහා වලට ගිහින්, යුරෝපෙ ඉන්න අය ගල් ගුහාවෙන් රොකට් යුගයකට ගිහින් නෙ..අපේ අය ඉතින් කරන්නෙ පරණ රජ කතා කිය කිය පම්පෝරි ගහන එකනේ.. මෙච්චර තෙල් තියෙන රටක් වන, ඩුබායි, සවුදි යන රටවල් පවා තමන්ගෙ ඛනිජ තෙල් නිෂ්පාදනය පුද්ගලික අංශෙට දීල තියෙන්නෙ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 58 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 204 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 1358 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1762 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1911 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 258 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 361 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site