IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයාට එරෙහි පෙත්සම් 14 ක් ඉල්ලා අස් කරගනී

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ වරින් වර පළ වී ඇති ප්‍රවෘත්ති 14 ක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා එම වෙබ් අඩවියේ කතුවරයාට සුදුසු දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම්  14 ක් එම පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉල්ලා අස් කර ගන්නා ලදී.

මෙම පෙත්සම් එල්.ටී.බී.දෙහිදෙණිය , යසන්ත කෝදාගොඩ , ඊ.ඒ.ජී.ආර්.අමරතුංග යන මහත්වරුන්ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවු අතර එහිදී මෙම පෙත්සම් තවදුරටත් පවත්වා ගෙන යාමට අදහසක් නොමැති බවට පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විනිසුරු මඩුල්ල හමුවේ දන්වා සිටියේය.

එබැවින් එම පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අධිකරණයේ අවසරය ලබා දෙන්නැයිද පෙත්සම්කාර පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙන ලදී .

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ අධිකරණ විනිසුරුවරුන් සම්බන්ධයෙන් වරින් වර පළ වී ඇති ප්‍රවෘත්ති 14 ක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා එම වෙබ් අඩවියේ කතුවරයාට සුදුසු දඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලා 2016 නොවැම්බර් 23 වැනිදා ගොනු කළ මෙම පෙත්සම් 14 වගඋත්තරකරු වශයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘවරයා සඳරුවන් සේනාධීර මහතා නම් කර තිබුණි.

මීට පෙර මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර සඳරුවන් සේනාධීර මහතාට පෙත්සම සම්බන්ධයෙන් නොතීසි දන්වා යවන ලෙස නියම කළද එම නොතීසි බාර දීමට නොහැකි වූ බව පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයට දන්වා තිබිණි.

ගොනු කර තිබූ එම පෙත්සම් වල මෙසේද සඳහන් විණි,

පෙත්සම්කරු කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපාධිධාරියෙකි.නීතීඥවරයෙකි. නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් ආරක්ෂා කිරීම පිළිබඳ උනන්දුවක් දක්වමි.ලංකා ඊ නිව්ස් නම් වෙබ් අඩවියේ විනිශ්චයකාරවරුන්ගේ චරිතය ඝාතනය කරන විවිධ ප්‍රවෘත්ති පළ වී ඇත.

මෙම වෙබ් අඩවියෙහි සංස්කාරවරයා වනුයේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පදිංචිව සිටින සඳරුවන් සේනාධීර නැමැත්තෙකි.ඊට අමතරව දැනට මාළඹේ තලංගම උතුර ,දහම් මාවතේ ,අංක 844 දරණ ස්ථානයේ කාර්යාලයක්ද පවත්වාගෙන යයි.

මෙවැනි ප්‍රවෘත්ති 14 ක් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.මෙම ප්‍රවෘත්ති තුළින් අදිකරණයට අපහාසයක් සිදුවන බව හැඟී යන බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවමක් ලබා දෙන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.



අදහස් (8)

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයාට එරෙහි පෙත්සම් 14 ක් ඉල්ලා අස් කරගනී

සමරේ Thursday, 27 August 2020 04:32 PM

එයා පාර්ලිමේන්තු ගියානේ.. දැන් ඕවා වැඩක් නෑ.. ඒ කියන්නේ ඊ නිව්ස් කියපු දේවල් වැරදි නෑ කියලා නේද පිළිගන්න වෙන්නෙ?

:       151       32

ලුම්බිණි Friday, 28 August 2020 12:35 AM

පෙත්සම්කරු නීති වේදියෙක් නම් මේ නඩු පැවරුවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට නම් මොකටද නඩු ඉල්ලා අස්කර ගන්නේ? එහෙම නැත්නම් පෙත්සම් කරු බලාපොරොත්තු වෙච්ච දෙයක් දැනටම ලැබිලද?

:       302       53

නෙවිල් Friday, 28 August 2020 02:44 AM

පටන් ගන්න ඕනෑ ඉවර කරන්න පුලුවන් දේවල්...

:       164       50

E. T FernandoFriday, 28 August 2020 06:29 AM

ඉවරයි නේන්නං. එජාපෙ ඉවරයිනේ. දැන් මොකටද නඩු කියලා සල්ලි නාස්ති කර ගන්නේ? එජාපෙ ඉවර කරේ ඔය ඊ නිව්ස් වගේ ඊනියා මඩ කාරයින් තමයි.

:       9       0

Lion Friday, 28 August 2020 04:37 AM

පෙත්සම් අස්කර ගත්තානම් ඊ නිව්ස් තහනම ඉවත් කළ යුතුයි නේද?

:       189       68

රට වැසියා Friday, 28 August 2020 05:21 AM

මාධ්‍යයට විරුද්ධව පොදුවේ තිබෙන තර්ජනය වන්නේ කුමන හෝ නඩුවක් පැටවීම සහ මර්දනයයි.. රට සෞභාග්‍යය කරා යන ගමනේදී මාධ්‍ය ඉවසීම පාලකයින්ගේ දක්ෂතාවයකි. ඊ නිවුස් වාරණය ඉවත් කර මාධ්‍ය මර්දනයෙන් මිදෙමු!

:       162       82

kamal Friday, 28 August 2020 05:38 AM

දියුණු රටවල නම් උසාවිය එක්ක මෙහෙම නාඩගම් නැටුවොත් නඩුගාස්තු ගෙවන්න ඕනේ.

:       28       34

Rata Perata Friday, 28 August 2020 06:18 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. ඇත්ත කතාව ඒක තමයි.. අධිකරණය දැන් අපේ රටේ දූෂිත ආයතනයක් බවට පත්වෙලා...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 2 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 109 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 224 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 820 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 744 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 862 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 422 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site