IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ලංකා- එමීර් දෙවැනි සැසිය කොළඹට

ශ්‍රී ලංකා ‐ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඒකාබද්ධ කොමිසමේ දෙවැනි සැසි වාරය මේ වසර අගදී කොළඹ දී පැවැත්වීමට දෙරටේ විදේශ අමාත්‍යවරු එකඟතාවය පළ කළහ.

මෙරට නිල සංචාරයක් සඳහා ඉකුත්දා පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමති ෂීක් අබ්දුල්ලා බින් සයිඩ් අල් නයාන් මහතා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවූ අවස්ථාවේදී මෙම එකඟත්වයට එළැඹියේය.

දෙරට වෙළඳ හි ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයිනගේ සුබ සාධනය ඉහළ නැංවීම, කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්වන කාරණා සම්බන්ධයෙන් මෙම ඒකාබද්ධ කොමිසම් දෙවැනි සැසි වාරයේදී සාකච්ඡා කෙරෙනු ඇත.

එමෙන්ම රජය විසින් නව ආර්ථික සංවර්ධන කලාප 45 පිහිටුවීමට අදහස් කරන බවත් ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගම් වලට මෙරට ආයෝජන අවස්ථා ඇති බවද එරට විදේශ අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන දෙලක්ෂ පනස් දහසක් පමණ වන ශ්‍රී ලාංකික විසින් මෙරට ආර්ථිකය සවිබල ගැන්වීම සම්බන්ධයෙන් එරට විදේශ අමාත්‍යවරයාට ස්තූතිය පළ කිරීමට අමතක නොකළේය.ගෘහ සේවකයින් ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැකියා සඳහා යන සියලූ ලාංකිකයින්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී පොරොන්දු වීය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් චිත‍්‍රාංගනී වාගීෂ්වර , විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම්, ආයෝජන මණ්ඩල සභාපති නීතීඥ උපුල් ජයසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

DSC_7988



අදහස් (0)

ලංකා- එමීර් දෙවැනි සැසිය කොළඹට

සමන් වසන්ත Monday, 07 September 2015 03:57 PM

එත්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග කලාපයේ ප්‍රධානතම ආදායම් මාර්ගය තෙල් සම්පතයි. ඔවුන්ගේ දළජාතික නිෂ්පාදනයෙන් 80%-90% ප්‍රමාණයක් වන්නේ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදනයි. නමුත් අපේ රටෙන් එම කර්මාන්තයේ සේවයට යන්නේ හරිම අඩු ප්‍රමාණයක්. ඉංජිනේරුවන් සුපවයිසර්වරුන් වැනි වෘත්තිකයන් ඇත්තෙම නැතිතරම්. ගියත් යන්නේ අහම්බෙන්. මෙහෙකාරකමට අපේ අම්මලා සහෝදරියන් යවන්නේ නැතුව එම කලාපයේ ආර්ථිකයට ගැළපෙන වෘත්තිකයන් යවන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. (නි)

:       0       0

සිල්වා Monday, 07 September 2015 04:03 PM

ඉතා හොඳ වැඩක්. රටවල් අතර සහයෝගය හරිම වැදගත්. (නි)

:       0       0

සහන් Wednesday, 16 September 2015 01:07 PM

සමන් වසන්ත ඔබ තුමා කියන දේ තරමක් වෑරදි එක්සත් අරාබි එමීර් රටේ විශාල ශ්‍රි ලාන්කිකයන් ප්‍රමාණයක් විවිධ රෑකියාවල නිරත වෙනවා.හෝටල් , ඉදිකිරීම් , වෑනි ක්ශෙත්‍රවලින් විශාල අදායමක් අපේ රටට ලෑබෙනවා.ලෝකයේ පිළිගත් ආයතන විශාල ප්‍රමාණයක ශාකා මේ රටේ තිබෙනවා. මොවුන් අපේ රටේ ආයෝජනය කීරීම අපේ රටට විශාල වාසියක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 204 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 59 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 346 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 136 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 688 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම් නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 743 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14549 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 130 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site