ජනාධිපති නීතිඥ ශාන්ති ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රී ලංකාවේ 26 වැනි නීතිපති හා පළමු වැනි නීතිපතිනිය ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දී දිවුරුම් දීමට නියමිතය. ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතාගෙන් මේ පදවිය හිස් වෙයි. වනසුන්දර මහත්මිය ඉපැදුණේ කුරුණෑගලය. ජනප‍්‍රිය ගුරුවරයකු වූ හෙක්ටර් ජයසේන හා සුමනා ඇගේ මවුපියෝය. ජයසේන මහතා නීතිවේදියකුවීමට උගෙන ගනිද්දී සිය දියණිය ද එහි රැගෙන එම සිරිතක් කැරගෙන සිටියේය. මාතර ශාන්ත තෝමස් කුමරි විදුහලේ මූලික අධ්‍යාපනය ද පන්නිපිටියේ ධර්මපාල විදුහලේ උසස් අධ්‍යාපනය ද ලැබූ ඇය ඇමෙරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ කැනියන් ඩෙල් රෝ උසස් පාසලේ ද උගෙන 1970 දී කොළඹ නීති විදුහලට එක් වූවාය. 1979 දී නීතිපති දෙපාර්තමේන්තුවට බැදුණු ඇය පළමු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ද, පළමු අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ද, පළමු සොලිසිටර් ජනරාල්වරිය ද වූවාය. මහා බි‍්‍රතාන්‍යයේ ලිස්ටර් සරසවියේ නීතිය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිය ද දිනා සිටින ඇය රත්නපුරයේ ව්‍යාපාරික ඉන්ද්‍රජිත් වනසුන්දර මහතා සමග විවාහ වී සිටින්නීය. ඔවුන්ගේ පුත් සුබෝධ ඕස්ෙටි‍්‍රලියාවේ ජිවත්වෙයි. දියණිය මේධානී ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලබන්නීය.
අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප
දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය
සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්රචාරක කටයුතු සිදුවන බව වාර්ත
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ලක් කතක තව වාර්තාවක් තියයි