IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලක් කතගේ දඬුවම පමා වෙයි

සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියම වී ඇති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ දඬුවම අද (04) දිනයේ ක්‍රියාත්මක  කරන බවට පළවන වාර්තා අසත්‍ය බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මී තාසීම්  මහතා පවසයි.

එම දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා අභියාචනයක්ද ගොනු කර ඇති හෙයින් ඒ සම්බන්ධ නීතිමය කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බවද ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටීයි.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ අදාළ කාන්තාව හමුවීමට සෞදි බලධාරින් ශ්‍රී ලංකා තානාපති නිලධාරින්ට අවස්ථාවක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කර සිටීයි.

මේ අතර සෞදි අරාබියේදී විවිධ චෝදනාවන් සම්බන්ධයෙන් දඬුවම් නියම වී සිටින පුද්ගලයින් 50 දෙනෙකුට පමණ අද එම දඬුවම ක්‍රියාත්මක කරනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වුවද එම පිරිස අතර ශ්‍රී ලාංකිකයන් නොමැති බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.



අදහස් (0)

ලක් කතගේ දඬුවම පමා වෙයි

බණ්ඩාර Friday, 04 December 2015 10:12 PM

මේ රටේ ඇමෙරිකන්කාරයෝ දහස් ගණනක් ලොකු ලොකු රස්සා කරන ගමන් හැමදාම ගැහැණු මිනිස්සු මාරුකර ගන්නවා. හොදට විස්කි බොනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ෂරියා නීතිය අපි වගේ පොඩි රටවලට විතරයි (නි)

:       0       0

වජිර Friday, 04 December 2015 11:03 PM

සෞදි යැවීම නවත්වන්න කියා අපි කිවුවා කියා වැඩක් වන්නේ නැත. (නි)

:       0       0

ඉනෝකා Friday, 04 December 2015 09:55 AM

මෙම දඬුවමට මුහුණ දී සිටින කාන්තාවගේ දරුවන් ගැන මතක් වෙද්දී පුදුම දුකක් දැනෙන්නේ. කෙසේ හෝ මෙම කාන්තාව මරණයෙන් මිදේවා....! (ර)

:       0       0

සුරංග දීපාල් Friday, 04 December 2015 10:11 AM

කොහොමහරි මේ කාන්තාවගේ දිවි බේරෙන්න කියලා අපි හැමෝම පාර්ථනා කරමු. (ර)

:       0       0

රුක්ෂාන් Friday, 04 December 2015 10:11 AM

කොහොම හරි අපේ රටේ කාන්තාව බේර ගන්න. මේ කාන්තාවට අභයදානය ලැබේවා.! (ර)

:       0       0

ශාන Friday, 04 December 2015 10:26 AM

තහනම් ගහෙන් ගෙඩි කෑවේ නැත්නම් මෙච්චර දෙයක් වෙන්නේ නෑ නේද? (ර)

:       0       0

හරිශ්චන්ද්‍ර Saturday, 05 December 2015 02:26 AM

බණ්ඩාර, ඔබගේ ප්‍රතිචාර හරි. මෙම නීති අපගේ රටවලට පමණයි.මෙම කාන්තාවට ජීවිත දානය ලබාදිය යුතු වේ.මේ සඳහා අන්තර්ජාලයේ මුහුණ පොත් සංසදය මාර්ගයෙන් ලෝකවාසී සානුකම්පික ජනහිතකාමී පිරිසකගේ අත්සන් 10000ක් සහිත ඉල්ලීමක් සෞදි රජය වෙත යැවීමේ වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා. මෙම කාන්තාව මරණින් නිදහස් කරගැනීමේ පවිත්‍ර චේතනාවෙන්. (නි)

:       0       0

අසෝක Friday, 04 December 2015 11:09 AM

මද පෙරදිග සේවයේ යෙදෙන අය නිසා ලංකාවට කොතරම් විදේශ විනිමයක් ලැබෙනවාද? අපේ බදු මුදලින් ඉගෙන ගෙන රෝගීන් ප්‍රාණ ඇපයට තියාගෙන වරප්‍රසාද ඉල්ලන දොස්තරලා වගේ නෙමෙයිනේ. මැයට අපි උදව් කල යුතුයි. (ර)

:       0       0

ප්‍රසන්න - සෞදි Friday, 04 December 2015 11:12 AM

ඔබට හැකි ඉක්මනින් නිදහස ලැබෙන්න කියා පතනවා. ශාන, ඔබ කියන කතාවේ ඇත්තක් නැතුවම නොවෙයි. පනින්ට පෙර දෙවරක් සිතා බලන්න. (ර)

:       0       0

දුමින්ද Friday, 04 December 2015 11:12 AM

මේ කාන්තාව පව්, මරණයෙන් මිදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. අනිත් කාන්තාවන්ටත් මේක හොද පාඩමක් , වැරදි නොකරන්ට , ස්වාමියා ඉන්නකොට මොකටද තවත් අය ? (ර)

:       0       0

පුෂ්ප Friday, 04 December 2015 11:17 AM

ඔබ හරියට හරි අසෝක. (අ)

:       0       0

රණසිංහ Friday, 04 December 2015 11:20 AM

මේ වගේ රටවලට බෞද්ධයන් රැකියාවට යවන එක නතර කරන්න කොන්ද පන තියෙන සිංහල නායකයෙක් නැති එක අපගේ අවාසනාව. (අ)

:       0       0

ශානක Friday, 04 December 2015 11:27 AM

ඕක මහා ලොකු වරදක්ද මරන්න තරම්. මුලික අවශ්‍යතාවයක් සපුරගත්තා විතරයි. (ර)

:       0       0

සදහම් Saturday, 05 December 2015 03:15 AM

මම මේ කාන්තාවගේ ක්‍රියාව නිවැරදියි කියනවා නෙමෙයි. නමුත් මෙම වරද මේ ආකාරයේ අමානුෂික දඬුවමකට යටත් කිරීමට තරම් විශාල එකක් නෙමෙයි. (ස)

:       0       0

සරසි Friday, 04 December 2015 11:40 AM

බිරිඳව පිටරට යවලා කන්න බොන්න හම්බ කරගන්න ලංකාවේ පිරිමි පෙලඹෙන්නේ ඇයි? දැන් මේ අයගේ දරුවන් නේද අමාරුවේ වැටෙන්නේ.? (ර)

:       0       0

නයන Friday, 04 December 2015 11:51 AM

හැඟිම් දැනිම් තියෙනවා. අසරණකමට රට යන්නේ,ඔය වැනි දේ අනන්ත සිද්ධ වෙනවා, (ම)

:       0       0

නයන Friday, 04 December 2015 11:55 AM

ගමේ ගොඩේ සමාජයේ ජීවත් වෙච්ච අය අපිට සෞදිය වගේ නීති තද පාරක තොටක යන්න බැරි රටක මොකට රෑකියා වලට යවනවද, ? නිදහසේ රෑකියා කරන්න පුළුවන් කොච්චර රටවල් තියෙනවද,? (ර)

:       0       0

කුමාර Friday, 04 December 2015 12:13 PM

මොකටද අපේ අම්මලා, සහෝදරියෝ විශේෂයෙන්ම අරාබි රටවල මෙහෙයට යවන්නේ? අපේ රටට විදේශ විනිමය ලැබෙනවා කියලා මොකටද අපේ රටේ අනාගතය විනාශ කරගන්නේ? අනේකවිද දුක් විදලා අරබිකරයන්ගේ පීඩනයන්ට ගොදුරුවෙලා වැඩිම උනොත් රුපියල් 38000 හොයයි, එත් ඒ මාසය ඇතුලත කොපමණ කැපකිරීම් වේදනාවන් විදින්න ඕනද? එක දන්නේ රටවල ඉන්න අය විතරයි, ඒ සී කාමරයකට වෙලා මාසේ අන්තිමට ලොකු පඩියක් ගන්න අයට මේවා තේරෙන්නේ නෑ. තේරුම් ගන්න උවමනාවකුත් නෑ. අපේ කාන්තාවන් රට යවන එක නවත්වන්න ඕන, නැතිනම් අපේ රටේ අනාගතය ඉවරවෙනවා, මේක නවත්වන්න ගියාම කාන්තා සංවිධාන කියල ඒජන්සි වලින් දාන වර්ජන එක හෙලාම ඉවත දන්න. කොන්දක් ඇතිව තීරණ ගන්න අපේ රට ගැන හිතලා. (ර)

:       0       0

සමන්ත - ඩුබායි Friday, 04 December 2015 12:21 PM

ඩුබායි, කුවේට්, ඕමාන්, බහරේන්, කටාර්, ජෝර්දාන්, හොංකොං, සිංගප්පුරුව වගේ රටවල් ගොඩක් තිබියදී මේ ගැහැණු සෞදියටම යන්නේ ඇයි කියන එක ගැන මට තවමත් හිතාගන්න අමාරුයි. දැන්වත් තමන්ම හිතලා සෞදි යන එක වර්ජනය කළා නම් ඉවරයි. මේ කොච්චර කිව්වත් හෙට කටුනායකට ගුවන් තොටුපළට ගිහින් බලන්න සෞදි යන්න තව කොච්චර කාන්තාවෝ ඉන්නවද කියලා. මේවා විහින් කරගන්න දේවල්. මම ඉන්නේ ඩුබායි වල. මේ රටේ ඔහොම දෙයක් ඔප්පු වුණොත් අවුරුද්දක් හිරේ දානවා. එච්චරයි. කළ වරදට වෙන්නේ රස්සාව නැතිවෙන එක විතරයි. ජීවිත හානියක් නැහැ. (නි)

:       0       0

කුමාර Friday, 04 December 2015 12:58 PM

ඇයට සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Friday, 04 December 2015 01:04 PM

නැතිබැරිකමටනේ පිටරට යන්නේ. ඒත් තමන් දැනගන්න ඕනෑ තමන් ආ කාරණාව මෙකක්ද කියලා. ඉන්න රටේ නීතියත් දන්නවානේ. මෙහෙන් යන අය ගොඩක් අනවශ්‍ය දේවලට පෙළඹෙනවා. (නි)

:       0       0

මොහමඩ් සෂ්රාස් Friday, 04 December 2015 01:26 PM

මා මෙම දඬුවම ඉතාමත් පිළිකුල් ලෙස  හෙළා දකිනවා.රණසිංහ කියන එක ඇත්ත.මේ හැම නීතීයක්ම අපේ ලංකාව  වගේ දුප්පත් රටවලට පමණයි. (නි)

:       0       0

නිවන්තක Friday, 04 December 2015 01:49 PM

තමන් යන කාර්යය ගැන අවබෝධයෙන් ඉන්නවා නම් මේ මොකුත් නැහැනේ (නි)

:       0       0

සංජීව Saturday, 05 December 2015 04:20 AM

මේ රටවලින් එන ඔක්කොම ආදයම ගෘහ සේවයෙන් එන මුදල් ලෙස සිතන නිසා තමා මෙහෙම වෙලා තියෙන්නේ. මේ රටවල ඕනේ දොස්තරලා හෙදියෝ තාම එන්නේ ඉන්දියාවෙන්. ඒ වගේ රැකියාවකට එක්කෙනෙක් එවනකොට ලැබෙන මුදල ගෘහ සේවිකාවෝ කි දෙනෙකුගේ පඩියද. අනික මෙහෙ ගෙදරක වැඩකරන පැය ගාන ලංකාවේ ගර්මෙන්ට් එකක වැඩකරත් ඒ ගානම ගන්න පුළුවන්. (ර)

:       0       0

සමන්ති Friday, 04 December 2015 02:19 PM

රටේ නිතිය කෙසේ වෙතත් රටේ භාෂාව වත් නොදැන පිටරට යවන එක නතර කල යුතුයි . (අ)

:       0       0

සංජය Saturday, 05 December 2015 04:38 AM

දැන් ඉතින් මේක පාඩමකට අරන් සෞදි අරාබිය වගේ රටවලට එන කාන්තාවන්ට මෙහෙ නීති රීති ගැන වෙනම අධ්‍යාපනයක් දෙන්න කටයුතු කරනවානම් ඉතාම යෝග්‍යයි. (ර)

:       0       0

සංජය Saturday, 05 December 2015 04:47 AM

බණ්ඩාර ඔබ හරි. අමෙරිකන්සලා ජීවත් වෙන්නේ වෙනම සමාජයක. (ර)

:       0       0

තිලක්-ඩුබායි Friday, 04 December 2015 03:12 PM

අසෝක, ඔබගේ අදහසට ගරුකරනවා. (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Friday, 04 December 2015 03:14 PM

තව දාහක් මැරුණත් ඔය රටයෑම නම් නවතින්නේ නැහැ. (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Friday, 04 December 2015 03:17 PM

තම තමන්ගේ බිරින්දෑවරු දුවණියන් රට යවන්නේ නැතුව බලා ගැනීම තම තමන් සතුයි. පාලකයෝ කවදාවත් මේක නතර කරන්නේ නැහැ (නි)

:       0       0

රිස්වාන් Saturday, 05 December 2015 09:37 AM

බෞද්ධ හෝ නොවන ඕනෑම කෙනෙක්ට සෞදියේ යන්න පුළුවන් වැරදි කරන පිරිසට නොයා ඉන්න පුළුවන්. (ස)

:       0       0

විජිත් Friday, 04 December 2015 04:03 PM

පුලුවන් නම් ඇමෙරිකන් ගැහැණියකගේ බෙල්ල කපන්න නියම කරන්න කියන්නකෝ. ඔය කියන සෞදින්ගේ නීතියත් අසරණයින්ට පමණයි. බලවත් රටවල අයට අතවත් තියන්නේ නැහැ. (නි)

:       0       0

අනුල Friday, 04 December 2015 04:03 PM

සෞදියට නම් නැවත කවුරුවත් එවන්න එපා (නි)

:       0       0

නවිඳු Friday, 04 December 2015 04:04 PM

ඇයට සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

ශ්‍රීමා Friday, 04 December 2015 04:12 PM

ඉක්මනින්ම ඔයාට නිදහස ලැබේවා! (නි)

:       0       0

අශේන් Saturday, 05 December 2015 12:40 PM

මේක සාමාන්‍ය ජීවවිද්‍යාත්මක කරුණක්. ඇයි මරණ දඬුවම? (නි)

:       0       0

ඉලංගරත්න Saturday, 05 December 2015 12:48 PM

කොහොමහරි අපි ඇය බේරාගනිමු (නි)

:       0       0

ජනිත් Friday, 04 December 2015 05:53 PM

රජය මැදිහත්වෙලා මේ වගේ ම්ලේච්ඡ නීති තිබෙන රටවලට මිනිස්සු යවන්නේ නැත්නම් හොඳයි. (නි)

:       0       0

තරංග Wednesday, 09 December 2015 03:19 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ශාමලී - කටාර් Friday, 04 December 2015 06:51 PM

මාගලි ෆොන්සේකා, මෙහෙදී නොවෙයි ලංකාවේදීත් ගැහැණු මිනිස්සු අනවශ්‍ය දේවල්වලට පෙළඹෙනවා. ඔයා ඒ ගැන කරදර වෙන්න එපා. අපි මේ රටවල නීති ගැන හොඳටම දන්නවා. (නි)

:       0       0

චන්දි Friday, 04 December 2015 06:54 PM

මොනවද මේ කියන්නේ අපේ කට්ටිය? සොයුරියනේ, රට රැකියාවක යන්නම ඕනෑ නම් සෞදි නොගිහින් වෙනත් රටකට යන්න. (නි)

:       0       0

ප්‍රමිලා Friday, 04 December 2015 08:04 PM

කාන්තාවන් රට යවන පිරිමින්ට දඬුවම් දෙන ක්‍රමයක් ඇතිකරන්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

ද සිල්වා Saturday, 05 December 2015 03:12 PM

මෙහෙ යනවට වැඩිය හොඳයි ලංකාවේ ඉඳගෙන බඩගින්නේ ජීවත්වන එක. (නි)

:       0       0

ශාන්ති Friday, 04 December 2015 09:02 PM

ඇයව කොහොමහරි බේරගන්න ලැබේවා! (නි)

:       0       0

හේරත් Friday, 04 December 2015 09:03 PM

කෝ ලංකාවේ තිබෙන මානව හිමිකම් සංවිධාන? (නි)

:       0       0

ජෙරාඩ් Friday, 04 December 2015 09:43 PM

අපේ කාන්තාවන් මොනතරම් අසරණද? (නි)

:       0       0

සම්පත් Friday, 04 December 2015 09:58 PM

පින් සිද්ධ වෙනවා, මේ මනුස්සයා බේරාදෙන්න. තවත් ලංකාවේ කාන්තාවන් සෞදියට එවන්න එපා. ලංකාවේ මොනවාහරි කරලා ඉන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 205 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 725 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 805 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 807 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 909 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 1022 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23493 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23097 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site