IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ලක් කත ඉතාලියේදී අතුරුදන් ‘

අන්තෝනියෝ ෆ්‍රන්චෙස්කෝ (61) නම් ඉතාලි  ජාතිකයා  සමග විවාහ වී පලේර්මෝ නුවර ජීවත් වූ නිසාරා  පියුමි සිල්වා 24, දෙසැම්බර්  මස සිට අතුරුදන්ව ඇති  බව අගේ මව වන කිඹුලපිටියේ ප්‍රින්සි  පෙරේරා  මහත් මිය කියන්නිය .

මගේ දුව 2010  ඉතාලි ජාතිකයා කසාද බැන්දා .2010 මාර්තු මාසයේ ඉතාලියට ගියා  දෙන්නා අතර ප්‍රශ්න තිබුණා. එක සැරයක්  දුවට ගහලා පලේර්මෝ රෝහලේත් හිටියා පොලිසියෙන් එයා ආරක්ෂක නිවාසයකට බාරදී තිබුණා.

 පසුව දෙන්නා ආයෙත් සමගි වුණා. නමුත් පසුගිය දෙසැම්බර්  මාසයේ සිට දුව අතුරුදන් කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට ගිහාම කිවුවා .

රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වන්න කියලා  රෝමයේ තානාපති කාර්යාලයට කතාකලාම දවස් දෙකක් ඇතුළත තොරතුරු හොයලා මට දුරකථන ඇමතුමක් දෙන්නම් කිවුවා  නමුත් කිසිම දුරකථන ඇමතුමක් මට දුන්නේ නැහැ මම ආයෙත් කතා කළාම කියනවා එයාලට කිසිම දෙයක් කරන්න බැහැ පලේර්මෝ පොලිසියට පැමිණිල්ලක් දන්නා කියලා  මම ලංකාවේ ඉඳලා කොහොමද පලේර්මෝ පොලිසියේ පැමිනිල්ලක්  දාන්නේ  අනේ කොහොම හරි මට මගේ දුව හොයලා දෙන්න . ඇය හැඩු කඳුළින් කියන්නීය.



අදහස් (0)

‘ලක් කත ඉතාලියේදී අතුරුදන් ‘

දසනායක Friday, 31 January 2014 08:06 AM

වයස 61 සුද්දෙකුට 24 දුව බැඳලා දුන්නේ ඇයි. සල්ලිවලට තියෙන පෙරේතකමට. ඔයිට හොඳ නැද්ද දුප්පත් අහිංසක කොල්ලෙකුට මේ කෙල්ලව බන්දලා දුන්නා නම්. දැන් මොකද වෙලාතියෙන්නේ? අද සමාජයේ බහුලව සිද්දවෙන දෙයක් මේක. සල්ලිවලට තමන්ගේ දරුවෝ බිල්ලට දෙනවා. මොකෙක් හරි කමන් නැහැ සල්ලි තියෙනවා නම් රැවටෙනවා.(නදී)

:       0       0

ආරියසේන Friday, 31 January 2014 08:42 AM

අදකාලේ මුදල් තියෙනවනම් කසාද බදින්න වයස ඒ හැටි ගානක් නැහැ.(ත)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 01 February 2014 06:58 AM

මෙවැනි ලාබාල අයව විවාහ කර ගන්නේ පහත් ආශාවන්ගෙන් පෙලෙන අයයි. මේ මිනිහගේ මානසික අසමතුලිත භාවයක් නිසා මේ දැරිවියට ජීවිතය අහිමි වෙලා වත්ද? (නදී)

:       0       0

රංජිත් සිල්වා Friday, 31 January 2014 10:54 AM

වයස හැට එකක කෙනෙකුට දුව දෙන කොට අනේ අපොයි කියන්න කවුරුත් හිටියේ නැත්ද ?(දිල්)

:       0       0

මංගල Friday, 31 January 2014 12:33 PM

අපි ඉන්නේ ඉතාලියේ ,අපි දන්නවා ඉතාලි අපේ තානාපති කාර්යාලයේ හැටි .අපේ කෙනෙක් නැති උනාම වගකීමක් තියෙන තානාපති කාර්යාලයක් හැසිරෙන්න ඕනේ ඔහොමද ..(අ)

:       0       0

මංගල Friday, 31 January 2014 12:34 PM

අපි ඉන්නේ ඉතාලියේ. අපි දන්නවා ඉතාලි අපේ තානාපති කාර්යාලයේ හැටි. අපේ කෙනෙක් නැති උනාම වගකීමක් තියෙන තානාපති කාර්යාලයක් හැසිරෙන්න ඕනේ ඔහොමද? ඒ නිසයි මම මගේ පළමු අදහස ලියා එවුවේ. (නදී)

:       0       0

පෙරේරා Friday, 31 January 2014 02:06 PM

සීය කෙනෙකුට දුවදීල දැන් විදවනවද? (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 30 January 2014 06:39 PM

අපේ තානාපති කාර්යාලය මොනවද කරන්නේ කියල බලමු. (අ)

:       0       0

සුජීව පද්මකුමාර Thursday, 30 January 2014 07:08 PM

සීයා මිනිපිරීව අතුරුදහන් කරලා (අ)

:       0       0

අසෝකා Thursday, 30 January 2014 07:28 PM

ඉතාලියේ ඉන්න ලංකාවේ කාට හරි එයාගේ දුරකථන අංකය දීල හොයල බලන්න කියන්නකෝ. ලංකාවේ පොලිසියේ පැමිණිල්ලක් දාල වැඩක් වෙන්නේ නැද්ද? මොනවා වෙතත් සියලු තොරතුරු සමග ලංකාවේ පොලිසියේ පැමිණිල්ලක් දන්නා. තානාපති කාර්යාලය මගිනුත් තව උත්සහ කරලා බලන්න.(අ)

:       0       0

පී කරුණාසේන මිලානෝ Saturday, 01 February 2014 04:55 PM

මෙවැනි අසාධාරණ වෙන නංගිලාව රැක බලාගන්න අරන් යන අපේ අයියලාත් මෙහෙ හරියට ඉන්නවා. මම නම් හිතන්නේ මෙයා කවුරුහරි අයියා කෙනෙක් ළඟ ඇති කියලයි. (දී)

:       0       0

ලෙස්ලි ලෝව් Thursday, 30 January 2014 07:40 PM

කරුණාකර පලේර්මෝ වල සියලුම ශ්‍රී ලංකා සංවිධාන හා තානාපති කාර්යාලය මිට මැදිහත් වන්න .මේ අපේම සොයුරියක් අපේම මවක් කියා සිතන්න .(අ)

:       0       0

රෝයි Thursday, 30 January 2014 07:41 PM

දුව එංගලන්තයට පැනල ඇති. (අ)

:       0       0

ගයාන් Thursday, 30 January 2014 08:24 PM

61ක්?? අම්මේ ඔයාගේ වරද.ඔය වයසට පොඩි කෙල්ලෙක් බදින්නේ ආදරේකටම නෙවේ.(අ)

:       0       0

මනෝජ්-සාජා Thursday, 30 January 2014 10:25 PM

දෙයියෝ සාක්කි ,වයස 61 යි 24 යි (අ)

:       0       0

නලින් Thursday, 30 January 2014 10:31 PM

සිද්ධවෙලා තියෙන දේ ගැන ඉතාමත්ම කණගාටුයි. හැබැයි විවාහයට පෙර නිකන්වත් හිතුවනම් මේක නොගැලපෙන විවාහයක් කියල මෙච්චර ප්‍රශ්නයක් නොවෙන්න තිබුන. (අ)

:       0       0

ධම්ම Thursday, 30 January 2014 11:52 PM

පරාභව සුත්‍රය අහන්නන් වාලේ ඇහුවට වැඩක් නැහැ. පිළිපදින්න (අ)

:       0       0

චින්තක ම්ලානෝ Saturday, 01 February 2014 01:12 AM

අම්මේ ඔයාගේ දුව හොයාගන්න තානාපති තුමා උදව් කරන්නනම් මෙහෙ ඉන්න ඒජන්ට් කට්ටියට පළමුව කතා කරන්න.එතකොට එයා ඉක්මනින්ම තොරතුරක් ඔයාට ලබා දෙනවා. සමාවෙන්න අම්මේ මේක එතුමාගේ වැරැද්ද නෙමේ කොන්සිලර් අංශයේ ප්‍රදානින් මෙයාව ඒ තත්ත්වයට පත් කරලා.ඉතාලියේ මුළු ශ්‍රී ලාංකිකයන්ගේම අබාවය අම්මේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 32 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 48 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 144 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 108 0


කඹුරුපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 193 0


මින්නේරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 288 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14656 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 56 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site