IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලක් කත කුවෙට්හිදී මරණයට

කුවේටි  රිකා නගරයේ ශ්‍රී ලාංකික ශෘහසේවිකාවක් මුළුතැන්ගෙයිදී ඇගේ ස්වාමිදුව විසින් විදුලි සැර වද්දා මරණයට පත් කැර ඇතැයි කුවේට්හි පළ වන අල් ශහීඩ් පුවත්පත විර්තා කරයි.

සිරුර අධිකරණ වෛද්‍ය වෛද්‍ය කටයුතු සඳහා  බාර දී ඇතැයි ද එහි දැක්වේ.

 

 



අදහස් (0)

ලක් කත කුවෙට්හිදී මරණයට

ඉසුරු Wednesday, 07 May 2014 06:10 AM

මේ නගරය ගැන මම අහලා නැහැනේ (නි)

:       0       0

බිමල් Wednesday, 07 May 2014 06:40 AM

ඉස්මිල්, වැරදි තියනවා නම් ඒවාට දඬුවම් දෙන්න සාධාරණ නීති තිබෙනවා. ගෙවල් ඇතුළේ පොලිසි උසාවි තියාගෙන ගෙදෙර නෝනා ඒවා පාලනය කරනවා නම් දඬුවමත් එයාම දෙනවා නම් මැදපෙරදිගට නීතියක් අවශ්‍ය නැහැ. (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 07 May 2014 03:41 PM

කියන්නෙ නම් ගෘහ පාලිකාවන් කියලයි. කෝ මෙතන පාලිකාව වෙලා තියෙන්නේ හාම්පුතාගේ බිරිඳ නොවෙයිද? (ස)

:       0       0

රංග Wednesday, 07 May 2014 04:08 PM

මේ ආරංචි වෙන ඒවා විතරයි. නොවෙන ඒවා කොයි තරම් මේ කුවේට් වල වෙනවද? තානාපති කාර්යාලය නිදි හැම වෙලාවෙම. ඒ ගොල්ලන්ට දොස් කියන්න එපා. පව්. මං හිතන්නේ ඒ ගොල්ලෝ තාම දන්නේ නැතුව ඇති මේ කුවේට් වල එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. (ස)

:       0       0

හසන්ති Wednesday, 07 May 2014 04:22 PM

කොයිතරම් කියනවාද කාන්තාවන් රට යවන්න එපා කියලා (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 07 May 2014 09:03 AM

මම දන්නා විදියට ගෘහ සේවිකාවන්ගේ සුබ සාධනය සහ ආරක්ෂාව සඳහා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත්ත පළමු මැද පෙරදිග රට කුවේට් රටයි. නමුත් සේවිකාවන්ට බොහොම අමානුෂික විදියට සලකන රටවල් වලින් ප්‍රධාන තැනක් ගන්නෙත් කුවේට් රටයි. හොඳ ගති ගුණ තියෙන අරාබි ජාතිකයින් ඉන්නේ බොහොම සුළු පිරිසක්. (නදී)

:       0       0

ලකී Wednesday, 07 May 2014 09:10 AM

අර ඉස්මිල් කියන කතාව. වරදක් ඇති. ඒත් ඒවාට දඩුවම් දෙන්න අධිකරණ තියෙනවා. (ස)

:       0       0

චාමර Wednesday, 07 May 2014 09:52 AM

තව ටික දවසකින් කියයි අපේ විදේශ කාර්්‍යංශයේ අය මේක සිය දිවි නසා ගැනීමක් කියලා.(නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 07 May 2014 09:52 AM

වරදට දඩුවම් දෙන්න පොලිසියක් උසාවියක් තියෙනවනේ. (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 06 May 2014 09:05 PM

කාට කාටත් හොඳ පාඩම් මේවා. (නි)

:       0       0

තුෂාන් Tuesday, 06 May 2014 09:20 PM

ඇයට මෙහෙම කළ අයට නම් හොඳක් වෙන්න එපා. (නි)

:       0       0

නිරාන් - සෞදි Wednesday, 07 May 2014 11:16 AM

මැදපෙරදිග වැසියන්ගෙන් වැඩි පිරිසක් කිසිම අනුකම්පාවක් නැති මිනිස්සු. එයාලගේ දරුවන්ට වුණත් විශේෂ ආදරයක් නෑ. මම ඕනෙ තරම් දැකල තියෙනවා පොඩි ළමයින්ට එයාලගේ අම්මල සලකන විදිහ. මේ මිනිසුන්ගේ හිත්වල අනුකම්පාව නැ. එය මේ සමාජයේම තියෙන්න දෙයක්. (ස)

:       0       0

සසිත් Wednesday, 07 May 2014 11:29 AM

අද අර රට විරුවන් කියල කෑගහන ඇමතිතුමා තව 100 ක් මැරුණත් මහ පුටු නිහඩයි. (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 06 May 2014 09:44 PM

තව තව අපේ සහෝදරියන් රට යවා ආර්ථිකය ශක්තිමත් කරමු. (නි)

:       0       0

චමල් Wednesday, 07 May 2014 11:49 AM

දේශප්‍රේමය, රට විරුවෝ, ගෘහ පාලික (ගෘහ සේවිකා වෙනුවට) මේවට කතා කරලා වැඩක් නැහැ. අපේ ඇස් වලට පේනවා මෙහෙ ගෑණු කරන දේවල් සහ ඒ අයට වෙන දේවල්. (ස)

:       0       0

චන්දන Tuesday, 06 May 2014 10:00 PM

නැති බැරිකමට රට යන අපේ ගෘහ සේවිකාවන්ගෙන් වැඩි දෙනෙකුට මේ වගේ අවස්ථා වලට මූහුණ දෙන්න වෙනවා. ඒත් මේ උදවියට සාධාරණයක් තානාපති කාර්යලයෙන් හා රජයෙන් ඉටුවෙනවාදැයි විශ්වාසයක් නැහැ. එයත් තව එක මරණයක් වෙයි විදේශයේදී වෙන මරණ ලැයිස්තුවට. (නි)

:       0       0

අනුරශාන්ත Wednesday, 07 May 2014 12:03 PM

මෙයාලට රට සල්ලි ටික එනකම් රටවිරුවෝ. යම් කරදරයක් වූ විට සද්දයක් නැහැ. (ස)

:       0       0

දයාල් Tuesday, 06 May 2014 10:35 PM

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්නේ ගෙයක් ගන්න පවුලේ අය‍ට හොඳ ජීවිතයක් දෙන්න මැද පෙරදිග යනවා. අවසානේ හුඟක් අය‍ට ඕකයි ඉරනම. (ස)

:       0       0

විජේසිංහ Wednesday, 07 May 2014 12:06 PM

ස්වාමි දුවටත් ශාරිය නීතිය අනුව දඩුවම් ලැබේවි නේද?? (දී)

:       0       0

මදු Tuesday, 06 May 2014 10:36 PM

කුවේට් වල මෙහෙම නගරයක් මම අහලා නැහැ.මොකද්ද නිවැරදි නගරේ නම. (ස)

:       0       0

චන්ද්‍රානි විජේසිංහ Tuesday, 06 May 2014 11:15 PM

මදු ......රිගායි කියල ගමක් තියෙන්නෙ(ස)

:       0       0

ලක්මන් Tuesday, 06 May 2014 11:16 PM

මේ සිද්ධිය කුවේට්වල වාර්තා වි තිබෙනවා අපි දුටුවා (ස)

:       0       0

සරත් බණ්ඩාර Tuesday, 06 May 2014 11:17 PM

කාන්තාවන් ගෘහපලිකාවන් හැටියට යන්න ප්‍රථම දෙපාරක් කල්පනා කරන්න (ස)

:       0       0

ලංකාතිලක Tuesday, 06 May 2014 11:41 PM

කුවේට් වලදී මිය යන අපගේ ලාංකිකයන්ගේ මල සිරුරු එන්නේ වකුගඩු සහ හෘදය වස්තුව වැනි අවයව ගලවා ගෙනිමෙන් පසුවයි . කුවේට් වල මෙම අවයව කුවේට් කාරයන්ට අවශ්‍ය නම් කෙනෙකු මරා හෝ එය ගැනීම සිරිතක් . මැද පෙරදිග රටවලින් එපාම කරපු රට කුවෙට් රාජයයි . අපේ ගැහැනුන් එහෙදි ලබනා දුක් කම කටොලු අපමණය . එහෙත් ඕනෙම රජයක් දුප්පත් ගැහැනුන් මිනිසුන් වහල් සේවයට මෙම රටවලට අරිති (ස)

:       0       0

රූපා Tuesday, 06 May 2014 11:48 PM

කොපමණ මැරුවත් ශ්‍රී ලංකාවේ අවසන් ගැහැණිය දක්වාම මැද පෙරදිග යවන එක මේ රජයෙන් තියා පත්වෙන කිසිම රජයකින් නවත්වන්නේ නැහැ..? (ස)

:       0       0

කමනි Wednesday, 07 May 2014 01:11 PM

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිදිද? මේවගේ අපරාද වෙනුවෙන් එයාල ගන්න ක්‍රියා මාර්ග මොනවද ? (දී)

:       0       0

ඉස්මිල් Wednesday, 07 May 2014 12:31 AM

නිකන් දීපු දඩුවමක් වෙන්න බැහැ. මොකක් හරි වරදක් ඇති. (ස)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 07 May 2014 12:34 AM

වන්දිත් නැහැ ,වරද කරුවෙකුත් නැහැ, පරික්ෂනත් නැහැ,මැරුණු කෙනාටයි එයාගේ පවුලේ අයටයි විතරයි පාඩුව.යුරෝපයේ ,ඇමරිකාවේ,ඔස්ට්‍රලියාවේ වගේ රටක මේක වුනානම් සදාරණයක් ඉටුකර ගන්න පුළුවන්.(ස)

:       0       0

ඉරංගි සුබසිංහ Wednesday, 07 May 2014 12:50 AM

අනේ මන්ද අපිටත් මොනව වේවිද,,? දෙවියෝ තමා දන්නෙ,,,,,,,,,, (ස)

:       0       0

සරත් Wednesday, 07 May 2014 01:06 AM

එයාර් පොර්ට් එකෙන් එද්දිදී විදෙස් සේවා එකෙන් හිගන්නු වගේ මේ අහිංසක මිනිස්සුන්ගෙන් ගාණ කපන්නට බලා ගෙන ඉන්නවා. දැන් ඒගොල්ලෝ මොකද කරනේ මේ මියගිය ඇය වෙනුවෙන්. .... තව තවත් ගැනුන්ව රට පටවල..(ස)

:       0       0

ශාමා Wednesday, 07 May 2014 01:08 AM

මේවට දඩුවම් කෝ..(ස)

:       0       0

සාලිය ප්‍රභාත් Wednesday, 07 May 2014 01:30 AM

සුවාමි දුව ෂරිය නිතිය අනුව හිස ගාසා දමාවිද .(ස)

:       0       0

වලස් Wednesday, 07 May 2014 02:01 PM

ලංකාවේ ගෑනුන්ට මේ තත්වය ඇති කරලා තියෙන්නේ ලංකාවේම මිනිස්සු . ඒ නිසා තමි ලංකාවේ ගැණු ඕනෑම රටක මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ. ලංකාවේ කසිප්පු,බූරුවා ගහන ඒවා නැවත්තුවා නම් ලංකාවේ ගැනුන්න්ට රට යන්න ඕන නැහැ. ලංකාවෙන් රට යන වැඩිම අයගේ කසාද මිනිස්සු මේ වගේ නිසා මෙහෙම වෙන්නේ. උපත් පාලනය නැති කමත් මේ කට්ටිය රට යන්න හේතු තමා.(නදී)

:       0       0

චමිල් Wednesday, 07 May 2014 01:40 AM

මේ රටවල් වල ඉන්න අරාබි ගෑනුන්ට හිතක් පපුවක් නැහැ ,උන් හරිම දුෂ්ටයි (ස)

:       0       0

සුරේෂ් Wednesday, 07 May 2014 02:01 AM

ඉස්මිල් අපට වන්දියක් ගන්න පුළුවන් වේවිද ඒ රටේ තියෙන සර්ව සාධාරණ නීති ක්‍රමයන් අර රිසානාට වගේ (ස)

:       0       0

චමින්ද Wednesday, 07 May 2014 02:39 AM

ඉස්මිල්,වහෙන් හොරෝ භාෂාවෙන් දඩුවම සාධාරනකරණීය කරන්න හදනවද ? මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන්ට,මෙලෙස දඩුවම් දීම සාමාන්‍ය දඩුවම් දීමේ ක්‍රමවේදයක්ද ? රොෂාන් ප්‍රනාන්දු කිව්වා වගේ බටහිර රටක සිදු වුනා නම්,ස්වාමි දුවට විදුලි පුටුවේ වාඩි වීම හෝ ජීවිතාන්තය දක්වා, ඇතුලෙම කල්ගත කරන්න තිබුනා.මැද පෙරදිග රටවල, රැකියාව කරන පිටරැටියන්ට, නීතිය සාධාරණව ඉටුවෙයි කියලා සිතනවාද ? (ස)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Wednesday, 07 May 2014 02:45 AM

මෙ සෑම දේ වෙන්නේ ලක් කතුන්ට මෙරටේ තවත් රටවල්වල අය ඉන්නවා ඒ අයට කරදර අඩුයි හේතුව ලක් කතුන් අතර ඇති දුර්වලතාවයන් ගියපු අලුත සෑමදේම කරනවා පහු වෙනකොට කීවත් කරන්නැ (ස)

:       0       0

සුමිත් Wednesday, 07 May 2014 02:47 AM

ඉස්මිල් වෙත.. වැරදි කරනම් රටක නීතියක් තියෙනවනේ.. අර රිසානා මරපු වෙලාවේ කටයි මොකක්ද එකයි දෙකම වහගෙන හිටපු ඉස්මිල් ල.. කොහොම කරත් කව්රු කරත් පව් අයියෝ .. නැති බැරි කෙනෙක්. මේ අපරාධකරන අයට හෙන හතම වදින්න ඕනේ.. (ස)

:       0       0

අයේෂා Wednesday, 07 May 2014 03:31 AM

ගෘහ සේවිකාව අතින් දෙයක් වුණා නම් තද නීතිරීති දාලා එල්ලුම් ගස් යවනවා.ස්වාමි දුවට විරුද්ධව ඒ නීති නැද්ද? (නි)

:       0       0

පෙඩ්රික් Wednesday, 07 May 2014 03:38 AM

ආර්ථික ප්‍රශ්න නිසා අන්තිමට ඇය ජීවිතයෙන් වන්දි ගෙවුවා (නි)

:       0       0

අශාන් Wednesday, 07 May 2014 03:52 AM

ඉස්මිල් වෙත. ඔබතුමා වරදක් කළොත් නීතිය මඟින් දඬුවම් දෙන එකද සාධාරණ නැත්නම් එක එක අයට ඕනෑ විදියට දඬුවම් දෙන එකද සාධාරණ? ඔහොම හිතන ඔබතුමා මේ ලංකාවේ ඉන්න එපා. ගැළපෙන රටකට යන්න. නීතිය බල්ලට දාලා තමන්ට ඕනෑ ඕනෑ විදියට දඬුවම් දෙන්න පුළුවන් රටකට යන්න කරුණාකරලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 208 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1234 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1515 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 56 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2179 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2895 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35224 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24055 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site