සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමව සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකාවගේ දඬුවම ළිහිල් කර ගැනීම සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනකු කොළඹ සෞදි අරාබි තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
එම සේවිකාවට සහනයක් දෙන ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
එරට විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද සමරවීර මහතා ඉල්ලා සිටියේය.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක් කත බේරාගන්න තවත් වෑයමක්
බෙන්තර මහේෂ් Thursday, 03 December 2015 07:35 AM
රිසානාව බේරගන්නත් මේ වගේ කොයිතරම් නම් සාකච්ඡා කළාද? (ර)
ඉසුරන්දි Thursday, 03 December 2015 07:42 AM
සාකච්චා මර්ගයෙන්වත් විසදගන්න බැරිනම් වෙන මොනවා කරන්නද. (ර)
දිලිනි Thursday, 03 December 2015 07:44 AM
ඕවා ඔහොම සාකච්ඡා කරලා වැඩක් නැහැ. අර ගාන්ධි මහත්මිය එකපාරක් කළා වගේ තේරෙන භාෂාවෙන් තමයි කරන්න ඕනෑ. (නි)
බෙන්තර මහේෂ් Thursday, 03 December 2015 07:55 AM
රට යවලා කරදරවල පැටලුනහම සාකච්ඡා කරනවට වඩා, ලංකාවේදීම කාන්තාවන්ට ජීවනෝපාය සරි කරගැනීමට ඉඩහසර සැලසිය යුතුයි. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ජවිපෙ ආණ්ඩුවකට විතරයි, එහෙම වුනාම මේ රටේ ඔය ළමා අපචාර, ස්ත්‍රී දූෂණ අහම්බයක්ම වේවි. (ර)
සල්ගාදු පැරිස් Thursday, 03 December 2015 12:13 PM
ලංකාවෙන් ගැහැණුන් සෞදි රටට යැවිම නතර කරන්න, මිනිසුන්ට ලැජ්ජාවක් නැද්ද තම බිරිඳ තම අම්මා, තම නැගෙණියන් මෙම රට වලට යවන්න? (ර)
රවී Thursday, 03 December 2015 08:00 AM
ඉතා හොද උත්සහයක්. එම උත්සහය සාර්ථක වේවා. (ම)
සුනිල් ගීකියනගේ Thursday, 03 December 2015 12:26 PM
දෙයියෝ මවපු කෙනෙක් මිනිසුන්ට ගල් ගසා විනාශ ක ළ හැකි ද. ඇයගේ ක්‍රියාව සාමාන්‍ය අවශ්‍යතාවයක් එම ක්‍රියාවට මරණ දඩුවම දෙනවානම් ඇයව ගල් ගසා මරණ අයට දිය යුතු දඩුවම කුමක් ද (අ)
ඩිල්ෂාන් Friday, 04 December 2015 04:00 AM
තිලක් ඩුබායි කියන හතර වරම් ගැහිලි ගහපු සේරම දැන් ආණ්ඩුවේ නේද? (නි)
ඉන්දික Thursday, 03 December 2015 08:35 AM
දැන්වත් සෞදි අරාබියට ගෘහ සේවිකාවන් යැවීම නතර කොරොත් හොදයි, දිගින් දිගටම ප්‍රශ්න ඇති වෙච්ච නිසා. (ම)
තිලක්-ඩුබායි Thursday, 03 December 2015 03:22 PM
රටේ පාලකයෝ "හතරවරම් ගැහිලි' ගහලා ලෝකයේ බැංකු පුරවන වාරයක් වාරයක් පාසා රටේ දුප්පත් මිනිස්සු ගොඩ වැඩිවෙනවා. ඒ නිසානේ දරුවන්ට කන්න අදින්න දෙන්න මුදල් නැතුව අම්මලා ගඟට මුහුදට පැනලා ජීවිත විනශ කරගත්තේ. දැන්වත් ගසාකාපු අයට දැඩි දඩුවම් දීලා ඒ මුදල් ජනතාසන්තක කරලා අසරණ දුප්පත් මිනිසුන්ට තමන්ගේ ධෛර්යයෙන් නැඟීසිටින්න උදවු කරන්න. (නි)
ගාමිණි Friday, 04 December 2015 02:27 PM
කාන්තාවන් වහල්සේවයට යන එක 2016 සිට රජය වගකියන්නේ නැහැ බී නිවේදනයක් නිකුත්කරන්න එට පිටින් යන අය ගියදෙන් ගල්ගහපුදෙන්බෙලි කපාපුදීන් රට විරුවෝ කියා දිරි ගන්නන එපා ඒජන්සි සුරංගනා කතා වලට රැවටෙන්න එපා (අ)
පිටබැද්දර ජයා Thursday, 03 December 2015 08:59 AM
ඇත්තටම අපි පිරිමි හැටියට ලජ්ජා වෙන්න ඕනෑ අපේ ගැහැණුන්ව වෙන රටක බැල මෙහෙවරට යවනවාට , ගැහැණිය කියන්නේ අම්මා කෙනෙක් අම්මා තමයි යහපත් සමාජයක් ගොඩ නගන්නේ , ඇත්තටම ජාතියක් හැටියට මොන තරම් පම්පෝරි ගැහුවත් අපි ලජ්ජා විය යුතුමයි කම්පා වියයුතුමයි (ම)
ජනක ජයසිංහ Thursday, 03 December 2015 09:17 AM
පිටබෑද්දර ජයාට දැන්වත් තේරුන එක ලොකු දෙයක්. පිටරටවලට ගියහම එයලා කරන දේවල් අපිට පෙනෙන්නෙ නැහැනෙ. මෙයාටත් ගල් ගහල මරන්න නියම වෙලා තියෙන්නෙ අනාචරයේ හෑසිරිලා අසුවුන නිසයි. ඒක ඒ රටේ නීතිය. (බ)
රිචි බාලසුරිය Thursday, 03 December 2015 09:44 AM
පිටබැද්දර ජයා මහතාණනි , අපේ අම්මලා අක්කලා නංගිලා මැද පෙරදිග යවන එකයි වැරැද්ද , ගියත් ඒ අම්මල තමා ගිය අරමුණ සිහියේ තබා ගෙන , ලංකාවේ සැමියෙක් සිටිනවා , දූ දරුවන් ඉන්නවා කියා කටයුතු කරනවානම් , මෙවැනි විපත් අවම කර ගන්න පුළුවන් (බ)
ඇසළ Thursday, 03 December 2015 09:56 AM
ලෝකයේ හතරවෙනි තැනට ජනගහනය ඉන්න, ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනය ඉන්න සහ 90% වැඩිය දුප්පත් මිනිස්සු ඉන්න රට ඉන්දුනීසියාව වුවත් සෞදි අරබියාවට ගැහැනුන් යවන එක තහනම් කරලා තියන එක. ඇයි මේ කුඩා රට ලංකාවට එය කරන්න බැරි.. (ම)
ටෙනිසන් Thursday, 03 December 2015 09:53 AM
මිනිස්සු රවටන්න කරන වැඩ. සෞදියේ රජතුමාටවත් වෙනස් කළ නොහැකි තීන්දුවක් මෙයාල කාට කියලද වෙනස් කරගන්න හදන්නේ. ඔය බොරුවැඩ නොකර අපේ අම්මල රටයන එක නවත්වන්න ආදායම් මාර්ගයක් එන වැඩපිළිවෙලක් සලසන්න. (බ)
සංජය Thursday, 03 December 2015 10:08 AM
ගැහැනු රට නොයවා ඉඳිල්ලා..........(ස)
ජයවිර Thursday, 03 December 2015 10:17 AM
දැනුම පාදක කරගත් අදහස් ඉදිරිපත් වෙනවා දැක සතුටුයි (ම)
රවි Thursday, 03 December 2015 10:51 AM
පළමුව මේ අහිංසක ස්ත්‍රිය බේරා ගැනීමට සියලු උත්සහ දැරිය යුතුයි. (ම)