තායිලන්තයේදී පැවැත්වෙන ලෝක කලාපීය කනිෂ්ඨ මේස පන්දු තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ මේස පන්දු කණ්ඩායම හෙට (3) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. තරගාවලිය මේ මස 5 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වේ.
12 න් පහළ, 15 න් පහළ සහ 18 න් පහළ වයස් කාණ්ඩවලින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 18 දෙනෙක් සංචාරක ශ්‍රී ලංකා පිලට ඇතුළත්වෙති. තායිලන්ත කනිෂ්ඨ සහ කෙඩෙට් විවෘත අන්තර්ජාතික මේස පන්දු තරගාවලියට ද ශ්‍රී ලංකා පිල එහිදී සහභාගිවීමට නියමිතය.
ප‍්‍රවීණ මේසපන්දු ක‍්‍රීඩක සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ උප සභාපති ඩබ්. ඒ. බුද්ධසිරි මහතා කණ්ඩායමේ කළමනාකාරු සහ පුහුණුකරු ලෙස කටයුතු කරයි. නාමල් ගුණසේකර (15 න් පහළ), තුෂාර සම්පත් (12 න් පහළ) පුහුණුකරුවන් ලෙසද, ඒ. ආර්. පතිරණ බාලිකා කණ්ඩායම් භාර නිලධාරිණිය ලෙසද මෙම තරග සංචාරයට එක් වෙති.
සංචාරක ශ්‍රී ලංකා මේසපන්දු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ:
බාලිකා කණ්ඩායම:
චන්දිමා මධුෂානී (මහනුවර මහමායා), කසුනි පිටිගල (ගාල්ල සවුත්ලන්ඞ්), අවින්දි නිසංසලා (අම්බලන්ගොඩ ධර්මාශෝක), මුතුමාලී ප‍්‍රියදර්ශනී (අම්බලන්ගොඩ දේවානන්ද), පවනි සිරිසේන (කුරුණෑගල මලියදේව), ප‍්‍රවීණා සිල්වා (මහනුවර උසස් බාලිකා*, හංසනී පියුමාලි (නුගේගොඩ අනුලා), ඉමේෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක), රෝෂිනී දහනායක (කුරුණෑගල ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය),
බාලක කණ්ඩායම:
නුවන් ජයසුන්දර (කුරුණෑගල මලියදේව), සුපුන් සිරිසේන (කුරුණෑගල මලියදේව), ප‍්‍රබෝදන රොද්‍රිගෝ (මහනුවර ශා. අන්තෝනි), චින්තක ඒකනායක (මහනුවර විද්‍යාර්ථ), ශිහාන් ශානක (අම්බලන්ගොඩ දේවානන්ද), චමිඳු තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ), ලිත්මිණ මහනාම (වෙස්ලි), ඞී. යු. තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ), චතුර ගුණසේකර (මහනුවර සසෙක්ස්)
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලෝක කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ කලාපීය තරගාවලියට ශ්‍රී ලංකා පිල යයි