ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 වසරේදී ලෝක කුසලානය දිනා වසර 20 ක් සපිරිම නිමිත්තෙන් කොළඹ සී.සී.සී පිටියේ සංවිධානය කර තිබූ විශේෂ ප්‍රදර්ශන ක්‍රිකට් තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්විය.
ඊට එක්ව සිටි පැරණි සහ නවක ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් හමුවූ ජනාධිපති ඔවුන්ට සුබ පැතුම් එක් කළේය. 1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගයට එක්ව සිටි අර්ජුන රණතුංග ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ හිටපු ප්‍රවීන ක්‍රීඩක රෝයි ඩයස් ගේ නායකත්වයෙන් යුත් ක්‍රිඩකයින් කණ්ඩායමක් සමග පැවැත්වූ සුහද ක්‍රිකට් තරගය නැරඹීමටද ජනපති එක්වූ අතර ඔවුනට ත්‍යාග ද පිරිනැමීය.
පැවැති තරගයෙන් ලැබුණු මුළු ආදායම උතුරු නැගෙනහිර පළාත් වල වෙසෙන වකුගඩු රෝගීන්ට ආධාර පිණිස පරිත්‍යාග කිරීමේ චෙක්පත හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ජනාධිපතිට පිළිගැන්වීය. ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය සංවිධානය කළ මෙම උත්සවයට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, සිංගර් ශ්‍රී ලංකා සභාපති හේමක අමරසූරිය, හිටපු ක්‍රිකට් සභාපති ආනා පුංචිහේවා යන මහත්වරු ඇතුළු ක්‍රීඩාලෝලීහු රැසක් එක්ව සිටියහ.
පැවැති සුහද තරගයෙන් අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් 1996 ලෝක ශූර කණ්ඩායම ජයග්‍රහණය ලබාගත් අතර පිත්තෙන් සුවිශේෂි දස්කම් දැක්වූ රොමේෂ් කළුවිතාරණ තරගයේ වීරයා බවට පත්විය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෝක කුසලානය දිනා විසි වසරයි : ජවය තවමත් එලෙසමයි
සහීඩ් කටාර් Sunday, 20 March 2016 07:14 PM
ඇත්තෙන්ම පුබුදු, පරණ ක්‍රීඩකයෝ දැකලා ඇහැට කඳුළු ආවා. එම 96 තරඟය නම් අමතක කරන්න බැහැ. ඉසුරන්දි, නිලාන්, සිරි සහ අසංක, ඇත්තෙන්ම මාත් එවැනි අවස්ථාවක් එනතෙක් බලාසිටිමි (නි)
මැරියන් Sunday, 20 March 2016 09:23 PM
දේශපාලනයෙන් ක්‍රිකට් බේරාගනිමු (නි)
අසංක Sunday, 20 March 2016 10:09 AM
1996 වසරේදී ලෝකෙම තිබුනේ නැහැ අපේ වගේ සමබර කණ්ඩායමක්. ඒවගේම හොද විනයක් තිබුන, එකයි 1996 අපි ලෝක සුරයෝ වුනේ. (බ)
පසිදු Monday, 21 March 2016 01:15 AM
නෙතට කඳුලක් ආ පුවතක්. අවුරුදු 20 ක් ගියාද කියලා හිතෙනවා. ඒ දවස අද වගේ. ලොකු දුකකුත් එනවා. අර්ජුන කිව්වහම අපිට මතක් වෙන්නේ එදා අර්ජුනව. අද කොච්චර වෙනස් වෙලාද? අපේ ජීවිතත් කොච්චර වෙනස් වෙලාද? එදා මම අපොස සාමාන්‍ය පෙළ සිසුවෙක්. ඔබ සැමට දීර්ඝායුෂ පතනවා. (නි)
ගාමිණි Monday, 21 March 2016 01:50 AM
කළු, අරවින්ද, මහානාම ක්‍රීඩාකළ විදිය දැක්කහම වසර 20 කට පසුත් ඔවුන් තුළ තිබුන හික්මීම, අධිෂ්ථානය සහ ජවය වගේම එකමුතුකම අපි යළිත් දැක්කා. මෙන්න මේවා නැති නිසා තමයි අපි අද මේ තත්වයට පත්වුණේ. මේ දේශපාලකයන්ගේ අතපෙවීම් නැතිවනතුරු අපට මේවගේ ක්‍රීඩකයන්ගෙන් යුතු කණ්ඩායමක් බිහිනොවනු ඇත. (නි)
පුබුදු ප්‍රසන්න Sunday, 20 March 2016 06:44 AM
පරණ ක්‍රීඩකයෝ දැකලා ඇහැට කඳුළු ආවා.(හේ)
ඉසුරන්දි Sunday, 20 March 2016 07:04 AM
ඇත්තටම මේ ප්‍රවිනයන්ව දැක්කමත් හයියක් එනවා හිතට. ආපහු මෙවැනි පිරිසක් අලුත් කණ්ඩායමට කවදා එක්වෙයිද? (ර)
නිලාන් - කටාර් සිට Sunday, 20 March 2016 07:08 AM
මෙන්න අපේ ක්‍රිකට් වීරයෝ. දැකීමත් සතුටක් කලූවිතාරණ නම් තාමත් ලිට්ට්ල් කළුම තමයි. (ර)
රසිත කුමාරජීව Monday, 21 March 2016 04:10 AM
ඇස් වලට සතුටු කඳුළු එනවා .....නියම වීරයෝ ..!! දීර්ඝායුෂ පතනවා ...!! (බ)
විරාජ් පෙරේරා Monday, 21 March 2016 04:21 AM
මේ වගේ ටීම් එකක් ආයෙත් අපිට ඕනේ. ඇත්තටම අපේ පරණ ටීම් එක දැක්කම ගොඩක් සතුටක් එනවා. (බ)
සුමිත්‍රා බස්නායක Sunday, 20 March 2016 01:51 PM
එදා තරඟය නරඹපු හැටි මතක් වුණා. ඒ වගේ දවසක් තවම උදාකරගන්න බැරිවුණත්, ප්‍රාර්ථනා කරනවා කවදා හෝ උදාවේවා කියලා. දයාබර කළු, ඔබ තවම එදා වගේමයි (නි)
සිරි Sunday, 20 March 2016 08:55 AM
ඇත්තෙන්ම හිතට ආඩම්බරයක් වගේම නෙතට කඳුලක් එන දර්ශනයක්. .... අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ ? කියලා හිතුනා. (ර)
අජන්ත Sunday, 20 March 2016 06:55 PM
අපේ “ලිට්ල් කළු“ 20/20 ට ගහනවා බලන්න කැමතියි (නි)