IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලක් ගායිකාව වසර 28කට පසු අම්මා හමුවේ

ඇය නමින් රොෂානි ප්‍රිඩිස් ය. විසි අට හැවිරිදි ඇය වර්තමානයේ ජීවත්වන්නේ දිවයිනෙන් සැතැපුම් දස දහස් ගණකටත් එහා පිහිටි ඕස්ට්‍රේයාවේ නිව් සවුත් වේල්ස්හි ටැම්වර්ත්හි ය.

මෙතැන් පටන් ඇරැඹෙන්නේ වසර විසි අටක් පුරා තම මවගෙන් වෙන්ව , හැදූ මව ඉදිරියේ  සාර්ථක ජීවිතයක් ගත කළ යළිත් විසි අට වසකට පසු   මවගේ ආදරය ඉදිරිපිට අතිශය සංවේදී වන රොෂානිගේ සුන්දර හැඟුම්බර කතාවයි.

ලංකාවේ දුෂ්කර ප්‍රදේශයක හැදී වැඩුණු ,ජිවීතය සරි කර ගැනමේ අනවරත ජීවන අරගලයක නිරත වූ වයලට් ට දාව  පුංචි දූ කුමරියක් උපන්නේ 1987 වසරේ අගෝස්තු මාසයේදීය. සුන්දර සිනහාවකින් සැරසුණු මේ පුංචි කුමාරිය වයලට් ළඟ රැඳුණේ සති හයකටත් වඩා අඩුකාලයකි.

අදින් දශක තිහකට පමණ පෙර අපේ රටේ අතිශය සංවේදී සිද්ධීන් නිරන්තරයෙන්ම වාර්තා විය. ඒ විදේශිකයින්ට දරුකමට හදා වඩා ගැනීම සඳහා දුගී දුප්පත් දෙමාපියන් තමන්ගේම දරුවන් දන් දීමයි. දැඩිව උත්සන්නවන  ආර්ථීක අර්බුද හමුවේ තමන්ගේ පුංචි දූ කුමරිය වන සති හයක් වයසැති රොෂානි , තමන්ට සකසා දෙන්න බැරි දීප්තිමත් අනාගතක් වෙනුවෙන් වෙනත් යුවළකට දෙන්න තරම්  වයලට් සිත දැඩි කරගන්නේ වෙන කරකියා ගත හැකි කිසිවක් නොමැති හෙයිනි.

රොෂානි නැමැති මේ සිඟිත්තිය බෘස් ප්‍රිඩිස් හා නැරෙල්ලේ ප්‍රිඩිස් නැමැති ඕස්ට්‍රේලියා ජාතික යුවළගේ ආදරය නො අඩුව ලැබුවාය. ඇය ආදරණීය දියනියක  ලෙසින් නිව් සවුත් වේල්ස්යේ  ටැම්වර්ති හි ගත කරන්නේ  සුන්දර ජීවිතයකි. ඇයට ඕස්ට්‍රේලියානු මවගේ සහ පියාගේ ආදරය සහ රැකවරණය මැදි වැඩිමහල් සොහොයුරෙකු සමඟ රොෂානිගේ ජීවිතය පරිපූර්ණ විය. තමන් ලංකාවේ සිටි දරිද්‍රතාවයෙන් හුන් අහිංසක කාන්තාවකගේ දියණියක් බව නොදැන ඇය සැප සම්පත් වින්ඳාය.

නිසි කලට අධ්‍යාපනය ලබමින් , සාර්ථක හා සෞභාග්‍යමත් ජීවන රටාවක් භුක්ති විඳින ඇයට සහජයෙන් උරුමකම් කියන දක්ෂතාවන්ගෙන් අනූන වූවාය. ඒ කෙනෙකු ඉදිරියේ අති සංවේදී වීම හා සංගීත ශිල්පයෙහි වූ දක්ෂතාවයි. ඕස්ට්‍රේලියාවේ හැදී වැඩුන ඇගේ සිහිනය වූයේද කවදා හෝ දක්ෂ  ගායන ශිල්පිණියක වීමය.

2008 වසරේ නොවැම්බර් මාසය ඇයගේ සිහිනය සෑබ කර ගැනීමට උදව්වූ වසරයි. ඒ තම සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් එම වසරේ පැවති ගායන දක්ෂතා ඇති නවකයින් තෝරා ගැනීමේ රියැලිටි තරගයක් වන ‘ ඕස්ට්‍රේලියන් අයිඩල්‘ සංගීත තරගාවලියේ සය වැනි අදියර සමඟ රොෂානි එක්වූවාය. උත්සාහවන්තයා  ජය ගනී යන තේමාව පූර්වාදර්ශයක් කර ගනිමින් ඇය අවසානයේ සිය ජයග්‍රහණය කරා ඇය පැමිණියාය.

ඒ එම අදියරේ සුපිරි නවක තරු දස දෙනා අතරට තේරී පත්වෙමිනි. මේ රියැලිටි තරගයෙන් ඇගේ දක්ෂතාවය මුළු ඕස්ට්‍රේලියාව පුරා පැතිරෙන්නට විය. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ තවත් රියැලිටි තරඟයක් වන  ‘එක්ස් ෆැක්ටැර්‘  එක්වන රොෂානිට එහිදීත් ඇය දැක්වූ විශිෂ්ඨ දක්ෂතා වලට උණුසුම් ප්‍රතිචාර ලැබූ අතර ඇය ඉන්පසුව ඕස්ට්‍රේලියා මහාද්වීපය පුරා ප්‍රසිද්ධ තරුවක් වූවාය.

අහම්බයෙන් මෙන් සිහිනයන් යථාර්තයක් බවට පත් කරමින්  සියලූ ජයග්‍රහණ පොඳි බැඳගෙන රොෂානි වෙතට එද්දී, අතිශෝචනීය සහ දරා ගත නොහැකි වේදනාවක් ඇගේ ජීවිතයට එන්නේද අහම්බයකිනි. ඒ  තමන් ගේ ලේ කිරි කර පෙවීමට නොහැකිවූ මුත් ,ආදරණීය දරු සෙනෙහසින් තමන්  රැක බලා ගත් සුදු අම්මා පිළිකා රෝගයට ගොදුරුව සිටින බව දැන ගැනීමත් සමඟය. රොෂානි  ආදරයෙන් හදා වඩා ගත් සුදු අම්මා ජීවිත සටනේ පොර බඳිමින් සිටිද්දී ආදරණීය දියණියක ලෙස ඇගේ අපේක්ෂාවන් ඉටු කිරීමට රොෂානි මුල් තැන දෙන්නේ ලැබූ අපමණ ආදරයට හිලව් ලෙසිනි.

පිළිකා රෝගය උත්සන්න වීම නිසා 2010 වසරේදී  මොලෙව හැර යන රොෂානිගේ සුදු අම්මා රොෂානි ගෙන් එකම එක ඉල්ලීමක් කළාය. සිය දියණියගෙන් නැරෙල්ලා ප්‍රිඩිස් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට ගොස් රොෂානිගේ සැබෑ මව් වූ වයලට් මහත්මිය හමුවන ලෙසය. එම ඉල්ලීම කරමින් අවසන් සුසුම් පොද හෙළු නැරෙල්ලේ මහතමිය රොෂානි හඩවමින් දෙව්මව් තුරුලට එක් වූවාය.

කතාව ආරම්භ වන්නේ එතැන් සිටය. කවුද මේ වයලට්, ශ්‍රී ලංකාවේ සිටින ඇය තමාගේම අම්මාද? මේ  උත්කොහෝටික ප්‍රශ්න වලට රොෂානි වසර ගණනාවක් පිළිතුරු හෙව්වාය. පිළිතුරු සොය සය වසරක් ගතවූ තැන ඇයට ඇගේම මව හමුවීය. එසේම තමන්ගේ මව යහතින් සිටින බව ඇය සිය ඒජන්තකරුවන් මාර්ගයෙන් සැකහැර දැනගන්නීය.

පසුව නොබෝදා සියලූ පැතුම් පොදි බැඳගනිමින් සිය ඕස්ට්‍රේලියා ජාතික පියා , සහෝදරයා සහ  පෙම්වතා සමඟින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර විසි අටකින් නොදුටු සිය  මව් සොයාය.   ගුවන් ගමනේදී ‘මේ ගමන මගේ ජීවිතේ ඇදහිය නොහැකි තරමේ වෙනසක් ඇති කරාවි‘ යැයි රොෂානි සිය පෙම්වතාට හැමවිටම ජප කළේ අතිශය සංවේදී හදවත් ඇත්තියක වන නිසාවෙනි.

කොළඹ අගනගරයට ඈතින් පිහිටි  තේවතු වලින් පිරි සුන්දර ගම්මානයක සිය  මව ජීවත්වන බව දැනගන්නා රොෂානි තම ජිවීතයේ තවත් සුවිශේෂි කඩඉමක් පසු කරන්නේ අතිශය හැඟුම්බර මොහොතක වයලට් නම් තම   මව දැකීමත් සමඟිනි.

අගහිඟකම් නිසා පිටරැටියන්ට සිඟිත්තිය දැන් උස් මහත්වී නැවතත් තමා ලඟට පැමිණීම වයලට් ට හීනයක් ම විය. ඒ වන විටත් විවාහයකින් තවත් දරුවන් හා දරුවන්ගේ දරුවන් සමඟ ජීවතයේ සැඳෑ සමය ගෙවන වයලට් මෙම සිදුවීම දරා ගත නොහැක්කක් වූවාය. රොෂානි සිය  මව් වූ වයලට් මහත්මිය හමුවූ අවස්ථාව අතිශය හැඟුම්බර වූ බව නොරහසකි. දෙදෙනා එකිනෙකට හමුවීම කදුළු කැට ගණනාවක් නොව ගංගාවක් පිටාර ගැලුයේ වයලට් මහත්මියගේ පවුලේ සාමාජිකයින් මෙන්ම රොෂානිගේ කැපකාර පියා වූ බෘස් ප්‍රිඩිස් මහතා ඇතුළු රොෂානිගේ පෙම්වතා සහ සහෝදරයාගේ දෙනෙත් හැඟුම්බර කරවමිනි.

දෙනොගේ සංවේදී හා උණුසුම් සිප වැළඳ ගැනීම් පසක් කළේ මව් සෙනෙහසක ඇති මෘදු භාවයයි. එහි හැඟුම්බර වීඩියෝවක් බ්‍රිතාන්‍යයේ පළවන ඩේලි මේල් පුවත්පත්පත අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟ එය විනාඩි කිහිපයකින් ලොව පුරා ප්‍රචලිත වන්නට වූයේ සියලූ සිත් සතන් මෘදුකරවමිනි.

ඉන්පසු   රොෂානි දියණිය පෙන්වූ ඇගේ කුඩා කාලයේ ඡායරූප දකිමින් සිය  මව නොමැතිව හැදූ මව සමඟ ගෙවූ අතීතය මතක් කරන ලද්දේ වයලට් මහත්මියගේ හිතට සැනසීමක් උදා කරලමිනි.

තමන් වැදූ රොෂානි දියණිය බෘස් මහතා සහ නැරෙල්ලේට ලබා දීම ගැන වයලට්   මොහොතකටවත් කඳුළු සලන්නේ නැත. මන්ද එදා වයලට් මහත්මිය සිය දියණිය ඕස්ට්‍රේලියා ජාතික යුවළට භාර නොදුන්නා නම් ඇය ගායක තරුවක් නොවනු ඇත. ඇය තේවත්තක් මැද සිය ජීවිතය කොටු කර ගත් තවත් අසරණ යුවතියක් පමණක් වන්නට ඉඩ තිබිණි.

සිය සැබෑ මව   දැක ගැනීමෙන් පසු ඇය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඉංග්‍රිසි බසින් සඳහන් කළ වැකියේ සිංහල අරුත මෙයයි.

‘‘ඔබ හැමදෙනාටම මම දෙන ප්‍රධාන උපදේශය තමයි බලාපොරොත්තු නොමැති විවෘත හදවතක් හැමවිටම තමන් ළඟ තබා ගන්න. එවිට ඔබට ඔබේ ගමන් මගේ සහ මව්බිම වෙනුවෙන් ආත්මාර්ථයෙන් තොර ,ආදරයෙන් පිරුණු ජීවිතයක් ලබා ගතහැකි යන්නයි.‘

අම්මාගෙන් සමුගෙන ඇය දැන් ඕස්ට්‍රේලියාවට ගොස් සිටින්නීය.

(ඕස්ට්‍රේලියාවේ ලෝරා හවුස් විසින් ඩේලිමේල් පුවත්පතට ලියනු ලැබූ ලිපියක් ඇසුරෙනි)

3102DAC200000578-3438134-image-a-1_1454990951678 (Copy) 3102DAC600000578-3438134-image-a-9_1454991059824 (Copy) 3102DAD200000578-3438134-image-a-11_1454991094229 (Copy) 3102E2A600000578-3438134-image-a-5_1454990999391 (Copy) 3102E2AE00000578-3438134-image-m-8_1454991031710 (Copy) 3102E2B600000578-3438134-image-m-20_1454991196560 (Copy) 3102E3FE00000578-3438134-image-a-12_1454991100054 (Copy) 3102E40200000578-3438134-image-a-2_1454990965184 (Copy)



අදහස් (0)

ලක් ගායිකාව වසර 28කට පසු අම්මා හමුවේ

කුමාර් මෙන්ඩිස් Monday, 22 February 2016 05:31 AM

අන්තවාදී ආගම් අදහන අයට දේශපාලන රැකවරණ නැහැ.ඔව් දේශපාලන ප්‍රශ්න තියෙන අයට විතරයි දේශ පාලන රැකවරණය දෙන්නේ.රටක රැකවරණය පතන්නේ හේතු තියෙනවා ගොඩක්.දේශ පාලනික/ආගමික/පුද්ගලික ප්‍රශ්න වුනත් දෙනවා.අනික බෝට්ටු වල එන්නේ දුප්පත් අය කියල දන්නවා.සල්ලි තියෙනවා ඉගෙන ගත්තු අය ඉන්නවානම් දෙනවා ඕනි දෙයක් . සල්ලි තියෙන අය කෙලින්ම එම්බ්බසියෙන් විසා අරගෙනම එනවා.හොද හොද වෘතීන් කරන අයට දෙනවා විසා. (බ)

:       0       0

චන්ද්‍රා Monday, 22 February 2016 05:40 AM

ඉතාලියට යන්නේ ගොඩක් දුප්පත් පවුල්වල ළමයි. ඒගොල්ලෝ පවුලේ අයට ආදරෙයි. එ්ක නිසා ඒගොල්ලෝ හදන්නේ මුළු පවුලම ගොඩදාගන්න. එ්කයි වෙනස..(බ)

:       0       0

විෂාන් Monday, 22 February 2016 05:38 AM

මට තියෙනවා ඔය වගේම කතාවක්.... අද මම ඉන්න තැන ගැන මම ආඩම්බර වෙනවා.. ජීවිතේ කියන්නේ අභියෝග රැසක් .... හරි මග නොගියොත් අනාත වෙනවා (බ)

:       0       0

විකී Monday, 22 February 2016 05:42 AM

ඉතාලියේ එහෙම වුනාට , ඕස්ට්‍රේලියාවේ එහෙම වෙන්නේ නෑ. (බ)

:       0       0

ප්‍රදීප් Monday, 22 February 2016 10:45 PM

නැති බැරි කමට ළමයා දුන්න එක හොඳයි වගේ. මෙහෙ හිටියනම් දස දුක් විඳලා ,හරිහමන් අධ්‍යාපනයක් නැතුව තවමත් " තේ කුඩේ පිටේ බැඳන් උඹ එනවා කන්ද උඩින්" (බ)

:       0       0

මාලියද්ද Monday, 22 February 2016 07:13 AM

මිලනෝගේ බොහෝ අදහස් වල සැඟවුණු හාස්‍ය රසයක් තිබෙනවා. (ර)

:       0       0

පෙරේරා Sunday, 21 February 2016 06:00 PM

මිලානෝ සහෝදරයා, සිනා ගියා හොඳටම ඔබේ අදහස දැකලා. (නි)

:       0       0

ලක්මාල් Sunday, 21 February 2016 08:30 PM

ඕක තමා කියන්නේ හැම දෙයකටම දෙපැත්තක් ඇති බව. (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Sunday, 21 February 2016 09:17 PM

මිලානෝ, ඔයා හිතාගෙන ඉන්නේ ඉතාලියේ සංක්‍රමණික නීති සහ ඕස්ට්‍රේලියාවේ නීති සමානයි කියලද? ගොඩක් වැරදිලා. මෙහෙ දැන් බෝට්ටුවේ එන අයට, අන්තවාදී ආගම් අදහන අයට දේශපාලන රැකවරණ නැහැ. කැමතිනම් ළඟම තියෙන බොහොම දුප්පත් රාජ්‍යයක් වන පැපුවා නිවුගිනියාවේ පුරවැසිබාවය ගන්න පුළුවන් (නි)

:       0       0

මොහොමඩ් Monday, 22 February 2016 07:50 AM

සෙනෙවිරත්න හරි (අ)

:       0       0

සෙනෙවිරත්න Monday, 22 February 2016 12:17 AM

මිලානෝ, දරුවා දන්දුන් අසරණ අපේ අම්මා සමඟ දරුවා හදා වඩාගත් සුදු අම්මා ගැන හිතන්න. ඇය මියයන මොහොතේ කල්පනා කළේ තමන් හදාගත් දරුවාට අඛණ්ඩව මව් සෙනෙහසක් ඉතිරි කිරීමට. අපි කතා කළයුත්තේ ඒ මිනිස්කම ගැන (නි)

:       0       0

සිරිමල් දිසානායක Sunday, 21 February 2016 10:58 AM

මනුස්සත්වයට සුබ පැතුම්.! (ර)

:       0       0

දිලුක්ෂාන් වික්‍රමසිංහ Monday, 22 February 2016 03:43 PM

කුමන පරිසරයක හැදුන වැඩුනත් අම්මා කියන්නේ ලෝකයේ උතුම්ම තනතුරක්.නැතිබැරි කමට තමන්ගේ දියණිය පිටරැටියන්ට හදාවඩා ගන්න දුන්නත් මිනිස් හදවත්වල බැඳීම් ගැන කියන්න වචන මදි මට. ලයිම් කාමරයක ඉපදුනු අන්ත අසරණ දුප්පත් දමිල දියණියට වාසනාවන්ත අනාගතයකට සුබපතනවා. වැදූ අම්මාට සහ හැදූ අම්මලාට මහත් පින් (බ)

:       0       0

යෝෂිත Monday, 22 February 2016 12:53 AM

අපේ රටේ දෙමව්පියන් දරුවන් සමඟ ගඟේ මුහුදේ පනින්නේ , දරුවෝ පිටරටවලට දෙන්නේ අපේ ගරු දේශපාලකතුමන්ලාගේ ඉතා බුද්ධිමත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් විදිහටයි. (නි)

:       0       0

ඉන්දු Monday, 22 February 2016 12:49 AM

මිලානොගේ විහිලුව සමහර අයට තේරිලා නැහැ වගේ... (නි)

:       0       0

දයාජ Sunday, 21 February 2016 01:06 PM

හරිම සංවේදී කතාවක්. සුබ පැතුම්...! (ර)

:       0       0

මිලානෝ Sunday, 21 February 2016 01:55 PM

දැන් ඉතින් අඬන එක අමතක කරලා හතර වරිගෙම ගොඩ දාන ක්‍රමයක් කල්පනා කරන්න ඕනේ. ඔස්ට්‍රේලියාවට ගිය ලංකාවේ මිනිස්සු නම් මේ දේ නොකලාට ඉතාලියේ ලාංකිකයෝ නම් කොහොමහරි හතර වරිගෙම ඉතාලියට ගෙන්නගන්නවා. වයසක දෙමව්පියෝ පවා රැකියාවල් වලට දාලා දරුවෝ හම්බකරනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 493 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 234 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3215 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1143 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 596 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1979 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37770 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24905 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 226 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site