IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලොකු ගෝල නමට නාග විහාරය තහනම්

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වතුරුවිල සිරි සුජාත හිමියනට බ්‍රහස්පතින්දා නාග විහාරයට ඇතුළු වීම තහනම් කරන නියෝගයක් නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නිකුත් කළේය.

සිරිසුජාත හිමියන්ගේ ශිෂ්‍ය භාවය 2011 ජූලි මාසයේදී සෝභිත හිමියන් ජීවත්ව සිටියදී අහෝසි කරන ලදැයිද ඒ හිමියන්ගේ අපවත්වීමෙන් පසු සුජාත හිමියන් පන්සලට පැමිණ කලබල කරන්නට ඉඩ ඇතැයිද පොලිසිය අධිකරණයට දැන්වීය.

ආදාහනය සිදුකරන පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයටද සුජාත හිමියනට ඇතුළුවීමට ඉඩ නොදෙන්නැයි පොලිසිය ඉල්ලා සිටියේය. එවැනි නියෝගයක් ගත යුත්තේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් බව මහේස්ත්‍රාත්වරයා පොලිසියට උපදෙස් දුන්නේය.

 



අදහස් (0)

ලොකු ගෝල නමට නාග විහාරය තහනම්

ඉන්ද්‍රජිත් Thursday, 12 November 2015 03:02 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඉන්දික Thursday, 12 November 2015 03:07 AM

පිටබැද්දර ජයායි, තිලක් ඩුබායි කියන දෙයම තමයි මටත් කියන්න තියෙන්නේ! (නි)

:       0       0

ලහිරු ජයකොඩි Thursday, 12 November 2015 03:05 AM

බුද්ධ කාලේ පවා වැරදි කරන හිමිවරුන් දඬුවමට ලක්වී තිබෙනවා. සාධාරණ සමාජයක් සහ මෙය පටළවාගැනීමෙන් වළකින්න (නි)

:       0       0

ටෙනිසන් Thursday, 12 November 2015 03:26 AM

චන්දන, ඔය දන්නා හේතුව ප්‍රසිද්ධියේ කියන්නකෝ. එතකොට අනවශ්‍ය ප්‍රශ්න මතුවන්නේ නැහැනේ. මෘත දේහයකට අවසන් ගෞරව කිරීම, වාරණ දමා නවතාලීම ගැන මටද ඇත්තේ අකමැත්තකි (නි)

:       0       0

තුසිත Wednesday, 11 November 2015 01:09 PM

ඔන්න සාධාරණ සමාජය........ අවසාන මොහොතකටවත් සම්බන්ධ වෙන්න නොදෙන වෛරයෙන් පිරුන සාධාරණ සමාජය....(බ)

:       0       0

සංජය Wednesday, 11 November 2015 01:08 PM

මට හිතෙන්නේ එයා මහින්ද හිතවාදියෙක් නිසා ආණ්ඩුව බය වෙලා (බ)

:       0       0

තිලකසිරි Wednesday, 11 November 2015 01:11 PM

රටක් වටිනා හිමිනමක් නැතිවෙලා ඉන්න වෙලාවක මේ කරන වැඩ ගැන මීටවැඩිය හිතුවොත් හොඳයි කියලා මට හිතෙනවා (නි)

:       0       0

චන්න Wednesday, 11 November 2015 01:16 PM

සිරිසුජාත හිමි ඉස්සර හිටියේ අපේ පන්සලේ. අපි ඒ හාමුදුරුවෝ ගැන දන්නවා (නි)

:       0       0

දිසානායක Wednesday, 11 November 2015 01:20 PM

අවසාන මොහොතටවත් සම්බන්ධ වෙන්න නොදෙන එක ගැන නම් මමත් කියන්නේ තව ටිකක් හිතන්න කියලයි (නි)

:       0       0

විජේතුංග Wednesday, 11 November 2015 01:40 PM

මට නම් මේ ගැන මොකුත්ම කියන්න හිතෙන්නේ නැහැ (නි)

:       0       0

සුමිත් Thursday, 12 November 2015 03:52 AM

මේවගේ දේවල් බුදු බණට පටහැනි දේවල් , හතුරට වුණත් මල ගෙදරකට එන්න දෙනවා අපේ මිනිස්සු (ම)

:       0       0

සමන් Wednesday, 11 November 2015 01:59 PM

මේක හරි ගැටළු සහගත තත්වයක්. මේ වගේ ප්‍රශ්නයක් තිබෙන බව හෝ තිබුණු බවක් හුදී ජනයා වන අප දැනගෙන හිටියේ නැහැනේ. ඒ නිසා මිනිසුන්ට සාධාරණ සමාජයක් ගැන සැකසංකා ඇතිවීම පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

සත්‍යා Thursday, 12 November 2015 04:19 AM

ඉතාම නොගැලපෙන වැඩ.(ම)

:       0       0

ශාන්ත Thursday, 12 November 2015 04:25 AM

පැවිදි සමාජයේ ගුරු හාමුදුරුවෝයි ශිෂ්‍ය හාමුදුරුවොයි කියන්නේ ගිහි සමාජයේ පියයි පුතයි වගේ. තාත්තලා පුතාලා අතරත් අමනාපකම් ඇතිවෙන්න පුලුවන්. ඒත් පිටස්තරයෙක් මුල් වෙලා තාත්තට අවසන් ගෞරවය දක්වන්නට ලොකු පුතාට තියෙන අයිතිය වාරණය කිරීමක් වගේ දෙයක් මේ.(ම)

:       0       0

ශාන් Thursday, 12 November 2015 04:26 AM

මේකත් කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ (ම)

:       0       0

අමල් Thursday, 12 November 2015 04:30 AM

මේක බටහිර කුමන්ත්‍රණයක් (බ)

:       0       0

ප්‍රසාද් Thursday, 12 November 2015 04:35 AM

ඔන්න පේනවා නේද මෙයාලගේ සාධාරණ සමාජේ . එහෙම කරන එක හරිම අසාධාරනයි සුජාත හාමුදුරුවෝ අවුරුදු 25 හැදුනේ නාග විහාරයේ. මම සෝබිත හාමුදුරුවොත් හොදට අදුරනව. ඔය ලෝකෙට තියන සාධාරණය පන්සලේ තිබුනේ නැහැ. ඔය ඉන්න මහා නායකයලත් සෝබිත හාමුදුරුවෝ සුජාත හාමුදුරුවෝ බෙදා වෙන්කළ එකට වග කියන්න ඕනේ . එයාලට ඕනේ ඔතන තියන බූදලේ සුරාකන්න. (බ)

:       0       0

චන්දා Thursday, 12 November 2015 04:40 AM

පහන් කනුව පාමුල අඳුර ලු බලනු සොදුර.(ම)

:       0       0

චන්න බුවනක Wednesday, 11 November 2015 02:14 PM

ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න වැඩිකරගන්න නම් එපා (නි)

:       0       0

ෆාති Thursday, 12 November 2015 04:46 AM

පෘතග්ජන මිනිසුන් වශයෙන් විසඳාගත නොහැකි ප්‍රශ්න අප අතර ඕනෑතරම් තිබේ. සෝබිත හිමියන්ට ගෝලනම අකීකරු වෙන්න ඇති. සඟ සමාජයේ බුදුන් කලද බෙදීම් ඇති වූ බව සඳහන්වේ. අවස්ථාවේ ඇති වැදගත්කම හේතුවෙන් ප්‍රශ්නයට තාවකාලික විසදුමක් වශයෙන් මෙම තීරණයට එන්න ඇති. එමනිසා මේ අවස්ථාවේ රටක් අවදිකළ ගරුතර ස්වාමීන් වහන්සේට අගෞරව නොවන ලෙස මාධ්‍යයෙන් අදහස් පලවෙනම් අපගේ හැදියාවද ප්‍රදර්ශනය වේ. (බ)

:       0       0

කමල් පෙරේරා Wednesday, 11 November 2015 02:25 PM

ශිෂ්‍යභාවයෙන් නීතිමය ලෙසින් ඉවත්කර ඇත්නම් ඒ හිමියන්ට මේ කටයුතුවලට අතගැසීමට නීතියෙන් ඉඩක් නැතිබවයි මටත් හිතෙන්නේ (නි)

:       0       0

ප්‍රභාත් කුලතුංග Thursday, 12 November 2015 05:00 AM

ලියන්නා කෙසේ ලීවත් කියවන්නා අවබෝධයෙන් යුතුව කියවිය යුතුයි. ශිෂ්‍ය භාවය අහෝසි කරන්න හේතුවක් ඇති. (ම)

:       0       0

මහේෂ් Wednesday, 11 November 2015 02:44 PM

මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයට අප ගරුකළ යුතුයි (නි)

:       0       0

සුනිල් Wednesday, 11 November 2015 02:55 PM

සොභිත හමුදුරුවන් ඉන්නකන් පැත්ත පළාතේ අවේ නැහැ. දැන් එනේ මොකටද. (අ)

:       0       0

දුමින්ද Thursday, 12 November 2015 05:23 AM

මොකද්ද මේ ආරවුල සංඝබේදය කරන (බ)

:       0       0

නජිත් Thursday, 12 November 2015 05:25 AM

මේ මොන කැත වැඩක්ද? ශිෂ්‍ය භාවය නැති වුනත් අවසාන ගෞරවය දක්වන්න ඕනිම කෙනෙකුට අවසරය දිය යුතුයි, (බ)

:       0       0

ජයමහ Thursday, 12 November 2015 05:43 AM

මේ උතුමන් වහන්සේට මඩ ගසන්න සුළු පරිසක් ලොකු උත්සහයක් ගන්න බව වෙබ් අඩවිවල පලවන දේවල් වලින් පේනවා. අද ගෙවල්වල දාල තිබෙන කහ පාට කොඩිවලින් මිනිස්සු මේ උතුමා ගැන තියෙන ගෞරවය පේනවා. (බ)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 12 November 2015 05:51 AM

ශිෂ්‍ය භාවය අහෝසි කළා නම් අයිතිවාසිකම් ඉලල්ගෙන එන එකක් නැහැ. මෙතන වෙලා තියෙන්නේ එහෙම වේවි කියල සැකයක් විතරයි. (ම)

:       0       0

දිනුෂ Wednesday, 11 November 2015 04:47 PM

සුනිල්ට කොහෙද යන්නේ මල්ලේ පොල්. ශිෂ්‍ය භාවය නීතියෙන් අවලංගු කරලා නම් ඒ හාමුදුරුවන්ට සෝභිත හාමුදුරුවෝ පන්සලට එන්න නොදෙන්න ඇති. ඒ නීති පියවරක් ගත්තේ ඇයි කියන්නවත් එහෙම දෙයක් කෙරුණු බවවත් ප්‍රසිද්දියේ දැනුම් දීලා නැහැනේ. (අ)

:       0       0

පෙරුමාල් Thursday, 12 November 2015 06:19 AM

සෝභිත හාමුදුරුවන්ගේ දේහය අසල පොලිසිය සිටින නිසා අවසන් ගෞරව දැත්වීමට යන්න දුන්නට කමක් නෑ. (ර)

:       0       0

සෙනරත් Wednesday, 11 November 2015 05:39 PM

පන්සලකට ඇතුළුවෙන්න බෞද්ධයෙකුට අවසර ඕනෙද ? එතකොට ඔය සෙනග එන්නේ අවසර අරගෙනද (රේ)

:       0       0

චන්දන Wednesday, 11 November 2015 06:07 PM

යහපාලනය ගාවගන්න එපා මෙතනට. තහනම් නියෝගයක් අරගෙන තියෙන්නේ හේතුවක් ඇතුව. (නි)

:       0       0

සුසන්ති Thursday, 12 November 2015 07:24 AM

සමහර අයගේ ප්‍රතිචාර දැක්කම මහත් සංවේගයක් දැනෙනවා. (ර)

:       0       0

රත්නායත Thursday, 12 November 2015 07:54 AM

ඉතා සුමදුර ලෙස ධර්මය දේශනා කල සොබිත හාමුදුරුවෝ පිරිසකගේ දැඩි වෛරය මැද්දේ සමු අරගෙන යනවා. ඇයි මෙහෙම වුණෛ්. මම නම් හිතන්නේ අවසාන කාලයේ පශ්චාත් තාප වුණත් යා යුතු නිසි මාර්ගය නිසි ලෙස අවබෝධ කරගන්න බැරි වුණා හාමුදුරුවෝ රටට ගොඩක් ආදරය කළ නිසා (ම)

:       0       0

පුලාරා Wednesday, 11 November 2015 07:10 PM

ගොඩක් අයගේ එළියට පෙන්වන දේවල් නොවෙයි හිත් ඇතුළේ තිබෙන්නේ කියා මට හිතුණා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 11 November 2015 08:00 PM

පිටබැද්දර ජයා මොකද මේ ගැන කියන්නේ? (නි)

:       0       0

රණතුංග Friday, 13 November 2015 12:21 AM

ඉවසීමෙන් කටයුතු කළයුතු වෙලාවක් (නි)

:       0       0

අසෝකා Wednesday, 11 November 2015 08:17 PM

නහි වේරේන වේරානි.;;;;බුදු දහමටත් ඇයි අද මේ පටහැනිවී............තව කල් ගියොත් අපගේ සිරි ලංකාවේ............මොන ආගමක් ඇතිවේවිද හිත බියවේ????(රේ)

:       0       0

කල්ප Friday, 13 November 2015 12:24 AM

අපි මේ ගැන සාවධානව බැලිය යුතුයි (නි)

:       0       0

රාධා Friday, 13 November 2015 12:24 AM

වසර 4 කට පෙර පන්සල දාලා ගිය අය ආයෙත් එන්න අවශ්‍ය නැහැ කියලයි මමත් කියන්නේ. හාමුදුරුවෝ බලන්න එන්න ඕනෑ නම් පසුගිය අසනීප කාලේ එන්න තිබුනානේ. (නි)

:       0       0

නිහාල් Wednesday, 11 November 2015 08:40 PM

පොලීසිය ඉන්නේ මොකටද,වෙනත්කෙනෙකුට ඇවිත් කලබල කරන්න පුළුවන්නේ සොභිත් හිමියන් බිහිකළ .සාධාරන සමාජයේ ඔයදෙවල් තිබුනේ නෑ(රේ)

:       0       0

රණසිංහ Wednesday, 11 November 2015 10:34 PM

නඩුවක කුමන හෝ තීන්දුවක් දෙපාර්ශවයට සවන්දීමෙන් සිදුකිරීම්න් යුක්තිය ඉටුවේ. අද බොහෝවිට නඩුවේ පළමුවැනි දිනම අතුරු තහනම් නියෝග ගන්නා අතර මුල් දිනයදී පෙනී සිටින්නේ පැමිණිලි පාර්ශවය පමණි. (රේ)

:       0       0

ලුම්බිණි Wednesday, 11 November 2015 11:52 PM

මෙහෙමත් හාමුදුරුවරු. (රේ)

:       0       0

ධම්මික Thursday, 12 November 2015 02:17 AM

බුදු දහම කියන්නේ මේ මුළු විශ්වයටම පොදු ධර්මතාවයක් කියලයි මම දකින්නේ සෝභිත හාමුදුරුවන්ගේ අවසන් බැහැදැකීමට එන එකට විරුද්ධ වෙනවාට මම නම් කැමති නැහැ. (නි)

:       0       0

උපාලි Thursday, 12 November 2015 02:49 AM

ගිහියන් අතරවත් ඔච්චරම ප්‍රශ්න නැහැ මම හිතන්නේ. (නි)

:       0       0

මහේෂ් Thursday, 12 November 2015 11:11 AM

මේ තහනම් නියෝගය අරන්තියෙන්නෙ සෝබිත හාමුදුරුවෝ වගේනේ පේන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5271 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 207 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 340 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 412 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 3093 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2972 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site