IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලංකා ටෙලර් ඩොලර් සිය කෝටියක් බේරා දෙයි

බංගලිදේශ මහ බැංකුවෙන් ඩොලර් සිය කෝටියක් (රුපියල් කෝටි 14442) සොරාගැනීමට චීන හැකරුන් ගත් උත්සාහයක් වැළැක්වීමට ශ්‍රී ලංකාවේ බැංකු සේවකයෙක් මුල් වූ බව බැංකු ආරංචි කියයි.

බංගලිදේශ මහ බැංකුවේ නිව්යෝක් නුවර ෆෙඩරල් රිසර්ව් බැංකුවෙන් මෙම මුදල් සොරකම් කිරීමට නොහැකිවූ තවත් හේතු දෙකක් වනුයේ ටයිප් කිරීමේදී සිදුවූ දෝෂයක් සහ බැංකු නිවාඩුද හරස් වීම නිසා බව කොළඹ, ඩකා හා නිව්යෝක් නුවර බැංකු පවසයි.

පසුගිය පෙබරවාරි 5 වැනිදා අනුන්ගේ පරිගණක දත්තවලට හොරෙන් ඇතුළුවන හැකරුන් බංග්ලිදේශයේ විදේශ විනිමය ගිණුමෙන් ඇමරිකා ඩොලර් මිලියන 81ක්  (රුපියල් මිලියන 11700) බංගලිදේශ බැංකුවෙන් පිලිපීන බැංකුවකට මාරු කර ඇතැයි බංගලිදේශ නිලධරයෝ කියති.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව කියනුයේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ ශාලිකා ෆවුන්ඩේෂන් නම් රාජ්‍ය නොවන සංවිධානයකට මෙම මුදල් මාරු කරන ලෙස හැකරුන් උපදෙස් දී ඇතත් Foundation වෙනුවට Fandation යනුවෙන් ටයිප් කර තිබීම ශ්‍රී ලංකාවේ බැංකු ටෙලර්වරයාගේ අවධානයට යොමු වී ඇත. බැංකු ටෙලර්වරයා ඒ බව සොයාබැලීමෙන් එම හොරය අල්ලා ගැනීමට හැකිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි කියයි.

තම ගිණුමෙන් මුදල් වෙනත් බැංකුවකට මාරු කරන ලෙස හැකරුන් නිව්යෝක් බැංකුවෙන් දහ දොළොස් වාරයක් ඉල්ලා ඇතැයි කියති. ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ තවත් ඇමරිකා ඩොලර් මිලියන 850ක් (රුපියල් මිලියන 122762 ) සොරකම් කරගැනීම  බවත් එහෙත් නිව්යෝක් බැංකුවේ ආරක්ෂක පද්ධතියේ ස්වභාවය හා ඇතැම් උපදෙස් ටයිප් කිරීමේදී සිදුවූ වැරැදි නිසා සොරුන්ට වැරදී ඇත.

නිව්යෝක් ෆෙඩරල් රිසර්ව් බැංකුවෙන් ඇමරිකා ඩොලර් මිලියන 81ක් පිලිපීන ගිණුමකට මාරු කර ඇතත් ඇමරිකා ඩොලර් මිලියන 850ක් මාරු කිරීම බැංකුවේ ආරක්ෂිත පද්ධතිය නිසා වැළැක්වී ගිය බව බංගලිදේශ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති රසී හසන් ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවයට කියා ඇත.

ශ්‍රී ලංකාවේ බැංකුවකට මුදල් මාරු කිරීමට හැකරුන් ගත් උත්සාහය අසාර්ථක වූයේ ඔවුන්ගේ ඉල්ලීමේ වැරදි අකුරක් තිබූ නිසා බව හසන් කියයි.

බංගලිදේශ, නිව්යෝක් හා පිලිපීන බැංකු අතර සති අන්තවලදී පවත්නා සන්නිවේදන හිඩැස පාවිච්චි කරමින් හැකරුන් මුදල් සොරකම් කිරීමට 35 වතාවක් අසාර්ථක උත්සාහයක යෙදී ඇතැයිද හසන් පවසයි.

හැකරුන් මෙම උත්සාහය ගෙන ඇත්තේ සිකුරාදාය. එදින බංගලිදේශ බැංකු නිවාඩු දිනයකි. ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් බැංකුව සෙනසුරාදා හා ඉරිදා වසා තැබේ. චීන ජාතික අලුත් අවුරුද්ද වෙනුවෙන් පිලිපීනයේ බැංකු සඳුදා වසා තැබිණි.

අන්තර්ජාල අපරාධ පිළිබඳ බංගලිදේශ විශේෂඥයෝ මේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වති. චීන හැකරුන් සිද්ධිය පිටුපස ඇතැයි ඔවුහු සැකකරති. බංගලිදේශ බැංකුවේ සංචිත ගිණුම පාලනය කරන ඇමරිකා රිසර්ව්  බැංකුව පවසනුයේ ඔවුන්ගේ බැංකු ආරක්ෂක පද්ධතියට හොරෙන් ඇතුළුවීමට නොහැකි වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ බැංකු ටෙලර්වරයාගේ උකුසු ඇස නිසා මෙම හොරකම සිදුවන්නට පෙර ඇමරිකා ෆෙඩරල් බැංකුවටත් ශ්‍රී ලංකා මහ බැංකුවටත් බංගලිදේශ මහ බැංකුවටත් දන්වා එම සොරකම වළක්වාගත හැකිවූ බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කියයි.

‘ඇමරිකා, බංගලිදේශ හා අපට මේ ගනුදෙනුව ගැන මුලින්ම දැන්වූයේ ශ්‍රී ලංකා ටෙලර්වරයෙක්‘ මහේන්ද්‍රන් මහතා එසේ කියයි.



අදහස් (0)

ලංකා ටෙලර් ඩොලර් සිය කෝටියක් බේරා දෙයි

නලින් යහම්පත් Sunday, 13 March 2016 05:31 PM

ඔය “හැකරැල්ලන්“ අල්ලා නීතිය ඉදිරියට ගෙනවිත් ජීවිතාන්තය දක්වා සිර ගෙදර ඉන්න දෙන්න (නි)

:       0       0

රජීව් Sunday, 13 March 2016 09:16 AM

චීනට බැංකුව හැක් කරන්න පුළුවන්, ඉංග්‍රීසි හරියට ලියා ගන්න බෑ... (හේ)

:       0       0

විදානේ Sunday, 13 March 2016 07:03 PM

මේ වෙනුවෙන් ලංකාවට විශේෂ සැළකිල්ලක් හිමිවිය යුතුයි. මෙය අගය කළයුතු වැඩක් (නි)

:       0       0

මහේෂ් Sunday, 13 March 2016 09:48 AM

බැංකුත් කරන්නේ මජනයගේ මුදල් හැක් කරන එකනේ.ඒ නිසා දෙගොල්ලම සමානයි (බ)

:       0       0

සේනක Sunday, 13 March 2016 07:34 PM

අන්තර්ජාලයට රටවල් ක්ෂණයෙන් පොහොසත් කිරීමටත්, දුප්පත් කිරීමටත් හැකි බවට මෙය ප්‍රබල සාක්ෂියකි. විශ්ව ගම්මානය, විශ්ව පවුල විනාශ කිරීමටද හැකිවන බවටද සාධකයකි. (නි)

:       0       0

පීරිස් Sunday, 13 March 2016 09:49 AM

චීන හකරුන්ට ලංකාවට එන්නෙ කියල මාසෙන් දෙකෙන් ඉංග්‍රීසි උගන්නන පන්තියකට යවල වැඩේ පටන්ගන්න කියන්න.(බ)

:       0       0

ජැකී Sunday, 13 March 2016 10:00 AM

ගොන් වැඩක් කරලා තියෙන්නේ' ලංකාවට ලැබෙන්න තිබුන ගානක් නැතිකරගෙන ' අගමැති පුදුම දුකක් විඳිනවා ලෝකේ වටේ ගිහින් කීයක් හරි හොයාගෙන එන්න (බ)

:       0       0

ටෙනිසන් Sunday, 13 March 2016 08:21 PM

මේක අපේ රටට ලොකු ගෞරවයක්. (නි)

:       0       0

උදය Sunday, 13 March 2016 10:13 AM

චීනට බැංකුව හැක් කරන්න පුළුවන්, ඉංග්‍රීසි හරියට ලියා ගන්න බෑ...(බ)

:       0       0

නිහාල් Sunday, 13 March 2016 09:59 PM

ලංකාවේ දුප්පත් අයට උදවු කරන්න වෙන්න ඇති රාජ්‍ය නොවන සංවිධානය ඔය වැඩේට සම්බන්ද වෙලා තියෙන්නේ.(අ)

:       0       0

කමල් Sunday, 13 March 2016 10:37 AM

මහින්ද මහත්තයා හිටියනම් චීනුන්ට කියලා අපිටත් මේ විදිහට ලංකාවට සල්ලි ගෙන්නගන්න තිබුණා. (බ)

:       0       0

චමින්ද Sunday, 13 March 2016 10:50 AM

අපේ මහ බැංකුවත් හොරාකෑවේ ඔය අයම තමයි (බ)

:       0       0

බණ්ඩා Sunday, 13 March 2016 12:21 PM

චීන්නු ලෝකේ වටේම හොරකම් කරනවා ....(බ)

:       0       0

අරුණ Sunday, 13 March 2016 01:18 PM

අපේ හැකරුන් දිනපතාම මහ බැංකුවට විදින්නේ (බ)

:       0       0

අමා Sunday, 13 March 2016 03:38 PM

ඕක හරියටම කරන්න තිබුන, අර.......... අයගෙන් උපදෙස් ටිකක් ගත්තනම් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 440 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 456 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 755 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 572 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 742 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site