IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලක් දැරිය ගීයෙන් මුල් තැනට

ගී ගැයීමට විශේෂ දක්ෂතා ඇතිව ප්‍රංශය පුරා විසිරි සිටි දරු දැරියන් වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන ඒම සදහා ජනප්‍රිය ගුලි රුපවාහිනි නාළිකාව සංවිධානය කළ ‘එකෝල් ඩේ ෆන් නොවෙල් ජෙනරශියොන්‘ සංගීත වැඩසටහනින් ශ්‍රී ලාංකික දැරියක් වන නිලුෂි නිශ්ශංක 13 ප්‍රථම ස්ථානයට පත්වුවාය.

ඔක්තෝබර් මස දී  ගුලි රුපවාහිනි නාලිකාව ඇරැඹු ‘ එකෝල් ඩේ ෆන්‘ සංගීත වැඩසටහනට ප්‍රංශයේ සැම නගරයකින්ම ඇති විශාල තරගකරුවන් පිරිසක් එක් වුවත් අවසන්  මහා තරගයේදී අති දක්ෂ තරගකරුවන් හතර දෙනෙකු පරදා නිලුෂි නිශ්ශංක ජයග්‍රහණය කළාය

ඇය සංගීත වැඩසටහන් ගණනාවකින් මෙයට පෙරද ජයගෙන ඇති බවත් ප්‍රංශයේ ජනප්‍රියම ගායිකාවක් වන කැරොලින් කොස්තා  දියණිය බැලීමට තම නිවසට පැමිණි බවත් ඇය තම දියණිය සමග ගී ගැයූ බවත් නිලුෂි නිශ්සංකගෙ මව්පියන් වන චන්ද්‍රසිරි  හා නිශ්ශංක මල්ලිකා නිශ්ශංක කියති.

තමාට ෆ්ලුස් රුපවාහිනි නාළිකාව ඇතුළු මාධ්‍ය ගණනාවකින් හා ප්‍රංශයේ වැඩවසන ස්මහා සංඝරත්නය හා ශ්‍රී ලාංකිකයින් සුබ පැතු බවද නිලුෂි එසැණට කීවාය.

 

 



අදහස් (0)

ලක් දැරිය ගීයෙන් මුල් තැනට

කළණ Monday, 06 January 2014 08:56 AM

ලංකාවේ කෙනෙක් වීම සතුටුයි. ඒත් මට යමක් කියන්න ඕනේ. ලංකාවේ කෙනෙක් පිට රට පදිංචියට (සංක්‍රමණය) ගියාට පස්සේ ලංකාවේ පුරවැසියන් නෙමෙයි. ඔවුන් තව දුරටත් ලාංකිකයෝ නෙමෙයි. (නදී)

:       0       0

කිත්සිරි Monday, 06 January 2014 08:57 AM

ලංකාවේ නම කතා කරන පුවත් වැඩිපුර ඇසෙන මේ කාලේ මේ ඉතා සතුටුදායක පුවතක්. දුවේ ඔබට සුභ පැතුම්! ලද ජයග්‍රහණය කටු ඔටුන්නක් කර නොගෙන තව තවත් අනාගත ජයග්‍රහණ සඳහා යාමට වාසනාව ලැබේවා ! (නදී)

:       0       0

සුගත් Monday, 06 January 2014 08:59 AM

ඔබට දිගු ගමනක් යාමට හැකිවේවා! (නදී)

:       0       0

අනුෂා කාංචනා Monday, 06 January 2014 09:00 AM

ඔබ ගැන ආඩම්බරයි.(නදී);

:       0       0

දුෂාන්ති Monday, 06 January 2014 09:05 AM

අපේ කම ලෝකෙට රැගෙන ගිය ඔබට මගේ ආදරණීය සුභ පැතුම්.(නදී)

:       0       0

අනුෂා Monday, 06 January 2014 09:08 AM

ඔබ අපට වටිනා ආදරණීය ආඩම්බරයක්. ඔබට සුභ අනාගතයක්.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 06 January 2014 09:12 AM

ලක්මවට ඔබ ඉතාම අගනේය සුභ ගමන් දියණිය.(නදී)

:       0       0

නීලා ජයසිංහ Monday, 06 January 2014 09:35 AM

දියණියනි ඔබ ගෑයුවේ සිංහල ගීතද ප්‍රංශ ගීතද? මොනවා ගෑයුවත්, ඉදිරියට ලද සෑම අවස්තාවකම සිංහල ගීත ගායනා කරන්න(දිල්)

:       0       0

කසුන් සඳරුවන් Monday, 06 January 2014 09:39 AM

සුභ පැතුම් ! (නදී)

:       0       0

අරුණ Sunday, 05 January 2014 06:44 PM

ලක් මව ජය ටැබ මලින් සැරසු ලක් දියණියනි ඔබට අපගේ ප්‍රණාමය. (ත)

:       0       0

හාමිඩ් හස්සන් Sunday, 05 January 2014 07:18 PM

නියමයි. (ත)

:       0       0

සත්‍යයා Monday, 06 January 2014 10:06 AM

කලණ, රටින් පිටව ජීවත් උනා කියල ශ්‍රී ලාංකිකයෙකුගේ අනන්‍යයතාවය පරිගණකයේ වචන කිහිපයකින් අවලංගු කිරීමට ඔබ ගත් උත්සාහය ගැන ලජ්ජා විය යුතුයි. විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ දු පුතුන් විශේෂ දක්ෂකම් විදහා පාන්නේ ජීව විද්‍යාත්මක මෙන්ම සංස්කෘතික උරුමය ද ඔවුන් සතුව දිගටම පැවතුන නිසයි. එය තමයි සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යයතාවය.(නදී)

:       0       0

සුනිල් විමලසුරිය Monday, 06 January 2014 04:59 PM

සුභ පැතුම් දුවේ බුදු සරණයි(දිල්)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 06 January 2014 10:16 AM

ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාව බබළවපු මේ දිරිය දියණියට ජර්මනියේ සිට සුභ පැතුම්. තව තවත් ඉදිරියටම යන්න දියණියනි.(නදී)

:       0       0

ලීනා ගුණසිංහ Sunday, 05 January 2014 08:03 PM

දුවේ නුබට බුදු සරණයි තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා (දී)

:       0       0

රුවන් Sunday, 05 January 2014 08:33 PM

සුභපැතුම් දියණියනි (දී)

:       0       0

නාලක් Sunday, 05 January 2014 08:34 PM

සුභ පැතුම් දුවේ (දී)

:       0       0

නිහාල් ජෙනෝවා Sunday, 05 January 2014 08:34 PM

අපේ රටට ගෞරවය ගෙනදුන් ලස්සන දියණියට සහ ඇයව අප රටට දායාද කර දුන් දෙමාපියන්ට ඉතාලියෙන් සුභ පැතුම් .... (දී)

:       0       0

ශ්‍රියානි Sunday, 05 January 2014 09:08 PM

දියණියේ ඔබට සුබ පැතුම් ගීතයත් අහන්න තිබුනානම් වටිනවා (දී)

:       0       0

කටුනායක අපි Sunday, 05 January 2014 09:10 PM

කටුනායක අපේ උණුසුම් සුභපැතුම් අපේම දිරිය දියණියට (දී)

:       0       0

රවි බන්දු Monday, 06 January 2014 11:10 AM

දියණියේ ඔබට දිගාසිරි සමග ජය! (නදී)

:       0       0

සිරිමල් Monday, 06 January 2014 11:27 AM

යතාර්ථයේ ජීවත් වෙන්න. භාෂාව වෙනස් උන ගමන් සංස්කෘතිය වෙනස් වෙනවා. ඒ දරුවා පේන විදිහට ප්‍රංශයේ ජීවත් වෙන දෙවනි පරම් පරාව. මම හිතන්නේ නැහැ එයා ගතින් වත් සිතින් වත් ශ්‍රී ලංකික කියලා. එයා ප්‍රංශ දරුවෙක්. මේක පිට රටවල ඉන්න අය ජීවත්වෙන සිහිනයක්. වෙන රටකට ගිහින් දරුවන්ව සිංහල විදිහට හදා ගැනීම පරම්පරා උපරිම උනොත් 3 පුලුවන් වෙයි. එතනින් ඉවරයි.එහෙම කරන්න හදන දෙමව්පියන් උනත් කරන්නෙ ඒ ළමයින්ට අසාධාරනයක්. දුවේ නුඹබට හදවතින් මම සුභ පැතුම්. ඉදිරියටම යන්න.(නදී)

:       0       0

සලීම් Sunday, 05 January 2014 09:41 PM

ලාංකික අපිට ලොකු සතුටක් (ත)

:       0       0

සරා Monday, 06 January 2014 11:57 AM

ලක් දියණියනි ඔබට අපගේ ප්‍රණාමය! (නදී)

:       0       0

නනිල් Monday, 27 January 2014 09:39 AM

සුභ අනාගතයකට පැතුම් දුවේ ! (නි)

:       0       0

සමන්ත Sunday, 05 January 2014 10:21 PM

සුභපතනවා ඔබට (දී)

:       0       0

මැක්ස් Monday, 06 January 2014 12:29 PM

www.youtube.com/watch?v=rXQfdWZfhMM (ස)

:       0       0

චමත් ඉතාලිය Sunday, 05 January 2014 11:15 PM

දුවේ,අපේ සුභ පැතුම් තව තවත් ඉදිරියට යන්න අවස්තාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ඔබටත් ඔබේ දෙමාපියන්ටත් බුදු සරණයි. (දී)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Sunday, 05 January 2014 11:26 PM

ඔබට මගේ සුබ පැතුම් ; ඔබ වැනි අය අපට ලොකු ආඩම්බරයක් ,ලංකාවෙන් පිටත සිටියත් ලංකාවේ නම ගෙනියන ඔබ වැනි දරුවන් තවත් බිහි වේවා ; ඔබට තෙරුවන් සරණයි (දී)

:       0       0

සුලෝචනා Monday, 06 January 2014 01:51 PM

දිරිය දැරියට උණුසුම් සුබපැතුම් (දිල්)

:       0       0

ප්‍රසන්න Sunday, 05 January 2014 11:31 PM

මේ දෙන්නගෙන් කවුද අපේ දරුවා? මගේ ශුභ පැතුම්! (දී)

:       0       0

මල්ලිකා Sunday, 05 January 2014 11:49 PM

දයාබර දුවේ ඔයාට දිගු ගමනකට සුබ පාර්ථනා (දී)

:       0       0

රංජනී Monday, 06 January 2014 02:21 PM

නිලුෂි දියණියට එංගලන්තේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් උණුසුම් සුභ පැතුම්! (නදී)

:       0       0

ලාල් නුවර Monday, 06 January 2014 12:35 AM

වීඩියෝ එක දාන්නකෝ බලන්න. (දී)

:       0       0

නෙලික Monday, 06 January 2014 02:27 PM

බලන්න: https://www.youtube.com/watch?v=1tXOfv-ඒ4 නිල යූ ටියුබ් පිටුව: https://www.youtube.com/user/niamel9?feature=watch (ස)

:       0       0

යසන්ත ද සිල්වා Wednesday, 08 January 2014 03:07 AM

නිලුසි දුව මම ඔයා දිනපු ඒ තරඟය සම්පුර්ණයෙන්ම බැලුවා. ඔයා හරිම අපුරුවට තාල් කියන ගායිකාවගේ ප්‍රංශ සිංදුවත් බියෝන්සේ කියන ගායිකාවගේ ඉංග්‍රීසි සිංදුවත් ගායනා කලා. අවසාන වටයට තේරිලා හිටපු දැරියන් 6 දෙනාගෙන් ඔයා තමයි දක්ෂම. ජයග්‍රහණයෙන් පසුව නිවේදක ඔබේ විස්තර විමසද්දී ඔබ මම ශ්‍රී ලාංකිකයෙක් කියා පවසද්දී මට ඇතිවුණු සතුට අති විශාලයි. ඉන්පස්සේ නිවේදකයා ඔබෙන් සිංහල ගීතයක කොටසක් ගයන්න පුලුවන්ද කියා ඇසුවිට ඔබ ඉතාම ලස්සනට ඉර පායා ගීතයේ මුල් පද ගයද්දී මගේ ඇස්දෙකට කඳුළු ආවා. ඔයාල වගේ දරුවෝ අපේ රටට සම්පතක්. ඔබේ ශ්‍රී ලාංකික කමත් නිරහංකාර කමත් රැකගෙන ඉදිරියටම යන්න. ඔබට තෙරුවන් සරණයි.(නදී)

:       0       0

තාරක, මලානි, පෝෂිත විතාරණ පැරිස් 13 Monday, 06 January 2014 02:02 AM

ආදරණීය දුවගේ ඉදිරි ගමනට අපගේ උණුසුම් සුභ පැතුම්! (නදී)

:       0       0

සංකස්ස මහතා Monday, 06 January 2014 10:45 PM

සුබ පැතුම් (දී)

:       0       0

මාළනී Monday, 06 January 2014 02:36 AM

දුවේ ඔයාට දිගු ගමනකට සුභ පැතුම්! (නදී)

:       0       0

ප්‍රීතිමාලි පෙරේරා Monday, 06 January 2014 02:57 PM

ඔබේ දක්ෂතා අසා බෙහෙවින් ප්‍රීති වුයෙමි. ඔබට දිගු ගමනක් යාමට හැකිවේවා! (නදී)

:       0       0

කුමරි දේ සිල්වා Monday, 06 January 2014 02:44 AM

නිලුෂි දුවේ තෙරුවන් සරනින් හැම අංශයකින්ම ජය ලැබේව කියා පතනවා. (දී)

:       0       0

ආශා සෙනවිරත්න Monday, 06 January 2014 03:03 PM

සුභ පැතුම්! (නදී)

:       0       0

කුරේරා ෂර්ලි පැරිස් Monday, 06 January 2014 03:12 AM

දුවේ ඔබට මගේ උණුසුම් සුබ පැතුම් ඔබ මා මීට අවුරුදු කීපයකට ඉස්සර පන්සලේ අවුරුදු උත්සවයකට ලස්සනට සින්දු කිව්ව ඒ අවස්තාවේ විද්‍යුත් මාධ්‍යකින් ඇවිත් එය විකාසනය කලා

:       0       0

ඉරේෂ් රත්නායක Monday, 06 January 2014 03:04 PM

පුංචි නංගිට හදවතින් සුභ පතමි.(නදී)

:       0       0

කැන්ඩි විකි Monday, 06 January 2014 03:07 PM

ලක් දියණියනි. ඔයාට ජයෙන් ජය! (නදී)

:       0       0

තිසාන් Monday, 06 January 2014 03:15 PM

නංගි, මම සැබවින්ම සතුටු වෙනවා.(නදී)

:       0       0

චානක Monday, 06 January 2014 05:18 AM

ලංකාවේ නම රැඳවු ඔබ ජාතියට ගෞරවයක් (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 06 January 2014 05:18 AM

ඇත්තටම සතුටුයි , රටේ ගෞරවයත් රැකගෙන ඉදිරියටම යන්න සුබ පැතුම් (දී)

:       0       0

රෙහාන් Tuesday, 07 January 2014 01:30 AM

මගෙන් සුභපැතුම් දුවේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 14 0

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 73 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 2734 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1968 1

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1577 2

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1538 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14576 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 171 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site