IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලක් පුරාවස්තු රකින්න ඇමරිකාවෙන් ආධාර

අම්පාර රජගල බෞද්ධ ආශ‍්‍රම භූමියේ ප‍්‍රතිෂ්ඨාපන කටයුතු සහ අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තූන් සංරක්ෂණය වැඩිදියුණු කිරීමට ඇමෙරිකා ඩොලර් 300,000 ක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 42.1 ක්)  ප‍්‍රදානය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික සහ ආගමික උරුමයන් සංරක්ෂණය කිරීමට සහාය දීමේ අරමුණෙන් ඇමෙරිකාව මෙම මුදල ප‍්‍රදානය කළ බව මෙරට ඇමෙරිකා තානාපති කාර්යාල කියයි.

මෙම ප‍්‍රතිපාදන මුදලින් ඇමෙරිකා ඩොලර් 150,000ක් සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ තානාපති අරමුදල හරහා රජගල බෞද්ධ ආශ‍්‍රම භූමියේ ප‍්‍රතිෂ්ඨාපන කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ප‍්‍රදානය කරන බව එම තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි. මීට අමතරව තවත් ඇමෙරිකා ඩොලර් 150,000ක ප‍්‍රතිපාදන අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ පුරාවස්තූන් සංරක්ෂණ සඳහා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිතය.

මෙරට ආගමික සහ සංස්කෘතික ස්ථාන සංරක්ෂණය කිරීම වැදගත් බව ඇමෙරිකාව වටහාගෙන තිබෙන බවත්, මෙම සහයෝගය හරහා සංස්කෘතික දැනුවත්වීම සහ සංචාරක කර්මාන්තයට නව ජවයක් ලබාදීමත්, ජනතාව අතර අවබෝධය වර්ධනය කිරීමත් සිදුවන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති අතුල් කෙෂාප්  පවසයි.

 



අදහස් (0)

ලක් පුරාවස්තු රකින්න ඇමරිකාවෙන් ආධාර

කපිල Wednesday, 07 October 2015 01:14 AM

ප්‍රවේශමෙන්! (නි)

:       0       0

කංකානම්ගේ Wednesday, 07 October 2015 01:29 AM

බොහොම හොඳයි (නි)

:       0       0

කමණි Wednesday, 07 October 2015 03:05 AM

අර නැතිවුණ කඩුව දැන් හොයාගන්න පුළුවන් වෙයි. (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 07 October 2015 07:49 AM

පුරා වස්තු රැකගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන හොඳ මහාචාර්යවරු ඉන්නවා. ඇමරිකානු ආධාර නිසි ලෙස යොදා ගැනීම ගැන ප්‍රශ්නයක් නැහැ. (ම)

:       0       0

අනුරශාන්ත Wednesday, 07 October 2015 03:12 AM

මෙම මුදල ලැබීම සතුටට කාරණාවක්. නමුත් කල්පනාවෙන් ඉන්න (නි)

:       0       0

ගුණපාල Wednesday, 07 October 2015 12:00 PM

මට නම් මේ ගැන සතුටුයි (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 07 October 2015 03:55 AM

කුකුල් ෆාම් හදන්න නරින්ගෙන් ආධාර. (ස)

:       0       0

ඉන්දික Wednesday, 07 October 2015 03:56 AM

1815 ඉඳන් 1948 වෙනකන් එංගලතයත් අපේ පුරාවස්තු අරගෙන ගියා ආරක්ෂා කරන්න කියල. තාම ඒවා දුන්නෙත් නැහැ. (ස)

:       0       0

නාමල් Wednesday, 07 October 2015 04:38 AM

ශෙහාන් සහ මෙතැන අදහස් දමන සමහරු පුරුද්දට ඇමරිකාවට බනින ලංකාවේ ළිං මැඩියන් වගේ. ඉංග්‍රීසි පුලුවන් නම් ඇමරිකාව ලෝකයේ රටවල පුරාවස්තු රැකගැනීමට යුනෙස්කෝව සමඟ කර ඇති වැඩසටහන් ගැන අන්තර්ජාලයෙන් හොයාගෙන කියවන්න (නි)

:       0       0

දර්ශන Wednesday, 07 October 2015 08:38 AM

එංගලන්තෙන් ගෙනිච්ච පුරාවස්තු ලන්ඩන් කෞතුකාගාරයේ තියෙනවා (ම)

:       0       0

බණ්ඩාර Wednesday, 07 October 2015 08:41 AM

නිදන් හාරලා රජ ගල විනාස කර එකට ආරක්ෂක අංශ වගකියන්න ඕනෑ (ම)

:       0       0

මොහාන් Wednesday, 07 October 2015 05:45 AM

මෙලෝ හසරක් නොදැන ඇමරිකාවට බනිනවා . අවුරුදු පනහක විතර අතීතයේ ඉඳල ඇමරිකාව තමා ලංකාවට ආධාර දෙන ප්‍රමුකම රට. අසූ ගණන්වල බිස්කට් දුන්න ඉස්කෝලේ ළමයන්ට, යුනෙස්කෝව හරහා කොච්චර ආධාර දෙනවද. ඒ මදිවට ලංකාවේ අධ්‍යාපනය , රෝහල් වලට වැඩි හරියක් ආධාර දුන්නේ ඇමෙරිකාව . ලංකාවේ ප්‍රධානතම අපනයනය වන ඇගලුම් වලින් සියයට හතළිහක් ගන්නේ ඇමරිකාව. (ස)

:       0       0

සුමිත් Wednesday, 07 October 2015 05:49 AM

හොඳ යෝජනාවක්. ලෝකේ අනික් රටවලත් කරලා තියනවා වගේ වැඩි ආරක්ෂාවට අපේ පුරාවස්තු ටිකත් ඇමරිකාවට ගෙනියමු (නි)

:       0       0

කැටපිලර් Thursday, 08 October 2015 03:05 PM

කොහොමටත් ඇමරිකාව අපේ පුරාවස්තු වලට නම් අත තිබ්බේ නැහැ දන්නා තරමින්. අපේ සමහරුන් පුරාවස්තු වැනසුවා පහුගිය අවුරුදු 36 තුල පාලන කාලයන්හිදී. ඇමරිකාවට බැන්නාට අපි බොහෝ ඇමරිකන් සොයා ගැනීම්, තාක්ෂණයන් තමයි භාවිතා කරන්නේ. (ර)

:       0       0

කවින්ද Wednesday, 07 October 2015 06:22 AM

බොහොම සන්තෝෂයි (නි)

:       0       0

සංජීව Wednesday, 07 October 2015 06:20 AM

පුරාවස්තු බලන්න අනාගතයේදී ඇමෙරිකාවට යන්න වෙයිද? (නි)

:       0       0

ලසන්ත Wednesday, 07 October 2015 02:23 PM

අනේ ඇමරිකාවට බනින්න එපා, ඒ අය අපිට ගොඩාක් ආදරෙයි ! පුරා වස්තු වලටත් හරී ආදරෙයි. (හේ)

:       0       0

සිල්වා Tuesday, 06 October 2015 06:43 PM

ඇමරිකානු රජයට අපගේ ප්‍රණාමය පුදකරනවා (නි)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Tuesday, 06 October 2015 08:05 PM

කලින්ම පගාව දීලා ගේම ආරම්බ කිරීමට සැරසෙයි . (අ)

:       0       0

ඩීබී Wednesday, 07 October 2015 07:14 AM

ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටෙව්වෙත් කටුගෙය හැදුවෙත් සුද්දන් විසින්. මේ කාලයේ පුරාවස්තු හොරකම් කරන්නේ සුද්දෝ ඇවිදින්ද.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 118 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 210 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 509 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 397 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1416 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2522 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14597 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 189 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site