IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලංකා පිලේ සටන්කාමීත්වය ජනපති අගයයි

‘දිනුවත් පැරදුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය බලාසිටීම හරි ආඩම්බරයක්. ඊළඟ සටනේදී අපේ කට්ටිය වඩාත් ශක්තිමත්ව ඉදිරියට යන බව මට විශ්වාසයි‘ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනපති ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පතමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

20 -20 ලෝක ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමග කරට කර තරගයක යෙදී සිටියේය. අවසන් පන්දුව දක්වාම තරගයේ තීරණය කොයි අත යා දැයි කිව නොහැකි තත්ත්වයකට පත් කිරීමට නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු පිරිස සමත් විය.

ලංකාව ලකුණු 10කින් පරාජයට පත්විය. ඒ අනුව ලෝක කුසලානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

web_MS_2016327



අදහස් (0)

ලංකා පිලේ සටන්කාමීත්වය ජනපති අගයයි

විජය Tuesday, 29 March 2016 01:48 PM

අනේ ජනාධිපතිතුමනි ක්‍රිකට් වෙනුවෙන් මෙච්චර මුදල් නාස්ති කරන්න දෙන්න එපා. ඕව ජාතික අපරාධ. ඔය විදියට පරදින්න ලක්ෂ ගණන් ගෙවලා පුහුණු කරුවෝ තියාගන්න ඕනද? ක්‍රිකට් ගහන අයියාලට දිනුවත් පැරදුනත් ලක්ෂ ගණන් පඩි ගෙවනවා නේද. එදා වේල හම්බකරගෙන කන්න නැති මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද? මේ අපරාදේ දැන්වත් නවත්වන්න. (බ)

:       0       0

සුදේශ් Tuesday, 29 March 2016 03:44 AM

පෙරලුනු පිට හොදලු (බ)

:       0       0

පාඨලී Wednesday, 30 March 2016 04:08 AM

අපේ ටීම් එකේ අයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න බැයිද.(බ)

:       0       0

නිම්මි Tuesday, 29 March 2016 02:53 PM

දැන් ඉහින් අපේ රට යන්නේ පරදින පැත්තටම තමයි. බහුතරයක් කරන්නේ හෙන ඉල්ලන එකයි පොල් ගහන එකයිනේ. (බ)

:       0       0

බෙන්තර මහේෂ් Monday, 28 March 2016 08:54 AM

"තමන් ප්‍රිය කරන කණ්ඩායමේ පරාජය දකිනවාට වඩා අපහසු වන්නේ, ජය පැරදුමට එක සේ මුහුණ දීමට නොහැකි, ලෝක කුසලාන සමයේදී පමණක් තරග නරඹන මෝඩ මිතුරන් පිරිසක් සමග එකට එකතුව ක්‍රිකට් තරග නැරඹීමයි" (ර)

:       0       0

හර්ෂ Tuesday, 05 April 2016 06:57 PM

මෙදාපාර අපේ ටීම් එක අන්ත පරාජයක් ලැබුවේ. ලොකු කතා, කයිවාරු විතරයි (නි)

:       0       0

ඉන්දික Tuesday, 29 March 2016 06:43 AM

දැන් ඔක්කොම බහින කලාවේ! (නි)

:       0       0

දසුන් Thursday, 31 March 2016 05:33 PM

මේ යන විදියට ලබන ඡන්දෙදි අපිටත් කියන්න වෙන්නේ ඔය ටිකම තමයි (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Sunday, 27 March 2016 10:39 AM

පැරදුනත් හොඳ සටන්කාමිත්වයක් තිබිල තියනවා. දැන් කල යුත්තේ මේ කණ්ඩායමට හොඳ පුහුණුකරුවෙක් යොදාගෙන ස්ථාවර කණ්ඩායමක් හදා ගැනීමයි. (ර)

:       0       0

කඩිගමුව Monday, 28 March 2016 12:02 AM

ක්‍රිකට් ගහන්න පුළුවන් කට්ටියක් එව්වොත් ලබන සැරේ වත් දිනන්න පුළුවන් වේවි. කයිවාරු ගැහුවට මැච් දිනන්න බෑ. (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 29 March 2016 07:05 AM

හිතාගතනොහැකි විදිහටයි මෙදාපාර අපේ ටීම් එක අන්ත පරාජයක් ලැබුවේ. වරද කොතනද අපි නොදනිමු. තරගාවලිය පුරාවටම දුර්වල ක්‍රීඩාවක නියැලුණු බව සක්සුදක් සේ පැහැදිලියි. කේන්තියත් එක්ක හිතට දුක දැනුන වාර අපමණයි. මෙහෙම ගියොත් දිනපු ලෝක කුසලාන හැල්ලුවට ලක්වෙනු නොඅනුමානයි. (ර)

:       0       0

ශාන්ත Wednesday, 06 April 2016 12:42 PM

අපේ කොල්ලෝ දක්ෂයෝ.(හේ)

:       0       0

සිසිර Wednesday, 30 March 2016 10:25 AM

මොකුත් නොකියම ඉන්න හිතුවා මම (නි)

:       0       0

සෑම් Tuesday, 29 March 2016 12:07 AM

මෙයා ක්‍රිකට් කියන්නේ මොකක්ද කියලවත් දන්නවද? කයිවාරු විතරයි. වැඩ බැරිනම් කට වහගෙන ඉන්න බොස්. පොර ටෝක් දීල ලංකාව ඉතුරු මැච් එකත් පැරදුණා.(අ)

:       0       0

සත්‍යා Thursday, 31 March 2016 10:31 PM

දිගටම පරදින එක සටන්කාමිත්වය නම් දිනන එකට කියන්නේ මොකද්ද (නි)

:       0       0

මොහාන් Thursday, 31 March 2016 06:50 AM

ක්‍රිකට් වලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැහැ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 12 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 263 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 573 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 422 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 327 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 220 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site