IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලක් පවුලකට සේසතම අහිමි වෙයි

මිලානෝ නුවර ලිවිනිනෝ ප්‍රදේශයේ මහල් නිවෙසක හතරවන මහලේ ඇති ගින්නකින් ශ්‍රි ලාංකිකයෝ හය දෙනෙක් අනු නවයෙන් දිවි ගලවා ගත්හ.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව පොලිසිය සැකකරයි. රාත්‍රි 12.30ට පමණ හුස්ම ගැනිමේ අපහසුව නිසා තමන් නින්දෙන් අවදිවන විට මුළු ගේම දුමෙන් වැසි තිබු බවත් සියලු දේ අතහැර එළියට පැමිණි නිසා තමන්ගේ ජිවිතය ගලවා ගැනිමට හැකිවු බව නිවෙස් හිමියෝ කියති. විදුලි කාන්දුවක් මත ඈති වු ගින්නෙන් ඉතාලියේ රැදි සිටිමේ බලපත්‍රය ඇතුලු ලියවිලි හා යුරෝ දස දහසකට වඩා වටිනා බඩු භාන්ඩ ඔවුන්ට අහිමි විය.



අදහස් (0)

ලක් පවුලකට සේසතම අහිමි වෙයි

රාජසිංහ Saturday, 18 May 2013 07:49 PM

හය දෙනාම නිදි බෙහෙත් බීල නිදාගන්න ඇති ,එහෙම නැත්නම් සැර බීමක් බොන්න ඇති. මොනවා උනත් ජීවිත බේරා ගත්තනේ ඒ ඇති. (අ)

:       0       0

ගිම්හාන් Wednesday, 22 May 2013 10:25 PM

ඔයාල මොනා කිව්වත් එතන හිටිය, ඒක බලන්න ගිය , අපි දන්නවා වුණ දේ. බීලා හිටියා නම් නිදා ගන්නේ නැහැ.සින්දු කියා කියා හරි ඉන්නවා. වීසා එක තියා අතේ තිබ්බ මුද්දත් දාලා දුවලා තිබ්බේ. දන්නේ නැති ඒවා කියවන්න එපා. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Sunday, 19 May 2013 05:43 PM

ලාංකිකයන්ගේ බීමත්කම ඉතාලියේ දැවෙන සමාජ ප්‍රශ්නයකි. බීමත්කම නිසා මීට වඩා ලොකු ප්‍රශ්න මෙහි සිදු වී ඇත. (නදී)

:       0       0

සමන්ත Sunday, 19 May 2013 12:51 PM

ඉතාලියේ නිදා ගන්න පුළුවන් මේ කාලයට .ඒකට අමුතුවෙන් මොනවත් බොන්න ඕනෑ නැහැ (නි)

:       0       0

ශෂිකලා Monday, 20 May 2013 01:25 AM

පිටිගල මිලානෝට මොකුත් වෙලා නැහැනෙ, ආ මේ ඉන්නෙ බඩු. මෙතනත් ඇවිත් මෝඩ කථාවක් කියලා ගිහින් තියෙන්නෙ. අනේ පිටිගල රෑ 12.30 ට මනුස්සයෙක්ට තදින් නින්ද යන්න මොනව හරි සප්පායම් වෙන්නම ඕනෙද? ඔයාලා රෑ 12.30 ට ඇහැරගෙන හොර පාරවල් වල ගියාට අනිත් මිනිස්සුන්ට නම් හොඳට නින්ද යන වෙලාව ඒක.(නදී)

:       0       0

නෙඉල් Saturday, 18 May 2013 09:48 PM

අප්පේ..... ඉතාලියේ රැදි සිටිමේ බලපත්‍රය ගැනිමේ අපහසුව නිසා කරන වැඩ. (නි)

:       0       0

ප්‍රදීපා Saturday, 18 May 2013 10:06 PM

නැතිවූ සේසත මිළ කළ හැකි නමුත් ජීවිත 6 මිළ කළ නොහැකියි. ඒ නිසා සතුටුවන්න. ඔබලාට ඉතාලියෙන් සහනයක් ලබා ගැනීමට හැකිවේවි. (නි)

:       0       0

චතුල වෙරෝනා Sunday, 19 May 2013 12:00 AM

අපේ බුද්ධිමතා සුසිල් මිලානෝට කරදරයක් නැත්නම් එච්චරයි (නි)

:       0       0

සෙන්තිල් Sunday, 19 May 2013 03:01 AM

සිංහල අය නම්,අපරාදේ. ජීවිත හානි නොවී බේරුන එක මදෑ (නි)

:       0       0

ඉෂාන් Sunday, 19 May 2013 03:27 AM

ගිනිගනිද්දී නිදා හිටියා නම් ගඳ දැනෙන්න කොහොමද? දන්නෙ නැති දේවල් කතා කරන්න එපා. (නි)

:       0       0

පෙරේරා Sunday, 19 May 2013 06:35 AM

රක්ෂණය කරලා තිබුනේ නැද්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ඇලෙක්සැන්ඩර් Sunday, 19 May 2013 09:28 AM

සෙන්තිල් මොකද සිංහල මිනිස්සු එක්ක ඔච්චර තරහ? නැති ප්‍රශ්නයක් හදන්නද ලැහැස්තිය? (නි)

:       0       0

ගාමිණී-සිරි Saturday, 18 May 2013 05:04 PM

6 දෙනෙක් හිටපු ගෙදර එක අයෙකුට වත් පිච්චෙන ගඳක් දෙනිල නැද්ද අප්පේ ? සේසත ගියාදෙන්. ජීවිත බේරුණ එක ලොකු දෙයක්.!(ස)

:       0       0

රුක්ෂාන් Saturday, 18 May 2013 05:06 PM

යුරෝපයේ රටක රක්ෂණය ඉතා හොඳයි. වන්දි ගන්න පුළුවන් කියලා මම හිතනවා (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 18 May 2013 06:24 PM

මේ අයට මෙච්චර තදින් නින්ද ගියේ මොනවාහරි සප්පායම් වෙලාද නින්දට ගිහිල්ල තියෙන්නේ? (නි)

:       0       0

සෑම් Saturday, 18 May 2013 06:35 PM

ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍රය නැති වුණා කියන එක නම් පොඩි සැකයක් ඇති කරවනවා. (නි)

:       0       0

ජ.හේරත් Saturday, 18 May 2013 06:43 PM

රාත්‍රී 12 කියන්නේ හොඳට නින්ද යන වෙලාව, විශේෂයෙන් සීතල රටවල. ඉතින් උණුසුමට තවත් නින්ද යනවා හුඟක් වෙලවට ඇහැරෙන්නේ ඇඟත් ගිනිගත්තාට පස්සේ (නි)

:       0       0

ගාමිනී දිසානායක Saturday, 18 May 2013 07:07 PM

සිරි, නින්දට ගිහාම කොහොමද ගද සුවද දැනෙන්නේ? (නි)

:       0       0

නීල් Saturday, 18 May 2013 07:15 PM

පාතාලේ කවුරුවත් මේ ගෙදර හිටියේ නැහැ නේද? කෝ අපේ ඉතාලිවාසී අදහස් දක්වන්නෝ ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 112 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 478 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 503 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 317 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 917 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site