IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලංකා බැංකුවට ‘ගිනි‘ පෙරහුරුවක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවාරන හා ජිවිත ගලවා ගැනීමේ  ඒකකය,  කොළඹ ගිනි නිවාරන ඒකකය සමග එක්ව හදිසි ගිනි ගැනිමකදී ක‍්‍රියාකල යුතු ආකාරය පිළිබදව ලංකා බැංකු ගොඩනැගිල්ලේදී අද පෙරහුරු සරඹයක් කළේය.

මෙම වසර තුල ගුවන් හමුදාව විසින් සිදුකරන ලද 12 වන සරඹය වන අතර කොළඹ ගිනි නිවාරන ඒකකය නියෝජනය කරමින් 15 ක් ද, ගුවන් හමුදා ගිනි නිවාරන ඒකකය නියෝජනය කරමින් ගිනි නිවීමේ  භටයියෝ 45 ද මෙම පුහුණු අභ්‍යාසය සදහා සහභාගි වූහ.

ලංකා බැංකුවේ සේවය කරන පුද්ගලයින් හට හදිසි  අවස්ථාවකදී ක‍්‍රියාකල යුතු අකාරය පිළීබදව මෙම නිදර්ශණය මගින් මනාව අවබෝධ කර දීම අරමුණ වු අතර 1500 ආසන්න සේවයකයෝ  පිරිසක් මෙම පුහුණු අභ්‍යාසය සදහා සහභාගි වූහ.

මෙහිදී පහල මාලවල සිටින පුද්ගලයින් හට  ‘ජමිප් ශිට්‘ නමි වු වායු මෙටිටයකට පැනීමට සැලැස් වු අතර  ඉහල මහල වල සිටින පුද්ගලයින් ‘සේෆ්ටි රෝප්‘ නමි වු කඹ ආධාරයෙන් මුදවා ගැනිමි සිදු කළේය.

මීට අමතරව  ‘ස්කයි ලිෆ්ට් බ්‍ බ්‍රොන්ඩෝ‘ නමි වු ගිනි නිවීමේ  පුද්ගලයින් බේරා  ගැනීමට හැකියාව ඇති ඉහලට එසවිය හැකි වාහනයක්ද ගුවන් හමුදා ගිනි නිවාරන භටයෝ  යොදා ගත්හ.

‍මේ සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ  ප‍්‍රධාන ගිනි නිවාරන භාර නිලධාරි ගෲප් කැප්ටන් පී.එමි.සී.පී ඩයස් ,ගිනි නිවාරණ ඒකකයේ අංශභාර නිලධාරි ස්කොඩ‍්‍රන් ලීඩර් චමිල හෙටිටිආරචිචි යන නිලධාරින්ගේ මග පෙන්වීමෙන් සිදු කෙරුණු අතර මේ  සදහා ගිනි නිවීසේ  භටයෝ  35 දෙනෙකු පමණ සහභාගි වූහ.

 



අදහස් (0)

ලංකා බැංකුවට ‘ගිනි‘ පෙරහුරුවක්

සම්පත් Saturday, 12 October 2013 05:12 AM

අතීතය මතක් වෙනවා (නි)

:       0       0

ඉරංගා Saturday, 12 October 2013 05:39 AM

ඉතා හොදයි! (නි)

:       0       0

ශ්‍රියාලතා Saturday, 12 October 2013 02:42 PM

මාරි මෙයා අර පලවෙනි පින්තුරේ දුටුවම මටත් යන්න තිබ්බනම් (අ)

:       0       0

ටිරෝන් Saturday, 12 October 2013 06:50 AM

අගය කළයුතුයි (නි)

:       0       0

ෆ්‍රී Saturday, 12 October 2013 06:54 AM

ඉතා වටිනා වැඩක්, පෙර පුහුණුව (නි)

:       0       0

ෂෙහාර් Saturday, 12 October 2013 07:23 AM

තවමත් අපේ රටේ මිනිස්සුන්ට මේවා හුරු නැහැනේ. පේනවනේ බලාගෙන ඉන්න හැටි (නි)

:       0       0

ච‍ානක Sunday, 13 October 2013 07:39 AM

වයඹ ඇමති කෙනෙකුගේ අමත්‍යංශයටත් ඔය පුහුණුව මීට පෙර දීලා තිබුණද මන්දා? (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 12 October 2013 08:42 AM

මෙච්චරයි කියන්න තියෙන්නේ.රට ආර්ථිකමය වශයෙන් ගොඩගන්න දැන් මේ ලෝකයේ කිසිම ජගතෙකුට බැහැ. (නි)

:       0       0

මාර්ස් Saturday, 12 October 2013 09:16 AM

මිනිසුන්ගේ බඩගින්නත් නිවන්න බලන්න (නි)

:       0       0

වසන්ත ගාල්ල Sunday, 13 October 2013 10:46 AM

කැනඩා දිසා, මේක ආර්ථික ගිනි නිවීමේ පෙරහුරුවක් නොවේ. අපේ රටේ ආර්ථිකය අපි බලා ගන්නම්. ඔයා කැනඩාවට වෙලා ඉන්න. ත්‍රස්තවාදය සමග යුද්ධ කරලා කවදාවත් දිනන්න බැහැ කියලා කිවුවෙත් ඔයා වගේ අය තමයි. (නි)

:       0       0

අමර Saturday, 12 October 2013 09:36 AM

කැනඩා දිසා කැනඩා අගමැතිගේ නෑයෙක් වගෙයි.අපේ රට දිහා "පුල්ලි" ඇහෙන්මයි බලන්නේ. (නි)

:       0       0

රණවීර Saturday, 12 October 2013 07:20 PM

පෙර පුහුණුව ඉතාම හොදයි සහභාගි කර ගත්තු අය වෙව්ලනවා (නදී)

:       0       0

සමන්ත Saturday, 12 October 2013 10:02 AM

විදේශ රටවල මන්ත්‍රීවරුන් වනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ හදිසි අවස්ථා ඒකකයන් තියනවා . කිසියම් හේතුවක් නිසා ඔවුනට ඉතා ඉක්ක්මනින් රෝහලට හෝ වෙනත් ස්ථානයකට ගෙනයාමට අවශ්‍ය වුවහොත් එය ඉතා කාර්යක්ෂමව කල හැකි සුවිශේෂී පහසුකම් වලින් සමන්විත හෙලිකොප්ටර් යානා මෙම ඒකක සතුව තියනවා ලංකාවෙත් මන්ත්‍රී වරුන් සහ රජයේ ඉහල නිළධාරීන් සදහා මෙවන් ඒකකයක් පිහිටවන්න .(දිල්)

:       0       0

විදානගේ Friday, 11 October 2013 10:14 PM

ලේඛනා ගාරයේත් ඔය විදියට පෙරහුරුවක් කරා නම් හොදයි.(නදී)

:       0       0

සංජීව Friday, 11 October 2013 10:20 PM

ඉතාම හොදයි. මගේ අදහස අපේ ගිලන් රථ මීට වඩා නවීකරණ විය යුතුයි. තවත් විශාල වී එහි ඇතුළෙදීම රෝගියාට ප්‍රතිකාර කළවිට අතරමගදී මියයන අය අඩුවේවි (නි)

:       0       0

චමී Monday, 14 October 2013 02:39 PM

ශ්‍රියාලතාට වෙනම දෙයක් හිතිලා. (නි)

:       0       0

ගාමිණී - සිරි Friday, 11 October 2013 10:48 PM

රක්ෂිත වනාන්තර ගිනි ගන්නා විට , මැඩ පවත්වන ආකාරය ගැනත් පෙරහුරු කළොත් තව තවත් වටිනවා, ජාතික උරුමයන් ආරක්ෂා කිරීමක් වශයෙන් (නි)

:       0       0

ටීඩී Friday, 11 October 2013 11:11 PM

ඉතා වටිනවා (නි)

:       0       0

ඇෆ්ගන් සරත් Friday, 11 October 2013 11:48 PM

දුරදර්ශි ක්‍රියාවක් (දිල්)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 12 October 2013 11:35 AM

පෙර පුහුණුව ඉතාම හොදයි...!! (නි)

:       0       0

ගුණරත්න Friday, 11 October 2013 11:52 PM

මේ පෙරහුරුවත් නරක නැහැ. නමුත් මීට වැඩිය අත්‍යවශ්‍යම පෙරහුරුව මේක නෙමෙයි. මංකොල්ල කාරයෝ කඩාගෙන පැන්නම උන්ගෙනුත් බේරිලා පරිබෝගිකයොත් ආරක්සා කරගන්නේ කොහොමද කියල බැංකුවේ සේවකයන්ට වගේම බැංකුවට එන පරිබෝගියන්ටත් පෙරහුරුවක් දෙන එක. (නදී)

:       0       0

සෙනරත් Sunday, 13 October 2013 11:42 PM

උපාලි ගේ අදහසින් හොඳ ඉඟියක් ලබා ගත්තෙමි. ස්තුතියි. (නි)

:       0       0

උපාලි Saturday, 12 October 2013 12:03 PM

මං මගේ දරුවාගේ නමින් 1988 දී ළමා ගිණුමක් දැම්ම රුපියල් 250 කින්. අවුරුදු 20 කට පස්සේ ගියා ඒ මුදල ආපහු ගන්න. රුපියල් 150 ක් දුන්න 100ක් තියාගන. මං ඇහුව පොලියක් එහෙම තියෙනවද කියල. (අ)

:       0       0

සුනිල් Saturday, 12 October 2013 12:06 PM

අපේ පැත්තේ මහ නගර සභාවේ ගිනිනිවන අංශයේ වාහන වල මකුළු දැලුත් බැදිලා (නි)

:       0       0

කුමාර Saturday, 12 October 2013 01:00 AM

බොහොම හොද වැඩක්. බලධරයිනි, මෙලෙසින් ගිනි නිවන උපකරණයක් ක්‍රියාකරන ආකාරය ජනමාධ්‍ය වලට ලබාදෙන්න. කර්මාන්ත කාර්යාල වල මේවා විස්තරාත්මකව තිබුණාට ප්‍රායෝගිකව දර්ශනය කිරීම ඉතා වැදගත්. (නි)

:       0       0

සෙනරත් Sunday, 13 October 2013 12:02 AM

ශ්‍රියාලතාට ඇත්තටම ගින්නකට අහුවුණා නම් දැන් ඔය හිතන දේ හිතන්න නොවෙයි මතක් වෙන්නේ, දෙවියන් බුදුන් තමයි. එඓහම වුණොත් ඔයාව ගෙනයන්න කාන්තා සොල්දාදුවෙක් දානවලු. (නි)

:       0       0

චන්දි Saturday, 12 October 2013 01:51 AM

විරෝදාර සෙබළුනි, ඔබලාට මගේ ප්‍රණාමය!! දිරිය හා ශක්තිය සමග තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා! ඉතාමත්ම අගය කරමි (නි)

:       0       0

ඊවා විතාරණ Saturday, 12 October 2013 12:32 PM

රට්ටුන්ට මේවා දැකල ඊර්ෂිය හිතෙනවා ඇති (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 420 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 464 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10227 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3062 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3830 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6133 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19465 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site