අන්තර්ජාතික බැඞ්මින්ටන් සම්මේලනයේ නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 28 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට’ පැවසුවේ බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමට ඇතුළත් රටවල් 100 අතරින් ශ්‍රී ලංකාව පළමු කණ්ඩායම් 30 අතරට පැමිණි පළමු අවස්ථාව ද මෙය වන බවයි. ශ්‍රී ලංකාව පසුගිය වසරවල ශ්‍රේණිගත කිරීමේදී 60 ත් 70 ත් අතර ස්ථානයක පසු වු බවද බස්නායක මහතා පැවසීය. ලෝක බැඞ්මින්ටන් රටවල් ශ්‍රේණිගත කිරීමේදී චීනය පළමු ස්ථානයේ සිටින අතර ඉන්දියාව හත්වැනි ස්ථානයේ පසුවෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් අතරින් ඉන්දියාවට පමණක් දෙවැනි වී සිටියි. පසුගිය වසරේ අන්තර්ජාතික තරගවලදී ශ්‍රී ලංකාවට වැඩිම රන් පදක්කම් සංඛ්‍යාවක් හිමිවු ක‍්‍රීඩාව බැඞ්මින්ටන් කී‍්‍රඩාව බවද බස්නායක මහතා වැඩි දුරටත් පැවසීය. එහිදී ජාතික ශූර නිලූක කරුණාරත්න අන්තර්ජාතික රන් පදක්කම් තුනක් දිනාගත් අතර ඔහු ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු ක‍්‍රීඩකයන් 80 අතරට ඒමට ද සමත්විය. නිලූක මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේදී (ක‍්‍රීඩක) 78 වැනි ස්ථානයේ පසුවන අතර ඔහු දැනටත් විදෙස් තරගමාලාවකට සහභාගිවී සිටියි. නිලූක දැක් වු දස්කම් නිසා ඔහුට මෙම වසරේදී පැවැත්වෙන ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් පිළිබඳව බලාපොරොත්තු රඳවාගත හැකි බවද බස්නායක මහතා පැවසීය. නිලූක ලෝක ශ්‍රේණිගත කිරීමේ 167 වැනි ස්ථානයේ සිට 78 වැනි ස්ථානය දක්වා වේගයෙන් ඉදිරියට පැමිණීම ඔහුට මෙම අවස්ථාවට උදා වීමට ආසන්නම හේතුව විය හැකි බවද ඔහු පැවසීය. ශ්‍රී ලංකාව බැඞ්මින්ටන් කී‍්‍රඩාවෙන් ඔලිම්පික් වරම් හිමිකර ගත් එකම ක‍්‍රීඩිකාව වන්නේ ජාතික ශූරියක වන තිළිණි ජයසිංහයි. තිළිණි 2008 වසරේදී බීජිං ඔලිම්පික් උළෙලට සහභාගිවුවාය. ඇය ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ (කාන්තා) 100 ත් 110 ත් අතර සිටි බවද වාර්තාවේ. කෙසේ වෙතත් ක‍්‍රීඩකයන් අතර තරගකාරීත්වය වැඩි බවත්, නිලූක ඉදිරියේදී අන්තර්ජාතික තරග 6 කට සහභාගිවන බැවින් ඔහුට ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් තව දුරටත් ඉදිරියට ඒමේ හැකියාව තිබෙන බවත් බස්නායක මහතා පැවසීය. ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් නොලත් නිල නාම ලේඛනයට ඇතුළත් වීමේ අවස්ථාවට පිවිස සිටින ක‍්‍රීඩකයා නිලූක බව ද වාර්තාවේ. පසුගියදා (15) යුරෝපා රටක් වන එස්තෝනියාවේ පැවැති අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී නිලූක ලෝකඩ පදක්කම හිමි කර ගත්තේය. ඔහු අවසන් පුර්ව තරගයේදී තරගාවලියේ ක‍්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සහ ලෝක ශ්‍රේණිගත කිරීමේ 42 වැනි ස්ථානයේ සිටින පින්ලන්තයේ විලී ලැන්ග් හමුවේ පරාජය විය. නිලූක මේ මස 19 වැනිදා ආරම්භවන ස්විඩන් අන්තර්ජාතික තරගාවලියටද සහභාගිවීමට නියමිතය.
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝක බැඞ්මින්ටන් පිටියේ ශ්‍රී ලංකාවට උසස් වීම්
ස්වර්ණපාල Thursday, 19 January 2012 05:23 AM
ගමට ආඩම්බරයක්
පාලිත Thursday, 19 January 2012 09:03 AM
නියමයි. අපේ රටට අංක 1 වෙන්න වරම් ලැබේවා
ඉන්දික Thursday, 19 January 2012 09:18 AM
නිලූකට සුබ පැතුම්
wanni TNZ Wednesday, 18 January 2012 10:34 AM
ජයෙන් ජය වේවා
සුමුදු පෙරේරා Wednesday, 18 January 2012 03:53 PM
ජයෙන් ජය හිමිවේවායි හදවතින්ම සුබ පතමි....
ක්‍රිෂාන් විතාන Wednesday, 18 January 2012 03:59 PM
නිලූක ඔබට අපේ රටේ නාමය බබළවන්න දිරිය ශක්තිය ලැබේවා
දිසා Wednesday, 18 January 2012 05:13 PM
නිලුක ඔබට ඔලිම්පික් යන්න වරම් ලැබේවා. ඔබට පසුගියකාලේ කොතරම් කැපිලි කෙටිලි තිබුනද කියා අපි දන්නවා. මෙතරම් රන් පදක්කම් දිනුවත් බලධාරීන්ගෙන් කිසිම සැලකීමක් නැහැ. ක්‍රිකට් ගැහුවනම් මෙලහකටත් රුපියල් කොටි ගණන් දීල. ඔබට ජය සහ ශක්තිය ලැබේවා