සිය ශ්‍රී ලාංකික බිරිය මරා අට මාසයක් අල්කාජ් කාන්තාරයේ නලයක සඟවා තැබීයැයි වැරදිකරු වූ ඇමරිකා ජාතිකයෙක් සෞදි අධිකරණයක් විසින් පස් වසරකට සිරගෙට යවනු ලැබීය.
කාන්තාර ප්‍රදේශයේ ගෑස් නල ඉදිකිරීමේ සමාගමක සේවය කළ ඇමරිකානුවා ශ්‍රී ලාංකික බිරිය මරා දමා ඇතැයි ද සිරුර පුළුස්සන ලෙස හෝ වළදමන ලෙස ඔහු කම්කරුවනට කියා ඇතැයි ද අධිකරණයේදී කියැවිණි.
එහෙත් කම්කරුවන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයිද කියති. ලක් කතගේ පෙර විවාහයේ පුතුන් කියා සිටියේ ඇමරිකන් බාප්පාට මරණ දඬුවම දෙන ලෙසයි.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක් බිරිය මරා සෞදි වැලි කතරේ සඟවයි
නිහාල් Monday, 25 July 2016 12:53 PM
ඔන්න සෞදි අධිකරනයේ සධාරණත්වය.(අ)
උපාලි Monday, 25 July 2016 02:21 PM
පුංචි රිසානා අතින් සිදුවුණ වැරදීමකින් සෞදි දරුවෙක් උගුරේ කිරි සිරවෙලා මැරුණා. අහිංසක පුංචි රිසානට මරණ දඬුවම දුන්නා නේද. මේ ඇමරිකන්කාරයා බොහොම සුළු වැරැද්දක් කරලා වගේ. අනේ මේ ෂරියා නීතිය? (නි)
මොහමඩ් සෆ්රාස් Monday, 25 July 2016 02:42 PM
ඔය හැම නීතියක්ම දුප්පත් අපිට තමා. මේකෙන්ම පේනවා සෞදි නීතීයේ බොරුව (නි)
මිලින්ද Monday, 25 July 2016 02:46 PM
අයියෝ දෙවියනේ! (නි)
සෑම් Monday, 25 July 2016 04:06 PM
කෝ මානව හිමිකම් ලොක්කෝ නිදිද? (නි)
ජයසිරි Monday, 25 July 2016 08:06 AM
ඇයි 5 වසරක්? ෂරියා නීතිය ඇමෙරිකානුවෙක් නිසා වෙනස් කරලද? මොනතරම් දරුණු මිනීමැරුමක්ද මේක? ඇයට නිවන් සුව පතමු! (නි)
නවරත්න Monday, 25 July 2016 08:05 AM
මේවාට කතාකරන්න කවුරුත් නැහැ වගේ (නි)
දර්ශන Monday, 25 July 2016 08:18 AM
මේක අනිත් විදියට වුනානම් ? ලංකාවේ මිනිහෙක් ඇමරිකන් ගැනියෙක් මරුවනම් ? කෙලින්ම සෞදි හන්දියේදී බෙල්ල කපල දමයි . මේ අයගේ නීතියත් බොරුවක් බව ඔප්පු වුණා (අ)
රන්දික Monday, 25 July 2016 08:29 AM
ශරියා නීතිය දුප්පත් රටවලට විතරද (හේ)
උදාර Monday, 25 July 2016 08:49 AM
වසර 5ක දඬුවමක් දුන්න එකත් පුදුමයි. අසාධාරණය වුණ කාන්තාවට වඩා මිනීමරුවා ආරක්ෂා කරන නීතියක් ඔය රටවල තියෙන්නේ. ෆෝබිඩ්න් ලව් පොත කියවලා බලන්න දයාබර දාලියා නමින් සිංහල පරිවර්තනයක් ඇත (බ)
ආනන්ද Monday, 25 July 2016 08:55 AM
ඔව් ඔය නීතිය අහිංසක මිනිස්සුන්ට විතරයි. ඔය නීතිය ඔය විදියට හදපු සහ ක්‍රියාත්මක කරන අයට අපි පාසල් යන කාලේ 100,,200මීටර් දුවන්න ගහපු අත්පුඩි දෙක ගහන්න ඕන එල්ලලා තෙල් ළිං පෙනෙන්න...(බ)
සහන් Monday, 25 July 2016 09:42 AM
මේ ගොල්ලෝ ෂරියා නීතිය නොවේ අනුගමනය කරන්නේ . මොකද මම දන්නා තරමින් ෂරියා නීතිය දුප්පතාට වගේම පොහොසතාටත් එක වගේ බලපානවා. මහා ලොකුවට අපි තමයි ෂරියා නීතිය හරියට පිළිපදිනවා කියන අයගේ කෙරුවාව මින් පෙනි යනවා. ඇමරිකාව ඉදිරියේ දණ ගහගෙන ඉන්නේ (බ)
හේමන්ත Monday, 25 July 2016 09:59 AM
අනේ මුන්ගේ නීති රිසානා වගේ අසරණයන්ට තමයි. ඇමරිකානුවන් ඉදිරියේ නිවට කමේ සීමාවක් නැහැ. (බ)
අමල් Monday, 25 July 2016 10:39 AM
ඇයි මේ ඇමරිකන් ජාතිකයාට මරණ දඩුවම් නියම කර නැත්තේ.(හේ)
සිසිල් Monday, 25 July 2016 12:09 PM
අර අන්ත දුප්පත් රිසානා දුවව මුළු ලෝකයම එපා කියත්දීත් මරණ දඬුවමට යටත්කළා. නිසි කලවයස සපිරෙනතෙක් හිරේ දමලා අවසානයේ හිස ගසා මරා දැම්මා. එතකොට මේ ඇමරිකන්කාරයන්ට ෂරියා නීතිය වලංගු නැද්ද? මොනතරම් ඇමරිකන්ගැත්තොද මොවුන්. (නි)
මරික්කාර් Monday, 25 July 2016 12:13 PM
ඇමරිකාව හා සෞදි අරාබිය අතර අත්සන් තබන ලද ද්විපාර්ශ්වික ගිවිසුම අනුව ප්‍රාග්ධන දඬුවම් වලින් ඇමෙරිකානුවන් නිදහස් වේ. අවාසනාවකට මෙන් එවැනි වගන්තියක් ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර ගිවිසුමකදී අන්තර්ගතවී නැති හැඩයි (නි)
විපුල Monday, 25 July 2016 12:15 PM
ඇයි 5 වසරක්? ෂරියා නීතිය ඇමෙරිකානුවෙක් නිසා වෙනස් කරලද? දෙවියනි, සාධාරණය ඉටුකරන්න. (නි)
රුවන් Monday, 25 July 2016 12:12 PM
ඇමරිකානුවන් ඉදිරියේ මොවුන් හැසිරෙන විදිය ගැන ලැජ්ජයි (නි)