බලහත්කාරී හා පුර්වාදර්ශ සපයන්නාවු යෝජනාවකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡන්දය දුන්නා වුද ඡන්දය නොදුන්නාවූ ද ඊට සහභාගී නොවී සිය විරෝධය දැක් වුවා වුද රටවලට සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අනෙකුත් රාජ්‍යන්ගේ සහයෝගය ලබා ගැනීමට උපකාරී වු රාජ්‍යන්ට සිය කෘතඥතාවය පළ කරනා බව ජීනීවා හි එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා පවසයි.
එසේම බටහිර ජාතීන් වෙත වැඩි නැඹුරුවක් පවතින අවස්ථාවක මානව හිමිකම් කවුන්සිලයේ මෙවර ඡන්ද බලය නොමැති අවස්ථාවක බංගලාදේශය, චීනය, කියුබාව, ජිබුටි, ජෝර්දානය,රුසියාව, හා සෞදි අරාබිය ශ්‍රී ලංකාව වෙනුවෙන් නැගි සිටිම රජය අගයන බව ද රවිනාථ ආර්යසිංහ මහතා කියා සිටී.
ඉකුත් බ්‍රහස්පතින්දා (21) ඇමෙරිකාව ගෙන ආ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න්13ක්ම ඊට විරුද්ධවද ,තවත් රටවල් 8ක් ඡන්දය දීමෙන් වැලකීමෙන් හා එක් රාජ්‍යක් එක් රාජ්‍යක් ඡන්දය වර්ජනය කළහ. ලෝකයේ සියලු කලාප නියෝජනය කරමින් කොංගෝව, ඉක්වදෝරය, ඉන්දුනීසියාව, කුවේටය, මාලදිවයින, මොරිටේනියාව, පකිස්ථානය, පිලිපීනය,කටාරට, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, උගන්ඩාව, වෙනිසියුලාව, යෝජනාවට විරුද්ධව සිය ඡන්දය ලබාදුන්හ.
ඇන්ගෝලාව, බොට්ස්වානා,බුර්කිනා ෆාසෝ, ඉතියෝපියාව, ජපානය, කසකස්ථානය,කෙන්යාව හා මැලේසියාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී උන්හ.එසේම මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 25 බහුතරයන්ට ඇමෙරිකාව,යුරෝපා සංගමය හා එම සංගමයට බැදීමේ බලාපොරොත්තුවෙන් සිටින රාජ්‍යන් බව ද ජීනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා පෙන්වා දේ.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලක් මිතුරනට රවිනාථ ස්තූති කරයි
ගජන් Sunday, 24 March 2013 10:05 PM
හැම දෙනාම මතක තියාගන්න මේ විරුද්ධ කම් සියල්ල අපේ රටට එරෙහිවයි . එහෙම නැතුව පුද්ගලයෙකුට හෝ පක්ෂයකට විරුද්ධව නොවේ .
රීටා Monday, 25 March 2013 12:12 PM
ඔබ තුමා ඔහේ ඉදන් ස්තුති කළාට වැඩක් නැහැ. මෙන්න මෙහේ පාරවල් ගානේ හාලාල් විරෝධී පෙළපාලි යනවා.(නදී)
ගයාන් Monday, 25 March 2013 12:59 PM
අපිත් ස්තුති වන්ත වෙනවා (දී)
ජීව Monday, 25 March 2013 03:15 AM
ඒක ඇත්ත,යුරෝපා රටවල් බලා ඉන්නෙ ඇමරිකාවෙ කටින් වචනයක් හැලෙනකම් කියන පරක්කුවෙන් ඉෂ්ඨ කරන්න බලාගෙන. (නදී)