IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ලංකා-මාල දිවයින් ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්

(අංජුල මහික වීරරත්න)

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්  ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා අතර   ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති  හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.

පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට තුළ සිදුව ඇති නව පරිවර්තන පිළිබඳවද සතුට පළ කළේය.

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර  වසර 60ක දීර්ඝ කාලීන මිත්‍රත්වය  ශක්තිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. 

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම ප්‍රශංසාව පළ කළේය.

ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මාලදිවයින් ජනරජයේ විදේශ ලේකම් ෆාතිමත් ඉනායා (Fathimath Inaya), දෙවන ලේකම් අමිනාත් අබ්දුල්ලා ඩිඩී (Aminath Abdulla didi) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

ලංකා-මාල දිවයින් ඒකාබද්ධ සංචාරක වැඩසටහනක්

de silva Tuesday, 25 February 2025 02:17 PM

ලංකාවේ සංචාරක ව්‍යාපාරයට කරන්න පුළුවන් ලොකුම උදව්ව , පුද්ගලික අංශයට ඕක කරගෙන ආපු ආකාරයෙන්ම කරගෙන යන්න ඉඩ හැරලා ,රජය ඔය ටුවරිස්ට් බෝර්ඩ් එකට නාස්ති කරන්න , නිලධාරීන්ට රට සවාරි ගහන්න දෙන මුදල් ටික ඉතුරු කරගෙන , පොදු ප්‍රවාහනේ වැනි ශ්‍රී ලංකික ජනතාවට සහ සංචාරකයන් අත්‍යවශ්‍ය දෙයකට යොදවන එක , ඔය නිලධාරී ඇවිත් තිබෙන ටිකත් විනාශ කරනවා , පගාව ගන්න ව , ඔය ටුවරිස්ට් බෝර්ඩ් එක තිබෙන නිසානේ හැම මගුලකටම ඕකේ අනුමැතිය ගන්න ඕන , ඕක වහල දමන්න

:       3       9

වික්‍රම විදුර Tuesday, 25 February 2025 06:12 PM

අපේ රටේ ‌හොඳ කාලය ඇවිල්ලා වගෙයි. අන්න ඒක නියම අදහසක් ජනාධිපතිතුමන් ලංකාව මාලදිවයින දෙකම එකට ප්‍රමෝට් කරලා මාලදිවයිනට අඩු ගාස්තු බෝට්ටු සේවා ගුවන් සේවා අදුන්වලා දුන්නා නම් රටවල් දෙකම එකට ගොඩයන්න පුලුවන්. රස්සා ටිකත් වැඩිවෙයි.

:       0       5

de silva Wednesday, 26 February 2025 01:43 AM

වික්‍රම විදුර මහතාගේ අදහස මමත් අනුමත කරනවා රටවල් 2 අතර නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කරන්න , අර යුරෝපා සංගමේ වගේ , රටවල් දෙක ගමන් කරන මගීන්ගේ එයාර්පෝර්ට් ටැක්ස් එක අඩු කරන්න, එතකොට අපිට අපේ පලතුරු එළවලු සහ වෙනත් නිෂ්පාදන මලදිවෛන්ට යවන්න පුළුවන් , මලදිවෛනෙන් අපට මත්ස්‍ය නිශ්පාද මිලදී ගන්න පුළුවන් , මේකෙන් මලදිවෛන් ධිවරයට මෙන්ම අපේ ගොවියටත් හොඳ කළ දසාවක් යනවා , අපේ මෙන්ම මලදිවයිනේ පාරිභෝගිකයාට සහන සැලසෙනවා , මෙවැනි දේවල් කරන්න කියල අපි රජයට බල කරන්න ඕනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උද්ධමනය ඉහළට
2025 අප්‍රේල් මස 21 7 0

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.


’’ජනපති තවත් පොරොන්දුවක් කඩ කළා’’
2025 අප්‍රේල් මස 21 58 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 306 1

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 365 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 350 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 198 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 462 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site