IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ලෝක මිහිකත කිරුළ සොයා යන අපේ රූ රැජිණ

2016-10-02-ent-50

දෙරණ සහ ෆෝඑවර් මිස් ශ්‍රී ලංකා 2016 කිරුළ හිමිකරගත් ඇය ඩිමන්ති එදිරිරත්නය. එළැඹෙන 2016 ලෝක මිහිකත රූ රැුජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මේ සමගම වරම් ලබා සිටින්නේ ඇයයි. ලෝක මිහිකත කිරුළ සොයා යන ඩිමන්ති ඊට පෙර සඳැල්ලට ආ මොහොතකි මේ.

 

ඩිමන්ති ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්.

2016-10-02-ent-46මට වයස අවුරුදු 20 යි. ඉගෙන ගත්තෙ කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. දැනට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිය හදාරමින් සිටින්නේ.

 

එයින් ඔබ බලාපොරොත්තු වන්නේ හමුදා සේවයට එක්වීමටද?

නැහැ. මෙහෙයුම් කළමනාකරණය හැදෑරීම කරන්න.

 

පවුලේ විස්තර කිව්වොත්.

පවුලේ එකම දරුවා මමයි.

තාත්තා ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ. අම්මා ගෘහණියක්. අපි තුන්දෙනා සතුටින් ජීවිතය ගත කරන්නේ.

 

ඩිමන්තිට මොන වගේ අරමුණුද තිබුණේ.

කුඩා කාලයේ ඉඳලාම මගේ අරමුණු වුණේ රූ රැජිනක වීමටයි. උසස් පෙළ හමාර කළාට පසුව ඊට එළැඹීමේ අපේක්ෂාව තිබුණා. ඒ නිසා තමයි මේ තරගයට ඉදිරිපත් වුණේ. ඒ ආසාව සඵල වුණා.

 

අධ්‍යාපන කටයුතු තවදුරටත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ?

අධ්‍යාපනයෙන් හැකිතාක් ඉහළට යා යුතුමයි. ඒ වගේම අනාගතයේදී ව්‍යාපාරික හෝ කළමනාකරණ අංශයේ වෘත්තියක නියැලේ නම් ඒකටත් වැදගත් වේවි.

 

ඇයි රූ රැජිනක් වීමට ඔබ සිහින මැව්වේ?

ඒ මගින් රට නියෝජනය කරලා ජාත්‍යන්තරව ලොකු ජයග‍්‍රහණයක් මගේ රටට ගෙනදීම අරමුණ වුණා. ඉන්පසුව සමාජයටත් සේවයක් කළ හැකියි.

 

කී දෙනෙක් අතරින්ද ඔබ ශ්‍රී ලංකා කිරුළට හිමිකම් දැරුවේ.

පළමුවෙන්ම 500 ක් පමණ දෙනා සහභාගී වුණා. ඒ අතරින් කණ්ඩායම් ලෙස ටිකෙන් ටික තෝරා අවසානය දක්වා ආ ගමනේදී තරගකාරියන් 12 දෙනෙක් අවසන් මහ තරගයට තේරුණා. ඒ දොළොස් දෙනා හට උප කිරුළු ලැබුණා. එනම් මිනි කිරුළු ලැබුණා. ඒ අතරිනුත් මට මිනි කිරුළු හතරක් හිමිවුණා.

 

දැන් මේ සමගම තවත් මොන වගේ අංශවලට දායක වීමටද බලාපොරොත්තු වන්නේ.

අපට මේ ලැබුණු වටිනා මනුෂ්‍ය ජීවිතයෙන් සමාජයට වැඩදායි යමක් කළ හැකියි. සමාජයේ යහපත උදෙසා සමාජයට බලපෑමක් කළ හැකි චරිතයක් වීම මගින් බොහෝ දේ කළ හැකියි. විශේෂයෙන්ම මේ තරගය පැවැත්වුණේ පරිසරය තේමාකර ගෙනයි. අපේ රටේ පරිසරය බෙහෙවින් දුෂණය වෙන අවස්ථා තිබෙනවා. ඒ වගේම ලස්සන පරිසරයක් අපට තිබෙනවා. දුෂණය වන පරිසරය ලස්සන කරවීමට සහ සොබාදහමේ වටිනාකම රැක ගැනීම උදෙසා යමක් කිරීම මගේ ප‍්‍රධාන අරමුණයි. ඒ පණිවුඩය මගේ රටේ සිට ලෝකයට ගෙන යන අතරේ ආරාධනා ලැබුණොත් නිරූපණයට පැමිණීමටත් රඟපෑමටත් දායක වෙනවා.

 

ඔබට සමාජයට බලපෑමක් කළ හැකි වේවි කියලා විශ්වාස කරනවද?

අනිවාර්යෙන්ම කළ යුතුයි. සමාජයේ යහපත උදෙසා සමාජයට අවශ්‍ය දේ වෙනුවෙන් අප පෙනී සිටිය යුතුමයි. මේ කිරුළ එනම් ශ්‍රී ලංකාවේ මිහිකත රැුජින වීම ඊට හොඳ පාලමක් වුණා. ලෝක තරගයෙන් ජය ලැබුණොත් මගේ රටට ලොකු දෙයක් කළ හැකි වේවි.

 

‘‘ඩිමන්ති’’ යන්නෙහි තේරුම

දියමන්තියක් කියන එකයි.

 

ඒ කියන්නේ ඔබ හරි වටිනවා කියන එක නේද?

මගේ අම්මටයි තාත්තටයි මම වටිනාම වස්තුවක් තමයි.

 

ඩිමන්ති දියමන්තියක් වගේ වටිනවා කියලද කියන්නේ.

දියමන්තියක් වගේ සමාජයට එළිය දෙන්න කැමතියි.

 

ඔබගේ ඇතුළාන්තය ගැන කතා කළොත්?

සුහදව කා සමගත් කටයුතු කරන්න පුළුවන් කෙනෙක්. සමහර විට මම කතා කරනවා වැඩි ඇති. හැමෝටම කරුණාවන්තයි. ඒ වගේම නිතරම නායකත්වය අරගෙන කටයුතු කරන්න කැමතියි. නිකම්ම නායකත්වය අරගෙන කටයුතු කරනවාට වඩා නායකත්වයේ වගකීම ඉටුකරන්න පුළුවනි.

 

ලෝක මිහිකත රූ රැජිණ සඳහා කවදාද පිටත්ව යන්නේ.

ඔක්තෝබර් මාසයේ 6 හෝ 7 පිටත්වීමට නියමිතයි.

 

එම තරගය කොහේද පැවැත් වෙන්නේ

පිලිපීනයේදීයි.

 

ඔබ ජය ලබාවී කියල හිතනවද?

අනිවාර්යෙන්ම, එහෙම හිතාගෙන තමයි යන්නේ. කිරුළ බලාපොරොත්තුව ගියොත් කිරුළම නොලැබුණත් මගේ රටේ අභිමානයට යමක් කළ හැකිවේ යැයි කියා විශ්වාස කරනවා.

 

එහෙම නම් ඔබට ජය. බොහොම ස්තුතියි.

ඒ ආශිර්වාදය හරි වැදගත්.

 

හැඩගැන්වීම් සැලෝන් කැපලෝ (Capello)

සටහන / ඡායාරූප සඳුන් ගමගේ

 

2016-10-02-ent-48
2016-10-02-ent-49
2016-10-02-ent-47
2016-10-02-ent-45
 



අදහස් (0)

ලෝක මිහිකත කිරුළ සොයා යන අපේ රූ රැජිණ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 205 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1070 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2299 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1357 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1600 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1777 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39577 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site