IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


ලංකා යෝජනාව ජිනීවා විවාදයට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස ශ්‍රී ලංකාව පිළිබඳ විවාදය ඇරැඹීය.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් සමඟ ශ්‍රී ලංකාව මෙම යෝජනාව ඉදිරිපත් කරයි.

විවාදය පැවැත්වෙනුයේ ජිනීවාහිදී ය.

ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ දේශීය යාන්ත්‍රණයකින් පරීක්ෂා කළ යුතු යැයි ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවට එම රටවල් ද අසල් වැසි ඉන්දියාව ද සහාය දක්වයි.

මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ නව රජය මානව හිමිකම් සුරැකීමට හා යහපාලනය වෙනුවෙන් ඇති කළ ක්‍රියාමාර්ගය ජපානය, වියට්නාමය, මැසිඩෝනියාව ඇතුළු රටවල් රැසක්ම ප්‍රශංසා මුඛයෙන් කතා කළේය.

ඇමෙරිකා නියෝජිතයා යෝජනාවට සහයෝගය දක්වමින් පැවසුයේ පසුගිය ජනවාරියේ සිට ශ්‍රී ලංකාන නියම මාර්ගයේ ගමන් කරන බවයි.

සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නව රජය ගත් ක්‍රියාමාර්ග පැසසුම් කළ යුතු බවත් එහෙත් තවත් බොහෝ දේ කිරීමට ඇති බවත් ඇමෙරිකා නියෝජිතයා කීවේය.

පීඩාවට පත්වූවන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉෂ්ඨ කිරීම හා වගවීම ඉන් ප්‍රධාන කරුණු බව ද ඔහු කීවේය.

මංගල සමරවීර විදේශ ඇමැති  හිතකර ලෙස මෙම ප්‍රශ්නය ගැන කරුණු දැක්වීයැයි ද ඔහු කීවේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණය පැනවීම ද ඇමැරිකාවේ පැසසුමට ලක් විය.

බෙල්ජියම හා නවසීලන්තය ද ශ්‍රී ලංකාවේ නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ප්‍රසාදය පළ කළේය.

(විවාදයේ සජීවී වීඩියෝව බලන්න...)



අදහස් (0)

ලංකා යෝජනාව ජිනීවා විවාදයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොරියාවට 5000ක්
2024 නොවැම්බර් මස 13 37 0

2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්
2024 නොවැම්බර් මස 13 577 0

ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උස


අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා
2024 නොවැම්බර් මස 13 968 0

රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සො


ජන්දෙ දාන්න ගමේ යන්න දුම්රිය සේවා අද සිට
2024 නොවැම්බර් මස 13 171 0

හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව


බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට
2024 නොවැම්බර් මස 13 323 0

බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමි


ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක්
2024 නොවැම්බර් මස 13 1217 0

තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 177 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 517 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1601 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site