ආර්මේනියාවේදී පැවැත්වෙන තෙවැනි ලෝක යොවුන් ආධුනික බොක්සිං ශූරතාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයෝ තිදෙනෙක් හෙට (25) දිවයිනෙන් පිටත්ව යති. රොෂාන් සඳරුවන් (කි.ග‍්‍රෑ. 49 ලයිට් ෆ්ලයි), නිර්මාල් සත්‍යජිත් (කි.ග‍්‍රෑ. 56 ෆ්ලයි) සහ එච්.සී.රොෂාන් (කි.ග‍්‍රෑ.60 ලයිට්) මෙම තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති. දෙසැම්බර් මස 7 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගිවන 18 හැවිරිදි රොෂාන් සඳරුවන් ජාතික මට්ටමට පැමිණ සිටින ක‍්‍රීඩකයෙකි. සඳරුවන් මෙම වසරේ පැවැති ක්ලිෆඞ් කුසලාන බොක්සිං තරගාවලියේදී ලයිට් ෆ්ලයි බර පංතියේ ශූරයා විය. දෙසැම්බර් මස 1 වැනිදා කොළඹදී පැවැත්වෙන ඉන්දු - ශ්‍රී ලංකා බොක්සිං ශූරතාවලියට ද ලයිට් ෆ්ලයි බර පංතිය ඇතුළත්ව තිබේ. ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන සඳරුවන් ලෝක තරගාවලියට සහභාගිවන බැවින් එම තරගාවලියේ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවේ. මහනුවර විද්‍යාර්ථ විදුහලේ නිර්මාල් සහ පානදුර ශ්‍රී සුමංගල විදුහලේ රොෂාන් දේශීය පාසල් සහ යොවුන් බොක්සිං තරගවලදී ජයග‍්‍රාහණ ලබා තිබේ. මෙම තරග සංචාරයේදී අමිල අරවින්ද පුහුණුකරු ලෙසද, සුසන්ත වීරසේන කළමනාකරු ලෙසද කටයුතු කරති. රොෂාන් සඳරුවන් නිර්මාල් සත්‍යජිත් එච්. සී. රොෂාන්
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස
නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෝක යොවුන් බොක්සිං ශූරතාවලියට තිදෙනෙක් යති