යුක්රේනයේ ඩොනෙස්ට්ක් නුවරදී ලබන ජුලි 10 දා සිට 14 වැනදා දක්වා පැවැත්වෙන ලෝක ශූරතා යොවුන් මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයන් තිදෙනෙකු හා එක් කී‍්‍රඩිකාවක් සුදුසුකම් ලබා සිටින බව ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය පවසයි.
කෙසේ වූවත් රුසියාවේ මොස්කව් නුවරදී ලබන අගෝස්තු 10 වැනිදා ආරම්භ වන ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කී‍්‍රඩකයෙක් හෝ කී‍්‍රඩිකාවක් සුදුසුකම් ලබා නැතැයි ඊයේ (2) ඔලිම්පික් නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.
එහෙත් ඒ සඳහා සුදුසුකම් නොලත් නාමලේඛනය යටතේ ශ්‍රී ලංකාවට කී‍්‍රඩකයන් හෝ කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදාවන බව ඔහු එහිදී පැවසීය.
ශ්‍රී ලංකා මැරතන් කී‍්‍රඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට පමණක් ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව තිබෙන බව මලල කී‍්‍රඩා සංගමය පවසයි ඉකුත්දා පැවති ලන්ඩන් මැරතන් තරගයේදී 14 වැනි ස්ථානයට පත් ඔහුට එම අවස්ථාව වැළකී ගියේ යන්තමිනි.
යුක්රේනයේ පැවැතිවෙන ලෝක යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියට වයස 16ත් 17ත් අතර කී‍්‍රඩිකාවන් සහභාගි වන අතර ශ්‍රී ලංකාවෙන් තරගාවලියට තේරී සිටින හෙල්ල විසි කිරීමේ කී‍්‍රඩක මුදිත් ජයසේකර දැනට ඕස්ටේලියාවේ වෙසෙන ද්විත්ව පුරවැසිභාවය ලැබූ ශ්‍රී ලාංකිකයෙකි.
ලබන වසරේදී (2014) ශ්‍රී ලංකාව සහභාගි වන ප‍්‍රධානතම අන්තර් ජාතික තරගමාලා අතර පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල ආසියානු කී‍්‍රඩා උළෙල හා ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලිය ප‍්‍රධාන තැනක් ගන්නා බව මලල කී‍්‍රඩා සංගමය පවසයි.
යුක්රේනයේ පැවැත්වෙන ලෝක යොවුන් මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා තේරී සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් :
1. ඒ. එල්. කාරියවසම් (ආනන්ද විදුහල) - මීටර 100 මෙතෙක් පලකර සිටින උපරිම දක්‍ෂතාව තත්පර 11.06 කි.
2. ඉසුරු දිල්ෂාන් විජේරත්න (ශාන්ත සිල්වෙස්තර විදුහල) - මීටර 200 පිරිමි - තත්පර 22.23 කි.
3. නිර්මලී මධුෂිකා (කළුතර බාලිකා විදුහල) - මීටර් 400 කාන්තා - උපරිම දක්‍ෂතාව තත්පර 51.55 කි.
4. මුදිත් එල් ජයසේකර (හෙල්ල විසිකිරීම) - මීටර 83.50 කි.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෝක යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියට ශී‍්‍ර ලංකාවෙන් 4ක්