IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලක් රැඳැවියා බේත් නැතිව මැරේ

ජපානයේ ෂිනගාවා සංක‍්‍රමණික මධ්‍යස්ථානයේ සිටි ශී‍්‍ර ලංකා රැඳවියෙකු මරණයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

නිකෙල්ස් ප‍්‍රනාන්දු (57) නම් වන මෙම පුද්ගලයා තම පපුවේ වේදනාවක් ඇතැයිද තමාට රෝහලකට යෑමට අවශ්‍යයැයිද මධ්‍යස්ථානයේ සිටි මුරකරුවන්ට දන්වා තිබෙන බවත් නමුත් ඔවුන් කර ඇත්තේ ඔහු අනෙක් පුද්ගලයින්ගෙන් වෙන්කර තනි කුටියකට දමා සිර කිරීම බවත් සංක‍්‍රමණිකයින්ගේ අයිතීය වෙනුවෙන් පෙනී සිටින ජපාන සංවිධානයන් කියයි.

මේ දිනය ඉරිදා දිනයක් වූ හෙයින් රැඳවුම් මධ්‍යස්ථානයට අනුයුක්ත කර සිටි වෛද්‍යවරයාද නිවාඩු ගොස් සිටියේය.ඒ පිට දමා නිකෙල්ස් රෝහල කරා ගෙන යෑම මධ්‍යස්ථානයේ නිළධාරීන් මගහැර ඇතැයි එම සංවිධාන චෝදනා කරයි.

පැය කිහිපයක් වේදනාවෙන් කෑ ගසමින් සිට ඇති නිකෙල්ස් එක්වනම නිහඬවු බවත් ඔහු මිය ගිය බවත් සෙසු රැදැවියෝ කියති.

මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කර ඇති රැඳවුම් මධ්‍යස්ථානේ බළධාරීන් තමන්ට නැගෙන චෝදනා වල කිසිදු පදනමක් නැතැයිද තමන් කටයුතු කර තිබෙන ආකාරයේ කිසිදු වරදක් නැතැයිද පවසයි.

ජපායේ ඇති සංක‍්‍රමණික රැඳවුම් මධ්‍යස්ථාන වලින් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් කිහිපයක්ම පසුගිය සමයේදී වාර්තා විය.මෙම වසර මුලදී එවැනි රැඳවුම් මධ්‍යස්ථානයක සිටි ඉරාන ජාතිකයෙක් හා කැමරූන් ජාතිකයෙක් ඔවුන්ගේ රෝගාබාධ වලට ප‍්‍රතිකාර ලබාදීම මගහැරි බළධාරීන් හමුවේ මරුමුවට පත්වූහ.

එම බළධාරීන්ද තම නිදහසට කරුණු ලෙස පැවසුවේ මධ්‍යස්ථානයේ වෛද්‍ය පහසුකම් ප‍්‍රමාණවත් නොවන බවය.

වහා එම පහසුකම් සැපයීමට නියෝග ලැබී තිබියදී මෙසේ නිකෙල්ස් මරණයට පත්වීම ජපානයේ සංක‍්‍රමණික මධ්‍යස්ථාන කෙරේ නැගෙන විරෝධය තවත් තීව‍්‍ර වීමට හේතුවී තිබේ.

 



අදහස් (0)

ලක් රැඳැවියා බේත් නැතිව මැරේ

කිත්සිරි Tuesday, 02 December 2014 08:24 AM

නිකෙල්ස් ප‍්‍රනාන්දු, මහතාට නිං සැප ලැබේවා! (ර)

:       0       0

හර්ෂන Tuesday, 02 December 2014 08:37 AM

අනිත් සංවර්ධිත රටවල් වගේ නෙමෙයි,ජපානය හරිම අමානුෂික විදියට විදේශික සංක්‍රමණිකයන්ට සලකන්නේ (අ)

:       0       0

විදානපතිරණ Tuesday, 02 December 2014 09:30 AM

සංක‍්‍රමණිකයා කියන්නේ ජපානයට හොරෙන් ගිය නිසා තාවකාලිකව සිරකර සිටින පුද්ගලයෙක්ද? දන්නේ නැති නිසයි අහන්නේ? (ර)

:       0       0

ප්‍රියංකර Tuesday, 02 December 2014 09:32 AM

විදේශිකයන්ට නම් ජපන් රජය ඉතා හොඳට සළකනවා. නමුත් සංක‍්‍රමණික විදේශිකයන්ට කොහොම සළකනවද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ජපානේ කාට වුනත් නිතිය නම් එකයි කියන එක කියන්නම ඕනේ. (නදී)

:       0       0

මලිත් Wednesday, 03 December 2014 05:03 AM

සුනිල් දහනායක මේක 2014. ජපන් සහ කොරියන් අය ලංකාවේ මිනිස්සුන්ට සලකන්නේ බල්ලන්ට වගේ. ගිහින් බලන්න දුප්පත් මිනිස්සු සල්ලි හම්බකරන්න යන්නේ.(නදී)

:       0       0

සුනිල් දහනායක Tuesday, 02 December 2014 10:35 AM

මේ මහතාට නිවන් සුව පතනවා. ඇත්තටම වුනේ මොකක්ද කියන්න පැහැදිලි නැහැ. නමුත් සාමාන්‍යන්, ජපානයට හොරෙන් යන බොහෝ අයට ජපන් භාෂාව දන්නෙත් නැහැ. ඉංග්‍රිසි කතා කරගන්නත් බැහැ. ඉතිං හරියට සන්නිවේදනය කරගන්න බැහැ. මෙතන එහෙම දෙයක් වෙලාද දන්නේ නැහැ. (ර)

:       0       0

කුවා Tuesday, 02 December 2014 12:44 PM

බලමාලු කෑවනම් දුක්විඳපන් බල්ලෝ කීව වගේ. (ස)

:       0       0

සුදර්මා Tuesday, 02 December 2014 12:49 PM

වීසා නැතිව අහුවුණොත් බේරුමක් නෑ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1215 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2678 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1665 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2862 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1920 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site