IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලෝක රූ රැජිණ තරගයට ලංකාවෙන් යන අම්රිතා

2016-09-09-ent-06

2016 වසර වෙනුවෙන් පසුගියදා පැවැත්වූ ”සියත” ශ්‍රී ලංකා රූ රැජිණ තරගයෙන් කිරුළ පැළඳියේ මේ සුරූපී අම්රිතා ද සිල්වාය. මේ සමගම 2016 සීතල දෙසැම්බරයේදී ඇමෙරිකාවේ වොෂින්ටන් හි පැවැත්වෙන ලෝක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය සඳහා වරම් ලබා සිටින්නී ඇයයි. සුන්දර සුරූපී මේ අම්රිතා කවුද?

කොළඹ බොරැල්ලේ දී උපත ලබා හැදී වැඩුණු ඇය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බොරැල්ල සියලූ ශාන්තුවරයන්ගේ බාලිකාවෙනි. ඉන්පසු උසස් පෙළ සඳහා ඇය කොළඹ ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලට ඇතුළත් වූවාය. ඉනික්බිතිව එංගලන්තයේ බකිංහැම්හි සරසවිය වෙතින් පරිගණක අංශයේ උපාධිධාරිනියක ලෙස උපාධිය ලබා සිටින්නීය. වත්මනෙහි ඇය පදිංචිව සිටින්නේ නාවල ප‍්‍රදේශයේය.

 

අම්රිතා ඔබ ගැන සඳහන් කළ ඒ විස්තර හරි නේද?

2016-09-09-ent-01හරියටම හරි.

 

පවුලේ විස්තර එහෙමත් කිව්වොත් ?

අම්මයි, තාත්තයි, අක්කයි, නංගිලා දෙදෙනා සහ මල්ලියි, මමයි.

 

පසුගිය කාලයේ දී ඔබ හිටියෙ එංගලන්තයේ නේද?

මම ගිය මාර්තුවේදී තමයි මගේ උපාධිය ඉවර කරලා එංගලන්තයේ සිට ආවේ.

 

ඒ ඇවිත් මොනවද කළේ ?

මගේ අක්කා ගුරුවරියක්. මාත් ගුරු වෘත්තියට හරිම ආසයි. මම ප‍්‍රයිවට් පංති කළා. නමුත් මේ රූ රැුජිණ තරගය නිසා තාවකාලිකව ඒ වැඩ නතර කළා.

 

ඇයි මේ විදියට රූ රැුජිණ තරගයට එන්න හිතුණේ?

සමාජ සේවා කටයුතු වලට මම හරිම ආසයි. ඒ වගේම සතුන්ටත් හරිම ආදරෙයි. අසරණ මිනිසුන්ට අනාථ වූ සතුන්ට හැකි පමණින් උදව් කරන්න උත්සාහ ගත්තා.

මගේ වයස අවුරුදු 12 සිටම සතුන්ට ඇති ආදරය නිසා මම නිර්මාංශ වුණා. ඉතින් මේ වගේ දේ නිසා යම්කිසි විදියකට රූ රැුජිණ තරගයකට ඇවිත් මට අවස්ථාවක් ලැබුණොත් ඒ ලැබෙන ජනප‍්‍රියත්වයෙන් සමාජයට මගෙන් මීට වඩා යමක් කරන්න හිතුවා.

 

පාරේ යනවිට පූසෙක්, බල්ලෙක් එහෙම අසරණ වෙලා සිටියොත් ගෙදරට ගෙනෙනවා කියන්නේ ඇත්තද?

ඔව්. මම එහෙම කරලා තියෙනවා. බල්ලො, පූසෝ, තාරාවෝ, හාවෝ එහෙම ඒ විදියට රැුක බලා ගෙන තියෙනවා. අවුරුදු 25 කට විතර පෙරදී අපේ අම්මා සතුන් වත්තේ සිංහ පැටියකුට සත්කාරකත්වය දක්වලා තියෙන ඒ වගේම තාත්තා ඔරං ඔටං සතෙකුට සත්කාරකත්වය දක්වලා තියෙනවා. අපේ පවුලෙන්ම ආ පුරුද්දක් ඒක.

 

මේ රූ රැජිණ තරගයට ඉදිරිපත් වුණේ ඔබගේම කැමැත්තෙන්ද?

කාලයකට පෙරදී මම ප‍්‍රවීණ රූපලාවන්‍ය හා කොණ්ඩා නිර්මාණ ශිල්පී රම්සි රහමන් යටතේ නිරූපණයට එක්වුණා. එයා අපේ අසල්වැසි කෙනෙකු වුණා. ඉතින් නිතරම මට ඒ වගේ දේවලට ආරාධනා කළා. ඒ විදියට කරගෙන යද්දි වැඩිදුර අධ්‍යාපනයෙන් පසුව මම නැවත ඒමේ අදහසින් ඒවායින් ඈත් වුණා.

 

මේ රූ රැජිණ තරගයට පෙර තවත් තරග වලට ඉදිරිපත් වී තිබෙනවාද?

නෑ. මේක තමයි පළමු වතාවට මෙවැනි තරගයකට පෙනී සිටියෙ. නමුත් රම්සි රහමන්, එයාගේ සහෝදරයා ඩිල්හාන් ඇතුළු ගොඩක් දෙනා මට බොහෝ සෙයින් උදව් කළා.

 

කිරුළ ඔබටම ලැබේවි කියලා හිතුවද?

මේ තරගයට අයදුම් කරද්දී මා වටා සිටි පිරිසගේ විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසය මටත් ඇතිවුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකයට ගිහින් මට මොනවා හරි දෙයක් වෙනුවෙන් මගේ රටට කීර්තියක් ගෙන දීමට හැකිනම්? කියන අදහස යටි හිතේ තිබුණා.

 

සමහරු කියන්නේ ඔබ සුරූපී ජැකලීන්ගේ පෙනුමට සමානයි කියලයි. එහෙම නේද?

ජැකලීන් කියන්නේ හරිම සුරූපී රටට බොහෝ ගෞරවයක් ගෙන දුන් චරිතයක්. මට එයාව සමාන කරලා එවැනි දෙයක් කියනවා නම් ඒක ලොකු සතුටක්.

 

ජැකලීන්ට වගේ ඔබටත් බොලිවුඩයේ හෝ හොලිවුඩයේ අවස්ථාවක් ලැබුණොත්?

ඒ විදියෙ අවස්ථාවක් ලැබුණොත් එයින් උපරිම ඵල නෙළා ගන්න උත්සාහ කරනවා. එයින් මුදලක් ලැබුණොත් ඒ මුදල ආබාධිත ළමුන්ගේ සුබ සාධනයට අවශ්‍ය පාසලක් සඳහා යොදවනවා. අසරණ වූ සතුන් වෙනුවෙන් ද යමක් කරනවා.

 

‘‘අම්රිතා’’ ඔබ කොයි විදියෙ කෙනෙක්ද?

ඇත්තටම මෙච්චර කාලයක් කවුරුත් වැඩිපුර මා ගැන දැන ගෙන සිටියෙ නැහැ. දැන් හැමෝම අහන්නේ ”ඔයා මෙච්චර කල් කොහේද හිටියෙ” කියලයි. එහෙම අහනවා ඇත්තෙ මගේ බාහිර රූපය නිසා වෙන්නැති. නමුත් අදට වඩා වැඩි පිරිසක් හෙට දින මාව හඳුනා ගන්නවාට මම කැමතියි. ඒ නිසා මට මගේ ආදරණීය රටට ලොකු සේවයක් කරන්න පුළුවන් වේවි. නෙට්බෝල්, වොලිබෝල් ඇතුළු ක‍්‍රීඩා එහෙමත් කළා. ක‍්‍රීඩා අංශයටත් කැමති කෙනෙක්. ලංකාවේ අපේ රටේ කෑම රසට උයන්න මට පුළුවනි කියලා හිතනවා. ආහාරxපාන සැකසීමේ කලාවත් ඇත්තටම හරි අපූරු දෙයක්. මේ සියල්ලට අමතරව මට යම්තාක් දුරකට චිත‍්‍ර අඳින්නත් පුළුවනි.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-09-09-ent-05
2016-09-09-ent-04
2016-09-09-ent-03
2016-09-09-ent-02



අදහස් (0)

ලෝක රූ රැජිණ තරගයට ලංකාවෙන් යන අම්රිතා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 66 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 476 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 450 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1319 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7145 8

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 123 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39433 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25704 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1159 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site