තමන් ලෝකයේම සුරූපිනිය වේ යැයි වෙනිසියුලාවේ ඉවියන් සාර්කෝස් කවදාවත් නොසිතන්නට ඇත. නමුත් දෛවයේ හාස්කමකට ඉකුත් 06 වැනිදා ලන්ඩන් නුවර දී පැවැති 2011 ලෝක රූ රැජින තරගාවලියේ ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය. විසි දෙහැවිරිදි වියේ පසුවන සුරූපී ඉවියන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක වන අතරම ලෝක රූ රැජින තරගය සඳහා ඇය ඉදිරිපත් වී ඇත්තේ වෙනිසියුලාවේ මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටියදී වීම විශේෂත්වයකි. ලන්ඩන් නුවර අති උත්කර්ෂවත් ලෙස පැවති 2011 ලෝක රූ රැජින තරගාවලියේ සුරූපී තරගකාරීයන් 21 දෙනෙකු පරදවමින් වෙනිසියුලාවේ ඉවියන් කිරුළු පැළඳි විට එහි දෙවැනි ස්ථානය පිලිපීන ජාතික සුරූපිනී ග්වෙන්ඩොලින් රුවේස්ටද, තෙවැනි ස්ථානය දකුණු ඇමෙරිකා රාජ්‍යයක් වන පුවර්ටෝ රිකෝ හි ඇමැන්ඩා පෙරේස් යන සුරූපිනිය විසින් හිමිකර ගත්හ. ජයග‍්‍රහණයෙන් පසු ඉවියන් සාර්කෝස් කියා සිටියේ තමාගේ ජයග‍්‍රහණය ආඩම්බරකාර හා ධෛර්යයෙන් තමන් ලබාගත් එකක් බවත්, අනාගතයේ ලෝකයේ ළමයි වෙනුවෙන් මෙහෙවර ඉටුකිරීම සිය අනාගත බලාපොරොත්තුව යැයි කීවාය. ලෝක රූ රැජින කිරුළු හිමිකර ගැනීමත් සමග ඉවියන්ට ඩොලර් කෝටියකට ආසන්න වටිනා ත්‍යාග මුදල් හා වරප‍්‍රසාද හිමි වූ බවද වාර්තා වේ. මෙවර ලෝක රූ රැජින තරගය රටවල් 150ක අධික සංඛ්‍යාවක සජීවීව විකාශය කෙරුණු අතර එය රූපවාහිනී මගින් නරඹා ඇති පේ‍්‍රක්ෂකයන් සංඛ්‍යාව බිලියනයකි. මීළඟ 2012 ලෝක රූ රැජින තරගය චිනයේ පැවැත්වීමට නියමිතය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝක රූ රැජින කිරුළ ඉවියන්
සචින් Thursday, 07 November 2013 08:16 AM
ගැහැණු ළමයින් පාද වගේම දණහිස් ගැනත් සැළකිළිමත් වියයුතුයි නේද? (නි)
දමිත් Wednesday, 09 January 2013 11:30 AM
මෙයා ලස්සනයිද ?? (ස)