කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා ශාක නිරෝධායන බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද ලොකු ලූණු බීජ සහ එනසාල් තොගයක් කටුනායකදී රේගු නිලධාරීන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය.
මෙහි වටිනාම රුපියල් ලක්ෂ දහනවයකි. පුළුස්සන ලද ලොකු ළුනු බීජ ප්‍රමානය කිලෝ ග්රෑමි 472 කි. මේවා මෙම වසරේ ජනවාරි සිට අවස්ථා 20 කදී ශ්‍රී ලංකිකයන් විසින් මෙරටට ගෙන ඒමට උත්සහ කරද්දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ලොකු ළුණු බීජ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා අපනයනය කරන රටෙහි ශාක නිරෝධායනය බලපත්‍රය සහිතව ගෙන්විය යුතු බවත් පසුව ගුවන් තොටුපොළෙහි ශාක නිරෝධායනය සේවය වෙත යොමුකර එහි අනුමැතිය ලබා ගත යුතු බව ගුවන්තේටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා කීය.
මේවා විනාශ කරනු ලැබූවේ ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ඒ.කේ.එන් වික්‍රමසිංහ, කේ.ඒ ධර්මසේන සහ ශාක නිරෝධායන අධ්‍යක්ෂක පී.සී වනිගසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර රේගු අධිකාරීවරුන් වන එන්.එන් ජයසුන්දර, එස්. කජේන්ද්‍ර යන යන නිලධාරීන් විසිනි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොකු ලූණු බීජ ලක්ෂ දහනමයක් ගිනිදෙවියන්ට
චතුල වෙරෝනා Saturday, 13 April 2013 12:05 AM
සීත කාමර වල සිටිය යුතු නිලදාරින් වෑදගත් ඈඳුම් පිටින් කෑලෑවලට යෑවීම ගෑන මගේ බලවත් විරෝධය.(නදී)
සුරේෂ් Saturday, 13 April 2013 12:09 AM
රත්රන් නම් මේ වගේ ගිනි තියනවා අහල නැහැ නේද? බීජ ගෙන ඒම තහනම් කියලා දැනුවත් කළා නම් හරි. (නි)
හේවාවිතාරණ Saturday, 13 April 2013 01:58 AM
රේගු නිලධාරීන් ඉන්න ඕනෑ ඔහොම තමා. ඔබ මගේ ස්තුතිය! (නි)
කිර්ති Saturday, 13 April 2013 08:08 PM
කොහොම නමුත් ඔය බීජ ඔය තත්වයට ගන්න මොන තරම් වෙහෙසක් දරන්න ඇතිද? මම හිතනවා මෙය රටේ ආර්ථිකයට එතර ගුණදායක නැහැ කියලා. (නි)
කීර්ති Saturday, 13 April 2013 08:21 PM
ඔය නිලධාරින්ට දුප්පතාගේ දුක තේරෙන්නෙ නැද්ද දෙයියනේ? (නි)
සෙන්තිල් Saturday, 13 April 2013 04:52 AM
මේ බීජවලින් කිසිම පගාවක් එහෙම ලැබිල නැතිව ඇති. ඉන්දියාවේ ගොවියෝ මහන්සිවෙලා මේවා නිෂ්පාදනය කරනවා. දැන් නිකම්ම විනාශ කළා. (නදී)
සෙනරත් Saturday, 13 April 2013 08:09 AM
හොඳයි ලුණු බීජ තහනම් කියමුකෝ. එතකොට එනසාල්? (නි)
සම Saturday, 13 April 2013 08:20 AM
මේ මොනවද කරන්නේ? අපරාදයක්නේ. මේවා පුච්චන්නේ නැතුව දුප්පත් මිනිස්සු අතරේ බෙදලා දුන්නා නම් මොකද වෙන්නේ? (නි)
අපොන්සු Saturday, 13 April 2013 09:21 AM
මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නේ? (නි)
ආනන්ද Saturday, 13 April 2013 10:44 AM
කම්පනයක් ඇතිකරවන ප්‍රවෘත්තියක් (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 15 April 2013 01:41 PM
එනසාල් වෙන්දේසියේ විකුනන්න තිබුනා. බිජ ලුණු ගොවීන්ට දෙන්න තිබුනා. මෝඩකම් ප්‍රදර්ශනය කරනවා කියන්නේ මේකට... (නි)
බිමල් Saturday, 13 April 2013 11:27 AM
ප්‍රවෘත්තිය හොදට කියවන්න. අපනයනය කරන රටෙහි ශාක නිරෝධායනය බලපත්‍රය කියන්නේ එම බිජ මගින් වෙනත් ශාක වලට වැළදෙන ලෙඩ රෝග හා වල් පැළෑටි එනවට තියෙන ආරක්ෂක ක්‍රියාමාර්ගයක්. අපරාදේ කියල හිටෝලා අන්තිමේදී අපේ බි ලුනු වලටත් ඒ රටවල් වල ලෙඩ රෝග ආවම හොදට හිටි. වෙනත් රටවල් වලත් මේ දේ කරනවා, අපරාදේ කියලා ඕවා දීලා අන්තිමේදී අපේ ඒවාට විනකරගන්නෙ මොකටද? (නි)
ක්‍රිෂාන්ත Saturday, 13 April 2013 11:45 AM
අපේ රටේ එක නීති විරෝධී දෙයක් හරි නතර කරන එක ගැන සතුටුයි. හැබැයි ලොකු පොඩි සැමට එක හැන්දෙන්ම බෙදිය යුතුයි. නිතිය කියන්නේ ඒකයි. පුළුස්සා දැමු එක බොහොම හොදයි (නි)
ජානක Saturday, 13 April 2013 02:53 PM
මොනවද මේ කරන්නේ ? (ස)
ෂෙරිෆ් Friday, 12 April 2013 10:28 PM
අනේ මහත්තයෝ ඔය ටික දුප්පත් අපිට බෙදල දෙන්න. එතකොට අර පහුගිය දිනවල ගෙන්වපු නීතී විරෝධි දුම්වැටි වලට මොකද උනේ? (නදී)
අජිත් Friday, 12 April 2013 10:43 PM
ඕවා තනියම කරන්න එපා දන්නා හිතවතෙක් අල්ලාගෙන කරන්න ඕනේ.(නදී)
ලලිත් Friday, 12 April 2013 11:09 PM
මේ මොන අපරාධද (දී)
මුතුකුඩ Friday, 12 April 2013 11:14 PM
අයියෝ! ලොකු මෝඩ වැඩක් කරලා තියෙන්නේ. (නි)