IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ලොකු ලුනු අස්වැන්න දැක ලොකු සතුටක්

දඹුල්ල හා සීගිරිය ලොකු ලූනු අස්වැනු නෙළීම ඇරැඹී ඇත. ලොකු ලූනු ගැණුම් මිළ කිලෝවක් රුපියල් 75 -  80 අතර පවතී. එම මිළ තමන්ට ප්‍රමාණවත් බව දඹුල්ලේ ලොකු ලූනු ගොවීහු කියති. මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූනු හෙක්ටයාර 3000 පමණ වගාකර ඇති බවත් එයින් මෙට්ට්‍රික් ටොන් 60000 අස්වැන්නක් බලාපොරොත්තු වන බවත් මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය පැවැසූහ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ පෞද්ගලික ආයතන කිහිපයක් මෙන්ම ගොවීන් පෞද්ගලිකව ලොකුලුනු වගාවට දායක විය.



අදහස් (0)

ලොකු ලුනු අස්වැන්න දැක ලොකු සතුටක්

අනුර එස් ලියනගේ - මුල්ලෙරියාව Friday, 09 August 2013 12:17 PM

ලොකු ලූනු අස්වනු වෙනුවෙන් සතුටක් ලැබුවට කමක් නැහැ .... ලොකු ලූනු විකුනගන්න බැහැ කියලා උද්ගෝෂනය කරන්න ‍නොලැබේවා.....!!! (නි)

:       0       0

බණ්ඩාර Friday, 09 August 2013 12:26 PM

මටත් මගේ අතීතය සිහිවෙනවා අපි ගොවිතැන් කරන්න ,වගා ආරක්ෂා කරගන්න නිදිවර්දිතව පැල් රැක්ක හැටි ...අපහසුවෙන් ආයාසයෙන් ඒ දවස් ගෙවුනද ," නිදහස් " බව දැනෙනවිට වර්තමානයට වඩා අතීතය ලස්සනම බව දැනෙනවා. මක් නිසාද ? අපි කාටවත් යටත් නොවුන නිසා (නි)

:       0       0

ශාන සෞදි Friday, 09 August 2013 12:29 PM

අපිටත් සතුටුයි,ගොවියාට තව ටිකක් ලැබුනට කමක් නෑ වැවූ ගොවියාට සාධාරණ මිළක් ලැබිය යුතුයි. ඔය අස්වැන්න විකුණගන්න ඒ මිනිස්සුන්ගේ හිත සතුටුවන මිලක් නියම කලොත් තමයි හොඳ....(ස)

:       0       0

වජිර රොමේ Friday, 09 August 2013 08:55 PM

දැකීමත් සතුටක් (අ)

:       0       0

සුදත් Friday, 09 August 2013 12:49 PM

දැන් ඔයා කාටද යටත් බණ්ඩාර (ස)

:       0       0

සරත් Friday, 09 August 2013 01:03 PM

සුදත් කාටවත් යටත් වෙන්න ඕනේ නෑ..... (ස)

:       0       0

දහම් Friday, 09 August 2013 01:05 PM

මේ ළූණු කොළ වියලෙනකම් ඉන්නේ නැතිව ගලවන එක තමයි නරක. අමුවෙන් ගැලෙව්වම කල් තියාගන්න බෑනේ. (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 10 August 2013 11:49 AM

මම ගෙදර ගියහම අනියන් රින්ග්ස් එක්ක බත් ටිකක් කන්න ඕන.(අ)

:       0       0

චතුල වෙරෝනා Friday, 09 August 2013 01:31 PM

අනේ වාසනාවන් සෑමට දෙවි පිහිටයි ! අපේ දේ අපිම වවාගත්තනම්, පිට රටට කඹුරන්න වෙන්නෙ නෑනේ....... (ස)

:       0       0

ක්‍රිස් Friday, 09 August 2013 01:38 PM

දෙවියන්ට ප්‍රසංසා වේවා ... (ස)

:       0       0

සම්පත් Saturday, 10 August 2013 12:30 PM

අස්වැන්න තමා ජීවිතේ කියල හිතන එකට මේ රටේ දෙශාපලුවොත් හරි ආසා ඇති. නමුත් ඇස් අරින්න අවට බලන්න. (අ)

:       0       0

චන්දා Friday, 09 August 2013 01:46 PM

ප්‍රීතියි..ප්‍රීතියි ... (ස)

:       0       0

අමිල Friday, 09 August 2013 01:56 PM

දැකීමත් සතුටක්. අපේ රටේ මිනිසුන්ගේ මහන්සිය. (ස)

:       0       0

සංජීව Friday, 09 August 2013 02:03 PM

සිරිපාලත් දන්නා දේවල් ..... බටර් අනියන් රින්ග් .... අපිට මොන බටර්ද ,,,, (ස)

:       0       0

අනුර Friday, 09 August 2013 02:05 PM

හරිම සතුටුයි මේ වගේ දේවල් දකින්න ලැබිම ගැන. (ස)

:       0       0

සමන් Friday, 09 August 2013 10:40 PM

ලංකා ලොකු ළූණු පැහැයෙන් සහ රසින් ඉන්දියානු හෝ පකිස්තානු ළූණු වලට වඩා ගොඩක් හොදයි. නමුත් කල් තියාගන්න බැරි නිසා ජාත්‍යන්තර වෙළඳ පොලේදී අන් රටවල් වලට පරදිනවා. ඒකට එක හේතුවක් තමයි හොඳින් වියලා නොගැනීම. (නි)

:       0       0

සිල්වා Friday, 09 August 2013 02:37 PM

කෘෂි කර්මාන්තය තුළින් අපේ රට දියුණුව කරා යන්න පුළුවන් අවශ්‍ය සාධක අපේ රටේ තියනවා. ඉදිරියේදී ලෝක ආහාර අර්බුදයක් ඇතිවෙනවා. එකට අපි සුදානම් වෙන්න දැන් ඉදලම, පැරණි රජවරු ඒ දේ කලා අකුරටම වගාකළ හැකි බිම් වගාකර රට ඉදිරිය ගෙනියමු එකමුතුවෙන් අපේ උතුරේ ජනතාව ඉද්රියේදී හොද සහයක් දේවි. කෘෂි කර්මාන්තයට දමිළ සහෝදරවරු වගාවට හරි දක්ෂයි. සැමට බුදුසරණයි! (ස)

:       0       0

ජූඩ් විජේසිංහ Friday, 09 August 2013 02:44 PM

නෙත පිනවන දසුනක්.මිහි මව එය මත හෙලන දා බිංදු වලට වටිනාකමක් දී ඇති බව පෙනෙයි.සිඟිති මුවේ පිපුණු සිනා මල් මත කඳුලක් නොවැටේවා යනු මගේ පැතුම. (ස)

:       0       0

සේකර Friday, 09 August 2013 10:47 PM

දැක්කහම ආසයි (නි)

:       0       0

සිල්වා Friday, 09 August 2013 02:45 PM

මගේ රට දියුණුව කරා යනවා අනිවාර්යෙන්ම!! කෘෂිකර්මතය, සංචාරක ව්‍යාපාරය , දේශීය කර්මාන්ත අපේ දේවල් තුළින් මේ රට ගොඩ ගන්න පලුවන්. අපේ සම්පත් ප්‍රයෝජනයට අරගෙන රට ඉදිරියට ගෙනියමු. විධිමත්ව (ස)

:       0       0

චන්දි Friday, 09 August 2013 02:48 PM

හොද දේවල් ලියන්න ඔබ සැමට නුවණ පහල වීම ගැන මගේ ප්‍රණාමය!!! (ස)

:       0       0

මුණසිංහ Friday, 09 August 2013 02:51 PM

සතුටුයි. නමුත් පහුගිය දවසක මම ලොකු ළූණු ගත්තේ කිලෝව 156 ගණනේ? (ස)

:       0       0

රණා Friday, 09 August 2013 03:09 PM

මේ රට මගේ රට මා ඉපදුන රට. හැදෙන වැඩෙන රට මගේම මව් රට.... මටත් මතක් වෙනවා අපේ අතීතය. කොතරම් ලස්සනද සැහැල්ලුද. එදා ලෙඩ නැහැ, තරඟ නැහැ. ප්‍රශ්න නැහැ. තරහකාරයෝ නැහැ. අයෙත් යන්න හිතෙනවා ගමට. (ස)

:       0       0

මහානාම Friday, 09 August 2013 10:59 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

රණා Friday, 09 August 2013 03:16 PM

චන්ද්‍ර.. මොනවා මේ ඒවා නෙමෙයි. (ස)

:       0       0

කර්ත්ලිස් අප්පුහාමි Friday, 09 August 2013 11:05 PM

චුටි පැටව්නේ, හොදට කෘෂි විද්‍යාව ඉගනගෙන මෙරටේ කෘෂිකර්ම ලොක්කෙක් වෙන්න ඕනෑ හොදද? (නි)

:       0       0

මහින්ද Monday, 12 August 2013 09:52 AM

බොහොම සාධාරණයි (දී)

:       0       0

ක්‍රිෂ් Friday, 09 August 2013 03:36 PM

පාරිභෝගිකයටත් මේ සතුට මේ විදියටම වින්ද ගන්න ලැබෙනවා නම් ගොඩක් සතුටුයි. (ස)

:       0       0

චන්දා Friday, 09 August 2013 03:39 PM

මට හරි 'සතුට'' යි (ස)

:       0       0

නෙත්මාලි Friday, 09 August 2013 03:40 PM

අපේ රත්තරන් පොලවේ ගොවියට කවනු වැසි වසීවා !!! (ස)

:       0       0

සිල්වා Friday, 09 August 2013 03:43 PM

මේ පුංචි දරුවනේ කෘෂි කර්මාන්තයේ යෙදෙනවා. වගේම හොදට පාසලේ ඉගනගන්න ඕනි. මමත් කෘෂි විද්‍යාව ඉගන ගත්ත හරිම ප්‍රායෝගිකයි. රසවත් ඔබත් මේ ප්‍රයෝගික දැනුමින් හොදින් විශය හදාරා රටට සේවය කලහැකියි. අද නවීන ලෝකෙ දැනුම මිල අධිකයි.මම රටවල් 12 විතර සංචාරය කරලා තියනවා. ඇමරිකාව සහ යුරෝපයේ මම ඒ රටවල දරුවන්ට දැනුම දෙනවා. මටමගේ ළමා කාලය මතක් වුණා. මමත් තාත්තා එක්ක එළවලු කොටුවේ ඔය විදියට වැඩ කලා මඩ නාගෙන. පාසල් නිවාඩුවට මම කලේ යම්කිසි වගාවක් කරන එක. දැන් දරුවන්ට ඒ දේ නැහැ. ඇමරිකානු පාසලක විදුහල්පතිනියක් මාත් එක්ක බොහොම ළඟින් වැඩකරනවා. මට මගේ ළමා කාලය හැමවිටම මතක්වෙනවා. අපි මොනවද කලේ මේ දරුවන් මොනවද කරන්නේ කියලා!! (ස)

:       0       0

චමිල Friday, 09 August 2013 03:46 PM

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. (ස)

:       0       0

කර්ත්ලිස් අප්පුහාමි Friday, 09 August 2013 11:16 PM

සිල්වා මහත්තයා, ඔයා පිටරටවල ළමයින්ට දෙන දැනුම ඇයි අපේ රටේ ළමයින්ට දෙන්න බැරි? (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 09 August 2013 11:21 PM

කෘෂිකර්මාන්තය කියන්නේ හිතට පුදුම සහනයක් ගෙන දෙන කර්මාන්තයක්.මමත් ලංකාවට ආව දවසක පලතුරු වගාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. (නි)

:       0       0

මංගල කරුණාරත්න Friday, 09 August 2013 04:05 PM

බර හොදට තියෙන්න ඕන නිසා හොදින් වේලෙන්න ඉස්සෙල්ලම ගලවනවා.ගෙදර ගෙනාවම ටික දවසකින් බාගෙට කුණු වෙනවා.කිසිම පාරිභෝගික අයිතිවාසිකමක් නැති පරිභෝගිකයෝ තමයි ඉන්නේ.(ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 09 August 2013 11:23 PM

තමන් මහන්සියෙන් වගා කළ වගාවක අස්වැන්න නෙලන දවස කියන්නේ පුදුම සතුටක් තියෙන දවසක්. ඒ සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. (නි)

:       0       0

තිසර Friday, 09 August 2013 04:12 PM

මේ දසුන් දකින නෙත් සතුටින් පිරි ඇත්තේ.. දහඩිය කඳක් සොලවා ප්‍රතිඵල ගත්තේ.. ආදර්ශයකි මේ ගොවියෝ දී ඇත්තේ.. වවමූ අපිත් හැකි සැම දේ අපෙ වත්තේ (ස)

:       0       0

නිහාල් Friday, 09 August 2013 04:43 PM

ලංකාවේ ලොකු ළූණු රසෙන් වැඩියි.නමුත් ප්‍රශ්නය කල් තියාගන්න බැරි එක.ගොවි මහත්වරු මේ ගැන වැඩිය හිතන්න ඕන.ගොවියා වගේම පරිභෝගිකයත් අරක්ෂා වෙන්න ඕන.ඔවුන් නොදන්නවා ඇති බොහෝවිට ගොවියන් පාඩු ලබන්නෙ මෙම හේතුව නිසා කියලා.ප්‍රමිතිය හොඳ වෙන්න ඕන. (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 09 August 2013 11:32 PM

විද්‍යානුකූලව හරියට කෘෂිකර්මාන්තය කරනවා නම් අපේ රට කෘෂිකර්මාන්තයෙන් දියුනු කරන්න පුළුවන්.ඒ සදහා හොද පසක් සහ දේශගුනයක් අප සතුව පවතිනවා. (නි)

:       0       0

පද්මිණි Friday, 09 August 2013 11:56 PM

ලග පාතක හිටිය නම් මේ රටලුනු මල්ලක් ගන්නවාමයි. සමන් කිවුවා වගේ ලංකාවේ සෑම පළතුරක්, එලවලුවක්ම රසෙන් වැඩියි. එය දැනෙන්නේ පිටරට ශීත ගබඩා වල පලතුරු කනවිට. (නි)

:       0       0

චන්දි 1 Friday, 09 August 2013 05:38 PM

ගොඩක් සතුටුයි. ගොවියන්ගේ දෑතට තව තවත් සවි ශක්තිය ලැබේවා යනු මගේ පැතුමයි (නි)

:       0       0

කෝලිත Friday, 09 August 2013 05:53 PM

වැවූ ගොවියාට සාධාරණ මිළක් ලැබිය යුතුයි. (නි)

:       0       0

අජිත් කුරුවිට Friday, 09 August 2013 06:07 PM

අවසන් ඡායාරුප 2 තුළ දිස්වන ඵෙතිහාසික සිගිරි ගල ඔබ දුටුවාද? මෙම දසුන් පෙලට එය තවත් චමත්කාරයක් එක් කරන්නේය. (නි)

:       0       0

ප්‍රදීපා Saturday, 10 August 2013 02:07 AM

ගොඩක් කලකින් දැකපු සතුටුදායක පුවතක්. සාධාරණව මහන්සියෙන් උපයාගත් අස්වැන්න දැකීමත් සිත පහන් කරනවා. (ගිනියම් අවුවේ මහා වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ) . මේ ගොවීන්ට මගේ ප්‍රණාමය!!! (නි)

:       0       0

පිටිගල Friday, 09 August 2013 06:15 PM

නොරොච්චෝලේ පොළ ළඟ මුරුගන් මල්ලිගේ වගා ළිඳෙන් වතුර ඇදලා ලුණු පාත්තිවලට දැමු හැටි මතක් වෙනකොට දැනෙන සතුට.? ""සෙම්බු තාලි උකුලේ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා ලුණු පාත්තියට දමා විඩාපත් වෙලා..."" (නි)

:       0       0

උපාලි Saturday, 10 August 2013 06:12 AM

නිහාල්, සමන්, ඔබ ඉතාම වැදගත් දෙයක් කියන්නේ. මං දන්නේ නැහැ කෘෂි. නිලධාරීන් කොයි තරම් දුරට මේ ගොවීන් දැනුවත් කරලා තියෙනවද කියලා කල් තබා ගැනීමේ ක්‍රමවේද ගැන. නමුත් ඊ ලඟට ගොවීන් පාරට එන්නේ විකුණගන්න බැරි දුක් ගැනවිල්ලත් අරගෙන. කල් තබා ගත නොහැකි නිසා ගොවීන්ගේ කේවල් කිරීමේ ශක්තිය ඉතාම අඩුයි. රජය අත දිය යුත්තේ ඒ ප්‍රශ්නයටයි. නැතුව ලුණු තොගය රජයෙන් මිලදී අරන් කුණුවෙන්න හැරලා මහජන මුදල් නාස්ති කරන්න නොවෙයි.(නදී)

:       0       0

පිටිගල Friday, 09 August 2013 06:30 PM

හැබෑට ඒ සීගිරියද ? මම සීගිරිය දැකලා නැහැ කියා ඇමති කෙනෙක් කියපු කතාව මට මතක් වුණා. හැබෑම ලස්සනයි අජිත් කුරුවිට ඒ දර්ශනය. (නි)

:       0       0

නිල්මිණි Friday, 09 August 2013 06:43 PM

බලන්න අර පොඩි පැටවු දෙන්නගේ මුහුනේ තියන සතුට,මෙොලගේ ගොඩක් බලාපොරොත්තු ඇති මේවා විකුණලා ලබාගන්න.ඔබ සැමට සදා ජය වේවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 10 August 2013 07:55 AM

අනේ මේ අහිංසක මිනිසුන්ගේ මුනුවල තියෙන සිනහව බලන්නකෝ , මාස ගානක් මහන්සි වෙලා ලබපු අස්වෙන්න පාඩුවක් නැතුවම විකුණගන්න ලැබේවා!(නදී)

:       0       0

ආනන්ද Friday, 09 August 2013 06:49 PM

ලොකු සතුටක්. මේවා කල් තබා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන ගොවියන් දැනුවත් කරන්න (නි)

:       0       0

සරත් Friday, 09 August 2013 07:03 PM

ලූණු හදන කොට හැම කෙනාම ලූණූ. තක්කලි හදනකොට ඊට එහා. අනේ මන්දා කවදා හැදෙයිද කියලා.(නදී)

:       0       0

කුමාර Friday, 09 August 2013 07:11 PM

වවන කලට කිසිවෙක් නැත.....නෙලන කලට හැමෝම ඇත (නි)

:       0       0

පිටිගල Friday, 09 August 2013 11:32 AM

හෙළ නිපැයුම් නෙත් සිත් පිනා යන දසුන්. (නි)

:       0       0

ගුණතිලක Friday, 09 August 2013 11:32 AM

අපිටත් සතුටුයි (නි)

:       0       0

උදාර Friday, 09 August 2013 11:35 AM

මෙවන් දසුන් දැකීමත් සතුටක් . සිරිලක දේ සිරි සැප දේ.. (නි)

:       0       0

වසන්ති Friday, 09 August 2013 11:36 AM

අපිටත් සතුටුයි,ගොවියාට තව ටිකක් ලැබුනට කමක් නෑ.(ස)

:       0       0

සිරිපාල Friday, 09 August 2013 11:39 AM

සෙනසුරාද දවසක යාලුවෙක් එක්ක අවන්හලක ගොස් මම ගන්න බයිට් එකක් තමයි බටර් අනියන් රින්ග්... ලූනු වලින් හදන රසම කෑමක්.... ලොකු රවුම් කපලා ලුනු කුඩු ටිකක් ඉහල ගත්තම නිකන් වුණත් කන්න පුලුවන්(අ)

:       0       0

ඉෂාර Friday, 09 August 2013 11:48 AM

හෙළ උරුමය... (නි)

:       0       0

වරුණ Friday, 09 August 2013 11:51 AM

ඔය අස්වැන්න විකුණගන්න ඒ මිනිස්සුන්ගේ හිත සතුටුවන මිලක් නියම උනොත් ණය බේරාගෙන සතුටින් ඉදී. (ස)

:       0       0

ආනන්ද Saturday, 10 August 2013 09:57 AM

පිටබැද්දර ජයා බොරු කියන්න එපා. මම ඔයාගේ අදහස දැකල ආයෙමත් පොටෝ ටික හොදට බැලුවා. එකම එක පොඩි එකෙකුගේ ලාවට හිනාවක් හැර අනිත් මුහුණුවල හිනාවක් නැහැ.(නදී)

:       0       0

ගිහාන් Friday, 09 August 2013 11:55 AM

මෙයයි අපේ ජාතියේ වාසනාව (අ)

:       0       0

අජිත් Saturday, 10 August 2013 10:00 AM

ගොවීන්ට සතුටක් ඇතිවෙන්නේ කොහොමද කිලෝවට රුපියල් 75-80 ක් නම් ලැබෙන්නේ. පාරිභෝගික අපිට ගන්න ලැබෙන්නේ රුපියල් 120 ට. මේකෙන් ලාබ ගන්නේ අතරමැදියෝ. එකට පාර කපලා දුන්නා. හේතුව වෙන්නේ පහුගිය දවස්වල සියයට 30 න ලොකුළුෑනුවලට බද්දක් දැම්ම එකයි. (ස)

:       0       0

මතුගමයා Friday, 09 August 2013 12:00 PM

මගේ රටට ජයවේවා. වැවූ ගොවියාට සාධාරණ මිළක් ලැබිය යුතුයි. (නි)

:       0       0

වරුණ Friday, 09 August 2013 12:07 PM

නැත්තම් සාදාරන මිලක් ඉල්ලලා උද්ඝෝෂණ කරන්න ගිහින් කන්නයි වෙන්නේ...... (ස)

:       0       0

දිලිප් Friday, 09 August 2013 12:11 PM

හැම කෙනාම බලාගෙන ඉන්නේ මහන්සිවෙන කෙනාව කොල්ලකන්න. ගොවියන්ටත් ඒකමයි වෙන්නේ (නි)

:       0       0

නිමල් ජයසිංහ Friday, 09 August 2013 08:15 PM

හැම දාම හොඳ මිලක් ගොවියාට ලැබෙනවා නම්,පාරිභෝගිකයා වන අපටත් හරි සතුටුයි. ඒවිට ගොවියන් හොඳින් වගා කටයුතු කරයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 4 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 288 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 363 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2039 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 58 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12692 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36634 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24240 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site