IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලෝක විනාශය ගැන අලුත්ම හෙළිදරව්ව

දෙදහස් දොළහ වසර ලොව පුරා මහත් ආන්දෝලනයක් අති කිරීමට සමත් වූයේ එය එළැඹෙන්නටත් වසර ගණනාවකට පෙර සිටය. ලෝක විනාශය මෙම වසරේ දෙසැම්බර් මස 21දා සිදු වනු ඇති බවට පැතිරී ගිය මතය එයට හේතුවක් විණි. ඉතින්, දැන් ඔබ අප දිවි ගෙවනුයේ අවදානම් සහිත වසර තුළය. මේ අතර එම මතය හුදු මිත්‍යාවක් යැයි කරුණු ගෙනහැර පෑමට ද බොහෝ දෙනා කටයුතු කළහ. එසේ වුවද ලෝක විනාශය පිළිබඳ වූ භීෂණාත්මක ඡායාව මානව සංහතිය තුළින් තාමත් මැකී ගොස් නැත. ඒ වග කියන්නේ ප‍්‍රබල ප‍්‍රවෘත්ති ඒජන්සියක් වන රොයිටර් පුවත් ඒජන්සිය සිදු කළ සමීක්ෂණයකිනි. එසේම අපගේ පෘථිවිය යම් දිනයක දී සැබෑවටම විනාශ වී යනවා නම් එය සිදුවන්නේ කෙසේ දැයි යන්න පිළිබඳව සජීවී පූර්ව දැනුමක් ලබා ගැනීමට ද තාරකා විද්වතුන් පිරිසකට හැකිව තිබේ. විශ්වයේ ගුප්ත ක‍්‍රියාකාරිත්වය පිළිබඳ මේ සජීවී ඇඟ කිලිපොලා යන දසුන අතිශය භීෂණාත්මක වූවකි. මුලින්ම රොයිටර් ආයතනය මගින් හෙළිදරව් වූ කරුණු වෙත සිතයොමු කළ විට පෙනීයන කරුණක් වන්නේ තවමත් ලෝකවාසී බොහෝ දෙනා 2013 වසර උදා නොවන බවට දැඩිතර විශ්වාසයකින් සිටින බවය. ලෝකයේ රටවල් 20කට වැඩි ගණනක මිනිසුන් 16,262ක් අහඹු ලෙස තෝරාගෙන සිදු කළ මේ සමීක්ෂණය හෙළිදරව් කළේ කුතුහලය දැඩි කරනා සුළු කරුණු සමුදායකි. එයට අනුව ලෝකයේ ජනගහණයෙන් 10%ක්ම විශ්වාස කරනුයේ 2012.12.21දා අවසන් වන මායාවරුන්ගේ දින දර්ශනය මගින් ලෝක විනාශය ගැන ඉඟි කර ඇති බවය. ”එය දෙවියන් අතින් සිදුවන්නක් විය හැකියි. ස්වභාවික විපත්තියක්, අභව්‍යකාශයේ සිදු වන වෙනස්කමක් ද විය හැකියි. එසේත් නැතිනම් ලෝකයේ සිදු වන දේශපාලනික උඩු යටිකුරු වීමක් වන්නටත් පුළුවනි. මේ මොනයම් ක‍්‍රමයකින් හෝ ලෝක විනාශය 2012දී සිදු වන බවයි මේ අය හිතන්නේ”, රොයිටර් වෙනුවෙන් සමීක්ෂණය මෙහෙය වූ ”ඉප් සොස් ගෝලීය මහජන ආයතනයේ” අධ්‍යක්‍ෂ කෙරන් ගොඞ්ෆ‍්‍රීඞ් පසුගියදා මාධ්‍යයට කරුණු හෙළි කළේ එලෙසිනි. රටින් රටට මේ සම්බන්ධයෙන් වූ මතය විවිධ වූ අතර ලෝක විනාශය මේ වසරේදී සිදුවෙතැයි විශ්වාස කළ බොහෝ දෙනා අඩු ආදායම්ලාභී, නිසි අධ්‍යාපනයක් නොලද, සාක්ෂාත් කර ගැනීම සඳහා දිගුකාලීන අරමුණු රහිත අය බව හෙළිවී තිබේ. ලෝකයේම මේ සම්බන්ධයෙන් ගණනකටවත් නොගත් ජාතිය වන්නේ ප‍්‍රංශ ජාතිකයන්ය. ඔවුන් අතරෙන් සියයට 6ක පමණ අඩු ප‍්‍රතිශතයක් සිය ජීවිත කාලය තුළදී ලෝක විනාශය සිදු වනු ඇතැයි විශ්වාස කරන්නෝය.  එය ඇමෙරිකාවට සාපේක්ෂව ඉතා කුඩා ප‍්‍රමාණයකි. ඇමෙරිකාවෙ 1/4ක්ම සිටිනුයෙ සිය ජීවිත කාලය තුළදී ලෝකය විනාශ වන බවට වූ මතයේය. තුර්කියේ සහ මහා බි‍්‍රතාන්‍යයේ ද තත්ත්වය එසේමය. රුසියාව සහ පෝලන්තය තුළ මේ දුර්මතය විශ්වාස කරන්නන් ඉහළ ගණනක් වාර්තා වී තිබුණි. එය 22%කි. මිනිසාගේ විශ්වාස, මතවාද, සංකල්ප කෙසේ වුවද සැබෑ ලෙස ම ලෝක විනාශය සිදු වන්නේ විශ්වීය නියාම ධර්මයන්ට අනුකූලවය. සිය දුබල බුද්ධියෙන් තමන් විශ්වීය ගණිත ගැටලූව විසඳා ඇතැයි මිනිසා සිතා සිටිය ද, විශ්වයේ සැඟවී ඇති අභිරහස් තවමත් ඇත්තේ ඔහුගේ ඥාන බුද්ධි සම්භාරයෙන් බොහෝ එපිටය. මිනිසා සතු සමතුලිත නොවූ බුද්ධිය මගින්, හදිසියේ ඇති කරවන කැළඹීමක් මගින් තමන් විසින් ම තම විනාශය කැඳවා ගනු නොලබන්නේ නම් පෘථිවියේ විනාශය සිදුවීමට නියමිතව ඇත්තේ තවත් වසර බිලියන හතරකට හෝ පහකට හෝ එපිටිනි. එවන් දිනෙක එය සිදුවන්නේ  කෙසේ ද යන්න පිළිබඳ සජීවී නිදසුනක් දැන් තාරකා භෞතික  විද්වතුනට එළිදරව් වී තිබේ. ඒ ආලෝක වර්ෂ සිය ගණනක් එපිටින් පිහිටා ඇති වයස්ගතව මියයාමට ආසන්න ධවල වාමන තාරුකා 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමගිනි. විශ්වයේ පැවැත්ම පිළිබඳ පොදු නියාම ධර්මය වන්නේ භ‍්‍රමණයයි. එසේම අධික ශක්තිය උදාසීන බවට පත් කරලනු වස් විශ්ව වස්තූන් අතර එකිනෙකා හා සිදු වන සංයෝජනය හා බිඳීයාම අනෙක් විශ්ව සාධාරණ නියාමයයි. ඉතා කුඩා පරමාණුවේ සිට මහා මන්දාකිණි පොකුරු දක්වා මේ නියාමය එක සේ බලපායි. පරමාණු සිය අසල්වැසි පරමාණුන්ගේ ඉලෙක්ට්‍රෝන ගිල දමමින් අණු බවටපත් වෙමින් හෝ අණු පරමාණු බවට බිඳෙමින් ශක්තිය හුවමාරු කර ගනිමින් උදාසීන බවට පත්වෙයි. සුවිශාල මන්දාකිණි හැසිරෙනුයේ ද ඒ අයුරිනි. හොඳම උදාහරණය අපගේ කිරි සයුර මන්දාකිනියයි. එය මෙසේ හොඳ හැටි ආරාවිත් ඇත්තේ අවට වූ කුඩා මන්දාකිණි ගිල දමමිනි. දැනටත් ධනු රාශිය කෙළවරක වූ කුඩා වාමන මන්දාකිණියක තරු සහ ග‍්‍රහලෝක වැස්සක් සේ කිරි සයුර මතපතිත වෙයි. විශ්වයේ මන්දාකිණි තැනී ඇති කුඩාම ඒකකය වන සූර්ය ග‍්‍රහ මණ්ඩලය පිළිබඳ සත්‍යතාව ද එසේමය. මේ අති උදාර සූර්යයන් ද අනියත බවේ නියාමයට ලක්ව වයසට ගොස් අයසට පත් වූ කල පත්වනුයේ ධවල වාමන තාරකාවක් බවටය. එතැනදී මෙතෙක් කලක් සිය දරුපවුලට පියෙකු මෙන් ආරක්ෂාව ද, ජීවන පැවැත්ම ද, සපයා දුන් සූර්යයා සිය ග‍්‍රහ දරුවන් එකිනෙකා ගිල දැමීම අරඹයි. අපේ විද්වතුනට සොයා ගත හැකි වූයේ එබඳු තාරකාවල හැසිරීම පිළිබඳවය. වෝර්වික් සරසවියේ තාරකා භෞතික විද්‍යාඥයන් කණ්ඩායමක් දිගුකාලීන අධ්‍යයනයක යෙදීසිටියහ. ඒ අපේ සූර්යයාගේ සිට ආලෝක වර්ෂ සිය ගණනක් එපිටින් පිහිටි ධවල වාමන තාරකාවන්ගේ වටපිටාව සහ ඒවා තැනී ඇති ආකාරය පිළිබඳවය. හබල් දුරේක්ෂයේ ආධාරයෙන් කළ මේ සමීක්ෂණයේදී ඔවුනට එබඳු තාරකා 80ක් පමණ සොයා ගන්නට ලැබුණු අතරම, මෙයින් වාර්තා වූ අපූර්වතම කාරණාව වූයේ ඒවා වටා වූ දූලි පර්වත වළාකුළු තැනී ඇත්තේ ද අපේ පෘථිවිය තැනී ඇති මූලික මූලද්‍රව්‍ය කිහිපයකින්ම බවය. විශේෂයෙන්ම පෘථිවියේ 93%ක් තැනීමට මූලික වුණු ඔක්සිජන්, මැග්නීසියම්, සිලිකන් සහ අයන් මේවායේ ඝන බහුල ලෙස අන්තර්ගත බව ඔවුහු සොයාගත්හ. එපමණක් නොව, සාමාන්‍යයෙන් පෘථිවිය බඳු භෞමික ග‍්‍රහ තලයක (Terrestrial Planets) මධ්‍යයේ අන්තර්ගතව ඇති නිකල් සහ ෂල්ෆර් මෙහි බහුලව දක්නට ලැබුණි. මේ මූලද්‍රව්‍ය ඒවායේ බර හේතුවෙන් ග‍්‍රහ ලෝක සෑදීමේදී ඒවා මධ්‍යයේ කැටි කොට රඳවා ගනු ලබන ඒවාය. අලූතෙන් සොයා ගත් ධවල වාමන තාරුකා රාශිය අතරින් 4ක් ගැන ඔවුන්ගේ සුවිශේෂී අවධානය යොමු වූ අතර, ඒවා වටා වූයේ අපේ අඟහරු සහ බ‍්‍රහස්පති අතර දක්නට ලැබෙන ගල් පර්වත වළල්ල හෙවත් ග‍්‍රාහක වළල්ල මෙන් තැනුණු සුන්බුන් රැුසකි. ඒ වන විටත් ඒ ගල් පර්වත සිය මව් තාරකාව වටා හැල්මේ දුවමින් එකිනෙකා ගැටෙමින් ¥ලි කැට වරුසාවක් බවට බිඳී යමින් පැවතිණි. එයින් එක් තාරකාවක් දෙස ඔවුන්ගේ සුවිශේෂී අවධානය යොමු වූයේ මේ අතරය. ඡුඨ 0843 ූ516 ලෙස නම් කෙරුණු එය ඒ වන විටත් සිටියේ තමන් අවට වූ සුන්බුන් දූලි කැට ගල් පර්වත ඉතා වේගයෙන් ගිල දමමිනි. ඒ තත්පරයට කිලෝග‍්‍රෑම් මිලියනයක් බඳු ලොකු අහුරු වශයෙනි. මේ තාරකා 4 වටා වූ දූලි කැට ගල් පර්වත වලාව පිළිබඳව විද්වතුන්ට සොයාගන්නට හැකි වූ තවත් අපූරු කරුණක් වූයේ ඒවායේ කාබන් අන්තර්ගත වූයේ ඉතාමත් අඩු ප‍්‍රමාණයකින් බවය. මෙවන් තත්ත්වයක් වාර්තා වී ඇත්තේ මුල්ම වතාවටය. මෙහි ඇති අපූර්වතම කරුණ වන්නේ මේ මූලද්‍රව්‍ය සංයුතිය පෘථිවිය ඇතුළු බුධ, සිකුරු, අඟහරු වැනි භෞමික ලෝක තැනී ඇති සංයුතියට ම සමාන වීමය. ඒ අනුව තමන් මේ දකිනුයේ පෘථිවියට සර්වසම ග‍්‍රහලෝක පද්ධතියක අඳුරු භීෂණකාරී අවසානය බව ඔවුහු නිගමනය කළහ. සැබැවින්ම තමන් මේ දකිනුයේ ඈත අනාගතයේදී නිසැකවම පෘථිවියේ අවසානය සිදු වන ආකාරය පිළිබඳ සජීවී විශ්වීය නිදසුනක් බව ඔවුහු වටහා ගත්හ. ආලෝක වර්ෂ සිය ගණනක් ඈතින් ඇති මෙම ධවල වාමන තාරකා ආශ‍්‍රිතව අප දකින්නේ අපේ පෘථිවියේ අනාගතය පිළිබඳ අපූරු ඡායාරුපයකි. අපේ සූර්යයා බඳු තාරකා සිය ජීවිත කාලයේ අවසානයට ළංවිමත් සමග ම ඒවායේ මධ්‍යයේ වූ න්‍යෂ්ටික ඉන්ධන ද්‍රව්‍ය අඩුවී යනවා. මේ නිසා එහි බාහිරය වූ  ද්‍රව්‍ය විසිරී යාමෙන් ප‍්‍රතිඵලය වන්නේ රතු යෝධයෙක් තවත් වසර බිලියන ගණනකදී අපේ සූර්යයා මේ තත්ත්වයට ළඟා වූ විට තමන් ආසන්නයේ වූ ග‍්‍රහලෝක එමගින් ගිලගනු ලබනවා. නිසැකවම බුධ, සිකුරු ග‍්‍රහලෝක මේ අවස්ථාවේදී හිරු විසින් ගිල දමනු ලබනවා. ඒත් පෘථිවිය එලෙස ගිල දමාවි ද යන්න ගැන තවම අපට ස්ථිරව කියන්නට නොහැක. නමුත් එක් දෙයක් ස්ථිරය. එනම් මේ රතු යෝධයාගේ බලපෑම යටතේ පෘථිවිය එකම ගිනි උඳුනක් බවට රත් වන නිසා මිහිමත ඒ වන විට කිසිදු ජීවයකට රඳා පැවැත්මට නොහැකි වේවි.” ”ඊළඟට ඇරඹෙන්නේ සූර්යයා ධවල වාමනයකු බවට හැකිලී යාමේ අවස්ථාවයි. මේ අවස්ථාව වන විට හිරුගේ ස්කන්ධය බොහෝ අඩු වී ගිහින්. ඒ නිසා තමන් වටා වූ ඉතිරි භෞමික ග‍්‍රහලෝක දෙක වන පෘථිවිය සහ අඟහරු නිසි පරිභ‍්‍රමණ තලයක රඳවා ගන්නට එය අපොහොසත් වනවා. මේ නිසා ඉතිරි වී ඇති ග‍්‍රහලෝක පිස්සු වැටුණාක් වගේ අයාලේ යන්නට ගන්නවා. ඒවා එකිනෙක හා ගැටී පුපුරා යමින්, ගල් පර්වත කොටස් වැලි දූලි වළාවක් බවට පත්වනවා. එය හරියටම අපේ සූර්යග‍්‍රහ මණ්ඩලය ඇරඹුණු මුල් දිනවල තිබූ තත්ත්වයම නැවත උදාවීමක් වගෙයි. අපේ ග‍්‍රහ මණ්ඩලයෙන් ඉතිරි වන්නේ යෝධ බ‍්‍රහස්පති පමණයි. බ‍්‍රහස්පති එසේ ඉතිරි වනවා පමණක් නොවෙයි, පෘථිවිය සහ අඟහරු ගැටී බිඳී යාමෙන් තැනුණු ගල් පර්වත කැබලිත් කලින් තිබූ ඇස්ටරොයිඩ (ග‍්‍රාහක) පථයේ සාමාජිකයනුත් ධවල වාමනයා වෙත විසිකර දමන්නට උපකාරී වන්නේ බ‍්‍රහස්පතියි. අපේ ග‍්‍රහලෝකයේ අවසානය ගැන ලියැවී ඇත්තේ එබඳු කතාවක්. ඒ කතාව දැන් ඇත්තෙන්ම අපේ ඇස් පනා පිට සජීවීව රඟ දැක්වෙනවා. ඒ ඡුඨ 0843 ූ516 ධවල වාමන තාරකාව අසලයි. මේ දීර්ඝ විස්තරය ඉදිරිපත් කරනුයේ ඉහත ධවල වාමන තාරකා සොයා සිදු කළ සමීක්ෂණයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ වෝර්වික් සරසවියේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය බොරිස් ෆැන්සික් විසිනි. ඔවුන්ගේ සොයා ගැනීම පිළිබඳ විස්තර වාර්තාව රාජකීය තාරකා විද්‍යා සංගමයේ මාසික වාර්තාවක පසුගියදා පළ කර තිබුණි. අපේ සූර්යයා රතු යෝධයකු බවට පත්වීම පිළිබඳ මහාචාර්ය බොරිස්ගේ විග‍්‍රහය සලකා බලන විට අපේ පැරැුණ්නන් ලෝක විනාශය ගැන කියා තිබූ ”ලෝකාවසානයේ දී හිරු හතක් පායනු ඇත” යන ප‍්‍රකාශය ද අපේ කාලයේ විශිෂ්ටතම අනාගත වක්තෘවරයා වන නොස්ට‍්‍රඩාමුස් ඉදිරිපත් කර තිබූ ”අහසින් ගිනි වැසි වසිනු ඇත” යන ප‍්‍රකාශය ද නිබඳව සිහියට නැංවේ. එසේම ඉපදීම වයසට යාම සහ මරණය යන විශ්ව සාධාරණ චක‍්‍රයක්, ජීවිතයක අවසානයේ දී නැවතත් ජීවිතයේ මුල් අවස්ථාව බඳු අබල දුබල අස්ථාවර තත්ත්වයකට මිනිසුන් පත්වීමත් අපට අමතක කළ නොහේ. මේ විශ්ව සාධාරණ චක‍්‍රයට අප හානි නොකරනතාක් කල් ලෝක විනාශය මහාචාර්ය බොරිස් ඇතුළු පිරිස පෙන්වා දෙන ආකාරයට තවත් වසර බිලියන ගණනක් ඈත දිනයකදී සිදු වනු ඇතැයි සිතා අපට සැනසුම් සුසුම් හෙළිය හැකිව තිබේ. එසේ වුව ද මිනිසාගේ අත්තනෝමතික නොසංසිඳුණු ආශා ප‍්‍රවාහය හේතුවෙන් මිහිමතින් ජිවය වඳ වී යාමේ අවසන් දිනය ඊටත් වඩා මෑතකදී සිදු විය හැකි බවට ඉදිරිපත්ව ඇති වාර්තා ද බොහොමයකි. තවමත් මිනිසා හරි හැටි හඳුනා නොගත් විශ්ව තලයේ සැඟවුණු අභිරහස් තර්ජන ද නැතුවා නොවේ. එහෙයින් ලෝකය සහමුලින්ම අනතුරින් මිදී ඇතැයි සතුටු වීමට තරම් ස්ථිරසාර හේතු කාරණා තවමත් ඉදිරිපත්ව නැති බව අප සිහියට නගා ගත යුතුව තිබේ.” 'Science and Technology' නවතම සඟරාවේ පළවූ ලිපියකි.



අදහස් (0)

ලෝක විනාශය ගැන අලුත්ම හෙළිදරව්ව

සමන්ත Friday, 21 December 2012 03:34 PM

ලෝක විනාශය නම් සිද්ධ වෙනවා තමයි. හැබැයි අද හෙට නම් නෙමෙයි. (නි)

:       0       0

පියන්ත Thursday, 20 December 2012 11:42 AM

විනාශ නොවි තිබුනොන් ලොකු දෙයක්..කරන වැඩවලට.(ස)

:       0       0

සරත් Wednesday, 19 December 2012 05:37 PM

දැන්ම ලෝක විනාශය වෙන්නෙ නැහැ. ඒක බොරුවක්. (නි)

:       0       0

චමිලා Thursday, 20 December 2012 12:39 PM

දේශපාලුවෝ කරන විනාසේ දැක්කහම අපිට නම් ලෝක විනාශය අලුත් දෙයක් නෙමෙයි. (නි)

:       0       11

ප්‍රනාන්දු Wednesday, 19 December 2012 11:47 AM

අනේ මන්දා ඕන දෙයක් වෙච්චාවේ කියලා බලාගෙන ඉන්නවා (ස)

:       0       0

ජයවර්ධන Friday, 21 December 2012 01:44 PM

කවදා හෝ මේ ලෝකය විනාශ‍ වෙනවා හැබැයි 12/12/21 නම් නෙමෙයි..!(නු)

:       0       0

අමත් Thursday, 20 December 2012 05:03 AM

ලෝක විනාසේ කිය කිය වෙන්නේ නෑ (ස)

:       3       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1251 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 252 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2186 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1221 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 658 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 443 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site