IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලෝක විනාශ කතාව අලි බොරුවක්

ලෝක විනාශයක් ගැන තව අවුරුදු කෝටි 400කින් මෙපිට සිතිය නොහැකි බව ඇමෙරිකාවේ ගගන හා අජටාකාශ ආයතනය (නාසා) කියයි. ප්‍රශ්නය - ලොව පුරා බොහෝ මාධ්‍ය කියනුයේ 2012 දෙසැම්බරයේ ලෝක විනාශය වන බවයි. 2012 දී මිහිකතට තර්ජනයක් තිබේද? පිළිතුර - ‘2012 ලෝකය අවසන් වන්නේ නැහැ. අපේ ග්‍රහලෝකය හොඳට තිබෙනවා. තවත් වසර කෝටි 400ක් පමණ හොඳින් සිටීවි. ලොව පුරා විද්‍යාඥයන් කියන්නේ 2012 ලෝකයේ අවසානයක් නොවන බවයි. ‘ ලොව 2012 දී අවසන් වන බවට අනාවැකි කීමේ ආරම්භය කුමක්ද? ‘සුමේරියන්වරුන් විසින් සොයා ගත්තැයි කියන මිබිරු ග්‍රහලෝකයක් පොළොව දෙසට එනවා යැයි කියන කතාවෙන් තමයි එය පටන් ගත්තේ. 2003 මැයි මාසයේදී මේ ව්‍යසනය සිදු වන බව මුලින් කිව්වා. නමුත් කිසිවක් සිදු වූයේ නෑ. දැන් ලෝක විනාශය 2012 දෙසැම්බර්වලට කල් දාලා. පුරාණ මායා කැලැන්ඩරයක් ඒකකට ඇඳාගෙන තිබෙනවා. ඔවුන්ගේ කැලැන්ඩරයේ දක්ෂිනායතනයේ අවසානයේ ඊට සම්බන්ධ කරගෙන ලෝක විනාශය 2012 දෙසැම්බර් 21 වැනිදා සිදුවෙනවායැයි අනාවැකි . ‘ මායා කැලැන්ඩරය 2012 දෙසැම්බරයෙන් අවසන් වෙනවාද? ‘ඔබේ කුස්සියේ එල්ලා ඇති කැලැන්ඩරයත් දෙසැම්බර 31 වැනිදායින් පස්සේ අවසන් වන්නේ නෑ. මායා කැලැන්ඩරයත් 2012 දැසැම්බර් 21 වැනිදායින් අවසන් වන්නේ නැහැ. මේ දිනය තබාගෙන ඇත්තේ ඔවුන්ගේ දීර්ඝ ගණනයක අවසන් දිනය වශයෙනි. ඔබේ කැලැන්ඩරය යළි ජනවාරි පළවැනිදායින් ඇරඹෙනවා සේම මයා කැලැන්ඩරය තවත් දීර්ඝ ගණනයක් ආරම්භ වෙනවා.‘ දෙසැම්බර 23 සිට 25 දක්වා පොළොව පූර්ණ අඳුරු වීමක් වෙනවායැයි නාසා ආයතනය කියනවා ද? ‘කිසිසේත්ම නැහැ. නාසා හෝ වෙනත් විද්‍යාත්මක ආයතනයක් එසේ කියා නෑ. මේ බොරු වාර්තාවට පාධක වී ඇත්තේ ‘විශ්වයේ ග්‍රහලෝක එක පෙළට ‘ එතියි කියන කතාවක්. එහෙම දෙයක් නැහැ. එය කටකතාවක් විතරයි. මේ කටකතාවෙම තව කොටසක් වනුයේ නාසා පරිපාලක චාල්ස් ගෝල්ඩන්ගේ පණිවුඩයක්. ක්ෂණික සූදානමක් ගැන ඔහු  දුන් පණිවුඩය එයට පටලවා ගෙන තිබෙනවා. ඔහු එම පණිවුඩය නිකුත් කළේ හදිසි අවස්ථාවකදී සූදානමින් සිටීමේ අවස්ථාවය ගැන අවබෝධයක් ලබා දීමටයි. එය රජයේ පුළුල් වැඩ පිළිවෙලක කොටසක්. පොළොවේ අඳුරුවීමක් ගැන එහි කිසිදු තැනක සඳහනක් නෑ. ‘ පොළොවට බලපෑමක් ඇතිවන පරිදි ග්‍රහලෝක එක පෙළට සිටිය හැකිද? ‘මීළඟ දශක කිහිපයකදී එවැන්නක් සිදුවන්නේ නෑ. එවැනි දෙයක් සිදු වුවත් එයින් පොළොවට ඇති බලපෑම ඉතාම සුළුයි. ගණන් ගත යුතු තත්ත්වයක් නොවෙයි. එක පෙළට පිහිටි එවැනි ප්‍රධාන අවස්ථාවක් 1962 සිදි වුණා. 1982 දී හා 2000දිත් සිදු වුණා. හැම දෙසැම්බරයේදීම පොළොව හා සූර්යා එක පෙළට සිටිනවා. එහි ආසන්න කේන්ද්‍රය ක්ෂිරපථයයි. එය වසරකට වරක් සිදුවන දෙයක්. එහි කිසිම බලපෑමක් නෑ.‘ ග්‍රහලෝකයක් හෝ මිබිරු නම් දුඹුරු අඟුටු මිට්ටකු හෝ එක්ස් ග්‍රහලෝකයක් හෝ ඊරිස් ග්‍රහලෝකයක් අපේ පොළොවට ළඟා වෙනවාද? එයින් අපේ ග්‍රහලෝකයට මහා විනාශයක් වෙනවා ද? ‘මිබිරු හා වෙනත් කතා, ග්‍රහලෝක අන්තර්ජාල ප්‍රෝඩාවක්. මේ කතාවලට කිසි පදනමක් නෑ. නිබිරු හෝ එක්ස් නම් ග්‍රහලෝකය සැබැවින්ම පොළොවේ ගැටීමට එනවානම් අපේ තාරකා විද්‍යාඥයන් පසුගිය දශකයේදී ඒ ගමන් මග ගැන සොයනවා. මේ වන විට එය පියවි ඇහැටත් පෙනිය යුතුයි. පැහැදිලිවම එවැන්නක් නැහැ. ඊරිස් සැබෑ ග්‍රහයෙක්. අඟුටුමිටි ග්‍රහයෙක්. හරියට ප්ලූටෝ වගේ. ප්ලූටෝ සූර්ය මණ්ඩලයෙන් පිටත සිටින ග්‍රහයෙක්. එම ග්‍රහයාට පොළොවට සමීප විය හැක්කේ  සැතපුම් කෝටි 400ක දුරින් පමණයි. ද්‍රැව පෙදෙස් එහා මෙහා වීමේ න්‍යාය යනු කුමක්ද? පෘථිවි පෘෂ්ඨය එහි මධ්‍යය වටා අංශක 180ක් දවස් කිහිපයකින් හෝ පැය කිහිපයටකින් කැර කෙනවාද? ‘පොළොව කැරකීමේ විපර්යාසයක් විය හැකියි. මහාද්වීප මංදගාමී චලන වෙනවා. නිදසුනක් වශයෙන් වසර දස ලක්ෂ ගණනකට පෙර ඇන්ටාටිකාව තිබුණේ නිරක්ෂය සමීපයේ. නමුත් ද්‍රැව භ්‍රමණයේ ආපසු හැරීමක් වෙතියි කීම අදාළ කාරණයක් නොවේ. බොහෝ වෙබ් අඩවි මිනිසුන්ගේ ඇස්වලට වැලි ගහනවා. භ්‍රමණය හා ප්‍රථිවි ද්‍රැවයේ චුම්භකත්වය අතර සම්බන්ධයක් ඇති බව කියනවා. එය හැම වසර හාර ලක්ෂයකට වරක් චුම්භක විපර්යාසයක් වෙනවා. එවැනි චුම්භක විපර්යාසයකින් පොළොවේ ජීවීන්ට කිසිම හානියක් සිදුවන්නේ නැහැ. ඊ ළඟ සහශ්‍රක කිහිපයේ දී චුම්භක විපර්යාසයක් සිදු නොවීමට බෙහෙවින්ම ඉඩ තිබෙන බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. 2012 දී උල්කාපාතයක් වැදී පොළොවට අනතුරක් වේවිද? ‘වල්ගාතරු කුඩා ග්‍රහයන් නිතරම වාගේ පො‍ළොවේ වදිනවා. විශාල වැදීම් සිදුවන්නේ කලාතුරකින්. අන්තිම වරට එවැනි විශාල වැදීමක් සිදුවූයේ වසර කෝටි හය හමාරකට කළින්. ඩයිනෝසරයන් වඳවී ගියේ ඉන් පසුවයි. නාසා තාරකා විද්‍යාඥයන් දැන් අජටාකාශ ආරක්ෂක සෝදිසියක් කරගෙන යනවා. කිසියම් ලොකු  ග්‍රාහකයක් පොළොවට වදින්නට පෙර ඒ ගැන සොයා ගන්නයි එසේ කරන්නේ. ඩයිනෝසරයන් මරා දැමුණු තරමේ ග්‍රාහකයක් පොළොවේ වැදීමේ තර්ජනයක් නැති බව අපේ නිගමනයයි. මේ සියලු දේ කරන්නේ විවෘත ලෙසයි. ඕනෑ කෙනෙකුට අපේ වෙබ් අඩවියෙන් බලා ගත හැකියි. ඒ අනුව 2012 දී පොළොවේ කිසිවක් නොවදින බව අප කියා තිබෙනවා.‘ 2012 ලෝක විනාශය වෙතියි කියන කතාව ගැන නාසා විද්‍යාඥයන් හිතන්නේ කොහොමද? ‘2012 දී විනාශයක් හෝ වෙනත් දෙයක් වෙතියි කියන කතාවල විද්‍යාත්මක පදනම කොතැනද? කෝ සාක්කි? කිසිම සාක්කියක් නැත. ඔක්කොම ප්‍රබන්ධ පමණයි. හිතලු පමණයි. ඒවා පොත්වල ලියා තිබුණත්, චිත්‍රපටවලින් කීවත්, අන්තර්ජාලයේ පල කළත් අපට එක් සරල කාරණයක් වෙනස් කළ නොහැකියි. 2012 දෙසැම්බරයේ අස්වාභාවික කිසිම සිද්ධියකින් පොළොවට බලපෑමක් ඇති කරන බවට පිළි ගත හැකි කිසිම සාක්කියක් නෑ. 2012 දී දැවැන්ත සූර්ය කුණාටුවකින් තර්ජනයක් වෙයිද? සූර්යය ක්‍රියාකාරිත්වය ක්‍රමානුකූල චක්‍රයකයි ගමන් කරන්නේ. දළ වශයෙන් වසර 11කට වරක් එහ උච්ච වෙනවා. සූර්ය ගිනි දැල් වලින් චන්ද්‍රිකා සන්නිවේධනයට යම් බාධාවක් විය හැකියි. සූර්ය කුණාටු වලින් ආරක්ෂාවීමේ ඉලෙට්‍රොණික උපකරණ ගොඩ නැගිය යුතු ආකාරය අපේ ඉන්ජිනේරුවන් දැන් ඉගෙන ගන්නවා. නමුත් 2012දී විශේෂ අනතුරක් සූර්යාගෙන් සිදු වන්නේ නැහැ. ඊළඟ සූර්ය කුණාටුව 2012-2014 වකවානුවේදී සිදුවිය හැකි යැයි පැවසෙනවා. නමුත් එය සාමාන්‍ය සූර්ය කුණාටුවක්. එය ඉතිහාසයේ පැවති පෙර කුණාටුවලට වඩා වෙනසක් ඇත්තේ නැහැ.



අදහස් (0)

ලෝක විනාශ කතාව අලි බොරුවක්

රනා Saturday, 15 December 2012 01:12 PM

මිනිස්සු රවටන කතා (දී)

:       0       0

සිතාර Tuesday, 18 December 2012 09:32 AM

මේ වගේ බොරු කියන අයට යහපතක් නොවේවා (ස)

:       0       0

ජනක Saturday, 15 December 2012 03:01 PM

අලි නෙමෙයි මහා බොරුවක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 16 0

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 444 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 337 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 639 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1268 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 568 1

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site