IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘ලෝක විනාසෙට තව වසර කෝටි පන්සියයක් යාවි ‘

ලෝක විනාශය පිළිබඳ කතාන්තරය කරළියට එන්නේ ඬේ ආෆ්ටර් ටුමාරෝ නමැති චිත‍්‍රපටියෙනි. එයට පසුබිම් වූයේ අතීතයේ පෘථිවිය මත විශිෂ්ඨ ශිෂ්ඨාචාරයක් ගොඩනැංවූ මායා වරුන්ගේ දින දර්ශනයකි. ටෝටුගුයිරෝහි මායාවරුන්ගේ දේවස්ථානයක තිබී හමුවූ ශිලා ලේඛණයක සඳහන් කැලැන්ඩරයක් 2012 දෙසැම්බර් මස 21 වැනි දිනයෙන් අවසන් වීම එයට පසුබිම් වී තිබිණි. කැලැන්ඩරය එම දිනයෙන් අවසන් වීමට හේතුව එහි ලෝක විනාශය පිළිබඳ අනාවැකියක් සටහන්ව තිබීමයැයි අනාගත වාක්‍යකරුවන් විසින් ප‍්‍රකාශ කිරීමත් සමග ඒ පිළිබඳ ලොව පුරා මහත් ආන්දෝලනයක් හටගෙන තිබිණි. මායාවරුන්ගේ දින දර්ශනය එම දිනයෙන් පසුව දක්නට නොලැබෙන්නේ ලෝකය විනාශවීම හේතුවෙන් යැයි යන මතය චිත‍්‍රපටයත් සමගම ලෝකය පුරා ප‍්‍රචලිත වන්නට වූයේ මේ කතාව සත්‍යයක් යැයි මිනිසුන්ගේ සිත්තුළ කිඳා බස්සවමිනි. විටින් විට සිදුවූ ස්වභාවික විපත් ද ලෝක විනාශයක් ළග එන බවට වූ පෙරනිමිති යැයි බහුතරයකගේ මතය වී තිබිණි. විවිධ ආගම් අදහන්නෝ ද , නක්ෂත‍්‍ර කරුවෝ ද මේ පිළිබඳ බොහෝ අනාවැකි කිවූහ. නක්ෂත‍්‍රය හා ගුප්ත විද්‍යාව විශ්වාස කරන බොහෝ දෙනාගේ මතය වූයේ 2012 දෙසැම්බර් මස 21 වැනි දින ස්ථිර වශයෙන්ම ලෝක විනාශය සිදුවන බවයි. මෙවැනි මත ප‍්‍රචාරය වීමත් සමගම බොහෝ දෙනකු තම සාමාන්‍ය ජීවිතයෙන් ඈත් සිටි ආකාරයද දක්නට ලැබිණි. ඇතැම් පාසල් ගුරුවරු පවා ලෝක විනාශය ගැන තම සිසුන් දැනුම්වත් කරමින් ලෝකය විනාශවන බැවින් අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙස නොවිය යුතු බව ද පැවසූහ. ලෝක විනාශය පිළිබඳ ලොව පුරා පොත් පත් දහස් ගණනක් ලියැවුණු අතර එය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වෙමින් පිටපත් ලක්ෂ ගණනක් අළෙවි වන්නට විය. සෑම දෙනකුගේම මුවග රැඳුනේ ලෝක විනාශයක් සිදුවනවා ද නැද්ද යන ගැටඑව පිළිබඳ විටින් විට ඇතිවන මතවාදයන්ය. ලොව පුරා කි‍්‍රයාත්මක වෙබ් අඩවි සිය ගණනක ද මේ පිළිබඳ විවිධ මතවාද ප‍්‍රචාරය වන්නට විය. ඇතැම් ආගමික වෙබ් අඩවි වල ලෝක විනාශයේදී ජීවිතය ආරක්ෂා කැර ගැනීමේ හැකියාව පිළිබඳ ව ද මත පළවී තිබිණි. ලෝක විනාශය පිළිබඳ කතාන්තරය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේ එවැනි පසුබිමක් නිර්මාණය කරමිනි. මුළු ලෝකයම භියෙන් සළිත කැර 2012 ලෝක විනාශය පිළිබඳ අනාවැකිය අසත්‍යයක් බවත් මායාවරුන් 2012 දී ලොව ආරම්භවන නව පරිච්ඡෙදයක් පිළිබඳ පවසා ඇති බවත් ජර්මන් විද්‍යාඥයකු වූ ස්වේන් ග්‍රොනමෙයර් පවසයි. ඔහු ඇතුළු පර්යේෂක කණ්ඩායම පවසන්නේ මෙය හුදෙක් සංකේතාත්මක දිනයක් පමණක් බවයි. අනාගත වාක්‍යකරුවන් පවසන්නේ මායාවරුන්ගේ සටහනට අනුව සූර්යයාත් පෘථිවියත් අසළින් ගමන් ගන්නා ග‍්‍රහවස්තුවක් පොළොවේ ගැටීමෙන් සමස්ථ ලෝකයම විනාශ වී යන බවයි. ග්‍රොනමෙයර් පවසන්නේ ආනගත වාක්‍ය කරුවන් විසින් මායා දිනදර්ශනය හෙවත් දේවස්ථානයෙන් හමුවූ ශිලා ලේඛණය වැරදි ලෙස වටහාගෙන ඇති බවයි. මායාවරුන්ගේ ඇස්ටෙක් දින දර්ශනය 2012 දසැම්බර් මස 21 වන දිනයෙන් අවසන් වීම හේතුවෙන් ලෝකය විනාශය සිදුවනවායැයි මත ප‍්‍රකාශ කැර ඇතත් සැබැවින්ම සිදුවන්නේ ලෝකයේ නව පරිච්ඡේදයක් ආරම්භ වන බව ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි බව ඒ පිළිබඳ දීර්ඝ පර්යේෂණයක නිරත වූ ග්‍රොනමෙයර් පවසයි. ශිලා ලේඛණයේ කොටසක් කැඞී ගොස් ඇතිඅතර එම ස්ථානයේ අවසානයට සටහන් කැර ඇති කොටස කියවිය නොහැකි බව ද ග්‍රොනමෙයර් පෙන්වාදෙයි. දැනට කියවිය හැකි කොටසේ කිසිදු ආකාරයක ලෝක විනාශයක් හෝ එවැන්නක් සිදුවන දිනයක් හෝ සඳහන් නොවන බව ද ඔහු සනාථ කැර තිබේ. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීවේය. ’’ මායාවරුන්ගේ මෙවලම මම තේරුම්ගත් ආකාරයට 2012 දෙසැම්බර් මාසයේ නව යුගයක සංක‍්‍රමණයක් එහි දක්වා තිබෙනවා. එය මායා වරුන්ගේ දේව විශ්වාසයක් පමණයි. මෙය ලෝකයේ අවසානයයැයි බිය වියයුතු කාරණයක් නොවෙයි. මේ ශිලා ලේඛණයේ පැහැදිලි කරන්නේ ගුප්ත මායා දෙවියකු වූ බොලොන් යොක්ටෙගේ නැවත පැමිණීම යැයි මම තේරුම් ගත්තා. 13 වැනි සියවසේ අග භාගයේදී බක්ටුන්ස් ලෙස හඳුන්වනු ලැබූ මේ දෙවියන් 2012 දෙසැම්බර් මස 21 හෝ ආසන්න දිනයක නැවත පැමිණෙන බව මෙහි සටහන් කැර තිබෙනවා. ’’ මායාවරු 13 ඉලක්කම පූජනීය ඉලක්කමක් ලෙස සලකන බැවින් 2012 දොළොස්වැනි මාසය විශේෂිත ලෙස සළකන්නට ඇති බව ද ඔහු පවසා තිබේ. වසර 1300 ට පෙර සකස් කැර ඇති මෙම ශිලා ලේඛණය සඳහන් ගල් පුවරුව මේ වනවිට ඉරිතලාගොස් තිබේ. මේ නිසාම එහි අවසන් පරිච්ඡේදය කියවීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. මායාවරුන්ගේ දීර්ඝ ගණනය කිරීමේ දින දර්ශනය ආරම්භය සිදුවන්නේ කි‍්‍රස්තු පූර්ව 3113 දීය. එතැන් පටන් වර්ෂ 2012 දක්වා වසර 5125 ක චක‍්‍රයක් මේ ශිලා ලිපියෙන් පෙන්වාදෙයි. මෙහි කැඞීගිය කොටසේ සඳහන් වන්නේ එකළ පාලකයාව සිටි බහ්ලාම් අජවු ගේ අනාගත වාක්‍යයකි. මේ පාලකයාට අවශ්‍ය වූයේ දෙවියන්ගේ ගමන් මග සැළසුම් කිරීමටයි.  ඒ වෙනුවේන භූමියක් සකස් කිරීමට ද අවශ්‍යව තිබී ඇත. එමෙන්ම දෙවියන් ප‍්‍රවේශවන මොහොතේදී ආගන්තුක සත්කාර කිරීමේ කාර්යය බහ්ලාම් අජවු හට හිමිව තිබූ බවද මේ කැඞී ගිය කොටසේ දැක්වේ. මැවීමේ සහ යුද්ධයේ දෙවියන් ලෙස පිළිගැනෙන බොලොන් යොක්වේ ටෝටුගුරෝහි පූජ්‍යස්ථායක දී එම දිනයේ ජය හිමිකරගන්නා බව ද එම දිනයට ඇත්තේ සංකේතාත්මක අගයක් පමණක් බව ද මෙම ශිලා ලේඛණයේ දක්වා තිබේ. එම දිනයට ඇත්තේ ද සංකේතාත්මක අගයක් පමණි. කෙසේ වෙතත් එය දෙවියන්ගේ මාර්ගය මිස මනුෂ්‍ය වර්ගයාගේ විශාල පිම්මක් ලෙස ද හැඳින්වීමේ හැකියාවක් නැත. මෙක්සිකෝවේ මානව විද්‍යාව පිළිබඳ ආයතනය පවසන්නේ පසුගිය සතියේ ටෝටුගෙරේ වැඩබිම ආසන්නයේ කොමැල්කොල්කෝ නටඹුන් අතරින් තවත් ශිලා ලිපියක් හමුවූ බවයි. ගලක අඹන ලද එහි මුහුණක් කැටයම් කැර තිබූ බවත් එම මුහුණේ 2012 සඳහන් කැර තිබූ බවත් ඔවුන් පවසා තිබේ. ඔවුන් පවසන මේ ලිපිය ආයතනයේ සුරක්ෂිතව ඇතැයි කීව ද ප‍්‍රදර්ශනය කරන්නේ නැත. දෙවන සෙල්ලිපියේද ලෝකයේ අවසානය සිදුවන දිනය හෝ එම විනාශය පිළිබඳ ව හෝ කිසිදු වාක්‍යයක් නොමැත. විශේෂඥයන් පවසන්නේ දෙවන ශිලා ලිපිය ගැන පැවසීමෙන් 2012 හෙළිදරව්ව පළවාහැරීමට උත්සාහ ගෙන ඇති බවයි. මෙලෙස මත ප‍්‍රකාශ වෙද්දී සිදුවූ එකම දෙයනම් ප්ලැන්ක්‍යු හි ග්‍රොනමෙයර් තම මතය ප‍්‍රකාශ කළ ස්ථානයේම මායා මතය පිළිබඳ වියාර්ථීන් රැස්වී විශේෂ වට මේස සාකච්ඡාවක් පැවැත්වීමයි. මෙහිදී ග්‍රොනමෙයර් පවසන තවත් වැදගත් කරුණක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඔහු පෙන්වාදෙන්නේ මායා වරු කැලැන්ඩරය සාදා ඇත්තේ කි‍්‍රස්තු පූර්ව 3113 දී බවයි. එතරම් ඈත අතීතයකදී අද නූතනයේ භාවිතා කරන දින සහ මාස ක‍්‍රමය භාවිතයේ නොතිබූ බව පැහැදිලි සත්‍යයකි. එසේනම් මායා වරුන් ලෝක විනාශය සිදුවනවායැයි කියූ දිනය නූතන කැලැන්ඩරයේ 2012 දෙසැම්බර් 21 වැනි දිනට ගලපන්නේ කෙසේ ද යන්න පිළිබඳ ලෝකය විනාශ වන බව කියූ කිසිවෙකුට සාධාරණ තර්කයක් නැත. ලෝක විනාශය විශ්වාස කරන්නන් පවසන්නේ දෙසැම්බර් 21 වැනිදා ගි‍්‍රනිච් වේලාවෙන් දවල් 11.11 ට නැතිනම් ලංකාවේ වේලාවෙන් සවස 4.14 ට ලෝකය විනාශවී යන බවයි. ලොව මෙතෙක් බිහිවූ කිසිදු අයකු අනාගතයේ සිදුවන ස්වභාවික විපතක් ගැන ස්ථිරව අනාවැකි කීමට සමත්වී නැත. ලොව පුරා විද්‍යාත්මක පර්යේෂකයන්, තාරකා විද්‍යාඥයන් පවසන්නේ මේ ලෝක විනාශ කතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. මායාවරුන්ගේ පැරණි ශිෂ්ඨාචාරය ගොඩනැගූවන්ගෙන් පැවතෙන ගෝති‍්‍රක ජනතාවක් තවමත් මෙක්සිකෝවේ ජීවත්වෙති. ‘‘ පිලිප් ගෝමස් ’’ නමැති නායකයා යටතේ සංවිධානය වී සිටින මෙම ගෝති‍්‍රක ජනතාව තම අතීත මුතුන් මිත්තන් විසින් ගොඩනැගූ කැලැන්ඩරයට දෙසැම්බර් 21 වැනි දින අවසන් වන බව පැවසුව ද එදින ලෝක විනාශයක් වන බවක් පවසන්නේ නැත.  වත්මන් මායා වරුන්ගේ මතය ද දෙසැසම්බර් 21 වැනි දිනට පසු නව වර්ෂයක් සමග නව යුගකට දොරගුඑ විවරවන බවයි. ගෝති‍්‍රක ජනතාව පවසන්නේ මෙය මුදල් සොයන ව්‍යාපාරිකයන් විසින් ගොඩනැගූ ගතාන්තරයක් බවයි. චිත‍්‍රපට, පොත්පත් ලක්ෂ ගණනින් අළෙවි කරන්නේත් ලෝක විනාශයෙන් බේරීමට පොළොව යට ගොඩනැගිලි තනා අළෙවි කරන්නේත් මෙම ව්‍යාපාරිකයන් විසිනි. නිබ්‍රෝ නමින් හැඳින්වෙන ග‍්‍රහකයක් පැමිනණ පෘථිවියේ ගැටීමෙන් ලෝක විනාශය සිදුවන බව ඒ පිළිබඳ ප‍්‍රචාරය ගෙන යන්නන්ගේ මතය වී තිබේ. තාරකා විද්‍යාඥයන් පවසන්නේ එවැනි අවධානමකට තවමත් පෘථිවිය මුහුණ දී නොමැති බවයි. කුඩා ටෙනිස් බෝලයක් තරමේ ග‍්‍රහකයක් වුව ද පෘථිවිය දෙසට ඇදී එන්නේනම් හඳුනාගත හැකි තරමට සංවේදී දුරේක්ෂයන් ඇති මෙවැනි යුගයක සෞරග‍්‍රහ මණ්ඩලයට ඇතුළුවී පෘථිවිය දෙසට එමින් තිබෙන්නා වූ ග‍්‍රහකයක් මෙතෙක් වාර්තාවී නොමැති බව තාරකා විද්‍යාඥයෝ පවසති. එවැනි ග‍්‍රහකයක් පැමිණෙන්නේනම් සෞරග‍්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග‍්‍රහලෝකයන්හි කක්ෂය ද වරින් වර වෙනස් විය යුතු බව ද එවැනි වෙනසක් කිසිදු ආකාරයකින් මේ දක්වාම නිරීක්ෂණය කැර නොමැති බව ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. ලෝක විනාශය සිදුවනවායැයි පවසන තවත් පිරිසකගේ මතය වී ඇත්තේ සූර්ය කුණාටුවක් හේතුවෙන් දෙැසම්බර් 21 වැනිදා ලෝකය වැනසෙන බවයි. සූර්ය කුණාටු ඇතිවීම අරුමයක් නොවේ. ආසන්න වශයෙන් සෑම වර්ෂ 11 ට ම වරක් සූර්ය කුණාටු ඇතිවී පෘථිව චුම්භක ක්ෂේත‍්‍රයට යම් බලපෑමක් සිදුවේ. යළිත් එවැනි සූර්ය කුණාටු ඇතිවීමට ඉඩ ඇත්තේ 2013 වර්ෂයේදීය. තවත් මතයක් වන්නේ පෘථිවි ගෝලය කැරකෙන දිශාව මාරුවන බවයි. පෘථිවිය බිහිවූ වසර කෝටි 45 ක අතීතයේ එවැනි කිසිදු දෙයක් වාර්තා වී නැත. පසුගියදා අන්තර්ජාලය ඔස්සේ වැඩි ප‍්‍රචාරයක් ලැබුණු තවත් මතයකින් කියැවෙන්නේ 2012 දෙසැම්බර් මස 21 වැනිදා විශ්වයේ සුවිශේෂී පිහිටීමක් හේතුවෙන් දින තුනක කාලයකට පෘථිවියට සූර්යාලෝකය නොලැබී යන බවයි. හිරු පෘතිවිය ඇතුළු සියලූ ග‍්‍රහලෝක එකම සරළ රේඛාවක් දිගේ පිහිටීම හේතුවෙන් මෙය සිදුවන බවද ඔවුහු පවසති. මෙම ප‍්‍රචාරය සිදුකරන්නන් ඒ සඳහා ඇමෙරිකාවේ නාසා ආයතනය ද ඈදාගෙන තිබේ. දෙසැම්බර් මාසයේ 22, 23 හා 24 වැනි දින තුන ලෝකයම අඳුරේ ගිලී යන බැවින් එම කාලයේ නිවෙස් වලින් බැහැරව නොයන ලෙස ද මෙම විද්‍යුත් පණිවිඩය මගින් අනුතුරු අගවා තිබේ. එමෙන්ම එහි කියා ඇත්තේ දුරකථන, අන්තර්ජාල ඇතුළු සියළුම සන්නිවේදන සම්බන්ධතා ද බිඳ වැටෙන බවයි. නාසා ආයතනය මේ ආකාරයේ කිසිදු අනාවැකියක් පළ කර නොමැත. දෙසැම්බර් මාසයේ අප ජීවත්වන පෘථිවිය ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය අයත්වන ක්ෂීරපථයේ යම් කිසි විශේෂ සිදුවීමක් වන බවනම් තාරකා විද්‍යාඥයෝ පිළිගනිති. ක්ෂීරපථයේ කේන්ද්‍රය හරහා සූර්යයා සිය ග‍්‍රහකයන් ද රැගෙන ගමන් කරන බවක් පෙනී යන්නේයැයි තාරකා විද්‍යාඥයෝ පවසති. නමුත් ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එය ද දෘෂ්ඨි මායාවක් පමණක් බවයි. පෘථිවියේ සිට බලනවිට අපගේ ගැලැක්සියේ කේන්ද්‍රය හරහා සූර්යයා ගමන් කරන ආකාරයක් පෙනී යයි. එහෙත් එය සැබැවින්ම සිදුවන්නක් නොවේ. සිදුවන්නේ පෘථිවියත්, සූර්යයාත්, ගැලක්සියේ කේන්ද්‍රයත් එක පෙළෙට පිහිටීමයි. අප ජීවත්වන ගැලක්සිය වන ක්ෂීරපථයේ කේන්ද්‍රයේ විශාල කළු කුහරයක් පිහිටා තිබේ. කළු කුහරයක් යනු තවමත් සියයට සියයක් පැහැදිලි කිරීමක් සිදුකැර නැති සංසිද්ධියකි. එවැනි ස්ථානයකට සූර්යයා ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය ලගා වුවහොත් සිදුවන්නේ කුමක් දැයි අනාවැකි කීමට හැකියාවක් නැත. නාසා ආයතනය පවසන ආකාරයට විශ්වයේ දැනට සූර්යයා පිහිටා ඇති ස්ථානයේ සිට ක්ෂීරපථයේ කේන්ද්‍රයට ආලෝක වර්ෂ 28,000 ක් දුර තිබේ. පෘථිවිය, සූර්යයා සහ ගැලක්සියේ කේන්ද්‍රයත් එකිනෙක සමපාතව පිහිටීම ලෝකය අඳුරුවීමට කිසිදු හේතුවක් නොවේ. මේ සියළු කරුණු සළකා බලමින් ලොව පුරා විද්‍යාඥයන් පවසන්නේ 2012 දෙසැම්බර් මස 21 වැනි දිනය සිදුවනවායැයි පවසන ලෝක විනාශය කිසිසේත්ම සිදුවිය නොහැකි දෙයක් බවයි. මේ පිළිබඳ අදහස් දැක්වූ එක්සත් රාජධානියේ බකිංහැම් තාරකා ජීව විද්‍යා මධ්‍යස්ථානයේ අධයක්ෂ, බකිංහැම් විශ්වවිද්‍යාලයේ සහ කාඩිෆ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍ර වික‍්‍රමසිංහ මහතා පවසන්නේ ද ලෝක විනාශය පිළිබඳ ඇති මතයට විද්‍යාත්මක පදනමක් නොමැති බවයි. ‘‘ මේ දිනවල පෘථිවය ගමන් කරමින් සිටින මාර්ගයේ කලකට ඉහත ගමන්ගත් වල්ගාතරුවක සුන්බුන් දක්නට ලැබෙනවා. ඒ නිසා ඒ කුඩා ගල් කැබලි පෘථිවියේ ගුරුත්වාකර්ශනයට හසුවී පෘථිවියට ඇදී එනවා. අපේ වායුගෝලයට ඇතුළුවන විට මේවා ගිනිගෙන දැවෙන නිසා රාතී‍්‍ර අහසේ උල්කාපාත වර්ෂාවන් දැකිය හැකි වනවා. නමුත් පෘථිවිය විනාශකැර දැමීමට හෝ පෘථිවිය මත සිටින ජීවීන් විනාශ කැර දැමීමට තරම් විශාල ග‍්‍රහක කැබැල්ලක් 2012 වර්ෂයේ දී පෘථිවියේ ගැටීමට කිසිදු ඉඩක් නැහැ. ’’ තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්න් ද ලෝකය විනාශවන බව පවසන කතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. ‘‘ දෙසැම්බර් 21 වැනිදා ලෝකය විනාශ වනවායැයි පවසන කතාවේ කිසිදු සත්‍යතාවක් නැහැ. මෙය හුදු මනංකල්පිතයක් පමණයි. මේ මිත්‍යාවට රැවටී තම කාර්යයන් අතපසු කැර බලා සිටීම සැබැවින්ම ඛේදවාචකයක්. පෘතිවිය ආසන්නයේන ග‍්‍රහක කැබලි ගමන් කළත් ලෝක විනාශයට හේතුවන තරමේ විශාල ග‍්‍රහකයක් පෘථිවියේ වැදීමට අහළකවත් නැහැ. පෘථිවිය විනාශ වීමටනම් කිලෝමීටර 10 ක් පමණ විෂ්කම්භය ඇති ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටිය යුතුයි. ලෝකය විනාශ වීමට ඉඩ තිබෙන්නේ සූර්යයාගේ හයිඩ‍්‍රජන් දහනය වී අවසන්වී සූර්යයා ඉදිමීමට පටන්ගෙන පෘථිවි කක්ෂයට ආසන්නවී පෘථිවිය ඒ තුළට ඇදගැනීමෙන්. මේ සඳහා තවත් වසර කෝටි 450- 500 ක් පමණ කාලයක් ගතවේවි.  ’’ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසන්නේ ලෝක විනාශ කතාව නව තාක්ෂණික ප‍්‍රචාරයත් සමගා පැමිණි භීතිකාවක් තරමටම වර්ධනය වී ඇති බවයි. ලෝක විනාශය ගැන ඇතිවන කටකතා, ප‍්‍රචාර, පොත්පත් සහ චිත‍්‍රපට හේතුවෙන් ලෝකය පුරාම මිනිසුන් අතර භීතිකා තත්ත්වයක් ඇතිවීම මානසිකව සිදුවන බව ද වෛද්‍ය වරයා පෙන්වාදෙයි. මෙය අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධ සංකල්ප හා අනාවැකි ගැන ඇතිවන භීතිකාවක් බවත් එහ භීතිකා තත්ත්වය මානසික රෝගයක් වන බව ද වෛද්‍යවරයා කියා සිටියේය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීවේය. ‘‘ ලෝක විනාශය විශ්වාස කිරීම භීතිකාවක් විය හැකි වුවත් එය විශ්වාස කරන හැමෝම මානසික රෝගීන්යැයි කියන්න බැහැ. නමුත් එය විශාල ගැට`එවක් වන තරමටම වර්ධනය වෙලා. දැන් ඇතැම් පිරිස් තාරකා විද්‍යාව ගැන, ග‍්‍රහලෝක ගැන අභ්‍යාවකාශ ජීවීන් ගැන අද්භූත ආලෝකයන් ගැන කතා කිරීමට විශාල වශයෙන් පෙළඹී සිටිනවා. ඒ වගේම තවත් පිරිසක් මේ භීතිකාවට ගොදුරුවී ඒවා ගැන කතා කිරීමෙන් භියට පත්වෙනවා. මෙය සැබැවින්ම මානසික ව්‍යාකූලතාවයට හේතුවක් වන තරමටම පැතිරගිය මිත්‍යා විශ්වාසයක්. ’’ ලෝක විනාශය අළෙවි වෙමින් තිබේ. ලොව පුරා භීතිකාව පැතිරෙමින් ඇත. මිත්‍යාවට නොව සත්‍යයට මුහුණ දී ලෝක විනාශ කතාව නිසිපරිදි තේරුම් ගැනීමට 2012 දෙසැම්බර් 21 දිනය ගෙවෙන තුරු සිටිය යුතු නැත. ලෝක විනාශයක් සිදුවීවන බවට ඇති කතාව පදම් විරහිත මතයක් බව මායා ශිෂ්ඨාචාරයේ නූතන පරපුරම පුන පුනා පවසති.



අදහස් (0)

‘ලෝක විනාසෙට තව වසර කෝටි පන්සියයක් යාවි ‘

හේරත් Saturday, 15 December 2012 10:58 AM

ලෝක විනාශය බොරුවක්. ඒත් "ඩේ ආෆ්ටර් ටුමෝරෝ" වලට කලිනුත් අපි මේ ගැන අහලා තිබුණා. (නි)

:       0       0

කව්ෂික Saturday, 15 December 2012 06:48 PM

ඒ කතාව නම් ඇත්ත (දී)

:       0       0

මහින්ද Saturday, 15 December 2012 09:09 PM

ලෝක විනාසේ කොහොම උනත් ලොකු විනාසයක් වෙනවා (දී)

:       0       0

නාලක Friday, 21 December 2012 05:40 PM

වැරදි වැඩ කරලා තියෙනවා නම් තමයි බය වෙන්න ඕනෑ. (නි)

:       0       0

නෙත් Monday, 24 December 2012 12:02 PM

ඒක ඇත්ත කියලා මටත් හිතෙනවා. (නි)

:       0       0

ලහිරු Sunday, 16 December 2012 08:23 AM

හොදයි හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 386 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 315 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 604 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1212 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 541 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 975 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site