IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ලක් විනිසුරුටත් තමිල්නාඩුවෙන් අරියාදු

මේ දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන ඉන්දියා ඕස්ට්‍රේලියා  ක්‍රිකට් තරඟයේ විනිශ්චයකරුවකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මහතාට  විරුද්ධව ඊලාම් හිතවාදීන් පනහක පමණ පිරිසක් තරඟය පැවැත්වෙන චිතම්බරම්  ක්‍රීඩාංගනය අසල විරෝධතාවයක් පවත්වා ඇතිබව ඉන්දියානු මාධ්‍ය  වාර්තා කරයි.

මෙතෙක් කිසිවෙකු අසානැති  ‘තාන්තයි පෙරියර් ද්ර්චිඩ කසාගම්‘ නම්වූ සංවිධානයක් පවත්වා ඇති මෙම විරෝධතාවයට සහභාගීවූ සියලුමදෙනාම කළු ඇඳුමෙන් සැරසී අවිනීත ලෙස කෑ කෝ ගසමින් සිටි බවත් ඔවුන් සියලුදෙනාම ඉන්දියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නාලද බවත් එම වාර්තාවල දැක්වෙයි. ක්‍රිකට් තරඟයට මෙයින් කිසි බාධාවක් සිදුවී නැත.

 

 

 



අදහස් (0)

ලක් විනිසුරුටත් තමිල්නාඩුවෙන් අරියාදු

හේරත් Monday, 25 February 2013 12:36 AM

ඉස්සරහට කලු ඇදුම් කල්ලි පමණක් නොව සුදු ඇදුම් කල්ලිත් තමිල්ණාඩුවේ බිහිවේවි. (නි)

:       0       0

ෂිරාන් Sunday, 24 February 2013 01:45 AM

මෙහෙම කළ අයට හොදක් නම් වෙන්න එපා. (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 24 February 2013 01:49 AM

කණගාටු වෙන්න එපා. අපිට ඉන්නවා ඕනෑම දේකට මුහුණ දෙන්න පුලුවන් ශක්තිමත් ත්‍රිවිධ හමුදාවක්. (නි)

:       0       0

අශාන් Sunday, 24 February 2013 01:48 AM

අපේ තානාපති කාර්යාලය මීට වැඩිය මේ සම්බන්ධයෙන් යමක් කළ යුතුයි. (නි)

:       0       0

සම්පත් Sunday, 24 February 2013 02:21 AM

දැන් ලොකු ලොකු සංවිධානයත් සල්ලි වලට යටවෙලා තියෙන එකේ මේවා මොනවද? (නි)

:       0       0

පිටිගල-මිලානෝ Sunday, 24 February 2013 03:20 AM

මෙවැනි දේවල් ඉන්දියාවට පාලනය කරගන්න බැරිනම් ලංකා ක්‍රීඩකයින් ඉන්දියාවේ ක්‍රිකට් ගැහිල්ල වර්ජනය කරන්න.(නදී)

:       0       0

දිසානායක Monday, 25 February 2013 01:27 AM

ඉන්දීය රජය මැදිහත් වෙලා මේ පුද්ගලයින්ට නිසි අධ්‍යාපනයක් දියයුතුයි. (නි)

:       0       0

සුරංග Sunday, 24 February 2013 04:04 AM

නූගත් මිනිස්සු.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 24 February 2013 06:58 AM

ඉන්දියාව කියන්නේ අපේ මවු රට. විජය කුමාරයා පැමිණියේ එහේ ඉදලා. (නි)

:       0       0

දෝහා Sunday, 24 February 2013 10:01 AM

අනවශ්‍ය දේවල් වලට ඇයි මෙහෙම තෙල් පුච්චන්නේ? (නි)

:       0       0

රුවන් බණ්ඩාර Saturday, 23 February 2013 06:29 PM

ඔයවගේ දේවල් වලින් විනාස වෙන්නේ ඒ මිනිසුන්ගේ රට මිසක් අපේ කුමාර්ගේ නම නොවේ.(නු)

:       0       0

ගාමිණි Saturday, 23 February 2013 06:28 PM

එන පොට නම් හොද නැහැ.. ප්‍රභාකරන් මැරුණට මොකද එල්.ටී.ටී.ඊ එක නම් මැරිලා නැහැ වගේයි..!(නු)

:       0       0

ධර්මසේන Saturday, 23 February 2013 06:48 PM

අනේ මේ වගේ මනිසුන් කොටසක්..!(නු)

:       0       0

යොහාන් Saturday, 23 February 2013 06:50 PM

මේ වගේ රටක විනිසුරුවරයෙක් වෙන්න අපේ කුමාර්ට (උනන්දුවාට) ශක්තිය ලැබීම ගැන ස්තුතියි.. ඊටත් වඩා 96 එක්ලක්ෂ විසිදාහක් විතර නරඹන්න හිටිය ඉන්දියානුපිල නැතිකරපු අපේ ක්‍රීඩකයන්ට ලෝකෙ තියන ඕනම තරගයකට මුහුණ දෙන්න ශක්තිය ලැබේවා..!(නු)

:       0       0

ප්‍රභාත් Saturday, 23 February 2013 06:58 PM

අපේ කුමානම් ඕවට බය නැහැ..!(නු)

:       0       0

සදරුවන් Saturday, 23 February 2013 07:09 PM

මයිකල් ක්ලාක්ගේ දැවීයාම දුන්නැති හින්දද?(නු)

:       0       0

සුරංග Sunday, 24 February 2013 11:09 AM

පිටිගල, කවුරු වර්ජනය කළත් අහවලා නම් කරන එකක් නැහැ (නි)

:       0       0

ලලිත් Saturday, 23 February 2013 07:16 PM

ඉන්දියා රජයෙන් ඒ අය ගැන බලාගනීවි. බල්ලෝ බිරුවට කදු පහත් වෙයිද? (නි)

:       0       0

පහන් Saturday, 23 February 2013 07:15 PM

අපි තමිල්නාඩුව වර්ජනය කරමු (නි)

:       0       0

චන්ද්‍ර කුමාර Saturday, 23 February 2013 07:18 PM

ඇත්තටම කරලා තියෙන දේ නම් හරිම කැතයි. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 24 February 2013 11:21 AM

අපෝ ඕක සුළු දෙයක්. ලංකාවේ විනිසුරුවන්ට විරුද්ධව පහුගිය දිනවල හැමතැනම බෝඩ් කෑලි උස්සන් හිටියේ... (ස)

:       0       0

නලින්-ඩුබායි Sunday, 24 February 2013 07:26 PM

පාඩමක් ඉගෙනගනනත් එක්ක ඕල් අවුට් කියන්න තිබුනා.(නදී)

:       0       0

නිශා Saturday, 23 February 2013 08:12 PM

අපි ඕවට බය නැහැ. (නි)

:       0       0

ලීල් Saturday, 23 February 2013 08:45 PM

ඕවත් වැඩද අද වෙන දේවල් වල හැටියට? (නි)

:       0       0

චන්දිම Saturday, 23 February 2013 08:52 PM

ඊලාම්වාදීන් මේ සියලු එදිරිවාදීකම් කරන්නේ ලංකාව තුළ දෙමළ ජනතාවට වෙනස්කමක් කෙරෙන නිසා නොවන බවත් එය ඉතා අසාධාරන බොරු කතාවක් බවත් මොවුන් තුළ ඇත්තේ සිංහල ජාතික ජනතාව කෙරෙහි වූ ජාතිවාදය, තරහව, ඉරිසියාව, වෛරය බවත් කියලයි මම කියන්නේ. (නි)

:       0       0

රංජුල Saturday, 23 February 2013 09:04 PM

අනේ මෙහෙමත් ඉන්දියානුවෝ? (නි)

:       0       0

දිසානායක Saturday, 23 February 2013 09:20 PM

එදා තමයි ඉන්දියාවේ අහිංසක මිනිස්සු හිටියේ. අද තත්ත්වය නම් කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

කරුණා Sunday, 24 February 2013 12:25 PM

අපේ බොදු බල සේනාව අපි ඉන්දියාවට යවමුකෝ. (නි)

:       0       0

සිල්වා Saturday, 23 February 2013 09:36 PM

අපි ඉන්දියාව තරහා කරගන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

සුභසිංහ Saturday, 23 February 2013 09:43 PM

ඔය වගේ මොලේ කොලොප්පන් උදවිය මෙහෙත් ඉන්නෙ. තානාපති කාර්යාලවලටත් ගල් ගැහුවා සමහරු. (නි)

:       0       0

වීරසේකරගේ Saturday, 23 February 2013 10:58 PM

ඇයි එක පාරක් කිව්වේ උද්ඝෝෂනය කරන එක ප්‍රජාතන්ත්‍රවාදී ඉන්දියානු පුවැසියන්ගේ අයිතියක් කියලා.(නදී)

:       0       0

අනුර Saturday, 23 February 2013 11:07 PM

මෙහෙම කට්ටිය නිසා ඉන්දියාවේ තිබෙන තත්ත්වයටත් වෙන්නේ හානියක්. (නි)

:       0       0

සංජය Saturday, 23 February 2013 11:08 PM

තමිල්නාඩු මිනිස්සුන්ට මීට වඩා වටිනවා තමන්ට වැසිකිළි දෙන්න කියලා උද්ඝෝෂණය කළා නම්. මොකද ඒ කර්තව්‍යය බොහෝ දෙනෙක් පාර අයිනේ කරලා පාර මැද රවුන්ඩ බවුඩ් වල වතුර මලින් හෝදනවා. (නි)

:       0       0

අමිල Saturday, 23 February 2013 11:13 PM

රට ලොකු වුණත් හැදියාව නැත්නම් ඵලක් නැහැ. (නි)

:       0       0

රම්සි Saturday, 23 February 2013 11:20 PM

වැසිකිළියක් හදාගන්න කෑ ගැහුවා නම් මීටවැඩිය හොද නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 150 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 196 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 188 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 222 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1245 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 801 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site